Mahinda Rajapaksa: February 2019

Friday, February 15, 2019

යුරෝපයේ ශ්‍රී ලාංකිකයන්ගෙන් UNHRC ඉදිරියේ කොටින්ගේ යුද අපරාධ ඡායාරූප පෙන්වා උද්ඝෝෂණයක්.


මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයේදී, කොටි ඩයස්පෝරාවේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවට හා රණවිරුවන්ට එරෙහිව විශේෂ යෝජනා කිහිපයක් ගෙන ඒමට සැලසුම් කර තිබේ.

ඊට එරෙහිව යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් උද්ඝෝෂණයක් සහ කොටි ත්‍රස්තවාදීන් විසින් සිදුකරන ලද යුද අපරාධ ඡායාරූප ප්‍රදර්ශනයක් සැලසුම් කර ඇත.

මෙකී උද්ඝෝෂණය 2019 මාර්තු 17 වන දින ජිනීවා වේලාවෙන් සවස 2 සිට 5 දක්වා, සිවිස්ටර්ලන්තයේ ජිනීවා මානව හිමිකම් කාර්යාලය ඉදිරියේදී පැවැත්වේ.

මේ සඳහා, එක්සත් රාජධානිය, ඉතාලිය, ප්‍රංශය, පෝලන්තය, ස්විස්ටර්ලන්තය, ස්වීඩනය ඇතුළු බොහෝ යුරෝපා රටවල සිටින ශ්‍රී ලාංකිකයන් පැමිණෙන බවට වාර්තා වී ඇත. ග්ලෝබල් ශ්‍රී ලංකන් ෆෝරුම්, ලන්ඩන් ශ්‍රී ලාංකීය බලය, යුක්තියට හඬක් ඇතුළු සංවිධාන ගණනාවකගේ දායකත්වය මීට හිමි වී ඇත.

ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය සහ රණවිරුවන්ගේ ජීවිත වලට තීරණාත්මක මෙම අවස්ථාවේදී, යුරෝපයේ වෙසෙන සියලුම දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන්ට සහ දේශහිතශී සවිධාන වලට මෙම උද්ඝෝෂණය සඳහා ආරාධනා කර සිටී. වැඩි විස්තර සඳහා අමතන්න: ජයරාජ් පළිහවඩන +447515727933 සහ චතුර අවන්ත +447581171693

එම ශ්‍රී ලාංකික සංවිධාන එකමුතුව විසින් මීට පෙර අවස්ථා ගණනාවකදීද ශ්‍රී ලංකාව වෙනුවෙන් එතෙරදී උද්ඝෝෂණය කර ඇත.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ ආරක්ෂාව භාරව සිටින බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතාටව අත් අඩංගුවට ගැනීමට කොටි හිතවාදීන් උත්සාහ දරද්දී එතුමන් වෙනුවෙන් පෙනී සිටියේ ලන්ඩන් ශ්‍රී ලාංකීය බලය ඇතුළු එම ශ්‍රී ලාංකික සංවිධාන එකමුතුව යි.

ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීම දිගින් දිගටම කල් දමමින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංගය පවා නැතිවෙද්දී, අපේ රට වෙනුවෙන් උද්ඝෝෂණය කළේද එම සංවිධාන එකමුතුව විසිනි. ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන්ගේ ස්තුතිය ඔවුන් වෙත හිමි වේ.