Mahinda Rajapaksa: September 2019

Tuesday, September 24, 2019

එජාපයට දැවැන්ත මතවාදී පරාජයක්, එජාපයේම සමීක්ෂණයකින් හෙළි වෙයි.


[1]. එක්සත් ජාතික පක්ෂය තවමත් පෙනී සිටින මතවාදය වන්නේ
(i). විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ
(ii). 13 වන සංශෝධනයට එහා ගිය බලය බෙදා හැරීමක් කිරීමට යි.
සජිත් ප්‍රේමදාස මහතාට එජාපයේ ජනාධිපති අපේක්ෂක ධූරය ලබා දීමට දමා ඇති ප්‍රධාන කොන්දේසි තුනෙන් මුල් දෙක වන්නේත් ඉහත කරුණු 2 ය.


[2]. පාක්‍යසෝති සරවනමුත්තු මහතාගේ NGO එක වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (Centre for Policy Alternatives) මගින් මෑතකදී කරන ලද සමීක්ෂණයක් මගින් එජාපයට නොසිතූ ප්‍රතිඵලයක් පෙන්වා දී තිබේ.  [මූලාශ්‍රය]. පහත දැක්වෙන්නේ එජාපයේ මූලික මතවාද දෙකට අදාල සමීක්ෂණ ප්‍රතිඵල යි.


[3]. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට එකඟ වී ඇත්තේ ජනතාවගෙන් 14.8% ක් පමණි. දෙමළ ජනතාව හැරුණ විට සිංහල, උඩරට දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජනතාව විධායක ජනාධිපති ක්‍රමය දිගටම පැවැතීමට එකඟ වේ.



[4]. ඒකීය රටක් (බලය නොබෙදූ රටක්) සහ එක්සත් රටක් (බලය බෙදූ රටක්) සම්බන්ධයෙන් ජනමතය. රටේ 55% ක් රට ඒකීය ලෙස පැවැතීමට එකඟ වේ.



[5]. පාක්‍යසෝති සරවනමුත්තු ඇතුළු NGO නඩය අනියමින් වැඩ කරන්නේ එජාපයට පක්ෂපාතීව බව නොරහසකි. ඒ අනුව ඉහත සමීක්ෂණ ප්‍රතිඵලය විරුද්ධ පක්ෂයක මඩක් කියා බැහැර කිරීමට එජාපයට නොහැකිය. එය එජාප මතවාදය ජනතාව ඉදිරියේදී පරාජය වීමක් ලෙස පිළිගැනීමට සිදුව ඇත. අනෙක් අතට සැබෑ ජනමතය ඊටත් වඩා එජාපයට අවාසිදායක විය හැකි බව සිතිය හැකිය.


[6]. යම් ලෙසකින් සජිත් ප්‍රේමදාස මහතා එජාප අපේක්ෂකත්වයට රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලබා ගැනීම උදෙසා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට සහ බලය බෙදා හැරීමට එකඟ වුවහොත් එය ඔහු ආරම්භයේදීම රටේ බහුතරය අතින් ප්‍රතික්ෂේප වීමකි. අනෙක් අතට එකී කරුණු දෙකට එකඟ නොවුවහොත් ඔහුට රනිල් වික්‍රමසිංහ මහතාගේ පමණක් නොව එජාපය මෙහෙයවන බටහිර හාම්පුතුන්ගේ ද සහයෝගය නොලැබෙනු ඇත.

Thursday, September 19, 2019

ගෝඨාභයට එරෙහිව නඩු දැමීම ගැන කණගා‍ටු වෙනවා - අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂකවරිය සමාව ඉල්ලයි.



[1]. ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු දැමීම ගැන කණගා‍ටු වෙන බවත් යළිත් කිසි දිනෙක එතුමන්ට එරෙහිව නඩු දාන්නේ නැති බවත් අල්ලස් හෝ දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂක දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පවසයි. ඇය මේ බව පැවසූයේ ඇවන්ට්ගාඩ් ආයතනයේ සභාපති නිස්සංක සේනාධිපති මහතා සමග පැවැත්වූ දුරකථන සංවාදයකදීය. එය පහතින් දැක්වේ.




[2]. "මේ කරුමක්කාර දේශපාලනේ හින්දා" යනුවෙන් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පවසන්නේ බොරු නඩු දැමීමේ හේතුව ගැනයි. "නීතිය කඩන හැටිත් නීතිය හදන හැටිත් යන දෙකම මම දන්නවා" යනුවෙන් ද ඇය පවසයි.


[3]. ඉහත හඬ පටයේ අල්ලස් හෝ දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂක දිල්රුක්ෂි මහත්මිය පවසන්නේ ඇවන්ගාඩ් ආයතනය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව දැමූ නඩුව ගැනයි. එම නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට නිදොස් කොට නිදහස් විය. එම පුවත මාධ්‍ය මගින් වාර්තා කිරීම පහත කෙටි වීඩියෝවේ දැක්වේ.




[4]. එම දුරකථන සංවාදය ගැන තවත් බොහෝ වැදගත් තොරතුරු සහිතව නිශ්ශංක සේනාධිපති මහතා කරනු ලබන හෙළිදරව්වක් පහත වීඩියෝවේ දැක්වේ.




[5]. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් දමන ලද ඇවන්ගාඩ් නඩුව බොරු නඩුවක් බව එම නඩුව දැමූ එහි හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් වරියගේම කටින් හෙළි වී තිබේ.

Wednesday, September 18, 2019

නෙළුම් කුළුණ ගැන ජනපති සිරිසේනගේ චෝදනාවට මහින්ද රාජපක්ෂ මැතිඳුන් පිළිතුරු දෙයි.



නෙළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කරන ලද මඩ චෝදනාවට මහින්ද රාජපක්ෂ මැතිතුමන් දෙන ලද පිළිතුර සහිත නිල නිවේදනය පහතින්.


පෙර ලිපි:

1. දිරච්ච ලණුවක් කා අයථා ගනුදෙනුවක් යැයි මෛත්‍රීපාල කී නෙළුම් කුළුණේ අදාල මුදල ගෙවූ වවුචර මෙන්න. https://www.mahinda.info/2019/09/blog-post_49.html

2. නෙළුම් කුළුණ ගැන විගණකාධිපතිගෙන් විශේෂ වාර්තාවක්. මහා ධන උල්පතක් බවට විගණන සහතිකයක්. https://www.mahinda.info/2019/09/blog-post_17.html

3. නෙළුම් කුළුණ හදපු ALIT සමාගම ව්‍යාජ එකක් කියමින් මෛත්‍රීපාල කී ගජබින්නය අතේ පත්තු වෙයි. https://www.mahinda.info/2019/09/alit.html

Tuesday, September 17, 2019

දිරච්ච ලණුවක් කා අයථා ගනුදෙනුවක් යැයි මෛත්‍රීපාල කී නෙළුම් කුළුණේ අදාල මුදල ගෙවූ වවුචර මෙන්න.


කොළඹ නෙළුම් කුළුණ ඉදිකිරීමේ එහි අත්තිකාරම් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 15.64 ක මුදලක් ඉදිකිරීම් සමාගමට ගෙවීම සම්බන්ධයෙන් චීනයේ එක්සිම් බැංකුව විසින් නිකුත් කරන ලද ලේඛණයක් එවකට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා ප්‍රසිද්ධියට පත්කර ඇත.

ඔහු විසින් සිය ෆේස්බුක් පිටුවේ එය ප‍්‍රසිද්ධ කරමින් මෙසේ සටහනක්ද තබා තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි නෙලූම් කුලූන ව්‍යාපෘතිය 2012 වර්ෂයේ දී ආරම්භ කරනු ලැබුවා. මෙම ව්‍යාපෘතියේ කොන්ත‍්‍රාත්කරුවන් ලෙස එවකට චීනයේ ශී‍්‍ර ලංකා තානාපති කරුණාතිලක අමුණුගම මහතාගේ නිර්දේශය මත China National Electronics Import and Export Corporation – (CEIEC) සහ Aerospace Long-March International Trade Co. Ltd. (ALIT) යන සමාගම් කොන්ත‍්‍රාත්කරුවන් වශයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත තෝරාගනු ලැබුවා.

ව්‍යාපෘතියේ මුල් පිරිවැය ලෙස ටෙන්ඩර් මණ්ඩලය අනුමත කළ මුදල වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 104.3යි. මෙම පිරිවැයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15.45ක් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අරමුදල් වලින් ගෙවීමටත් ඉතිරි මුදල වන ඇමරිකානු ඩොලර් මිලියන 88.5ක් චීනයේ එක්සිම් (Exim) බැංකුවේ ණය මුදලක් ලෙස ලබා ගැනීමටත් අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබුණා. 2012 ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේ දී මුල් අත්තිකාරම ලෙස (Mobilization Advance) ඇමරිකානු ඩොලර් මිලියන 15.45ක මුදලක් එනම් රුපියල් බිලියන 2කට ආසන්න මුදලක් (CEIEC) සමාගමට ගෙවන ලදී. මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ද විදුලි සංදේශ නියාමන කොමිසමට ලැබී තිබුණි.

අදාළ මුදල පේ‍්‍රශනය කර ඇත්තේ චීනයේ එක්සිම් (Exim) බැංකුවේ CEIEC සමාගම විසින් පවත්වාගෙන යනු ලැබූ බැංකු ගිණුමටයි. ALIT සමාගමට කිසිදු ගෙවීමක් කවර හෝ අවස්ථාවක සිදු කර නොතිබුණි. මෙම අත්තිකාරම් මුදල සදහා අවලංගු කළ නොහැකි බැදුම්කරයක් (Irrevocable on demand Bank Grantee) ප‍්‍රධාන කොන්ත‍්‍රාත්කරු වූ CEIEC සමාගම විසින් විදුලි සංදේශ නියාමන කොමිසම වෙත ලබා දී තිබුණි.

ව්‍යාපෘතියේ ප‍්‍රගතිය අනුව මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන්ගේ නිර්දේශ මත වරින්වර අතුරු ගෙවීම් කිරීමේ දී මුල් අත්තිකාරම් මුදල අයකරගෙන ඇති අතර 2018 වන විට අය කර නොගත් අත්තිකාරම් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2.13ක් විය. එක්සිම් (Exim) බැංකුව විසින් ව්‍යාපෘතිය දිගින් දිගටම ප‍්‍රමාද වීම නිසා ණය මුදලේ ඉතිරි ශේෂය ලබා දීම ප‍්‍රතික්ෂේප කර තිබුණි. ඒ වන විට මුළු ණය මුදල වූ ඇමරිකානු ඩොලර් මිලියන 88.5 මුදලින් අය කර ගෙන තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 67කට ආසන්න මුදලකි. මුල් අත්තිකාරමෙන් පසුව කරන ලද සියලූ අතුරු ගෙවීම් සිදුකර තිබුණේ එක්සිම් (Exim) බැංකුව හරහා CEIEC සමාගමටය.

2018න් පසුව ඉතිරි අතුරු ගෙවීම් සිදුකර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසමේ ප‍්‍රතිපාදන මගිනි. මුල් අත්තිකාරම් මුදලින් 2018 වර්ෂය වන විට අයකර ගෙන නොතිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.13ක මුදල ද විදුලි සංදේශ නියාමන කොමිසම විසින් CEIEC සමාගමට ගෙවන ලද අතුරු ගෙවීම් වලින් අඩුකර ගෙන තිබුණිි. ඒ අනුව මේ වන විට ව්‍යාපෘතිය ආරම්භයේ දී ගෙවන ලද අත්තිකාරම් මුදල වූ ඇමරිකානු ඩොලර් මිලියන 15.45 ක මුදල CEIEC සමාගමෙන් අයකර ගෙන ඇත. නෙළුම් කලූන ඉදිකිරීමේ දී රුපියල් බිලියන දෙකක වංචාවක් සිදු කළ යැයි අතිගරු මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපති තුමා විසින් නෙළුම් කුලූන විවෘත කරන අවස්ථාවේ දී (2019 සැප්තැම්බර් 16) සිදු කළ ප‍්‍රකාශය පදනම් විරහිතය. ALIT සමාගමට කිසිම අවස්ථාවක කිසිදු මුදලක් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් ගෙවා නොමැත.

විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් 2012 ඔක්තෝම්බර් 09 වන දින එක්සිම් බැංකුව හරහා ඇමරිකානු ඩොලර් මිලියන 15.64ක් මුල් අත්තිකාරම් මුදල ලෙස ගෙවීම සම්බන්ධයෙන් එක්සිම් බැංකුව නිකුත් කළ රිසිට් පතේ පිටපතක් ද මෙහෙි අමුණා ඇත.

– Anusha Pelpita FB


නෙළුම් කුළුණ ගැන විගණකාධිපතිගෙන් විශේෂ වාර්තාවක්. මහා ධන උල්පතක් බවට විගණන සහතිකයක්.


[1]. නෙළුම් කුළුණ ඉදි කිරීමේදී කිසියම් අයථා ගනුදෙනුවක් සිදුවූයේදැයි සොයා බැලීම සඳහා රජයේ විගණන ආයතනය වන විගණකාධිපති දෙපර්තමේන්තුව මගින් විශේෂ විගණනයක් (ඔඩිට් එකක්) කර තිබේ. නමුත් සිදුවී ඇත්තේ කිසි සේත්ම ආණ්ඩුව බලාපොරොත්තු නොවූ දෙයකි.

http://www.auditorgeneral.gov.lk/web/images/special_report/10th_installment/Final%20Report%20Colombo%20Lotus%20Tower.pdf

ඉහත දැක්වෙන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළ වී ඇති එහි සිංහල PDF පිටපතයි. (60 MB වේ). මෙම ලිපිය ලියවෙන්නේ එය අනුසාරයෙනි.


[2]. නෙළුම් කුළුණ විවෘත කිරීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසූයේ එය ඉදි කිරීමට මුල් වූ ALIT සමාගම ව්‍යාජ එකක් බවත් ඒ අනුව රු බිලියන 2 ක් අතුරුදන්ව ඇති බවයි. මීට මාස කිහිපයකට පෙර නිකුත් කරන ලද එකී විගණන වාර්තාවේ කොතකවත් "ALIT" සමාගමට එරෙහිව කිසිදු මූල්‍ය වංචාවක් ගැන සඳහන් නොවේ. එසේම බිලියන 2 ක අතුරුදන් වීමක් ගැනද කොතනකවත් සඳහන් වී නැත.

අනෙක් අතට ALIT සමාගම ව්‍යාජ එකක් නොව ගූගල් මැප් එකේ පවා දිස් වෙන, වෙබ් අඩවි යාවත්කාලීන වෙන, විදෙස් රටවල් පවා ගිවිසුම් ගසා ඇති චීනයේ ප්‍රමුඛතම යුද සහ සන්නිවේදන උපකරණ අපනයන කිරීමේ සමාගම බව අපි මීට පෙර ලිපියෙන් මූලාශ්‍ර සහිතව පෙන්වා දුන්නෙමු. https://www.mahinda.info/2019/09/alit.html

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා රාජපක්ෂවරුන්ට මඩ ගැසීමේ පවි‍ටු චේතනාවෙන් කාගේ හෝ ලණුවක් කා, ලෝක යුධ සහ  ආර්ථික බලවතාගේ දැවැන්ත අපනයන සමාගමට මඩ ගසා විශාල අමාරුවක වැටී ඇත.


[3]. ඉහත සඳහන් කළ විගණන වාර්තාවේ නෙළුම් කුළුණ සම්බන්ධයෙන් දැක්වෙන නිගමනය  සියල්ල පහත දැක්වේ.


එහි පළමු කරුණ මගින් විධිමත් සක්‍යතා අධ්‍යයන වාර්තාවක් නොමැති බව කියා ඇත. සක්‍යතා අධ්‍යයන වාර්තාවක් නොමැතිව නිකම්ම කට වචනෙන් කී පළියට ලෝකයේ ආර්ථික බලවතා ණයක් ලබා නොදෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එනම් ඇත්ත කතාවනම් මෙහි සක්‍යතා අධ්‍යයන වාර්තාව වත්මන් ආණ්ඩුව විසින් විගණකාධිපතිවරයාට ලබා දී නොතිබීමයි. එය ලබා දුන්නානම් නෙලුම් කුළුණ මගින් රටට වෙන සේවය වඩාත් විස්තරාත්මකව හෙළි වී රාජපක්ෂවරුන්ට ලකුණු වැටීම ගැන ආණ්ඩුව බිය වී ඇත.


[4]. විගණකාධිපතිවරයාගේ අනෙක් නිගමන වලින් දැක්වෙන්නේ වත්මන් ආණ්ඩුව විසින්ම කරන ලද අක්‍රමිකතාවයන් ය. එහි 9.2 හි දැක්වෙන කොටස 7.1.8 මගින් මෙලෙස තවත් විස්තර වේ.

රටට ලැබීමට තිබූ රු බිලියන 5.475 ක් රාජපක්ෂවරුන්ගෙන් පළි ගැනීම සඳහා ආණ්ඩුව රටට අහිමි කළේ ඒ අයුරින් ය.

 

2015 මැයි මස විවෘත කිරීමට තිබූ නෙළුම් කුළුණ මාස 38 ක් ප්‍රමාද කිරීම නිසා රු බිලියන 5.475 ක් රටට අහිමි වූ ආකාරය විගණකාධිපතිවරයා සිය වාර්තාවේ පි‍ටුව 115 හි මෙසේ ගණනය කර පෙන්වා දී ඇත.




[5]. එසේම ඉදිරි වර්ෂ 20 සඳහා නෙළුම් කුළුණේ ආදායම සහ ඒ හරහා ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමාන අගය (Net Present Value) ද විගණකාධිපතිවරයා විසින් ගණය කර ඇත. පි‍ටුව 114.

මෙහි විගණනයට අනුව සහ මූල්‍ය ශකයතා අධ්‍යයන වාර්තාවට අනුව සමුච්චිත ශුද්ධ වර්තමාන අගයන්හි වෙනසක් ඇති වී තිබීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, ව්‍යාපෘතිය සැලසුම් කිරීමේදී ඉදිරි ආණ්ඩු වෙනසක් නිසා රටේ ආර්ථිකය කාබාසිනියා වීම ගැන කිසිදු පුරෝකථනයක් කරගෙන නොතිබීම නිසයි.


[6]. ඔන්න මිතුරනි, දැන් තමයි හොඳම හරිය.

නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ සම්පූර්ණ පිරිවැය ඇ.ඩො. මිලියන 104.3 යි. [මූලාශ්‍රය]. රුපියල් වලින් නම් රු මිලියන 18774.

ඉහත වගුවේ "වර්ෂය" 15 හි "සමුච්චිත ශුද්ධ වර්තමාන අගය" බලන්න. රු මිලියන 19726 කි.

මොකක්ද ඒකෙ තේරුම? අවුරුදු 15 ක් ගිය තැන නෙළුම් කුළුණ එහි සම්පූර්ණ පිරිවැය ඉක්මවා ලාභ ලැබීමට පටන් ගනී.

උක්ත වගුවේ වර්ෂය 15 ට පසුට පසුව එන වර්ෂ වල ආදායම බලන්න. අවුරුදු 15 කට පසුව නෙළුම් කුළුණ යනු වසරකට රු මිලියන 2538 ක් මහා භාණ්ඩාගාරයට ලබා දෙන ධන උල්පතකි. 

රටට මෙවන් ධන නිධානයක් දායාද කළ මහින්ද රාජපක්ෂ මැතිතුමාට තවමත් සමහරු හොරා හොරා කියමින් මඩ ගසයි. ඉතින් රටකට හරියයිද...



[7]. මේ ආණ්ඩුව අවසන් වීමට පෙර වරාය නගරය, මත්තල ගුවන්තො‍ටුපොළ, හම්බන්තොට වරාය, අධිවේගී මාර්ග ගැනද විශේෂ විගණනයන් සිදුකර යහපාලන කෙප්ප වලට ‍රැව‍ටුණ හුදී ජනතාවගේ සැක දුරු කරන මෙන් විගණකාධිපති තුමන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Monday, September 16, 2019

නෙළුම් කුළුණ හදපු ALIT සමාගම ව්‍යාජ එකක් කියමින් මෛත්‍රීපාල කී ගජබින්නය අතේ පත්තු වෙයි.



[1]. නෙළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසූ කරුණක් වූයේ එය හැදීමට මුල් වූ ALIT (Aerospace Long-March International Ltd) නැමැති සමාගම ගැන චීනයට පිරිසක් යවා සෙවූ බවත් එවැන්නක් නැති බවත්, ඒ නිසා එයට ගෙවන ලද රු බ්ලියන 2 ක මුදල අතුරුදහන් වී ඇති බවත් ය.


[2]. ජනපති සිරිසේනගේ ප්‍රකාශය ගැන සොයා බැලීමේදී අපට වාර්තා වූයේ වෙනම කතාවකි.

(i). 2015 දී යහපාලන ආණ්ඩුව බලයට පත් වූ වහාම, රාජපක්ෂවරුන්ට එරෙහිව එවකට ගහන ලද මඩ එකක් හෝ ඔප්පු කිරීමට ආණ්ඩුවට අවශ්‍ය විය. බරපතලම චෝදනාවක් වූ කොමිස් චෝදනාවට රාජපක්ෂවරුන්ව හසු කර ගැනීම සඳහා විශාල වශයෙන් පසුගිය ආණ්ඩුවේ ගනුදෙනු සොයා බලා ඇත. යහපාලනය බලයට ආ පසුව නෙළුම් කුළුණ, වරාය නගරය, අධිවේගී මාර්ග ඉදි කිරීම ඇතුළු බොහෝ සංවර්ධන කටයුතු නතර කළේ ඉන් එකකින් හෝ කොමිස් ගසා ඇත්දැයි සෙවීම සඳහා අදාල ඉදි කිරීමේ කටයුතු වලට අදාල මූල්‍ය පරිපාලන කාර්යාල සීල් තැබීම නිසයි.

(ii). නෙළුම් කුළුණ ඉදිකිරීම ගැන සොයද්දී එය හැදීමට මුල් වූ ALIT (Aerospace Long-March International Ltd) නැමැති සමාගම ගැනත් යහපාලනයෙන් සොයා තිබේ. එම සමාගමට ගොස්ම මේ ගැන සෙවීම උදෙසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැවසූ පරිදිම ශ්‍රී ලංකාවෙන් නියෝජිත පිරිසක් චීනයට ගොස් ඇත.

(iii). ශ්‍රී ලංකාවේ මෙන් චීනයේ ඇති රාජ්‍ය හෝ පෞද්ගලික සමාගම් වල නාම පුවරු හන්දි ගානේ හෝ ගොඩනැගිලි වැසෙන පරිදි සවි නොකරයි. නගර අලංකරණය පිණිස දැඩි විනයක් සහිතව පාලනය වෙන එරට, විශාල ගොඩනැගිලි වල පුවරු සවි කරන්නේ අභ්‍යන්තරයේ පමණි. එවැනි පුවරුවක් තිබුණද ඒවා තියෙන්නේ චීන භාෂාවෙන් මිස ඉංග්‍රීසියෙන් නොවේ.


(iv). අදාල ගිවිසුමේ සඳහන් චීනයේ බීජිංහි ඇති ලිපිනයට ගොස් ඇති මේ පිරිස එකී ප්‍රදේශයේ පාරවල් ගානේ කැරකී සිටියාට Aerospace Long-March International Ltd නම සහිත පුවරුවක් දැක නොමැති අතර ඔවුන් ඒ ගැන ශ්‍රී ලංකාවට වාර්තා කර තිබේ. රාජපක්ෂවරුන්ට එරෙහි එකම හෝ තොරතුරක් ලැබීමෙන් කුල්මත්වූ ජනපතිගේ නිලධාරීන් ඒවා පසු කාලයේදී ප්‍රයෝජනයට ගැනීමට සටහන් කරගෙන ඇත.

(v). ඒ අතර ජනාධිපතිවරයාගේ මෙකී නියෝජිත පිරිස ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් චීනයේ මාස 6 කට වැඩි කාලයක් ගත කර ඇත්තේ අදාල සමාගම සොයන බව කියමිනි. අදාල සමාගම තිබෙන ප්‍රදේශයේ දිනක සාමාන්‍ය හොටල් ගාස්තු ඩොලර් 250 ක් පමණ වන අතර ඒ අනුව මාස 6 ක් තිස්සේ සිටිමින් රු ලක්ෂ 65 ක් පමණ මහජන මුදල් කාබාසිනියා කර ඇත. යම් හෙයකින් අදාල සමාගම තියෙන බව කීවානම් ඔවුන්ට එතරම් කල් ජොලි කිරීමට නොලැබේ.


[3]. තොරතුරු තාක්ෂණ යුගයක ජීවත් වෙන අපට ලෝකයේ ඕනෑම තැනක ඇති ආයතනයක් ගැන සෙවීමට අදාල තැනට ගිහිල්ලාම බලන්නට අවශ්‍ය නොවේ. (මහජන මුදල් කාබාසිනියා කරන යහපාලකයින්ටනම් මෙය අදාල නැත.) ඒ සඳහා කළ යුත්තේ ගූගල් මැප් එකේ සෙවුමක් කර බැලීමයි.

(i). පහත ගූගල් මැප් එකේ දැක්වෙන්නේ අදාල Aerospace Long-March International Ltd තිබෙන තැනයි.

https://www.google.lk/maps/place/Long+March+International/@39.8205976,116.2892635,19z/data=!4m5!3m4!1s0x0:0x8a5bb0c00c733fa2!8m2!3d39.8205615!4d116.2894884


(ii). http://alitcn.com යනු එම සමාගමේ ඉංග්‍රීසි මාධ්‍ය වෙබ් අඩවිය වන අතර http://alitchina.com යනු එහි චීන භාෂාවෙන් ඇති වෙබ් අඩවියයි.


ඒ අනුව China Aerospace Long-March International Co., Ltdයනු චීන රජයට අයත් රාජ්‍ය සමාගමකි. එමගින්  චීන රජයට අයත් යුධ උපකරණ වන  missile weapon systems, rocket systems, bombs, UAV, anti-terrorism / anti-riot equipment, border coastal surveillance and control / command systems, aerospace application equipment අපනයනය කරයි. නෙළුම් කුළුණ යනු චන්ද්‍රිකා සමග සන්නිවේදනයට සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට අදාල සන්නිවේදන කටයුතු සඳහා යොදා ගන්නා සන්නිවේදන කුළුණක් බැවින් ඒ සඳහා අදාල සමාගමෙන් තාක්ෂණය සහ තාක්ෂණික උපකරණ ලබාගෙන ඇත.



(iii). ALIT සමාගමේ වෙබ් අඩවියේ දැක්වෙන ලෝගෝව හොඳින් බලන්න. පහත දැක්වෙන්නේ නෙළුම් කුළුණ ගැන ALIT සමාගම සහ ශ්‍රී ලංකා රජය ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවයි. එහිද එකී සමාගමේ ලෝගෝව පැහැදිළිව පසුබිමින් පෙනේ.


 (iv). ALIT සමාගම ලෝකයේ වෙනත් රටවලටත් තාක්ෂණය ලබා දී ඇති අතර පහත දැක්වෙන්නේ කසකස්ථානය සමග ගිවිසුම් ගත වූ අවස්ථාවකි. (ලෝගෝව බලන්න). [මූලාශ්‍රය] ජනපති සිරිසේනට අනුවනම් කසකස්ථානයත් ව්‍යාජ සමාගමක් සමග ගිවිසුම් ගසා තිබේ.


(v). ALIT (Aerospace Long-March International Ltd) නමින් සමාගමක් ලෝකයේ කොහෙවත් නැති බවට මෛත්‍රීපාල සිරිසේන පැවසූ කාරණය පට්ට පල් බොරුවක් බව අප ඉහත දැක්වූ මූලාශ්‍ර අනුව ඔබට දැන් වැටෙහෙනවා ඇත.


[4]. චීනය යනු සිය රජයේ ගෞරවය වෙනුවෙන් වෙනත් රටක් සමග යුද වැදීමට වුවද සූදානම් ලෝක බලවතෙකි. අනෙක් අතට මෛත්‍රීපාල මෙලෙස ව්‍යාජ සමාගමක් බව කියමින් මඩ ගැසුවේ චීනයේ මිසයිල වැනි බිහිසුණු අවි ආයුධ අපනයනය කරන සමාගමට යි. කතා කිරීමේ නිදහස (Freedom of Speech) යොදා ගනිමින් රාජපක්ෂවරුන් සමග කරන ලද සෙල්ලම් චීනය සමග කිරීමට යාම මෛත්‍රීපාල බරපතල ජාත්‍යන්තර අමාරුවක වැටීමකි. චීනයේ ඉදිරි ක්‍රියාමාර්ග මෛත්‍රීපාලට රාජත්‍රාන්ත්‍රික සහ නෛතික වශයෙන් අතිශය දරුණු ප්‍රතිඵල අත් කර දෙනු ඇත.


[5]. 2012 දි නෙළුම් කුළුණ ඉදිකිරිමේදි, බිලියන 2ක් අතුරැදහන්නම් ඒ ගැන ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔහුට අවුරුදු 5 ක්ම තිබුණි.

(i). "අවුරැදු 5ක් තිස්සේ ඒ ගැන රටට කිව්වේ නැත්තේ ඇයි? ඒ ගැන කිසිදු පරීක්ෂණයක් නොකළේ ඇයි? ඒ ගැන වගකිව යුත්තන්ට දඬුවම් නොකළේ ඇයි?" යනුවෙන් ජනාධිපති සිරිසේනට ඡන්දය දුන් අය විමසිය යුතුය.

(ii). මෙවැනි අති දැවැන්ත නිර්මාණයක් ඉදි වූ අවස්ථාවේදී මුළු ලෝකයේම අවධානය ලැබෙද්දී සිය ඉරිසියාවත් කුහක කමත් දූෂිත නිලධාරීන් ලවා අන්දාගැනීමත් නිසා මෙවන් කතාවක් කීම වගකිව යුතු ජනාධිපතිවරයෙක්ගේ වැඩක් නොවේ.



(iii). ඔහුගේ අවර ගණයේ මඩ ගැසීම නිසා ශ්‍රී ලංකාවට ඉදිරියේදී ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන සමාගම් පමණක් නොව ශ්‍රී ලංකාවට යම් තාක්ෂණ උපකරණ විකිණීමට කැමති සමාගම් වුවද පසුබානු ඇත. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ගෙල සිඳ ගැනීමකි.

(iv). නෙළුම් කුළුණ රටට දායාද කිරීමට මුල් වූ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ස්තුතිය පළ කිරීමට අවශ්‍ය නොවේ. නමුත් මෛත්‍රීපාල අඩුම තරමින් තමන්ට කරන්නට බැරි වුණ දේ කළ මිනිසාට වෛර නොකර සිටියානම්, එමගින් රටට විශාල යහපතක් වෙනු ඇත.


[6]. (i). අනෙක් අතට නෙළුම් කුළුණ සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවේ ALIT සමාගම සම්බන්ධව කිසිදු වංචාවක් සඳහන් නොවේ. එහි සඳහන්ව ඇත්තේ ආණ්ඩුව විසින් නෙළුම් කුළුණ ඉදි කිරීම සිතා මතාම ප්‍රමාද කිරීම නිසා රජය අහිමි කර ගත් දැවැන්ත ආදායමයි. [මූලාශ්‍රය]



(ii). රජයේ විගණකාධිපතිවරයාගේම ප්‍රකාශය අනුව වසර 3 ක් තුළ නෙළුම් කුලුණට රු මිලියන 5475 ක් ඉපයීමට හැකිනම් එහි පිරිවැය වන රු බිලියන 18 වසර 10 ක් තුළ උපයා අවසන් කෙරෙනු ඇත. ඒ අනුව මෙය ලංකා ඉතිහාසයේ අති සාර්ථකම රාජ්‍ය ව්‍යාපෘතියයි. වසර 10 ක් ගිය තැන නෙළුම් කුළුණ වාර්ෂිකව රු මිලියන 1825 බැගින් භාණ්ඩාගාරයට උපයා දෙනු ඇත. නමුත් අවාසනාවට කරුණ වන්නේ රටේ යම් පිරිසක් විගණකාධිපතිවරයාගේ වාර්තාව වෙනුවට කට පුරා බොරු කියන අයව පිළිගනිමින් නෙළුම් කුළුණේ නිර්මාතෘවරයාට දෝශාරෝපණය කරමින් සිටීමයි. ඉතින් රටක් දියුණු වේවි ද?

Update1: නෙළුම් කුළුණ නිසා ශ්‍රී ලංකාව අධික ලාභයක් ලබන බව විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් හෙළි වෙයි. ඒ ගැන පහත ලිපියෙන්.
https://www.mahinda.info/2019/09/blog-post_17.html

Update 2: නෙළුම් කුළුණට ගෙවූ කෝටි 200 චීන EXIM බැංකු වවුචර මෙන්න..
https://www.mahinda.info/2019/09/blog-post_49.html

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.