Thursday, January 17, 2019
මහින්ද රාජපක්ෂ මැතිතුමන් විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි. (VIDEO)
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නයක කාර්යාලයේ වැඩ බාර ගැනීම අද පෙරවරුවේ සිදු විය.
කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටා ඇති එම කාර්යාලයේදී විපක්ෂ නායකවරයා වැඩ ආරම්භ කලේය.
ධුරයේ රාජකාරි ආරම්භයෙන් පසු සන්ධානයේ නායකයින්ගේ රැස්වීමක් පවත්වන අතර ඉන් පසු මාධ්‍ය හමුවක් ද පැවැත්වින.
මේ අතර හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධයන් මහතා විපක්ෂ නායක කාර්යාලයෙන් බඩු බාහිරාදිය ඉවත් කර ගෙන පිටත්ව ගොස් ඇත.
කෙසේ වෙතත් මේ දක්වා විපක්ෂ නායක ලේකම්වරයෙකු පත් කිරීමට රජය කටයුතු කර නැති නිසා තව දුරටත් නිල කටයුතුවලට බාධා එල්ල වෙමින් පවතී.
මහින්ද රාජපක්ෂ මැතිතුමන් විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි. (VIDEO)
2019-01-17T23:53:00-08:00
Admin
මහින්ද රාජපක්ෂ|
mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.
[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.
[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.
[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.
[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.
[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.
