Mahinda Rajapaksa: දක්ෂිණ අධිවේගය ගැන එජාප කුලී ලියන්නන් ෆේස්බුක් එකේ දමා අතේ පැලවුණ බොරුව මෙන්න.

Sunday, December 30, 2018

දක්ෂිණ අධිවේගය ගැන එජාප කුලී ලියන්නන් ෆේස්බුක් එකේ දමා අතේ පැලවුණ බොරුව මෙන්න.



[1]."පසුගිය සිකුරා දින පමණක් දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් චීනය උපයාගත් ආදායම 30,080,000යි." යනුවෙන්, UPFA නම භාවිතා කරමින් එක්සත් ජාතික පක්ෂය විසින් මෙහෙයවන ෆේස්බුක් පි‍ටුවක පළ කර තිබේ. [මූලාශ්‍රය] පහත දැක්වෙන්නේ එයයි. මෙහි ඇත්ත නැත්ත පිළිගත හැකි මූලාශ්‍ර ඇසුරෙන් විමසා බලමු.



[2].දක්ෂිණ අධිවේගී මාර්ගය අයත් වන්නේ චීනයට හෝ චීන සමාගමකට නොවේ. එය මාර්ග සංවර්ධන අධිකාරිය යතේ පවතින්නකි. පහත දැක්වෙන මාර්ග සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියෙන් ඒ බව පැහැදිළි වෙයි. [මූලාශ්‍රය]ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් චීනය ආදායම් උපයනවා කීම අමු බොරුවකි.



[3]. චීනයට අයිති නැති වුණාට ඒක හැදුවේ චීනයේ ණයෙන් නෙමෙයි ද යනුවෙන් දැන් කවුරුන් හෝ අසනු ඇත. නමුත් දක්ෂිණ අධිවේගී මාර්ගය හැදුවේ චීන ණය හෝ ආධාර වලින් නොව, ජපානයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදලකිනි. [මූලාශ්‍රය]. ඒ අනුව චීනයේ නම ගෑවිලාවත් නැහැ.



[4]. ඊගාවට, එදින උපයා ගත් ආදායම 30,080,000 ක් යනුත් බොරුවකි. එදිනට ඉපයූ ආදායම රුපියල් මිලියන 32 ක් හෙවත් රු 32,000,000 ක් පමණ වන බවට එක්සත් ජාතික පක්ෂයේ පුවත් වෙබ් අඩවි පවා වාර්තා කර තිබේ. [මූලාශ්‍රය]



[5]. ඒ අනුව ඉහත පෝස්ට් එක වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ගල් පැලෙන බොරුවක් බවට ඔබට පැහැදිළි ඇති. මොවුන්ගේ අනෙකුත් කතාත් එලෙසයි.

කිසිම රටක් නිකරුනේ තවත් රටක් වෙනුවෙන් තම ජනතා බදු මුදල් බිලියන ගණන් නාස්ති කරන්නේ නැත. අධිවේගී මාර්ගයේ ණය මුදල එමගින් ලැබෙන අදායමෙන් ක්‍රමිකව ගෙවීම සිදු වෙයි.

අධිවේගී මාර්ගය නිසා දිනකට ඉතිරි වෙන මිනිස් පැය ගණන සහ ඉන්ධණ ප්‍රමාණය කොපමණදැයි බැලුවොත්, එමගින් අප දකින ඉලක්කමට වඩා විශාල වාසියක් රටට අත් වූ බවට පැහැදිළි වෙනු ඇත.

පහත දැක්වෙන්නේ ගුවන් පාලම් ගැන රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසයි.