අද උදෑසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් සාමෝපාලී මහා නිකායේ ඌව ස්‍යාම වංශික පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය අඹේවෙල පඤ්ඤාසාර නායක ස්වාමීන්වහන්සේ, වැඩ වාසය කරන බුද්ධාලෝක විහාරස්ථානයට ගොස් උන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.
එම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, තිලංග සුමතිපාල, සුසිල් ප්‍රේමජයන්ත, බන්දුල ගුණවර්ධන, බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය, පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයන් රැසක් එක්ව සිටියහ.