2017 මැයි 1 දින ගාලු මුවදොර පිටියේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ජන රැළිය එතෙක් මෙතෙක් තුර ශ්‍රී ලංකාවේ පැවැති අති විශාලතම ජන රැළිය ලෙසට ඉතිහාස පොතට එක් විය.
එක්සත් ජාතික පක්ෂ නායකයන් පැවසුවේ එය මහ ලොකු සෙනගක් නොවන බවත්, ඊටත් වඩා ගාලු මුවදොර පිටිය පිරවීමට ඔවුන්ට හැකියාවක් ඇති බවයි. නමුත් ඔවුන් එහි ජන රැළියක් පැවැත්වීම දිගින් දිගටම කල් දමන ලදී.
රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍ය වීමේ ප්‍රීතිය නිමිත්තෙන් එක්සත් ජාතික පක්ෂය විසින් අද දින ගාලු මුවදොර පිටියේදී ජන රැළියක් පැවත්වූ අතර, එහි වීඩියෝ සහ ඡායාරූප පහත දැක්වේ.
එක්සත් ජාතික පක්ෂය විසින් ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, ඉතා ඉහළින් ගන්නා ලද මෙවැනි ඩ්‍රෝන් ඡායාරූප සහ වීඩියෝ විකාශය නොකරන ලෙසටත්, සෑම විටම වේදිකාවේ මට්ටමෙන් ගන්නා ලද රූපරාමු විකාශය කරන ලෙසටත් ය.
පහත දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේදී පැවැත්වූ ජන රැළියේ වීඩියෝ සහ පින්තූරයි.
පාර්ලිමේන්තුවේ ඊනියා බහුතරයක් ඇති එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණයකට මෙතරම් බය ඇයිදැයි මින් පැහදිළි වේ.