Mahinda Rajapaksa: ශ්‍රී ලංකාව අරාබියෙන් වතුර ආනයනය කරයි. (විහිළුවක් නොවේ, මෙන්න පින්තූර)

Tuesday, July 23, 2019

ශ්‍රී ලංකාව අරාබියෙන් වතුර ආනයනය කරයි. (විහිළුවක් නොවේ, මෙන්න පින්තූර)

ශ්‍රී ලංකක් ගුවන් සමාගම යනු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ කාලයේදී ශ්‍රී ලංකා අනන්‍යතාවය ලෝකයට පෙන්වීම මගින් අප රටට සංචාරක ආකර්ෂණය දිනා ගන්නා ප්‍රධාන කේන්ද්‍රයක්. නමුත් මේ වන විට එය අරාබිකරයෙන් වතුර ආනයනය කරන තැනට පත් වෙලා.


වතුරත් ආනයනය කරමු
================

ශ්‍රී ලංකාවේ අභිමානය ලෝකෙට අරං යන ශ්‍රී ලංකන් ගුවන් සමාගම පහු ගිය කාලේ කජු ප්‍රශ්නයකට මැදිහත් උණා.

කජු වලටම සංස්ථාවකුත් තියෙන රටේ, පාර අයිනේ තියං මිනිස්සු කජු විකුණන රටේ ගුවන් යානාවල සංග්‍රහ කරලා තියෙන්නේ ඩුබායි රටෙන් ආනයනය කරපු කජු. අපේ ජනාධිපති උන්නැහේ උරණ වෙච්චි හින්දා යන්තම් ඒක නැවතුණා.

ඒ වගේ ඇහැ නොගැසුන ප්‍රශ්න තව කොච්චර ඇත් ද?

මේ තියෙන්නේ ඒ වගේ එකක්.

දිය සාර රටක ඉඳගෙන අපි බොන්න වතුර කාන්තාරයකින් ගෙන්වනවා කිව්වොත් මොන තරම් විහිළුවක් ද ඒ.

ඔව් මේ තියෙන්නේ දැන් අනාදිමත් කාලෙක ඉඳන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම උඩු ගුවනේදී මගීන්ට බොන්න දෙන වතුර කෝප්පය. සීල් කරපු යෝගට් කෝප්පයක් වගේ නිර්මාණය කරලා තියෙන වතුර පැකට් එක.

නිෂ්පාදනය ඩුබායි වල. (UAE)

මේවා මෙහෙම වෙන්නේ කාරණා කීපයක් නිසා.

1. වෙළෙඳ ප්‍රතිපත්තියක් නොමැති කම.
ආනයන අධෛර්යමත් කරන, දේශීය නිෂ්පාදන නියමිත ගුණාත්මක භාවයෙන් නිපදවන යාන්ත්‍රණයක් නොමැති කම

2. දේශීයව නිෂ්පාදනය කර ගත හැකිව තිබිය දී ඒ සඳහා මාර්ගය සලසන වැඩ පිළිවෙළක් නොමැති කම.
වතුර තිබ්බ පලියට පැකට් කරලා විකුණන්න බෑ. ඒ සඳහා නිෂ්පාදකයන් උත්තේජනය කර යොමු කර විය යුතුයි. වෙළෙඳ පොළ ඔවුනට ලබා දීමට පොළඹවන සුළු fiscal policy, supply side policies තිබිය යුතුයි. ඒවා රජයක රාජකාරී

3. මේ ඕඩරේ ශ්‍රී ලංකන් එකට දාන එකා අත යට ගනුදෙනු ගොඩක් කරනවා ඇති. එවායින් මේ සැපයුම් කරු, ගැනුම්කරු අතර සිදුවන අත යට ගනුදෙනු ගොඩක් බලපාන රටක, ආයතනයක වැඩක් මේ. ඒවා ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑනේ.

මේවගේ පොඩි පොඩි දේවල් වලින් අපි කොච්චර වල් වැදිච්ච ජාතියක් ද කියලා මැන ගන්න පුළුවන්. නිදහස් වෙළඳාමට , ධනවාදයට බැනලා කට ඇරං බලන් හිටියට වැඩක් නෑ. වැරැද්ද තියෙන්නේ ඒවායේ නෙවෙයි. ඒවා හරියට හසුරුවා ගන්න නොදන්නා අපේ.

එතකොට රට පුරා උතුරන්න වතුර තිබ්බත්, උඩු ගුවනේ ආඩම්බරයෙන් අරාබියේ වතුර පොවලා හූල්ල හූල්ල ඉන්න ජාතියක් විදිහට තොළොන්චි වෙලා ගියෑකි.