Mahinda Rajapaksa: "කෝ උඹේ වරෙන්තුව" කියා මහින්ද අගමැතිඳුන්ගෙන් ඇසූ රනිල්ට වැඩ වරදියි. මන්ත්‍රී ධූරයත් ගැලවෙන්න යයි.

Tuesday, December 11, 2018

"කෝ උඹේ වරෙන්තුව" කියා මහින්ද අගමැතිඳුන්ගෙන් ඇසූ රනිල්ට වැඩ වරදියි. මන්ත්‍රී ධූරයත් ගැලවෙන්න යයි.


[1]. ගාල්ලේ පැවැති ‍රැස්වීමකදී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා එජාප වේදිකාවේදී කථාවක් කරමින්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට එරෙහිව අධිකරණයේ නඩු දැමූ "ක්වෝ වොරෙන්ටෝ" නඩුව ගැන කියමින් ඉන් තමන් අහන්නේ "කෝ උඹේ වරෙන්තුව" බව පැවසීය. රට බේරා ගත් නායකයාට එරෙහිව රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන එවන් අවර ගණයේ අපහාස පිළිකුලින් යුතුව හෙළා දකින ඔහුගේම ව්‍යාපාරික සගයන් විසින් ඔහු කළ නීතිවිරෝධී ක්‍රියාවන් එකින් එක හෙළි කරමින් සිටී.

[2]. "කෝ උඹේ වරෙන්තුව" යැයි අහන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා Lakehouse Printers and Publication PLC කොටස් වෙළදපොළේ ලයිස්තුගත සමාගමේ කොටස් 38,964 තබා ගනිමින් 9 වන විශාලතම කොටස්කරු වශයෙන් හිදිමින් ශ්‍රී ලංකා රජයේ කොටස් හිමි Bank of Ceyon, NDB සහ People's Bank යන බැංකු වල චෙක්පත් මුද්‍රණය කිරීම, කාඩ්පත් මුද්‍රණය ඇතුලු තවත් සේවාවන් සපයන ගිවිසුමකට රජය සමග කොන්ත්‍රාත් ගත වී 2014 වසරේ සිට මේ දක්වා සිය සේවාවන් ලබාදෙමින් ලාභ උපයා ඇත.



[3]. එමගින් ඔහු ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකු වීමට 91(1)ඉ ව්‍යවස්ථාව අනුව නුසුදුස්සකු වන්නේය.




[4]. ඒ අනුව ඔහු 2015 සැප්තැම්බර් 1 සිට 2018 ඔක්තොම්බර් 26 දින දක්වා දැරූ අග්‍රාමාත්‍ය තනතුර මෙන්ම 2015 සැප්තැම්බර් 1 සිට නඩු තීන්දුව ලබාදෙන තෙක් දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයද අහෝසි වී යන්නේය. මෙම කරුණු සැලකරමින් අද දිනයේ quo warranto රිට් අයදුම්පතක් ඉදිරිපත් කර ඇත.



[5]. මීට පෙර මෙයට සමාන හෙතුවකින් රාජිත සේනාරත්න මහතාගේ පාර්ලිමෙන්තු මන්ත්‍රීධූරයද 2000 වසරේ අහෝසී විය. ඊට අදාළ The Sunday Leader පුවත්පත් වාර්තාව පහතින් දැක්වේ. [Source]