30 වසරක සාපලත් යුද්ධය නිමා කිරීමට දායක වූ සහ ඇස් අත් පා ජීවිත පූජා කළ ආදරණීය රණවිරුවන්ට උපහාර පිදීම වෙනුවෙන් අභිමානවත් 10 වන රණවිරු සැමරුම... 2019 මැයි මස 18 වන දින සවස 2.00 ට මහනුවර මයිලපිටිය රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වේ.
ඊට විපක්ෂ නායක සහ හිටපු ජනපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහ හිටපු ආරක්ෂක ලේකම් ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ප්රමුඛ හිටපු ආරක්ෂක ප්රධානීන් සහභාගී වෙනු ඇත.
සංහැඳියාවට බාධාවක් කියමීන් 2015 සිට වත්මන් ආණ්ඩුව විජයග්රහණයේ සැමරුම අකුලා ගනිමින් සිටියේය. පාස්කු ප්රහාරය සහ ඉන් ජනතාව කුපිත නොවූ කළ ඊට සති 3 කට පසු ආණ්ඩුවෙන්ම ඇති කළ භීෂණය හේතු කොටගනිමින් රණවිරු සැමරුම සම්පූර්ණයෙන්ම නතර කරන්නට යන බව පෙනෙයි.
එසේ වුවද යුද ජයග්රහණයට නායකත්වය දුන් ජන නායකයින් සහ ඔවුන්ට ශක්තියක් වුණ මහජනතාව කිසිදා වීරෝදාර රණවිරුවන්ව අමතක නොකරයි.