Mahinda Rajapaksa: මහින්ද රාජපක්ෂ ජනපතිතුමන්ගේ කාලයේදී ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 4 ක් ම ලබාදෙයි. තවමත් සවිකර නෑ.

Saturday, April 20, 2019

මහින්ද රාජපක්ෂ ජනපතිතුමන්ගේ කාලයේදී ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 4 ක් ම ලබාදෙයි. තවමත් සවිකර නෑ.



ඔබ නොදන්නා එක් අවාසනාවන්ත කතාවක් තිබේ. ශ්‍රී ලංකාව ඔබ සිතනා පරිදි ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රයක් හෝ නොමැති රටක් නොවේ. පසුගිය 2014 වසරේ නොවැම්බරයේදී අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන් මුල් වී රුපියල් බිලියනයකට අධික මුදලක් වැය කරමින් ලිනීයර් ස්කෑන් යන්ත්‍ර හතරක් මෙරටට ගෙන ආවේය. ඒ මහරගම අපේක්ෂා රෝහලටත්, කරාපිටිය, යාපනය හා මඩකලපුව රෝහල් වලටය. එනම් ශ්‍රී ලංකාවේ උතුර, දකුණ, නැගෙනහිර භේදයකින් තොරව සෑම පලාතක්ම ආවරණය වන පරිදි රාජපක්ෂ රජය ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර මෙරටට ගෙන ආවේය. ඒ වන විට කරාපිටිය රෝහලේ යන්ත්‍රය සවි කිරීම සදහා තවත් රු. කෝටි 15 කට වැඩි මුදලක් වැය කොට අංග සම්පූර්ණ රෝහල් පරිශ්‍රයක් සදා නිමකර තිබුණේ ඉතාමත් කෙටි කාලයකිනි. ඉතිරිව තිබුණේ රෝහල් පරිශ්‍රයට විදුලිය ලබා දී ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 4 සවි කිරීම වන අතර, යහපාලන® වෙනස™ ලැබී වසර 4 ක් ගත වෙද්දීත් ඒ දේ කර නැත. මේ දේ කියන්නේ mahinda.info නොව, යහපාලන පෙරගමන්කරුවන් වූ රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා [මූලාශ්‍ර 1 , 2] සහ සිරස ටීවී ආයතනයයි.  [මූලාශ්‍ර 1 , 2]




[1]. වර්තමානයේදී ජනතාවගෙන් මුදල් එකතු කරමින් එයින්ද ආණ්ඩුවේ දේශපාලඥයින් ලකුණු දා ගන්නට හැදුවද, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ කාලයේදී මෙම යන්ත්‍ර 4 ක්ම ගෙනල්ලත් ඒ ගැන කිසිදු ප්‍රචාරයක් කළේ නෑ.

[2]. ඉතුරු වෙලා තිබ්බෙ ලයිට් අරන් දෙන්න විතරයි. එතකොට ප්‍රී වයිපයි, භාෂණයේ නිදහස, යහපාලනය නැතුව කන්න ගත්ත බත් පත උගුරෙන් පහලට නොයන ගානටම අසාධ්‍ය වෙලා හිටපු නිසා යහපාලනය ගෙන එන ආවා. අවුරුදු හතරක් තිස්සෙ තිබ්බ අමාරුම වැඩේ උන ලයිට් ලබා දෙන එක කරගන්න ඒගොල්ලො සෑහෙන්න මහන්සි වෙලා ඒත් තාම කරගන්න බැරි වෙලා, ශුවර් එකට මහින්ද රාජපක්ෂ මැතිතුමන් කකුලෙන් ඇදපු නිසා වෙන්න ඕන.

[3]. පසුගිය රජය ගෙන්වූ ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර 4 හංගගෙන, වත්මන් රජය අලුතෙන් ඒවා ගෙන්වීමට මිනිස්සුන්ගෙන් මුදල් එකතුකරන්නේ ඇයි කියලත් හිතල බලන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.