Mahinda Rajapaksa: ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය ගෝඨාභය මහතාට පැටවීමේ එජාප කුමන්ත්‍රණය කණපිට ගැහෙයි. එජාපයෙන් කී දේ මෙන්න.

Friday, April 12, 2019

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය ගෝඨාභය මහතාට පැටවීමේ එජාප කුමන්ත්‍රණය කණපිට ගැහෙයි. එජාපයෙන් කී දේ මෙන්න.



[1]. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද එක්සත් ජාතික පක්ෂයෙන් කුමක් කීවද, එදා එක්සත් ජාතික පක්ෂය විසින් සෘජුවම සරත් ෆොන්සේකාට චෝදනා කළ අයුරු සාක්ෂි සාධක සහිතව පහත දැක්වේ. එජාපයේ මාළු එජාපයේම පිටේ තබා කැපෙන්නේ මෙලෙසයි.


[2]. ලසන්ත වික්‍රමතුංග යනු මාධ්‍යවේදියෙකු බැවින් ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් අන් කිසිදු මාධ්‍යයකට වඩා සැලකීමට භාජනය විය යුත්තේ ඔහුගේ පුවත්පත පවසන දෙයයි. පහත දැක්වෙන්නේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ පුවත්පත වන සන්ඩේ ලීඩර් පුවත්පතේ අන්තර්ජාල වෙබ් අඩවියේ 2012/01/08 දින පළ වූ පුවතකි. [මූලාශ්‍රය]


එහි දැක්වෙන්නේ "සරත් ෆොන්සේකා යනු කවුදැයි හැමෝටම අමතක වෙලාද? ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට රනිල් වික්‍රමසිංහ විසින් චෝදනා කළා" යනුවෙනි.

ඒ අනුව එවකට විපක්ෂ නායකවරයා වූ රනිල් වික්‍රමසිංහ විසින් එකී ඝාතනය සම්බන්ධයෙන් සරත් ෆොන්සේකාට චෝදනා කිරීමත්, එය ලසන්ත වික්‍රමතුංගගේම පුවත්පතෙන් හෙළිදරව් කිරීමත් ප්‍රබල සාක්ෂියකි.


[3]. බීබීසී යනු ශ්‍රී ලංකාවේ කුමන දේශපාලන පක්ෂයකට සහය දෙන ජනමාධ්‍යයක් දැයි ඔබට අමුතුවෙන් කිව යුතු නැත. එක්සත් ජාතික පක්ෂය උපුටා දක්වමින් අන්තර්ජාතික බීබීසී වෙබ් අඩවියේ (news.bbc.co.uk) මෙසේ සඳහන් වේ. [මූලාශ්‍රය]



බීබීසී වෙබ් අඩවියේ දැක්වෙන පරිදි "එජාප මන්ත්‍රී ජෝෂෆ් මයිකල් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරය සිදුකළේ සරත් ෆොන්සේකා විසින් පාලනය කරන ලද විශේෂ කණ්ඩායමක් මගින්" බවයි.


[4]. එජාප මන්ත්‍රී ජෝෂෆ් මයිකල් පෙරේරා මහතාගේ ප්‍රකාශයෙන් පසුව, එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී මෙසේ පවසා ඇත. පහත දැක්වෙන්නේ ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කිරීමෙන් පසු දින එනම් 2009/01/09 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ උදෘතයකි.


රනිල් වික්‍රමසිංහ මහතා පවසන "කොට්ඨාශය" යනු ජෝෂෆ් මයිකල් පෙරේරා මහතා පැවසූ විශේෂ කණ්ඩායම බව පැහැදිළි වේ. ආරක්ෂක ලේකම් යනු ආණ්ඩු වෙනස් වීම් අනුව වෙනස් වෙන ආණ්ඩුවේම දේශපාලනික තනතුරකි. නමුත් හමුදාපති යනු ආණ්ඩු මාරුව අනුව වෙනස් වෙන තනතුරක් නොවේ. ඒ අනුව ආණ්ඩුවේ පාලනය යටතේ නැති යනුවෙන් පැවසීමෙන් පෙනෙන්නේ ආරක්ෂක ලේකම් වරයාගේද පාලනයෙන් තොරව සිටි කොට්ඨාශයක් බව පැහැදිළි වේ.


[5]. බීබීසී සිංහල වෙබ් අඩවියේ දැක්වෙන පරිදි, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක ප්‍රධානියා විසින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට සරත් ෆොන්සේකා වග කිව යුතු බවට ශ්‍රී ලංකා රජයට දන්වා ඇත. [මූලාශ්‍රය]



මෙය බොරුවක් නම් බ්‍රිතාන්‍ය බලධාරීන් ප්‍රතික්ෂේප කිරීම අනිවාර්යයෙන් සිදුවන්නකි. නමුත් බීබීසී වාර්තා කරන පරිදි බ්‍රිතාන්‍යයෙන් එය ප්‍රතික්ෂේප කර නැත. ඒ අනුව මෙයද ප්‍රබල සාක්ෂියක් වේ.


[6]. මීට මාස කිහිපයකට පෙරදී එජාපයේ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා සහ සරත් ෆොන්සේකා මහතා අතර ඇති වූ ගැ‍ටුමේදී , තෙවරප්පෙරුමගේ කටින් පැන්න කතාවද සැලකිය යුතුය. "මේකගෙ කතාවෙ හටියට තේරෙනවනෙ, ලසන්ත වික්‍රමතුංගට මොනවද වුණේ කියලා" යනුවෙන් ඔහු පැවසුවේය. එය එජාපයේ මන්ත්‍රීවරයෙක් විසින් තම පක්ෂයේම ඇමතිවරයෙකුට එරෙහිව කරන ලද බරපතල චෝදනාවකි.

https://youtu.be/4ck4A6yWAtM?t=41





[7]. සරත් ෆොන්සේකාගේ පක්ෂයේ මාධ්‍ය ලේකම්වරයා වන සංජීව සමරසිංහ මෙසේ පවසයි. "ලාල් වික්‍රමතුංග මහත්තයා, ලසන්ත වික්‍රමතුංගගේ අයියා, ඔහු අවස්ථා දෙකකදී ප්‍රකාශ කර තිබුණා, ලසන්ත වික්‍රමතුංගේ ඝාතනයට සරත් ෆොන්සේකා මහතා වග කියන්න ඕනෑ කියන එක."
https://www.youtube.com/watch?v=WCWR6HjGpSI




[8]. ලසන්ත වික්‍රමතුංග මහතා සහ රාජපක්ෂවරුන් අතර බද්ධ වෛරයක් තිබූ බවට එජාපය සහ ඔවුන්ගේ මාධ්‍ය මගින් බොරු වැපුරුවද, අන්තර්ජාලයේ ඇති දුරකථන සංවාදයකින් ඒ සියල්ල සුන් වේ. ලසන්ත වික්‍රමතුංග මහතා විසින්ම කරන ලද පහත දුරකථන පටිගත කිරීමෙන් දැක්වෙන්නේ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන් සහ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා, එතුමන්ගේ ඝාතනය වීමට ටික දිනෙකට පෙර සුහද පිළිසඳරක යෙදී සිටි අයුරුයි. https://www.youtube.com/watch?v=B95CdeAmA4g