Mahinda Rajapaksa: නෙළුම් කුළුණ ගැන විගණකාධිපතිගෙන් විශේෂ වාර්තාවක්. මහා ධන උල්පතක් බවට විගණන සහතිකයක්.

Tuesday, September 17, 2019

නෙළුම් කුළුණ ගැන විගණකාධිපතිගෙන් විශේෂ වාර්තාවක්. මහා ධන උල්පතක් බවට විගණන සහතිකයක්.


[1]. නෙළුම් කුළුණ ඉදි කිරීමේදී කිසියම් අයථා ගනුදෙනුවක් සිදුවූයේදැයි සොයා බැලීම සඳහා රජයේ විගණන ආයතනය වන විගණකාධිපති දෙපර්තමේන්තුව මගින් විශේෂ විගණනයක් (ඔඩිට් එකක්) කර තිබේ. නමුත් සිදුවී ඇත්තේ කිසි සේත්ම ආණ්ඩුව බලාපොරොත්තු නොවූ දෙයකි.

http://www.auditorgeneral.gov.lk/web/images/special_report/10th_installment/Final%20Report%20Colombo%20Lotus%20Tower.pdf

ඉහත දැක්වෙන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළ වී ඇති එහි සිංහල PDF පිටපතයි. (60 MB වේ). මෙම ලිපිය ලියවෙන්නේ එය අනුසාරයෙනි.


[2]. නෙළුම් කුළුණ විවෘත කිරීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසූයේ එය ඉදි කිරීමට මුල් වූ ALIT සමාගම ව්‍යාජ එකක් බවත් ඒ අනුව රු බිලියන 2 ක් අතුරුදන්ව ඇති බවයි. මීට මාස කිහිපයකට පෙර නිකුත් කරන ලද එකී විගණන වාර්තාවේ කොතකවත් "ALIT" සමාගමට එරෙහිව කිසිදු මූල්‍ය වංචාවක් ගැන සඳහන් නොවේ. එසේම බිලියන 2 ක අතුරුදන් වීමක් ගැනද කොතනකවත් සඳහන් වී නැත.

අනෙක් අතට ALIT සමාගම ව්‍යාජ එකක් නොව ගූගල් මැප් එකේ පවා දිස් වෙන, වෙබ් අඩවි යාවත්කාලීන වෙන, විදෙස් රටවල් පවා ගිවිසුම් ගසා ඇති චීනයේ ප්‍රමුඛතම යුද සහ සන්නිවේදන උපකරණ අපනයන කිරීමේ සමාගම බව අපි මීට පෙර ලිපියෙන් මූලාශ්‍ර සහිතව පෙන්වා දුන්නෙමු. https://www.mahinda.info/2019/09/alit.html

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා රාජපක්ෂවරුන්ට මඩ ගැසීමේ පවි‍ටු චේතනාවෙන් කාගේ හෝ ලණුවක් කා, ලෝක යුධ සහ  ආර්ථික බලවතාගේ දැවැන්ත අපනයන සමාගමට මඩ ගසා විශාල අමාරුවක වැටී ඇත.


[3]. ඉහත සඳහන් කළ විගණන වාර්තාවේ නෙළුම් කුළුණ සම්බන්ධයෙන් දැක්වෙන නිගමනය  සියල්ල පහත දැක්වේ.


එහි පළමු කරුණ මගින් විධිමත් සක්‍යතා අධ්‍යයන වාර්තාවක් නොමැති බව කියා ඇත. සක්‍යතා අධ්‍යයන වාර්තාවක් නොමැතිව නිකම්ම කට වචනෙන් කී පළියට ලෝකයේ ආර්ථික බලවතා ණයක් ලබා නොදෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එනම් ඇත්ත කතාවනම් මෙහි සක්‍යතා අධ්‍යයන වාර්තාව වත්මන් ආණ්ඩුව විසින් විගණකාධිපතිවරයාට ලබා දී නොතිබීමයි. එය ලබා දුන්නානම් නෙලුම් කුළුණ මගින් රටට වෙන සේවය වඩාත් විස්තරාත්මකව හෙළි වී රාජපක්ෂවරුන්ට ලකුණු වැටීම ගැන ආණ්ඩුව බිය වී ඇත.


[4]. විගණකාධිපතිවරයාගේ අනෙක් නිගමන වලින් දැක්වෙන්නේ වත්මන් ආණ්ඩුව විසින්ම කරන ලද අක්‍රමිකතාවයන් ය. එහි 9.2 හි දැක්වෙන කොටස 7.1.8 මගින් මෙලෙස තවත් විස්තර වේ.

රටට ලැබීමට තිබූ රු බිලියන 5.475 ක් රාජපක්ෂවරුන්ගෙන් පළි ගැනීම සඳහා ආණ්ඩුව රටට අහිමි කළේ ඒ අයුරින් ය.

 

2015 මැයි මස විවෘත කිරීමට තිබූ නෙළුම් කුළුණ මාස 38 ක් ප්‍රමාද කිරීම නිසා රු බිලියන 5.475 ක් රටට අහිමි වූ ආකාරය විගණකාධිපතිවරයා සිය වාර්තාවේ පි‍ටුව 115 හි මෙසේ ගණනය කර පෙන්වා දී ඇත.




[5]. එසේම ඉදිරි වර්ෂ 20 සඳහා නෙළුම් කුළුණේ ආදායම සහ ඒ හරහා ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමාන අගය (Net Present Value) ද විගණකාධිපතිවරයා විසින් ගණය කර ඇත. පි‍ටුව 114.

මෙහි විගණනයට අනුව සහ මූල්‍ය ශකයතා අධ්‍යයන වාර්තාවට අනුව සමුච්චිත ශුද්ධ වර්තමාන අගයන්හි වෙනසක් ඇති වී තිබීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, ව්‍යාපෘතිය සැලසුම් කිරීමේදී ඉදිරි ආණ්ඩු වෙනසක් නිසා රටේ ආර්ථිකය කාබාසිනියා වීම ගැන කිසිදු පුරෝකථනයක් කරගෙන නොතිබීම නිසයි.


[6]. ඔන්න මිතුරනි, දැන් තමයි හොඳම හරිය.

නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ සම්පූර්ණ පිරිවැය ඇ.ඩො. මිලියන 104.3 යි. [මූලාශ්‍රය]. රුපියල් වලින් නම් රු මිලියන 18774.

ඉහත වගුවේ "වර්ෂය" 15 හි "සමුච්චිත ශුද්ධ වර්තමාන අගය" බලන්න. රු මිලියන 19726 කි.

මොකක්ද ඒකෙ තේරුම? අවුරුදු 15 ක් ගිය තැන නෙළුම් කුළුණ එහි සම්පූර්ණ පිරිවැය ඉක්මවා ලාභ ලැබීමට පටන් ගනී.

උක්ත වගුවේ වර්ෂය 15 ට පසුට පසුව එන වර්ෂ වල ආදායම බලන්න. අවුරුදු 15 කට පසුව නෙළුම් කුළුණ යනු වසරකට රු මිලියන 2538 ක් මහා භාණ්ඩාගාරයට ලබා දෙන ධන උල්පතකි. 

රටට මෙවන් ධන නිධානයක් දායාද කළ මහින්ද රාජපක්ෂ මැතිතුමාට තවමත් සමහරු හොරා හොරා කියමින් මඩ ගසයි. ඉතින් රටකට හරියයිද...



[7]. මේ ආණ්ඩුව අවසන් වීමට පෙර වරාය නගරය, මත්තල ගුවන්තො‍ටුපොළ, හම්බන්තොට වරාය, අධිවේගී මාර්ග ගැනද විශේෂ විගණනයන් සිදුකර යහපාලන කෙප්ප වලට ‍රැව‍ටුණ හුදී ජනතාවගේ සැක දුරු කරන මෙන් විගණකාධිපති තුමන්ගෙන් අපි ඉල්ලා සිටිමු.