Mahinda Rajapaksa: සජිත් ප්‍රේමදාසගේ ලේකම්වරයෙකු, DV චානක මන්ත්‍රීතුමාගේ වාහනයට "පොඩි දෙයක්" දම්මවන්න ගොස් මාට්‍ටු වෙයි.

Monday, February 25, 2019

සජිත් ප්‍රේමදාසගේ ලේකම්වරයෙකු, DV චානක මන්ත්‍රීතුමාගේ වාහනයට "පොඩි දෙයක්" දම්මවන්න ගොස් මාට්‍ටු වෙයි.

තංගල්ල පොලිස් අධිකාරිවරයා යොදා ගෙන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු D V චානක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිල වාහනයට කිසියම් දෙයක් දැමීමට අජිත් ලක්මාල් නැමැති තරුණයෙකුව යොදවාගැනීමට කටයුතු කර තිබුණි.

ඒ සඳහා එම තරුණයාට නිවසක්, සජිත් ප්‍රේමදාස මහතාගේ පුද්ගලික ආරක්ෂක අංශයේ රැකියාවක්, ඔහුගේ පෙම්වතියට රැකියාවක් අල්ලස් ලෙස ලබාදීම ද ඇලසුම්කර තිබුණි.

නමුත් නිරපරාදේ අහිංසක මන්ත්‍රීවරයෙකුගේ චරිත ඝාතනය කර ඔහුව සිරේ විලංගුවේ දැමීමට සහ ඊට ගතමනාව ලෙස එකී අල්ලස් ලබා ගැනීමට අකමැති වූ එම තරුණයා මේ සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත. ඉන් අනතුරුව ඔහුගේ ජීවිතයට එල්ල වූ තර්ජන හේතුවෙන් ඔහු නීතිය හමුවට පැමිණ තිබේ.

පහත දැක්වෙන්නේ අජිත් ලක්මාල් තරුණයා විසින් සිද්ධිය නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහහාට විස්තර කරන අවස්ථාවහි අප වෙත ලැබී ඇති දර්ශනයකි.



මේ සිදුවීම පිලිබඳව එකී තරුණයා නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා සමග ජාතික පොලිස් කොමිසමට අද පැමිණිල්ලක් කළේය. පහත දැක්වෙන්නේ එහිදී ඔවුන් මාධ්‍ය වෙත දැක්වූ අදහස් ය.



ඩීවී චානක මන්ත්‍රීතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයේ නැගී එන තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අතර, සජිත් ප්‍රේමදාස මහතා ද එම හම්බන්තොට දිස්ත්‍රික්කයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

එසේම ඩීවී චානක මන්ත්‍රීවරයා, නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ සමීප හිතවතෙක් වන අතර, මෙලෙස ඩීවී චානක මන්ත්‍රීවරයාට අභූත චෝදනා නගා එමගින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට සහ සියලුම රාජපක්ෂවරුන්ට සහ සමස්ත ඒකාබද්ධ විපක්ෂයටම අපහාස කිරීමටද සැලසුමක් පෙනෙන්නට තිබේ.

එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරයෙක් වන රන්ජන් රාමනායක මහතා, පසුගිය පෙබරවාරි 11 වන දින පැවසූයේ කොකේන් ගහන කැබිනට් ඇමතිවරුන් සිටින බවයි. කැබිනට් ඇමතිවරුන් යනු හිටපු කැබිනට් ඇමතිවරුන් නොව වර්තමානයේ සිටින කැබිනට් ඇමතිවරුන් ය.



ඒ අනුව රන්ජන් රාමනායකගේ ප්‍රකාශයෙන් එක්සත් ජාතික පක්ෂය යනු කුඩු ජාවාරම්කරුවන්ගේ පක්ෂය ලෙස ජනතාවගේ පිළිකුලට භාජනය වූ අතර, එහි අවධානය වෙනස් කිරීමට විරුද්ධ පක්ෂයේ නායකයෙකුගේ චරිතය ඝාතනය කිරීමේ උත්සාහයක් බව පැහැදිළි වෙයි. එසේම මෙලෙස අන් අයගේ වාහන වලට ඒවා දැම්මවීමට හැක්කේ ඒවා සන්තකයේ තබාගෙන සිටින සහ රංජන් රාමනායකම පැවසූ පරිදි ඒවා භාවිතා කරන අයට පමණි.