Mahinda Rajapaksa: March 2019

Tuesday, March 26, 2019

ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන ඉන්දීය හිටපු ආරක්ෂක උපදේශක මහ ඉහළින් වර්ණනා කරයි.


පහත දැක්වෙන්නේ හිටපු ඉන්දීය ආරක්ෂක උප්දේශක ශිවශංකර් මෙනන් මහතා CHOICES- Inside the Making of India’s Foreign Policy නැමැති ග්‍රන්ථයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන දක්වා ඇති අදහස් කිහිපයකි.
------------------------------------------------------------------------------

"රාජපක්ෂවරු කිසිවිටක එකඟ නොවුනු කරුණක් වූයේ එල් ටී ටී ඊ නායකයින් පණපිටින් අත්ඩංගුවට ගෙන නඩු පැවරීම සඳහා වූ අන්තර්ජාතික යෝජනායි. එසේම යුද්ධයට අන්තර්ජාතික මැදිහත් වීමකට ඉඩ ලබාදීම ඔවුන් සහමුලින්ම ප්‍රතිශේප කලහ.

යුද්ධයේ අවසාන භාගයේ නෝර්වේ රාජ්‍යය හා ඇමෙරිකාව යුධ විරාමයක් ලබාගැනීමට බොහෝ වෙර දැරූහ. ඔවුන්ගේ පැහැදිලි අවශ්‍යතාව වූයේ අනාගත ප්‍රයෝජනය සඳහා එල් ටී ටීය විනාශ වෙන්නට නොදී ගලවා ගැනීමයි. මතුපිටින් නොපෙන්නුවද ඉන්දියාවේ තත්වය මෙයට වෙනස් විය. ප්‍රභාකරන් වෙනුවෙන් එලිපිට කතා කල තමිල්නාඩුවේ දේශපාලන නායකයින් පවා දැන සිටි කරුනක් වුයේ ප්‍රභාකරන් ජීවත් වුවහොත් යම් දිනක ඔහු තමන්ගේ ජීවිත වලටද අනතුරක් විය හැකි බවයි. ඒ නිසා හිත යටින් ඔවුන්ද බටහිරට දන නොනමන මහින්ද රාජපක්ෂගේ දැඩි ස්ථාවරය අනුමත කරන්නට ඇත.

26 වසරක යුද්ධය ශ්‍රී ලංකාවට බොහෝ අනර්ථකාරී ප්‍රථිපල ගෙන් ආවේය. ආර්ථික වශයෙන්වූ හානිය පමනක් ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවන්නට ඇත ( රුපියල් බිලියන 30,000ක්) . ලක්ෂයක් පමන පිරිසක් යුද්ධයෙන් මියගියහ. ඒ අතර ඉන්දියානූ සාම හමුදාවේ 1,155 ද වේ.

යුද්ධයේදී මහින්ද රාජපක්ෂගේ සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ කාර්ය භාරයක් ඉටුකලේය. ජනාධිපතිවරයා යුද්ධයේ වගකීම බාර දී තිබුනේ ගෝඨාභයටය. හිටපු හමුදා නිලධාරියෙකු වූ ගෝඨාභය යුද්යයේ අවසාන වසර කිහිපයේ සියලූම වැදගත් හමුදා තනතුරු වලට අදාල පත්කිරීම් හා යුධ තීරණ වලට නායකත්වය සැපයුවේය. ඔහු මේ කාරණය සම්බන්ධව ගෞරවය ලබා ගැනීමටද මැලි නොවන බව 'ගෝඨාගේ යුද්ධය' නැමති පොත පරිශීලනය කරන්නෙකුට පෙනෙනු ඇත.

මට පෙනී ගිය කරුනක් වූයේ ලංකාවේ ආරක්ෂාව පිලිබඳ ඉතා පැහැදිලි දැක්මක් හා උනන්දුවක් ගොටාභය රාජපක්ෂට තිබුන බවයි. ඔහුගේ මතයන් බොහෝ විට අපගේ මතයන් හා සැසදුනි. මහින්ද රාජපක්ෂ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට චීන සහාය බලාපොරොත්තු වූ නමුදු ඔහු අපට දුන් පැහදිලි පොරොන්දුව නම් ශ්‍රී ලංකා චීන සබඳතා කිසිවිටක ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වීමට ඉඩ නොතබන බවයි. මෙහිදී ගොටාභයගේ සහතිකය ඉතා වැදගත් විය. 2014 මා විදේෂ ලේකම් දූරයෙන් ඉවත්වන තුරු කිසිවිටක ශ්‍රී ලංකාව රාජපක්ෂවරු ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධව දුන් පොරොන්දු කඩ නොකල බව මට කිව හැක.

මෙහිදී සඳහන් කල යුතු තවත් කරුනක් වන්නේ ශ්‍රී ලංකාව කිසිවිටක ඉන්දියාවට තම රටේ ආර්ථිකය හෝ ආරක්ෂාව පිලිබඳ සම්පූර්ණ අයිතිය පැවරීමට සුදානම් නොවුනු බවයි. ඉන්දියාව පෙන්වා චීනයෙන් ආයෝජන ලබා ගනීමත්, චීනය පෙන්වා ඉන්දියාවේ අවදානය ලබාගැනීමත් ශ්‍රී ලංකාව දක්ෂ ලෙස කල අතර එහි කිසිදු වරදක් මම නොදකිමි. ඔවුන් එසේ නොකරාවියැයි සිතීමට තරම් ඉන්දියාව මෝඩ නොවිය යුතුය.

මා දන්නා තරමට යුද්ධයෙන් පමනක් ත්‍රස්ථවාදය අවසන් කල එකම රට ලංකාව විය යුතුය. යුද්ධයකදී ජීවිත හා දේපල හානි වැලක්විය නොහැක.මෙහිදී ඇසිය යුතු ප්‍රශ්නය නම් විවිධ අවස්ථාවල සාමය සඳහා ප්‍රයත්න දරමින් යුද්ධය 26 වසරක් ඇදගෙන යැම නිසා වූ හානිය යුද්ධයෙන් වූ හානිය හා සම කල හැකිද යන්නයි."

-ශිවශංකර් මෙනන්-
CHOICES- Inside the Making of India’s Foreign Policy

Monday, March 25, 2019

අභිනවයෙන් ඉදිකරණ ලද චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ මහෝත්සවය


නාවලපිටිය කුරුදුවත්ත බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පුජ්‍ය මවතුපොල අනුරුද්ධ නාහිමියන්ට ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහෝපාධ්‍ය දුරයෙන් පිදුම් ලැබීම හා අභිනවයෙන් ඉදිකරණ ලද චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ මහෝත්සවය ගරු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ සුරතින් අද (24) පස්වරුවේ සිදුවිය.

මහින්ද රාජපක්ෂ මැතිතුමා දේශීය සිනමා ශිල්පීන්ගේ සංධානය සමග හමුවක්


දේශය සිනමා ශිල්පීන්ගේ සංධානයේ නියෝජිතයින් හා ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර හමුව විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත් විණි.

1972 වර්ෂය වන විට චිත්‍රපට ශාලා 362 පමණ තිබු බවත් එය මේ වන විට 118කට පමණ සීමා වී ඇති බවත්, මහා භාණ්ඩාගාරයට පවා මුදල් දුන් මෙම කර්මාන්තය මේවන විට මහා භාණ්ඩාගාරයේ මුදල්වලින් යැපෙන තත්වයට පත්ව නැති බවත් ඔවුන් මෙයින් පෙන්වා දෙන ලදී.

මෙහිදි අදහස් දැක්වු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රේක්ෂක අවශ්‍යතා අනුව ගුණාත්මක චිත්‍රපට නිෂ්පාදනය විය යුතු බවත්, චිත්‍රපට ශාලා නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යායුතු බවත් මෙහිදී පෙන්වා දෙන ලදී. ‍ක්‍ෂේත්‍රයේ ඉන්න අය එක්වී සාකච්ඡා කර සිනමා ‍ ක්‍ෂේත්‍රයේ ඉදිරියට යා හැකි ප්‍රතිපත්තිමය රාමුවක් සෑදීමට කටයුතු කරන ලෙසද මෙමගින් ඔවුන්ට විපක්ෂ නායකතුමා විසින් දැන්වු අතර එම වාර්තාව ගැන අවධානය යොමු කර ඉදිරි රජයක ප්‍රතිපත්ති සැකසීමේදී කටයුතු කළ හැකි බව ඔවුන්ට පෙන්වා දෙන ලදී. රන්මිනි තැන්න වැනි සිනමා ගම්මාන ඇති කරමින් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය විසින් සිනමා ක්‍ෂෙත්‍රයට කළ සේවය දේශිය සිනමා ශිල්පීන් එහි ඇගයිමට ලක් විය.

මෙම අවස්ථාව පාර්ලිමෙන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය මාහාචාර්ය ජී.එල් පීරිස්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුද එක් විය.

චිත්‍රපට නිෂ්පාදනය සහ සිනමා උපකරණ ආනයනය කිරීමේදී ලබා දී තිබු බදු සහන මෙම රජය විසින් ඉවත් කිරීම නිසා සිනමා කර්මාන්තය කඩා වැටුණු බව දේශිය සිනමා ශිල්පීන්ගේ සංවිධානයේ ලේකම් එරංග සේනාරත්න මහතා මෙහිදී පැවසීය. එයට පිළිතුරු දෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ නව රජය යටතේ එම බදු සහන නැවත ලබා දෙන බවය.

මෙම අවස්ථාවට දේශිය සිනමා ශිල්පීන්ගේ සංවිධානයේ සභාපති රොහාන් වැලිවිට, ලේකම් එරංග සේනාරත්න, උප සභාපති පද්මසිරි කොඩිකාර, උපලේකම් ජගත් ආනන්ද, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වන සුගත් සමරකෝන්, සුනිල් ප්‍රේමරත්න, ලලිත් පන්නිපිටිය, යන මහත්වරු ඇතුළු සිනමා ක්‍ෂෙත්‍රයේ වෘත්තිකයින් 25ක් පමණ සහභාගී විය.

දැනට පවතින මණ්ඩල ක්‍රමවේදය වර්තමාන රජය විසින් විවෘත කිරීමට ගන්නා උත්සහය තුළින් වර්තමානයේ දේශිය සිනමා කර්මාන්තයට සිදු වී තිබෙන තත්ත්වය තවත් පහළට කඩා වැටීමට ලක් වන බව සිනමා කර්මාන්තයේ වෘත්තිකයින් විසින් විපක්ෂ නායකතුමාට පෙන්වා දෙන ලදී. ඔවුන් එසේ ප්‍රකාශ කරන ලද්දේ වර්තමාන සංස්කෘතික කටයුතු ඇමතිවරයා විසින් චිත්‍රපට ප්‍රදර්ශනය පෞද්ගලික අංශයට පමණක් පැවරීමට බලය ඉල්ලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට විරෝධය පලකරමිනි.

Thursday, March 21, 2019

බැසිල් විසින් විල්පත්තුව සංහාරය කරන්න රිෂාඩ් බදියුදීන්ට උදව් කළැයි එජාපෙන් ගැසූ මඩක් මාට්‍ටු වෙයි.

[1]. "2011 වසරේ විල්පත්තුවේ වන සංහාරයට ඉඩම් ඔප්පු වලින්ම ලියා දී බැසිල් විසින් ඊට මුල පිරූ අවස්ථාව යනුවෙන්" එක්සත් ජාතික පක්ෂයෙන් මෙහෙයවන බව පෙනෙන ෆේස්බුක් පි‍ටුවකින් පළ කර තිබේ. මෙම පින්තූරයම යොදා ගනිමින් එජාපයේ තවත් මඩ පි‍ටු ගණනාවකම මෙම පුවත පළ කර තිබුණි.

ආකයිව් කළ මූලාශ්‍රය http://archive.is/uBMHZ



[2]. ඉහත පින්තූරය පිළිබඳව සොයා බැලීමේදී පෙනී ගියේ, එය 2011 දී ගත් එකක් නොව, 2014 දී ගත් එකක් බවයි. පකිස්ථාන රජය විසින් 2014 වසරේ ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘතියකට මුල් ගල තබන පින්තූර විකෘති කොට බැසිල් රාජපක්ෂ මහතා විල්පත්තු වනය කැපීමට අනුබල දුන් බවට ප්‍රචාරය කරන ලද බොරුව පහත ඡායාරූප ආශ්‍රයෙන් හෙළි වේ. ආකයිව් කළ මූලාශ්‍රය http://archive.is/u1d6S


[3]. විල්පත්තු සංහාරයක් ගැන හදිසියේම කෑ ගසන එක්සත් ජාතික පාක්ෂිකයන්ට, විල්පත්තුව කැපූ ලෙස චෝදනා ලැබූ රිශාඩ් බදියුදීන් තම ආණ්ඩුවේම කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස තවමත් කටයුතු කිරීම ගැන වගේ වගක් නැත. නමුත් 2014 දී නිවාස වලට මුල් ගල් තබන පින්තූර යොදාගෙන ඒවා 2011 දී කැලේ කැපුවා ලෙස පෙන්වමින් රාජපක්ෂවරුන්ට මඩ ගැසීම සිදු කරයි.

Wednesday, March 20, 2019

අමා දම් සිසිල ධර්ම දේශනා මාලාවේ 186 වන ධර්ම දේශනය

මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ මූලිකත්වයෙන් වසර 16 ක පමණ කාලයක් සෑම පොහොයකදීම නොකඩවා පැවැත්වෙන අමා දම් සිසිළ ධර්ම දේශනා මාලාවේ 186 වන ධර්ම දේශනය තංගල්ල කාල්ටන් නිවසේ දී පැවැත්වුණු අතර, මෙවර ධර්ම දේශනය පවත්වනු ලැබුවේ පුජ්‍ය ගිනිමැල්ලගහ ධම්මබෝධි ස්වාමින්වහන්සේ විසිනි.







මහින්ද රාජපක්ෂ මැතිතුමන් රහල බටහිර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ කොත නිරාවරනය කිරීම උත්සවයට

හිටපු ජනාධිපති සහ වත්මන් විපක්ෂ නායක ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් අරණායක රහල බටහිර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේ කොත නිරාවරනය කිරීම උත්සවයට සහභාගි විය.






ඉන්දියාවේ හිටපු ආරක්ෂක උපදේශකවරයා මහින්ද මැතිඳුන්ව හමු වෙයි.

ඉන්දියාවේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක, ශිවශංකර් මෙනන් මහතා හා ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර විශේෂ හමුවක් ඊයේ පෙරවරුවේ, විජේරාම නිල නිවසේදී පැවැත්වුනි. දෙරටේ දේශපාලන වටපිටාව සහ ඉදිරි බලාපොරොත්තු පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු විය.

Tuesday, March 5, 2019

ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහ ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල පීඨාධිපතිවරයෙක් අතර හමුවක්.

අද (මාර්තු 04) දින පෙරවරුවේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ස්වින්බන් තාක්‍ෂණ විශ්වවිද්‍යාලයේ (SWINBURNE University of Technology) පීඨාධිපති ආචාර්ය බිල් ඩම්ච් (Dr. Bill Damachis) මහතා විපක්‍ෂ නායක ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමුවිය.

උසස් අධ්‍යාපන අවස්ථා සහ පහසුකම් වර්ධනය කර ගැනීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග ගැන එහිදී ඔවුන් සාකච්ඡා කළහ. තවද, අප රටේ විශ්ව විද්‍යාල තුළ නව තාක්‍ෂණ විෂයධාරා පුළුල් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය සහයෝගය ලබාදීමට හැකියාව ඇති බව ආචාර්ය බිල් ඩම්ච් මහතා විපක්‍ෂ නායකතුමා වෙත දන්වා සිටියේය.

තම පාලන කාලය තුළ පාසල්වල තාක්‍ෂණ විද්‍යාගාර ඇති කර පාසල් අධ්‍යාපනයට තාක්‍ෂණ විෂය ධාරා හඳුන්වා දීමට ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දියත් කර ඇති වැඩ පිළිවෙල ආචාර්ය බිල් ඩම්ච් මහතාගේ අගය කිරීමට සහ ප්‍රශංසාවට ලක්විය.


Leader of the Opposition met with Dr. Bill Damachis, Dean, transnational education at Swinburne University of Technology this morning.

They discussed the possibilities of the expansion of the higher education sector in Sri Lanka. Dr. Damachis stated that they were willing to provide assistance in Introducing new areas of technology and improving and expanding the existing areas of technical study within the Sri Lankan university system.

Further Dr. Damachis expressed his appreciation for the establishment of computer labs and introduction of technology into the school curriculum during H. E. Mahinda Rajapaksa’s tenure as President.

Sunday, March 3, 2019

මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මහා ශිව රාත්‍රී දින පණිවිඩය.

මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් හිටපු ජනාධිපති සහ වත්මන් විපක්ෂ නායක අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් නිකුත් කරන ලද පණිවිඩය.

Friday, March 1, 2019

බටලන්ද යුගය සිහි කරමින් දේශපාලන පළිගැනිමටකට තංගල්ල පොලිසියේ වධකාගාරයකදී අංහිසකයෙක්ට දස වද දෙයි.


කට්ටඩිගේ තිළිණ කසුන් යනු තංගල්ල ප්‍රදේශයේ ජීවත් වෙන තමන්ගේ පාඩුවේ ‍රැකියාව කරගත් ධීවරයෙකි. පසුගිය 2018 දෙසැම්බර් මාසයේදී තංගල්ල පොලිසියෙන් නීති විරෝධී ලෙස අත් අඩංගුවට ගෙන දින 9 ක් තිස්සේ කෲර ලෙස පහර දෙමින් ආහාරවත් හරි හැටියට නොදී රඳවා තබාගෙන ඇත.

ඉන් අනතුරුව තංගල්ල වරාය තුළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් මිය ගිය 4 දෙනෙකුගේ සිද්ධියට අදාලව තමන් මහ මොළකරු ලෙස පිළිගන්නා ලෙසටත්, එය සිදු කළේ දකුණු පළාත්සභා අමාත්‍ය ඩීවී උපුල් මහතාගේ උවමනාවට යැයි ප්‍රකාශ කරන ලෙසටත් බල කරමින් තංගල්ල පොලීසියෙන් මෙසේ තිළිණ කසුන්ට පොලිස් වධකාගාරය තුළදී දිගින් දිගටම පහර දෙමින් මරණ තර්ජන කර ඇත.

පොලිසියෙන් අත් අඩංගුවට ගන්නා පුද්ගලයෙක්ව පැය 24 ක් තුළ මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කළ යුතු වුවද, තිළිණ කසුන්ව එසේ ඉදිරිපත් කරනවා තබා ඔහු ගැන පොලිස් සටහනක් හෝ තබා නැත.

වාසනාවකට මෙන් 2019 ජනවාරි 18 වන දිනදී තංගල්ල පොලිසියේ වධකාගාරයෙන් ගැලවී යාමට ඔහුට හැකියාව ලැබෙන අතර, ඔහු විසින් SCREF77-2019 නැමැති මූලික අයිතිවාසිකම් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇත. යම් ලෙසකින් ඔහුට පොලිස් අත් අඩංගුවෙන් බේරී යාමට නොහැකි වන්නට ඔහු මේ වන විට මරණයට පත් වී තිබෙනු ඇත. ආයුධ පෙන්වීමට ගෙන ගියා කියන්නේ මෙවන් සිදුවීම් වලටය.

තිළිණ කසුන්ගේ මව සේවය කරන්නේ ස්විස්ටර්ලන්තයේ වන අතර, තිළිණ කසුන්ව සොයා දෙන මෙන් පොලිසිය විසින් ඇයට අමතා ඇත. එහිදී පොලිසිය විසින් සිදු කරන ලද අපරාධ පිළිබඳව තහවුරු වෙන හඬ පට මෙම ලිපිය සමග දක්වා තිබේ.

එසේම මේ සමග දක්වා ඇති එක් හඬ පටයකින් පොලිස් පරීක්ෂක විජේතුංග විසින් පාපොච්චාරණය කරන්නේ ඔහු හොරණ බල ප්‍රදේශයේ සේවය කරද්දී ඉහළ පොලිස් නිලධාරියෙකුගේ බලපෑම මත අහිංසක පුද්ගලෙකුට බෝම්බයක් දැම්ම බවත් ඒ වෙලේවේ එකී පුද්ගලයා මහ හයියෙන් ඇඬූ බවත් ය. මෙලෙස හඬ පට මගින් සාක්ෂි තිබියදී, අදාල පොලිස් පරීක්ෂකවරයාට ලැබන දඬුවම වන්නේ හුදු ස්ථාන මාරුවක් පමණක් නම්, පොලිසිය යනු ආණ්ඩුවේ ලයිසන් සහිත පාතාල කණ්ඩායමක් යැයි ජනතාවට වැටහෙනු ඇත.

පොලිසිය විසින් මෑත කාලයේදී කරන ලද අපරාධ ‍රැල්ල අතුරින් මෙය එකක් පමණි. මීට පෙරද ඩීවී චානක මන්ත්‍රීතුමන්ගේ වාහනයට කිසියම් දෙයක් දැමීමට දේශපාලන බලපෑමක් මත පොලිසියෙන් කුමන්ත්‍රණය කර තිබී හසුවූ අතර ඒ සම්බන්ධයෙන් නඩු පවරා ඇත. එතුමන්ගේ පියා වන දකුණු පළාත්සභා අමාත්‍ය ඩීවී උපුල් මහතාව හසු කිරීම සඳහා මෙලෙස පුද්ගලයෙකුව පොලිස් වධකාගාරයක රඳවාගෙන මරණ තර්ජනය කරමින් පහර දීම පසුපසත් කිසියම් දේශපාලන බලපෑමක් ඇති බවට පෙනී යයි.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පැවැති 1988/1989 කාලයේදී බටලන්ද යුගය ආරම්භ වූයේත් මේ අයුරින් වන අතර, දිගින් දිගටම පොලිසිය යොදා ගනිමින් දේශපාලන පලිගැනීම් සිදුකිරීම මගින් ඉදීරියේදී සිදුවන්නට යන අන්තරාය ගැන ජනතාවගේ අවධානය යොමු විය යුතුය.

තංගල්ල පොලිසියේ මෙම අපරාධය සම්බන්ධයෙන් නීතීඥවරුන් කළ පැහැදිළි කිරීම සහ අදාල සාක්ෂි හඬ පට පහතින්.