Mahinda Rajapaksa: සරත් ෆොන්සේකා විසින් දිගු දුර විහිදුම් බලකායේ බුද්ධි අංශ රණවිරුවන්ට කළ අපහාසයට පිළිතුරු.

Thursday, June 6, 2019

සරත් ෆොන්සේකා විසින් දිගු දුර විහිදුම් බලකායේ බුද්ධි අංශ රණවිරුවන්ට කළ අපහාසයට පිළිතුරු.


"දැන් මේ මිලේනියම් සිටි එක, ඒකත් අර අයිස් ඔන්ලි වගේ, දේශපාලන අවශ්‍යතාවය මත හදපු කතාවක්. ඒගොල්ලො අහු වුණාට පස්සෙ ප්‍රසිද්ධියක් දුන්නා මේගොල්ලො තමයි දුරදිග විහිදුම් කළේ. එතන හිටිය භාරව හිටපු කෙනා සාජන් කෙනෙක් හිටියේ. මගේ යටතේ හිටපු කෝප්‍රල් කෙනෙක් ක්ලාක් කෙනෙක්. හොඳට බඩ අඟල් 48 ක් 50ක් තියෙන කෙනෙක්. දුර දිග විහිදුම් තියා තට්‍ටු දෙක තුනක් පඩිපෙළක්වත් නගින්න බැරි මිනිහෙක්. ඒගොල්ලෝ පාවා දුන්නා කියල දේශපාලන අවශ්‍යතාවයට ඒ එලාවේ හැදුවා කතාවක්." - සරත් ෆොන්සේකා පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී. 2019/06/04



කොටි ත්‍රස්තවාදයෙන් රට ආරක්ෂා කර ගැනීම උදෙසා අද්විතීය සේවයක් ඉ‍ටු කළ දිගු දුර විහිදුම් බලකාය නොහොත් Long Range Reconnaissance Patrol එරෙහිව කරන ලද එකී අපහාසයට කිසිවෙකුත් පිළිතුරු ලබා නොදුන් නිසා,  ඊට නිසි පිළිතුරක් ලබා දීම අපගේ යුතුකමක් ලෙස සලකමු.

1. මිලේනියම් සිටි නිවස්නය භාරව සිට ඇත්තේ ශ්‍රී ලංකා මැලේ ජාතික කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් නැමති රණවිරුවා යි. [මූලාශ්‍රය]. ජාති ආගම් බේධයකින් තොරව ඔහු සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරව ආදරයට ලක් වූවෙකි. සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය අනුව එය ඔහු බඩ අඟල් 50 ක් ඇති තට්‍ටු දෙක තුනක පඩිපෙළක් නගින්න බැරි පුද්ගලයෙකි. සරත් ෆොන්සේකා මෙලෙස අපහාස කරන්නේ සන්නද්ධ බුද්ධි සේවයේ පළමුවන බැටෑලියන් එකේ අණ දෙන නිලධාරී ලෙස සේවය කළ රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවෙකුටය.

2. සරත් ෆොන්සේකාගේ එම ප්‍රකාශය අතරතුර දෙමළ සංධානයේ සුමන්තිරන් සිනාසෙයි. මෙලෙස සුමන්තිරන් ලවා ඔච්චම් කරවන්නේ අපගේ රණවිරුවන්ටය.

3. සරත් ෆොන්සේකා පවසන පරිදි බඩ අඟල් 50 ක් ඇති තට්‍ටු දෙක තුනක පඩිපෙළක්වත් නගින්න බැරි හමුදා නිලධාරීන් ඔහුගේ කාර්ය මණ්ඩලයේ සිට ඇත. ඒ අනුව එවැනි පුද්ගලයන් සමග යුද්දයක් කළා කීම පුදුමයකි.

4. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙනුත්, ෆීල්ඩ් මාෂල්වරයෙක් වශයෙනුත්, හිටපු හමුදාපති වරයෙක් වශයෙනුත්, සරත් ෆොන්සේකා විසින් ඒ ආකාරයට "තට්‍ටු දෙක තුනක්වත් නගින්න බැරි බඩ අඟල් 50 ක් ඇති ආදී වශයෙන්" සන්නද්ධ සේවයේ සිටි හමුදා නිලධාරීන්ට අපහාස කිරීම පිළිකුල් සහගතයි.

5. මිලේනියම් සිටි සිද්ධිය නිසා 68 බුද්ධි අංශ රණවිරුවන් ජාතියට අහිමි විය. සරත් ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් ඒ සියල්ලන්ටම අපහාස කර ඇත.

6. මිලේනියම් සිටි පාවා දීම නිසා රණවිරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2004 දී තීන්දු කරන අතර, කුලසිරි උඩුගම්පොළ විසින් රු 500000 බැගින් එකී රණවිරුවන් 5 දෙනෙකුට වන්දි මුදල් ගෙවන ලෙසටත්, රජය විසින් රු 750000 බැගින් ගෙවන ලෙසටත් නියෝග කරන ලදී. ඒ අනුව සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් අභියෝගයට ලක් කිරීමක් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට කරන ලද අපහාසයකි. [මූලාශ්‍රය]

7. ජාතික පොලිස්‌ කොමිසම විසින් චෝදනා 20 ක්‌ යටතේ චෝදනා පත්‍ර ගොනුකර මූලික විමර්ශන ලිපි ගොනුද සමග 2006 පෙබරවාරි 28 වැනිදා පූර්ණ වාර්තාවක් පළ කරන අතර “ජාතියට සිදුකළ සම්පූර්ණ පාවාදීමක් හා ඒකාන්ත ද්‍රෝහී ක්‍රියාවක්” ලෙස එහි මෙම සිදුවීම හඳුන්වා තිබේ. එහෙව් එකේ එය බොරුවක් යැයි සරත් ෆොන්සේකා පවසන්නේ කෙසේද? [මූලාශ්‍රය]


8. මිලේනියම් සිටි නිවස්නය පාවාදීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එය අතිශය රහසිගත මිලිටරි ස්ථානයක් බවට අනාවරණය කරගෙන ඇත.. ඒ අනුවත් සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය වැරදියි. [මූලාශ්‍රය]


9. සරත් ෆොන්සේකා මේ කරන්නේ රනිල් වික්‍රමසිංහගේ කොන්ත්‍රාත්තුවයි. මිලේනියම් සිටි පාවාදීම නිසා රනිල් වික්‍රමසිංහගේ නම කිළිටි වී ඇති අතර, ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය වෙනුවෙන් සරත් ෆොන්සේකා විසින් රනිල්ගේ රෙදි හෝදයි.

10. යුද්ධය ආරම්භයේදී සරත් ෆොන්සේකා සිටියේ රෝහල් ගතවය. ඊට හේතු වූයේ ඔහුගේ බුද්ධි අංශ දක්ෂතාවය නිසාවෙන් කොටි කාන්තාවක් ඔහුගේ මූලස්ථානය තුළටම පැමිණ ප්‍රහාරයක් එල්ල කිරීමයි. ලෝක ඉතිහාසයේ සතුරු පාර්ශවයක කාන්තාවක් විසින් හමුදාපතිවරයෙකුගේ මූලස්ථානය තුළට පැමිණ ප්‍රහාරයක් එල්ල කළ පළමු සහ එකම අවස්ථාව එය වේ. එවන් පුද්ගලයෙකුට රට වෙනුවෙන් ජීවිත පූජා කළ බුද්ධි අංශ රණවිරුවන්ට මෙලෙස අපහාස කිරීමට කිසිදු සදාචාරයක් නොමැත.



mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.