Mahinda Rajapaksa: ලසිත් මාලිංග විසින් මහින්ද මැතිඳුන්ගේ නම කියද්දී ක්‍රීඩාලෝලීන්ගෙන් දැවැන්ත ඔල්වරසන් නදක්

Friday, July 26, 2019

ලසිත් මාලිංග විසින් මහින්ද මැතිඳුන්ගේ නම කියද්දී ක්‍රීඩාලෝලීන්ගෙන් දැවැන්ත ඔල්වරසන් නදක්



ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මහතා එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා තරගය නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන් සමග එක් වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමන් ලසිත් මාලිංග මහතා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදුකල සේවය අගය කරමින් ඔහුට සුභ පැතුම් එක් කළේය.

එහිදී ලසිත් මාලිංග මහතා පැමිණ සිටි ක්‍රීඩා ලෝලීන්ව අමතද්දී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නම සඳහන් කළ අවස්ථාවේදී ක්‍රීඩාලෝලීන් දැවැන්ත ඔල්වරසන් නාදයක් ලබා දුනි.

පැමිණ සිටි අති විශාල ප්‍රේක්ෂක පිරිසක් අමතමින් ඔහු කියා සිටියේ 2008 වසරේදී තම පාදයේ ආබාධයක් පැමිණ තිබූ බවත් කිසිවෙකු තමන් දෙස නොබැලූ අවස්ථාවක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා තමන්ට වෛද්‍යවරයෙක් හදුන්වා දී තමන් සුවපත් කල බවයි. අදත, හෙටත්, හැමදාටමත් තමන් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාට පින් දෙන බව සදහන් කලේ පේක්‍ෂක ඔල්වරසන් මැද්දේය.

මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ද මාලිංගගේ අවසන් තරගය නැරඹීම සදහා එක්ව සිටියේය.

බංගලාදේශ සමග පැවති තරගය ශ්‍රී ලංකාව විසින් ලකුණු 91 කින් ජයගත් අතර මාලිංග එහිදි යවන ලද අවසන් පන්දුවේදීද කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. තරයේදී කඩුලූ තුනක් ඔහු ලබා ගත්තේය.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.