Mahinda Rajapaksa: රනිල් - සම්බන්ධන් රහසිගත ගිවිසුම

Wednesday, December 12, 2018

රනිල් - සම්බන්ධන් රහසිගත ගිවිසුම

[1]. පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ඇති වූ දේශපාලන පෙරළියේ ප්‍රතිඵලයක් ලෙසට, පාර්ලිමේන්තුවේ කෘතිම විපක්ෂය ලෙස පෙනී සිටි දෙමළ ජාතික සංධානය ප්‍රසිද්ධියේම රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී සහය පළ කරමින් ඡන්දය දීම නිසා, එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සංධානය අතර ඇති සම්බන්ධතාවය අද දින රටට හෙළි වුණා. ඒ සඳහා ඔවුන් දෙපාර්ශවය යම් ගිවිසුමක් අත්සන් කළ බවට සිතීමට හේතු සාධක තිබෙනවා. එම ගිවිසුමේ සිංහල පිටපත යැයි සඳහන් ලේඛනයක් ෆේස්බුක් සමාජ ජාලයේ සංසරණය වුවද එහි නිරවද්‍යතාවය නිශ්චිතවම නොදන්නා නිසා එය අපි මෙහි පළ කරන්නේ නැහැ.


[2]. ඔවුන් කිසියම් ගිවිසුමක් අත්සන් කළ බව අපි සිතන්නේ කෙසේ ද? දෙමළ සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා පවසන්නේ "රනිල් වික්‍රමසිංහ මහතා හමු වෙලා ඔවුන් කතා කළ බවත්, ලිඛිත පොරොන්දුවක් දෙන්න ඕන කියලා ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත්, රනිල් වික්‍රමසිංහ මහතා එම ලිඛිත පොරොන්දුව සම්බන්ධන් මහතා අතට ලබා දී ඇති බවට ඔහු සිතන බව" යි. [මූලාශ්‍ර]



දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණට සහාය ලබාදෙන්නේ නම් කොන්දේසි සහිත ලිඛිත ගිවිසුමකට දෙපාර්ශවය එකඟවිය යුතු යැයි දෙමළ සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානය ත් තීරණය කර තිබෙනවා. [මූලාශ්‍ර]



[3]. පහත වීඩියෝවේ, දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා පවසන්නේ, දෙමළ ජාතික සංධානය සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී, තමන් ඉදිරිපත් කළ ඉල්ලීම් වලට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වූ බවත්, එනිසා ඔහුට සහය පළ කළ බවයි.


[4]. ඔහු පවසන පරිදි එම ඉල්ලීම් වූයේ...

(i). ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම (එනම් ත්‍රස්තවාදීන්ව අත් අඩංගුවේ තබා ගැනීමට ඇති නීතිමය වලංගුතාවය ඉවත් කීරීම)

(ii). දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම (කොටි සමග තිබුණේ දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි, ඒ අනුව දේශපාලන සිරකරුවන් නැහැ, පුනරුත්ථාපනය කර ඇති සියල්ලන්ම නිදහස් කර ඇති නිසා දැනට ඉතිරි වී ඇත්තේ භයානක කොටි ත්‍රස්තවාදීන්)

(iii). දැනට හමුදාව සතු ඉඩම් නිදහස් කිරීම (එනම් උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කිරීම)

(iv). නව ව්‍යවස්ථාවක් ගෙන ඒම (දැන් තියෙන ව්‍යවස්ථාවේ දෙවන ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් නිසා, මෙම ව්‍යවස්ථාව තිබෙන තුරු ඊළම දිනා ගැනීමට නොහැකියි)

(v). අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීම (මොහු කියන අතුරුදහන් වූවන් යනු යුද්ධය කාලයේ මිය ගිය කොටින් ය, ඔවුන් ගැන සොයන්නේ ඔවුන්ව වලෙන් නැගිට්ටවීමට නොව ඔවුන්ව පරලොව යැවූ රණවිරුවන්ට දඬුවම් දීමටයි)

(vi). දෙමළ ජාතික සංධානය දැනුවත් නොකර උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු ඇතුළු කිසිවක් නොකිරීම (එනම් උතුරේ පන්සලක බුදු මැදුරක් හදන්න පවා දෙමළ ජාතික සංධානයේ අවසර ගැනීමට සිදුවීම)

දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්තන් මහතාට අනුව ඉහත ඉල්ලීම් වලට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී තිබෙනවා.


[5]. අංක 3 අනුව ඉහත ඉල්ලීම් වලට රනිල් වික්‍රමසිංහ මහතා ලිඛිතව පොරොන්දු වූ බවට පැහැදිළි යි. ෆේස්බුක් සමාජ ජාලයේ සංසරණය වූ නූතන අලි කොටි ගිවුසුමේ තියෙන්නේත් ඉහත කොන්දේසි මයි.


[6]. එසේම දෙමළ සංධානයේ නිල ස්ථාවරය වන්නේ උතුරු නැගෙනහිර එක් කිරීමයි. ඔවුන් සහය දෙන්නේ එම ඉල්ලීම ඉ‍ටු කිරීමට පොරොන්දු වෙන අයෙකුට පමණයි.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.