Mahinda Rajapaksa: හෙල්පින් හම්බන්තොට නඩු තීන්දුව නැවතත් එළියට. මහින්ද ට වන්දි ගෙවන්න සිදුවෙයි.

Friday, December 28, 2018

හෙල්පින් හම්බන්තොට නඩු තීන්දුව නැවතත් එළියට. මහින්ද ට වන්දි ගෙවන්න සිදුවෙයි.


[1]. පසුගිය දෙසැම්බර් 26 සුනාමි දිනය දා එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සමාජ මාධ්‍ය කුලීකරුවන් නගන ලද චෝදනාවක් වූයේ "හෙල්පින් හම්බන්තොට" නැමැති බංකු ගිණුමකින් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් වංචාවක් කර ඇති බවකි. ඔවුන් කරන චෝදනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කබීර් හෂීම් මන්ත්‍රීවරයා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලද්දේ මීට වසර 13 කට පමණ පෙරදී ය.


[2]. 2005 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නඩු විභාගයක් සිදුකළ අතර, එහිදී ලැබුණු තීන්දුව ගැන ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතක් වන The Island හි 2006/03/28 දින පළ වූ පුවත පහත දැක්වේ. [මූලාශ්‍රය]


පරිවර්තනය: හම්බන්තොට සුනාමි අරමුදල් ඇතුළත්ව තිබූ හෙල්පින් හම්බන්තොට ගිණුමේ අක්‍රමිකතා ඇති බවට චෝදනා කරමින් කබීර් හෂීම් විසින් පැමිණිල්ලක් කර තිබුණි. එය හේතු කොටගෙන මහින්ද රාජපක්ෂ නැමැති පෙත්සම් කරුව අත්තනෝමතික පරීක්ෂණයක් සඳහා භාජනය කෙරුණි. එනිසා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්, පොලිස්පති චන්ද්‍රා ෆනෑන්ඩු, නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක, පොලිස් පරීක්ෂක පී අම්පාවිල නැමැති වග උත්තරකරුවන් විසින්, මහින්ද රාජපක්ෂ මහතාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය දා තීරණය කර ඇත. 
පොලිස් පරීක්ෂණයේ නීතිමය ක්‍රියාවලිය අවභාවිතා කර ඇති බවට උසාවි තීන්දුවෙන් විස්තර කර ඇත.
පෙත්සම්කරුට (ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙත) රු ලක්ෂය බැගින් පුද්ගලිකව වන්දි ගෙවන ලෙසට පළමු වග උත්තරකරු වන පොලිස්පතිවරයාට, දෙවන වග උත්තරකරු වන නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ හතර වන වග උත්තරකරු වන කබීර් හෂීම්ට නියෝග කර ඇත.

සරළ බසින් කිවහොත්, සිදුවී ඇත්තේ හෙල්පින් හම්බන්තොට නඩුවෙන් පැරදී එම මඩ චෝදනාව නැගූ කබීර් හෂීම් සහ පොලිසිය විසින්, ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙත වන්දි ගෙවීමට සිදුවීම යි.


මෙය ඉතාමත් විද්‍යානුකූල පදනමකින් සියලුම සාක්ෂි සලකා බලමින් දුන් තීන්දුවක් වන අතර, සම්පූර්ණ නඩු තින්දුව dailynews වෙබ් අඩවියෙන් ඔබට කියවීමට පුලුවන්.


[3]. හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී හෙල්පින් හම්බන්තොට තීන්දුව සම්බන්ධයෙන් සමාව ඉල්ලන බවත් එජාප ජවිපෙ මඩකරුවන් විසින් පවසා තිබේ.

නමුත් ඔවුන් නොකියන දේනම්, ඔහු එසේ සමාව ඉල්ලන්නේ තමන්ගේ තීන්දුව වැරදි බවට නොවේ. වැරදි තීන්දුවක් හෝ දීලා ඒ වෙලාවේදී ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව සිරගත නොකිරීම සම්බන්ධයෙනි. පහත දැක්වෙන්නේ ඒ වීඩියෝව.



"එදා වරදක් හෝ කරලා මම ඒ මනුස්සයා හිරේ දැම්මනම්"

ඒ අනුව ඔබට පැහැදිළි විය යුතුයි, ඔහු මේ සමාව ඉල්ලන්නේ "තීන්දුව වැරදියට නොලිවීම සම්බන්ධයෙනි".

අනික් අතට මෙය සරත් එන් සිල්වා මහතාගේ පුද්ගලික තීන්දුවක් නොව, ශිරානි තිලකවර්ධන සහ එන් ඊ දිසානායක යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනාගේත් මතය යි.

එසේම එම තීන්දුවේ වරදක් ඇති බවට එජාපය හෝ ජවිපෙ විශ්වාස කළානම්, පසුගිය අවුරුදු තුන හමාර තුළ එම නඩුව ගැන නැවතත් විනිසුරුවරුන් 5 දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ඇහුවේ නැත්තේ ඇයිදැයි ජනතාව ප්‍රශ්න කරයි.


[4]. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් සාධාරණ පදනමින් විවේචනය කිරීමේ වරදක් නැත. එහෙත් නඩු තීන්දුවකට එරෙහිව කටයුතු කිරීම අධිකරණයට අපහාස කිරීමකි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හෙල්පින් හම්බන්තොට ගිණුමේ වංචාවක් සිදුවී නැති බවට පැහැදිළි නියෝගයක් දී තිබියදී, එසේම මඩ කරුවන්ට අපහාස චෝදනාව යටතේ වන්දි ගෙවීමටත් නියෝග දී තිබියදී, එය නොතකා හරිමින් කවුරුන් හෝ අන්තර්ජාලයේ හෝ ඉන් පිටතදී ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට හෙල්පින් හම්බන්තොට සම්බන්ධයෙන් චෝදනා කරයිනම්, ඔවුන් කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට එරෙහිව කටයුතු කිරීමකි. ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම යන වරදට යටත් වෙන බවද සිහිපත් කරමු.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.