Mahinda Rajapaksa: ‘Facebook’ හි ආසියානු අධ්‍යක්ෂකවරියක් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව හමුවෙයි.

Tuesday, January 22, 2019

‘Facebook’ හි ආසියානු අධ්‍යක්ෂකවරියක් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව හමුවෙයි.


‘Facebook’ සමාගමහි දකුණු සහ මධ්‍යම ආසියානු ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යක්ෂවරිය වන අන්කි දාස් මහත්මිය ඇතුළු නිලධාරීන් කන්ඩායමක් අද දින විපක්ෂ නායකතුමන් එතුමන්ගේ විජේරාම මාවතෙහි පිහිටි නිල නිවසේදී මුණගැසිණි. මෙහිදී සයිබර් ආරක්ෂාව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සදහා ප්‍රවේශ විය හැකි වෙළෙඳපොළ අවකාශයන්, සහ ඉහළ යන ව්‍යාජ ප්‍රවෘත්ති සංසරණය අදීවූ ගැටළු රාශියක් පිළිබඳව සාකච්ඡා විය.

අන්කි දාස් මහත්මිය ඇතුළු නිළධාරින් පිරිස ශ්‍රී ලංකාවේහි සංචාරය කිරීම ගාලු සාහිත්‍ය උළෙලට සමගාමීව සිදුවු අතර මෙවර එම උළෙල 'Facebook’ ආයතනයේ හවුල්කාරිත්වයෙන් පැවැත්විය. මෙම උත්සවය අතරතුර පැමිණ සිටි දෙස් විදෙස් සියලු⁣ දෙනාට කැන්වස් මත සිතුවම් කිරීමට අවස්ථාව සලසාදී තිබූ අතර එලෙස වර්ණවත් කළ සිතුවමක් විපක්ෂ නායකතුමන්ට පිළිගැන්වීමද අන්කි දාස් මහත්මියගේ අතින් මෙහිදී සිදුවිය.

සාකච්ඡාවට බඳුන්වූ ගැටළු නිරාකරණය කරගත හැකි ක්‍රමෝපායන් පිලිබඳව අදහස් හුවමාරු කරගනිමින් හමුව අවසන් විය.




mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.