Saturday, July 27, 2019
මහින්ද මැතිඳුන්ට ගැසූ තවත් මඩක් මාට්ටු. අලවි මව්ලානාගේ පුතාව සාෆි පවුලට දමා හසු වෙයි.
අද උදෑසනම එජාපය සහ ජවිපෙ අය කුලප්පු වී ඇති හැඩය. ඊයේ මහින්ද රාජපක්ෂ මැතිතුමන් ගැන ලසිත් මාලිංගගේ ප්රකාශයෙනුත්, මහින්ද මැතිඳුන්ගේ නම කියද්දී ක්‍රීඩාලෝලීන්ගෙන් නොනවත්වා ඇසුණ ඔල්වසරන් නාදය නිසාත් ඇතිවූ ප්‍රතිරූපය අද කෙසේ හෝ මඩ හා සුපුරුදු බොරු වලින් අවසන් කළ යුතුව ඇත.
සුපුරුදු ලෙසම එයට අදත් පෙරමුණ ගත්තේ මඩ ජෙප්පන්, එජාප මඩ කරියන් හා ජනාධිපති මාධ්‍ය ඒකකයේ ගැත්තන්ය.
මේ මහින්ද රාජපක්ෂ මැතිතුමන් හමුවන්නෙ ශාෆියෙක් හෝ ඔහුගේ පවුලේ කවුරුත් නොවේය. දැන් රට තුළ ඇති ඔහුට එරෙහිව නැගෙන මහා හඩත්, විරෝධයත් මැද මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ඔවුන් සමග ගනුදෙනුවක් කිරීමට අවශ්‍යතාවයක් නැත.
මහින්ද රාජපක්ෂ මැතිතුමන් මේ හමුවන්නෙ ඔහුගෙ කල්‍යාණ මිත්‍රයෙක් වූ වසර කිහිපයක් බස්නාහිර පළාත් ආණ්ඩුකාරධූරය දැරූ පසුව අප අතරින් සමු ගත් අලෙවි මවුලානා මහතාගෙ පුතුණුවන් වන අකිල් මවුලානා ඇතුළු පවුලේ පිරිසය.
පහත පින්තූරයේ අලෙවි මව්ලානා මහතාගේ මළගෙදර ගිය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට එහායින් සිටින්නේ එම අකිල් මව්ලානා මහතා ය.
ඔහුගේ මුහුණත්, අර මඩ පින්තූර වල සිටින කෙනාගේ මුහුණ හොඳින් බලන්න.
මුස්ලිම් ජාතිකයෙකු වුවත්, කවදත් රට වෙනු වෙන් වැඩ කර ඔහු ගැන මතක ඇතැයි සිතමි. ඒ ලෙසම මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගෙ අතිජාත මිත්‍රයකු හා සමීපම, විශ්වාසවන්ත මිතුරකු ගේ පවුලේ උදවිය සමග ඉදිරි යම් කරුණක් ගැන කතා කිරීම වරදක් නොවන අතර ඒ කාරණය සමාජයට ලබා නොදී, ඉතා පහත්, කුහක හා අන්තවාදී ලෙස මෙම ඡායාරූපයට විකෘති අදහසක් එක් කර පළකිරීම තුළ මඩ ජෙප්පන්, එජාප මඩ කරියන් හා ජනාධිපති මාධ්‍ය ඒකකයේ ගැත්තන් කොතරම් බංකොලොත් වී දැයි තේරුම් ගත හැක.
මේවා අවබෝධයෙන් යුතුව තේරුම්ගත යුත්තේ අප නොව 2015 පෙර බොරුවට හා මඩවලට රැවටී යහපාලනය නැමැති අමන දේශපාලනයක් රට වෙත ලබා දී මේ රට සුන්නද්දූලි කළ උදවියයි. ඔවුන්ට මෙය කරුණාකර පෙන්වා දෙන්න.
මහින්ද මැතිඳුන්ට ගැසූ තවත් මඩක් මාට්ටු. අලවි මව්ලානාගේ පුතාව සාෆි පවුලට දමා හසු වෙයි.
2019-07-27T01:11:00-07:00
Admin