Mahinda Rajapaksa: ශ්‍රී ලංකන් එයාර්ලයින් එජාප ආණ්ඩුවට ලබා නොදීමට හේතු ඇතුළු ඒ සම්බන්ධ චෝදනා වලට පිළිතුරු.

Wednesday, January 2, 2019

ශ්‍රී ලංකන් එයාර්ලයින් එජාප ආණ්ඩුවට ලබා නොදීමට හේතු ඇතුළු ඒ සම්බන්ධ චෝදනා වලට පිළිතුරු.

[1]. ශ්‍රී ලංකන් සමාගම රජයට පවරා ගැනීමට හේතුව.

(i). යහපාලන ආණ්ඩුවේ දැන් සිටින චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපතිව සිටි 1998 වසරේදී එයාර් ලංකා ආයතනය වසර 10 කට එමිරේට්ස් වෙත පෞද්ගලීකරණය කරනු ලැබුණා. ඒ අනුව 2008 දී  එය නැවතත් ශ්‍රී ලංකා රජයට අත් වුණා.



(ii). එසේ ශ්‍රී ලංකන් එයාර්ලයින් නැවත පවරා ගත්තේ ජනාධිපතිවරයාට ආසන ලබා නොදීම යනුවෙන් අලි කෙප්පයක් එජාපයෙන් කියමින් සිටියි. නමුත් සිදුවී ඇත්තේ 2008 දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය අත්සන් කළ අවුරුදු 10 ක ගිවිසුම නැවතත් 2008 දී අලුත් නොකිරීමෙන්, එය ඉබේම ශ්‍රී ලංකා රජයට අයත් වීමයි.
Emirates ended a 10-year management agreement with SriLankan in 2008 when it valued its stake at $150 million. [source]

(iii). ගිවිසුම නැවත අලුත් නොකිරීමට හේතු මෙලෙසයි. එයාර් ලංකා ආයතනය එමිරේට්ස් වෙත විකිණීමෙන් පසුව එහි වෙනස්කම් ගණනාවක් සිදුකළා. “එයාර් ලංකා” ලෙස තිබූ එහි නම “ශ්‍රී ලංකන්” ලෙස වෙනස් කරමින් ගුවන් නාම ලේඛනයේ අකාරදී පිළිවෙළේ පහළටම දැමීමේ සිට, එයාර් ලංකා වෙත අයත්ව තිබූ එමිරේස් වෙත පිවිසීමට නොහැකිව තිබූ ගුවන් ගමන් වාර ලබා ගැනීම දක්වා සියල්ලම මගින් සිදුවූයේ එදා එයාර් ලංකාවෙත තිබූ කීර්තිනාමය ක්‍රමිකව එමිරේට්ස් වෙත ලබා ගැනීමයි. අවසානයේදී එමිරේට්ස් මගින් නැවත ලබා ගත්තත් එදා එයාර් ලංකා වෙත තිබූ හැකියාව නැවතත් මතු කිරීම ලෙහෙසි වන්නේ නැහැ. පෞද්ගලීකරණය කිරීමේ එක් භයානකත්වයක් එයයි.
එසේම ශ්‍රීලන්කන් ගුවන් සේවය ලාභ ලැබූ යුරෝපය ඇතුළු ගුවන් ගමන් ගණනාවක්‌ නතර කර ඒවා සඳහා එමිරේට්‌ස්‌ ගුවන් සේවා යොදවන ලදී. එසේම ශ්‍රීලන්කන් ගුවන් සේවයට රටක නිල ගුවන් සේවය ලෙස ගුවන් තොටුපළවල ලැබෙන ගොඩබෑම් අවස්‌ථා හෙවත් ලෑන්ඩින් රයිට්‌ස්‌ එමිරේට්‌ස්‌ ගුවන් සේවාව විසින් හිමිකරගන්නා ලදී. [මූලාශ්‍රය: දිවයින 2016/04/10]


[2]. මහින්ද රාජපක්ෂ මැතිතුමන් නිසා Sri Lankan ගුවන් සේවය පාඩු ලැබුවා කියන එජාපයේ මඩට පිළිතුරු

(i). ශ්‍රී ලංකන් ගුවන් සමාගම එමිරේට්ස් වෙතින් නැවතත් රජයට පවරා ගන්නා විට ලෝකය විශාල ආර්ථික කුණාටුවකට හසුවෙමින් තිබුණා. ඒත් සමගම ලංකාවේ සංචාරක ක්‍ෂේත්‍රයට පමණක් නෙමෙයි, ලෝකයේ ම සංචාරක කර්මාන්තය විශාල ලෙස හැකිලීමට පටන්ගත්තා. ගුවන් සමාගමක් සිය ආදායම් පවත්වා ගෙන යන්නේ මගීන් ප්‍රවාහනයෙන්. ආර්ථික අර්බුදය හමුවේ සංචාරකයින් අඩුවීමත් සමග සිදු වූයේ අපේක්‍ෂිත ආදායම් ඉලක්කවලට යාමට හැකි ඉල්ලුමක් සමාගමට නැතිවීමයි.



ලෝක ආර්ථික අර්බුදය හමුවේ එමිරේට්ස් සමාගමේත් ලාභය අඩු වුණ අයුරු.


At Air India about 15000 employees were asked to take leave without pay for between 3-5 years. Recruitment freeze, voluntary redundancy, non-renewal of temporary contracts, and unpaid holiday leave were the most common cost cutting measures adopted by the airlines al through the world. [source: academia.edu]

(ii). ලෝකයේ සමාගම් සාමාන්‍යයෙන් මෙවැනි අර්බුදවලින් ගොඩ එන්නේ විශාල ලෙස රැකියා කප්පාදු කරමින්. එවිට පිරිවැය අඩුවී ලාභය ඉහල යයි. ලෝකයේ දරුණු ආර්ථික අර්බුදයක් පැවැතියද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලනය තුළදී කිසිදු රැකියා කප්පාදුවක් සිදු කළේ නෑ. සිදු වූයේ රජයේ මුදල් යොදා රැකියා ද සුරක්‍ෂිත කරන අතරතුර සමාගම කඩාවැටීමට ඉඩ නොදීමයි. එසේ රජයෙන් ගන්නා මුදල් සමාගමේ ණය ලෙස එකතුවෙනවා.



(iii). ශ්‍රී ලංකන් සමාගම ගෝලීය ආර්ථික කුණාටුවට හසු ව ඉල්ලුම අඩු වී ආදායම් පහත වැටෙන විට තවත් පැත්තකින් පහර වැදෙමින් තිබුණා. ඒ නම් ආර්ථික අර්බුදය අවසන් වෙනවාත් සමගම ලෝක තෙල් මිළ අධික ලෙස ඉහළ යෑම. එක් අවස්ථාවට බොර තෙල් බැරලයක් ඩොලර් 150 සීමාවට යනවා.


ගමන් වාර නඩත්තු කිරීමට නම් කීයක් දී හෝ තෙල් ගැසිය යුතුයි. එහෙත් ප්‍රශ්නය වන්නේ එක් අතකින් ආර්ථික අර්බුදය නිසා අඩු වූ මගින් සංඛ්‍යාවක් ද සහහිත ව සිටි සමාගමට ගුවන් ග‍ාස්තු වැඩීකිරීමට අවස්ථාවක් නොලැබීමයි.

ගෝලීය සමාගම් සමග තරඟයේ දී ගාස්තු වැඩි කිරීම යනු සිටින පාරිභෝගිකයින් ද සමාගමෙන් ගිලිහීමයි. ඒ අනුව, එම බර ද රජයට දැරීමට සිදුවීම ස්වභාවිකයි.

තෙල් මිල අඩුවැඩි වීම මගින් සමාගමට කළ බලපෑම කොතරම් ද කිවහොත් 2013/2014 වසරේ දී සමාගමේ පාඩුව ලෙස වත්මන් රජය පෙන්වා දෙන්නේ රුපියල් බිලියන 32ක්. එහෙත් 2014/2015 වසරේ දී එහි පාඩුව බිලියන 16යි. එනම් තෙල් මිල සීඝ්‍ර ලෙස පහත යෑම සමාගමේ පාඩුව අඩකින් එනම් බිලියන 16කින් අඩු කිරීමට සමත් ව තිබෙනවා.



(iv). “දැන් මේ ඔක්කොම වුණේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විතරද, ලෝකේ අනිත් ගුවන් සේවා වල සංචාරකයො අඩු වුණෙ නැද්ද? තෙල් මිලෙන් පාඩු වුණේ නැද්ද?” ආදී ලෙස කැපුවත් අහවල් පාට බුද්ධිමතුන් අසා තිබුණා. ඔවුන්ට වෙන අමුතු උදාහරණ අවශ්‍ය නෑ, යහපාලනවාදීන් ආදර්ශ ලබා ගන්නා ඉන්දියාවේ ඉන්දියන් ජාතික ගුවන් සේවාවේ අලාභයයි පහත දැක්වෙන්නේ. [මූලාශ්‍රය: scroll.in]



ඉන්දියන් ගුවන් සේවයේ 2014 වර්ෂයේ පමණක් අලාභය රු බිලියන 141.73 කි. (5389*10,000,000*2.63) = SLR 141,730,700,000.00
Public-sector carrier Air India recorded a net loss of Rs 5,389 crore during FY 2014 and Rs 5,490 crore during FY 2013. [source: scroll.in]

Air India has a debt of about Rs 40,000 crore for aircraft purchase and working capital. Its accumulated losses are close to Rs 30,000 crore. The airline lost Rs 5,389 crore and Rs 5,490 crore in the fiscal 2013-14 and 2012-13, respectively. [source: indiatimes.com 2015/11/06]
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සම්පූර්ණ ණය මුදල රු ට්‍රිලියන 0.460 කි. එහෙත් එයාර් ඉන්දියා ආයතනයේ සම්පූර්ණ ණය මුදල රු ට්‍රිලියන 1.052 කි. (40000*10,000,000*2.63) = SLR 1,052,000,000,000.00

එතරම් පාඩු ලබමින් වුවද රාජ්‍ය අංශයෙන් ගුවන් සේවයක් ඉන්දියාවෙ පවත්වාගෙන යන්නේ රජය සතුව ගුවන් සේවය පැවතීමෙන් රටට ලැබෙන වාසි ප්‍රයෝජන නිසයි.



[3]. එජාපය විසින් ශ්‍රී ලංකන් නැවතත් පෞද්ගලීකරණය කිරීමට උත්සාහ දැරීම.


(i). ශ්‍රීලන්කන් ගුවන් සේවය විදෙස්‌ කළමනාකරණයක්‌ තුළ ලාභ ලැබිය හැකි බවට මිථ්‍යා මතයක්‌ මේ වන විට රට තුළ ඇතිකර තිබෙනවා.
ශ්‍රීලන්කන් ගුවන් සේවය එමිරේට්‌ස්‌ කළමනාකරණය යටතේ ලාභ ලැබූ බවට ශ්‍රී ලාංකිකයන් තුළ ඇතිකර ඇති මිථ්‍යාව ඊට හොඳම උදාහරණයයි. එමිරේට්‌ස්‌ පාලනය තුළ ශ්‍රීලන්කන් ලාභ ලැබුවේ වසර දෙකකි. ඒ හා පසුබිම් කතාවද අපුරුය. එල්ටී.ටී.ඊ සංවිධානය කටුනායක ගුවන්තොටුපල වෙත එල්ලකළ ප්‍රහාරයෙන් විනාශ කළ ගුවන් යානා සඳහා වන්දි ලැබීම, ශ්‍රීලන්කන් ගුවන් සේවය සතුව තිබු ගුවන් යානා විකුණා දමා එම ගුවන් යානා නැවත කුලියට ගැනීම තුළින් අදාළ ගුවන් යානා විකිණීමෙන් ලබාගත් මුදල ශේෂ පත්‍රයේ ලාභය ලෙස පෙන්වීම තුළින් අදාල ලාභය පෙන්වීමට කටයුතු කරන ලදී.

එසේම ශ්‍රීලන්කන් ගුවන් සේවය සතුව තිබු ගුවන් සේවා සැපයුම් සමාගමක කොටස්‌ විකුණා ලබාගත් ලාභය ද මේ වසර දෙකක ලාභ ලැබීමට හේතුවිය.

අනිත් අතට ශ්‍රීලන්කන් ගුවන් සේවය හා ගිවිසුමට අනුව එමිරේට්‌ස්‌ කළමනාකාරිත්වය වසර දහයකට පමණක්‌ ඔවුන්ට හිමිවූ අතර ඔවුන් අවසන් වසරවල ලාභය පෙන්වුයේ ගිවිසුම දීර්ඝ කර ගැනීම සඳහාය. අදාළ ගිවිසුමේ අවසන් කාලයේ ලන්ඩන් සිට පැමිණෙන ගුවන් ආසන වෙන් කිරීමේ ප්‍රශ්නයක්‌ ඇති වුවද ඒ වන විට ගිවිසුම දීර්ඝ නොකරන්නට තීරණය කර තිබිණි. [මූලාශ්‍රය: දිවයින 2016/04/10]





(ii). වෙනත් ගුවන් සමාගමක් විසින් නැවතත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගතහොත් එසේ කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගොඩ නැගීමට නොව, එහි තිබෙන සාරයද උරා ගනිමින් තම සමාගම ශක්තිමත් කරගැනීමටයි. රාජ්‍ය ආයතනයක් එහි තරගකරුවෙකුට විකුණා දැමීමෙන් ඊට වඩා බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? පහත දැක්වෙන්නේ ඊට අදාල පැහැදිළි කිරීමක්.
ශ්‍රීලන්කන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා දැඩි වෙහෙසක්‌ ගනු ලබන්නේ කටාර් ගුවන් සේවයයි. වත්මන් රජය බලයට පත්ව දින ගණනාවකින් කටාර් පාලකයා හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණි අතර ඒ අවස්‌ථාවේද ඔවුන් මේ සඳහා ඇති කැමැත්ත මෙරට පාලකයන් වෙත දැනුම්දී තිබේ.

කටාර් ගුවන් සේවය විසින් අපේ රටේ ජාතික ගුවන් සේවය මිලදී ගතහොත් ශ්‍රීලන්කන් ගුවන් සේවය ජාතික ගුවන් සේවාවක්‌ ලෙස ලොවපුරා සෑම රටකම ගුවන් තොටුපළවල හිමිකරගන්නා ගමන් අවස්‌ථා හිමිකරගන්නට කටාර් ගුවන් සේවයට හැකියාව ලැබේ. රටක ජාතික ගුවන් සේවාවක්‌ නොවන ආයතනයක්‌ ඒ සඳහා ඉල්ලුම් කරන විට ගෙවන්නට වන ඇති විශාල මුදල ඔවුන්ට ඉතිරි වනු ඇත. එසේම ඔවුන් දැනට බොහෝ රටවලට පවත්වා ගෙන යනු ලබන ගුවන් සේවාවන් වඩාත් පුළුල් කරන්නටද ඔවුන්ට මෙයින් අවස්‌ථාව හිමිවේ.

මේ වන විට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ මගීන් අතර දැඩි ඉල්ලුමක්‌ තිබූ යුරෝපා ගමනාන්ත නවතා දමන්න්නට ශ්‍රීලන්කන් ගුවන් සේවය කටයුතු කරමින් සිටී. දැනටමත් රෝමය බලා ගමන් කරන සේවාවන් අත්හිටුවන බව ප්‍රකාශයට පත්කර ඇති අතර පැරිසිය (ප්‍රංශය) හා ෆ්‍රෑන්ක්ෆෘට් (ජර්මනිය) සේවාවන් ඉදිරියේදී නවතා දමන්නට නියමිතය.

මේ සියලු ගමනාන්ත කටාර් ගුවන් සේවය ගුවන් ගමන් වාර පවත්වන ඒවා වන අතර එවිට ශ්‍රීලන්කන් ගුවන් සේවය නවත්වන ගමන් වාර සියල්ලේම වාසිය හිමිවන්නේ කටාර් ගුවන් සේවයටය. [මූලාශ්‍රය: දිවයින 2016/04/10]


රජයේ ලියාපදිංචි පුවත්පතක් වන “රිවිර” පුවත්පත 2016/04/27
(iii). පෞද්ගලික ආයෝජකයෙකු සමග හවුල් ව්‍යාපාරයක් කිරීම යනුත් පෞද්ගලීකරණය කිරීමක්. එජාපයේ මෙම සැලැස්ම ක්‍රියාත්මක වුවහොත් වැටුප්/දීමනා කප්පාදුව, රැකියා කප්පාදුව ආදී පෞද්ගලීකරණය කිරීමෙන් අත් වන ඉරණම ඉදිරියේදී ශ්‍රී ලංකන් ගුවන් කාර්ය මණ්ඩලයට අත් විඳින්නට සිදුවේවි.

(iv). එජාපයෙන් පවසන්නේ මහින්ද යුගයේ වැරදි නිසා ණය සහ අලාභ වැඩි වීමෙන් එය විකිණීමට සිදුවූ බවයි. නමුත් ඉහත අප පැහැදිළි කළ තොරතුරු මගින් ඔවුන් පවසන්නේ කන්න ඕන වුණාම කබරයාව තලගොයා කර ගැනීම වැනි බොරුවක් බව ඔබට පැහැදිළි ඇති.

(v). මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලය තුළදී සතොස, හම්බන්තොට වරාය, ආදිය ලාභ ලබන ආයතන බවට පත් වී තිබුණා. එනමුත් වත්මන් ආණ්ඩුවට රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට සිදුවන්නේ ඔවුන් මෙරට සාර්ව ආර්ථික තත්වයන් කළමනාකරණය නොකර රට බංකොලොත් කළ නිසයි.

(vi). චීනයට දිගට හරහට බනිමින් චීන ආයෝජකයන්ව එලවා ගැනීම, එමගින් කොටස් වෙළඳපොළ කඩා වැටීම, ආයෝජන නොමැති වීම නිසා රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටීම, ඒ සමගම රටට එන ආයෝජන නැති වීමෙන් රුපියල බාල්දු වීම, රුපියල රැක ගැනීමට කියමින් විදේශ සංචිත විකුණා දැමීම, දිගින් දිගටම බැඳුම්කර නිකුත් කර පොලී මට්ටම ඉහල දැමීම, එසේම අති දැවැන්ත බැඳුම්කර මගඩිය මගින් රට ණය උගුලක හිර කිරීම ආදිය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැවැන්ත ප්‍රපාතයක ඇද දැමූ එජාපයට දැන් ඉතිරිව ඇත්තේ රාජ්‍ය දේපල කුණු කොල්ලයට විකුණා දැමීම පමණයි.



[4].  වසර 4 ක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තුළදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුවූ දූෂණ එකින් එක හෙළි වීම.

ශ්‍රී ලංකන් එයාර්ලයින් සහ මිහින් ලංකා ආයතන වල දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ කටයුතු සිදුවෙද්දී, පසුගිය වසර 4 ක එක්සත් ජාතික පක්ෂ කාලය තුළ සිදුවූ කවුරුත් නොසිතූ අන්ත දූෂිත ක්‍රියා හෙළි වෙමින් පවතිනවා.  ඒවායින් කිහිපයක් මූලාශ්‍ර සහිතව පහතින්.




(i). ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් කුලියට ගත් A 320 ගුවන් යානයක් එම යානය අයත් සමාගමට නියමිත කාලයේදී භාරදීමට අපොහොසත් වීම නිසා ඉකුත් 2017 දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රු. මිලියන 539.7 ක පමණ පාඩුවක් සිදුවූ බව එම සමාගමේ තාක්ෂණ සේවා ඉංජිනේරු අසිත ප්‍රනාන්දු මහතා 2018/12/18 දා ජනාධිපති විමර්ෂණ කොමිසමේ සාක්ෂි දෙමින් හෙළිදරව් කළේ ය. 2018 ජනවාරි මාසයේ එක්‌ ගුවන් යානයක්‌ පරීක්‌ෂාවක්‌ සඳහා අබුඩාබියට යෑවූ බවත් ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් 376798 ක වියදමක්‌ දැරීමට සිදුවූ බවද සාක්‌ෂිකරු කීවේය. එසේම 2017 මාර්තු මාසයේදී තවත් ගුවන් යානයක්‌ වසර හයකට පසු පරීක්‌ෂාවක්‌ සඳහා විදේශීය ආයතනයක්‌ වෙත යෑවූ බවත් ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් 63336 ක්‌ වැයවූ බවත් සාක්‌ෂිකරු තවදුරටත් කොමිසමට කීවේය. මෙම සියලුම දූෂිත ගණුදෙනු පසුපස එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සිටින බවට අනාවරණය වෙමින් පවතී. [මූලාශ්‍රය]

(ii). එජාප ආණ්ඩුව කාලයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරීගේ මූලික වැටුප රුපියල් ලක්ෂ 32 ක් බවත්, ඊට අමතරව වාහන දීමනා සහ තෙල් දීමනා ආදී වෙනත් දීමනාද ඔහුට හිමි බවත් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම සඳහා වන කොමිෂන් සභාවේ පැවැති අභියාචන විභාගයක දී අනාවරණය විය. මෙම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සුරේන් රත්වත්ත මහතා ඒ 320 ජෙට් කන්වර්ෂන් ගුවන් යානයේ පෞද්ගලික පියාසර පුහුණුව සඳහා ඇමෙරිකානු ඩොලර් 23568ක් හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 37ක් වැය වී ඇතැයි ද එහිදී අනාවරණය විය. [මූලාශ්‍රය]

(iii). A 350 - 900 පුළුල් බඳ ගුවන් යානා 8 ක් මිලදී ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ගේ ආණ්ඩුව විසින් 2013 වසරේ ගිවිසුම් අත්සන් කර තිබුණ අතර, එම යානා මේ වන විට මිලදී ගත්තානම් මිලට ගැනෙන්නේ 2013 දී පැවැති අඩු මිල ගණන් වලට ය. ඉන් ගුවන් යානා 4 ක් මිලදී ගැනීම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් අත්තනෝමතිකව අවලංගු කළේ ය. ගිවිසුම කැඩීම ගැන ඇමරිකානු ඩොලර් මිලියන 90 කට ආසන්න මුදලක් වන්දි වශයෙන් ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුවිය. [මූලාශ්‍රය]




[5]. තනතුරු දෙනකොටම දෙහි කැපීමෙන් ඇරඹූ ආණ්ඩුවට එරෙහිව ජනාධිපතිවරයා මඩු වලිගය අතට ගනී.

(i). වසර 4 ක යහපාලන ආණ්ඩුව කාලයේදී ජනාධිපතිවරයාට මෙකී දූෂණ දැක දැකම නිහඬව සිටීමට සිදුවූයේ ඔහුට එරෙහිව එජාපයෙන් දෝශාභියෝගයක් ගෙන අවුත්, අනතුරුව ජනාධිපති ධූරය (තාවකාලිකව හෝ) රනිල් වික්‍රමසිංහ විසින් ලබා ගැනීමේ අවදානමක් තිබූ බැවිනි. ජනාධිපතිවරයාට මෙවන් නිර්භීත තීන්දු ගැනීමට වර්තමානයේදී හැකියාව ලැබී තිබෙන්නේ, ජනාධිපතිවරයා නැවතත් හරි පාරට පැමිණීමත්, එනිසාම එතුමන්ට මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආශීර්වාදය හිමිව තිබීමත් නිසයි.

(ii). ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2018/12/28 දින නිකුත් කරන ලද අමාත්‍යාංශ විෂය පථ සඳහන් අංක 2103/33 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අනුව, ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම කිසිදු අමාත්‍යාංශයක් යටතට පවරා නැහැ. ඒ අනුව එම ආයතනය ජනාධිපතිවරයා යටතේ පාලනය සිදුවෙනවා.


(iii). ශ්‍රී ලංකන් එයාර් ලයින් ජනාධිපතිවරයා යටතට පවරා ගැනීමේ මෙම තීරණයට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ, මේ වන විට ශ්‍රී ලංකන් එයාර්ලයින් ආයතනය ජනාධිපති කොමිෂන් සභාවකින් විමර්ෂණයට ලක් වෙන නිසාවෙන්, එය නැවතත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට භාර දීමෙන් ආදාල කොමිසමේ විමර්ෂණ කටයුතු වලට බරපතල ලෙස බාධා විය හැකි නිසයි. එජාපයට සම්බන්ධ බලධාරීන් විසින් රැකියා අහිමි කිරීම ගැන බිය වැද්දීම නිසාවෙන් ජනාධිපති කොමිසම ඉදිරියට පැමිණීමට දූෂණයට එරෙහි නිලධාරීන් බියක් දක්වනවා. එසේම ජනාධිපති විමර්ෂණ කොමිසමේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව වුවද නැවතත් ශ්‍රී ලංකන් ආයතනය එජාප ආණ්ඩුවේ ඇමතිවරයෙකුට භාර දුනහොත්, කොමිසම ඉදිරියට ආ නිලධාරීන්ට එරෙහිව පළි ගැනීම සිදුවේවි. එනිසා වඩාත් සුදුසු වන්නේ එය ජනාධිපතිවරයා යටතේ තබා ගැනීමයි.



[6].  මහින්ද යුගයේදී ශ්‍රී ලංකන් එයාර්ලයින්.

(i). මෙම ලිපියේ පෙර දැක්වූ විදිහටම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ පාලන කාලයේදී ඇතිවූ ලෝක ආර්ථික අර්බුදයත්, තෙල් මිල සීග්‍ර ලෙස ඉහළ යාමත් නිසා ශ්‍රී ලංකන් එයාර්ලයින් පාඩු ලැබූ බව සත්‍යයක්. එසේම ඉහත තවදුරටත් පෙන්වා දුන් පරිදි ඉන්දියානු ගුවන් සේවය ඇතුළු ලෝකයේ බොහෝ ගුවන් සේවා පාඩු ලබා තිබෙනවා. එසේ වුවද ශ්‍රී ලංකන් එයාර්ලයින් ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට බොහෝ ක්‍රියාමාර්ග ගෙන තිබුණා.

(ii). ශ්‍රී ලංකන් එයාර්ලයින් හි දැනට ඇති බොහෝ ගුවන් යානා වසර 15 කට වඩා භාවිතයේ යොදා තිබූ නිසා, මගීන්ට වඩාත් පහසුදායී ආකාරයට ගමනාන්තයට ලඟා වීමටත්, නව ගුවන් මාර්ග උදෙසාත් ඒ 350 වර්ගයේ ගුවන් යානා 8 ක් පිරිවැයේ මිලට ප්‍රංශයෙන් මිලට ගැනීමට සැලසුම් කළා. ඒවා යොදා ගැනීමට නියමිතව තිබුණේ අන්තර් මහාද්වීපික ගුවන් ගමන් සඳහා යි. යහපාලන ආණ්ඩුව බලයට ආ පසු එම ගිවිසුම අවලංගු කළ අතර, එසේ නොවන්නට එම ගුවන් යානා වලින් ලබන ආදායමත් සමගින් ශ්‍රී ලංකන් ලාභදායී සමාගමක් බවට පත් වෙනවා.

(iii). ශ්‍රී ලංකන් එයාර්ලයින් හි හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම යටතේ ශ්‍රී ලංකන් නැමැති සන්නාමය ලෝකයේ ජනප්‍රිය කිරීමට විශාල ප්‍රචාරයක් ගෙන ගියා. ශ්‍රී ලංකාව යුරෝපයේ සංචාරකයන් අතර ජනප්‍රිය කරවීම සඳහා සංචාරක මණ්ඩලය විසින් සිදුකළ ප්‍රචාරණයට ශ්‍රී ලංකන් එයාර්ලයින් විසින් අනුග්‍රහය දැක්වුවා. බොහෝ සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමේදී ශ්‍රී ලංකන් ගුවන් යානා භාවිතා කර ඇත්තේ එහි ඇති අඩු ටිකට් මිල නිසා පමණක් නොව, එහි සන්නාමය ලෝකයේ ජනප්‍රිය වීම නිසයි.




mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.