Mahinda Rajapaksa: මහින්ද මැතිඳුන්ව එලවාගෙන කර ගත්ත වින්නැහිය බංග්ලාදේශිකයන් තේරුම් ගනී. මෙන්න ප්‍රතිඵලය.

Thursday, January 3, 2019

මහින්ද මැතිඳුන්ව එලවාගෙන කර ගත්ත වින්නැහිය බංග්ලාදේශිකයන් තේරුම් ගනී. මෙන්න ප්‍රතිඵලය.

[1]. බංග්ලාදේශයට යහපාලනය

(i). පසුගිය දා පැවැති බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයේදී, අග්‍රාමාත්‍ය ශේක් හසීනා මැතිණියට එරෙහිව තරග වැදුණ කමල් හොසේන් මහතාගේ ප්‍රධාන සටන් පාථයක් වූයේ "යහපාලනය™" යි. ශ්‍රී ලංකාවේ යහපාලන සටන් පාථය ජයග්‍රහණය කිරීමත් ඊට හේතුවක් වෙන්නට ඇති. පහත දැක්වෙන්නේ ඒ මහතා යහපාලනය වෙනුවෙන් හඬ නගපු අයුරුයි.



(ii). එතුමන්ගේ ඊළඟ සටන් පාථය වූයේ "වෙනසක්™" යන්නයි. ඊට හේතුව අග්‍රාමාත්‍ය ශේක් හසීනා මැතිණිය මීට පෙර දෙවතාවක් ම බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යවරිය ලෙස සිටීමයි. ශ්‍රී ලංකාවේදී "වෙනසක්" යන්නට අන්තර්ජාලයේ ලොකු තැනක් හිමිවුණා. ශ්‍රී ලංකාවේදී මෙන්ම අල් ජසීරා ආදියෙන් ඒ සඳහා ලැබුණේ ලොකු ප්‍රචාරයක්.



(iii). ඡන්දය දින වෙද්දීත් කමල් හොසේන් මහතාගේ බංග්ලාදේශ ජාතික පක්ෂය ජයග්‍රහණය ගැන සක් සුදක් සේ විශ්වාස තියන් හිටියේ. බංග්ලාදේශ ජනතාව අපේ රටේ ජනතාව මෙන් සාක්ෂරතාවයෙන් දියුණු නෑ. නමුත් ඔවුන් මේ දේවල් ඉතාමත් හොඳින් බලන් හිටියා. ඡන්දය දිනෙන් පසුව බංග්ලාදේශ ජනතාවගේ තීරණය වුණේ මෙලෙසයි. 76.88% ක බහුතර ජනතාවක් "යහපාලනය" සහ "වෙනස" ප්‍රතික්ෂේප කර, තුන් වන වතාවටත් ශේක් හසීනා මැතිණියව ජයග්‍රහණය කරවනවා.



(iv). ශේක් හසීනා මැතිණියගේ පාලනය යටතේ ඇති ආර්ථික වර්ධනයත් සමග 2030 වෙද්දී ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1 ක ආර්ථිකයක් ලැබීමට නියමිතයි. පහත දැක්වෙන්නේ බංග්ලාදේශයේ ආර්ථික වර්ධනය. [මූලාශ්‍රය]




(v). යහපාලනය  සහ වෙනස යන ෆැන්ටසි සටන් පාථ වලට වඩා, ඇස් දෙකට පේන ආර්ථික වර්ධනයට එරට ජනතාව ප්‍රමුඛත්වය දුන්නා. මන්ද යත් යහපාලනය ඇති වන්නේත් ආර්ථික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙසටයි. ශ්‍රී ලංකාවේ ජනතාව විසින් සුරංගනා කතා වෙනුවෙන් ඡන්දය දී 2015 න් පසුව ශ්‍රී ලංකාවේ වුණ දේ සමහර විට එරට ජනතාව දකින්නට ඇති.



[2]. ශ්‍රී ලංකාවේ යහපාලනය.

(i). එජාපය ප්‍රමුඛ අශුද්ධ සංධානය විසින් ශ්‍රී ලංකාව සඳහා "යහපාලනයක්" ඉල්ලමින් 2015 දී ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට තරග වැදුණ අතර ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරය යහපාලනය වෙනුවෙන් ඡන්දය භාවිතා කරමින්, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව පරාජය කළා. ඉන් අනතුරුව ලක්ෂ 62 ක ජනතාවක් බලාපොරොත්තු වූ යහපාලනය තබා, ආර්ථිකය ‍රැක ගැනීමවත් ආණ්ඩුවෙන් සිදුවී නැති හැටි පහත ප්‍රස්ථාරයෙන් පැහැදිළි වෙනවා. [මූලාශ්‍රය]

(ii). ඉහත ප්‍රස්ථාරයේ 2014 ට පසුව ආර්ථික වර්ධනය මන්ධගාමී වී ඇති අයුරු ඔබට පෙනේවි. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ව පරාජය නොකරන්නට 2017 දී ලැබී ඇති ඇඩො බිලියන 87.17 ක GDP අගය ලැබීමට තිබුණේ 2015 දී. යහපාලනය නිසා ශ්‍රී ලංකාව ආපස්සට ගියා කියන්නේ ඒ නිසයි.


(iii). යහපාලනය ආ සැනින්, එවකට ඉදි වෙමින් පැවති වරාය නගරය, නෙලුම් කුළුණ, අධිවේගී මාර්ග ආදිය නතර කිරීම, වර්ධනය වෙමින් පැවැති හම්බන්තොට වරාය විකිණීමට දැමීම, මත්තලට වී පටවා එහි ගුවන් ගමන් නැවැත්වීම, ශ්‍රී ලංකාවට මිලදී ගැනීමට තිබූ ගුවන් යාහා 4 ක් නැවැත්වීම, එෆ් සී අයි ඩී හරහා සියලුම රජයේ සේවකයන්ව භීතියට පත් කර ඔවුන් අකුරට වැඩ කිරීමේ තැනට ඇද දැමීම, මහින්ද යුගයේ අත්සන් කළ ජාත්‍යන්තර ගිවිසුම් අත් හිටවීම, දේශීය සමාගම් වලට අධික ලෙස බදු ගැසීම, මහ බැංකුව කොල්ල කෑම සහ බැඳුම්කර හොරකම නිසා ආයෝජකයින් රට හැර යාම, පොහොර සහනාධාරය නැවැත්වීම හරහා කෘෂිකර්මාන්තය අඩාල කිරීම ආදී යහපාලන ක්‍රියාකාරම් එම ආර්ථ්ක පරිහානියට හේතු වුණා. ඒ සියල්ලටම වඩා හේතු වුණේ එජාපයට රටේ ආර්ථිකය වෙනුවෙන් කිසිදු සැලැස්මක් නොතිබීමයි.


(iv). මෙහි භයානකත්වය නම් 2020 වන විට ශ්‍රී ලංකාව සෘණ ආර්ථික වර්ධනයක් ලබා ගන්නා බවට දැනටමත් පුරෝකථනය කර තිබීමයි. ඉහත ප්‍රස්ථාරයේ අපේක්ෂිත අගයන් දැක්වෙන කඩ ඉරි බලන්න. බංග්ලාදේශ ආර්ථිකය අධිවේගයෙන් වර්ධනය වෙද්දී, අපේ රට ආයිත් ගල් යුගයට.


(v). මේ වන විට එජාපයේ කෙරුවාව අවබෝධ කරගෙන සිටින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා, පසුගිය ඔක්තෝබර් මාසයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට අග්‍රාමාත්‍ය ධූරයට අමතරව මුදල් අමාත්‍ය ධූරයත් ලබා දුන්නේ කඩා වැටෙන අපේ රටේ ආර්ථිකය ගොඩ ගැනීමට හැක්කේ එතුමන්ට පමණක් නිසයි.

.