යුරෝපා සංගමයේ ත්‍රස්ත මර්දන සම්බන්ධීකාරක ජයිල්ස් ද කර්කොව් මහතා ඊයේ (12) සවස මා හමුවිය.
තම සංචාරයේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාක තත්ත්වය වඩා සූක්ෂම කිරීම සඳහා අවශ්‍ය උපකාර ලබා දීමත්, ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහාය වීමත් බව කර්කොව් මහතා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් මා ඔහුට කියා සිටියේ ජනාධිපති ධුරය දැරූ කාලය තුළ සෑම විටම ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණා සඳහා ඉහළම ප්‍රමුඛතාවය ලබා දී ඇති බවත්, වර්තමාන සන්දර්භය තුළ පවා ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රජයට පූර්ණ සහයෝගය ලබා දී ඇති බවත්ය.