Mahinda Rajapaksa: October 2019

Thursday, October 31, 2019

සජිත් ප්‍රේමදාස ඝාතන කුමන්ත්‍රණ චෝදනාවේ ඇත්ත සිදුවීම මෙන්න.



සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයෙක් වන එජාප නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරාගේ චෝදනාව පහත දැක්වෙනවා.

"මිත්‍රවරුණි, අද ඉතාම බරපතල තත්ත්වයක් ඇතිවුණා. ඒ තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා අද දින කුරුණෑගල ප්‍රේදේශයේ රැස්වීමට සහභාගී වීම සඳහා ගිය අවස්ථාවේදී හෙලිකොප්ටර් යානා බැස්ස්සවීමට මොහොතකට කළින් වෙලගෙදර ක්‍රීඩාංගණයේත් ඉන් පසුව උඩවල්පොල ක්‍රීඩාංගණයේත් යන මේ ක්‍රීඩාංගන දෙකේම විදුලිය පොදු පෙරමුණ හා සම්බන්ධ ඒ බලය තිබෙන නගර සභා වල නිලධාරීන් විසින් විසන්ධි කළා. ඒ හේතුව නිසා අවසාන මොහොතේ සජිත් ප්‍රේමදාස මහතා සහිත එම හෙලිකොප්ටර් යානා හරවාගෙන යෑමට සිදුවුණා. ඒ වගේම ජීවිතයට අනතුරුදායක තත්වයකින් අන්තිම මොහොතේදී බේරුණා කියලා කියන්න පුළුවන්."



නමුත් ආචාර්ය මර්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැති තොටළඟ ‍රැස්වීමේදී සජිත් ප්‍රේමදාස මහතා කතා කරද්දී එවැන්නක් පැවසූවේ නෑ. අජිත් පී පෙරේරා පැවසූ ආකාරයේ ජීවිත අවදානමක් වුණානම් එය තොටළඟ ‍රැස්වීමේදී සජිත් ප්‍රේමදාස මහතාට කීමට උණු කැවුමක් වෙනවා.



අනික් අතට ආචාර්ය මර්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැති තොටළඟ ‍රැස්වීමේ තරම් සෙනගක් අති දැවැන්ත කුරුණෑගල පුරවයේ ‍රැළියට නැති බව පැහැදිළියි. කුරුණෑගල යනු රණවිරුවන් වැඩිපුරම සිටින ප්‍රදේශය. කුරුණෑගල සෑම අයෙකුටම පාහේ තමන්ට ළඟින්ම ඥාති වෙන රණවිරුවන් සිටිනවා.


කට පුරා බොරු කියන්නෙක් ලෙස කුප්‍රකට අජිත් පී පෙරේරාගේ චෝදනාව බොරුවක් බවට බොහෝ අයට අමුතුවෙන් කීමට අනවශ්‍ය වුණත්, එය බරපතල චෝදනාවක් බැවින් ඒ සඳහා හේතු අපි පහතින් දක්වනවා.


[1]. විදුලිය විසන්ධි කිරීමට බලය තියෙන්නේ විදුලි බල මණ්ඩලයටයි. විදුලිය විසන්ධි කිරීමට නගර සභාවට කිසිදු බලයක් නැහැ. [විකීපීඩියා මූලාශ්‍රය]. ඒ අනුව පොහොට්‍ටුවේ නගර සභාව විසින්, විදුලි බල මණ්ඩලයේ කටයුතු කළා කීම අමූලික බොරුවක්.




[2].හැම හෙළිකොප්ටරයක්ම රාත්‍රී කාලයේ ගුවන් ගත කිරීමට පෙර "Landing lights" සවි කර ගන්නවා. මන්ද යත් ගමනාන්තයට පෙර මගදී හදිසි ගොඩබෑමක් කරන්නට සිදුවුවහොත් කළුවරේම ගොඩබාන්න සිදුවෙන නිසා. ඒ අනුව ගොඩ බාන තැන ආළෝකය නොතිබීම කිසිම බාධාවක් වෙන්නේ නෑ. ඒ අනුව කරුවල නිසා ගොඩ බෑමට නොහැකි වුණා කීමත් බොරුවක්.








[3]. ඔබ දැක ඇති හෙළිකොප්ටර් පයිලට් වරුන්ට ඇති සිත්ගන්නා සුළු හෙල්මට් එක. එහි නයිට් විෂන් කැමරා තිබෙනවා. ඒ අනුව හදිසියේ හෙළිකොප්ටරයේ ඇති Landing Lights අක්‍රීය වුණත් ඕනෑම කරුවලක හෙළිකොප්ටරයක් ගොඩ බාන්න පයිලට් කෙනෙකුට පුළුවන්. කරුවල නිසා ගොඩ බෑමට නොහැකි වුණා කීමට තවත් හේතුවක් තමයි මේ.




[4]. අපි හිතමු අජිත් පී පෙරේරා කියන විදිහට පයිලට් ප්‍රොටොකෝල් උල්ලංඝනය කරමින් ලෑන්ඩින් ලයිට්ස් හෝ අඩුම තරමින් හෙල්මට් එකවත් නැතිව පයිලට් කෙනෙක් සජිත් ප්‍රේමදාස මහතාව ‍රැගෙන කුරුණෑගලට ආවා කියලා. එසේනම් සජිත් ප්‍රේමදාස මහතාව ‍රැගෙන යාමට පැමිණි වාහන ටික පිට්ටනිය මැදට හරවලා හෙඩ් ලයිට් දැම්මානම් ඒ ආළෝකම ඇති අර විදිහට වුණත් ගොඩ බාන්න. ඒ අනුවත් අජිත් පී පෙරේරාගේ චෝදනාව බොරු බව පැහැදිළියි. එතුමන් ‍රැගෙන යාමට වාහන ආවේ නැති බවත්, සරළ බව නිසාම හෙළිකොප්ටරයෙන් බැස ත්‍රීවීල් එකකින් ‍රැළියට යාමට හැදූ බව එජාප පාක්ෂිකයෙක් කීවත් පුදුම වෙන්න දෙයක් නෑ.


[5]. මහා වනාන්තර වල අතරමං වූවන් සෙවීමේ මුදාගැනීමේ මෙහෙයුම් (Rescue Operations) වලට යවන්නේ හෙළිකොප්ටර්. මහා වනාන්තර ඇතුළේ ඇති කුඩා ඉඩක ගොඩ බෑමට දක්ෂ හෙළිකොප්ටර් පයිලට් කෙනෙකුට හැකියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ වර්ග මීටර් 30 X 30 ප්‍රමාණයක් පමණයි.

පහත වීඩියෝවේ දැක්වෙන්නේ මුලතිව් මහ වනයේ සිරවී හිටි විශේෂ බලකා රණවිරුවන්ව, ගුවන් හමුදාව විසින් හෙළිකොප්ටර් යොදාගෙන කළ මුදා ගැනීමේ මෙහෙයුමක් මගින් බේරා ගන්නා ආකාරයයි. Landing lights යොදාගෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙළිකොප්ටරය රාත්‍රි කාලයේ ගොඩ බාන හැටි ඔබට මෙයින් පෙනේවි.




[6].සජිත් ප්‍රේමදාස මහතා සිය ගෙවී ගිය සෙරෙප්පුව මාකට් කරමින් රටට කියා සිටියේ තමන් අරපිරිමැස්මෙන් ජීවත් වෙන දුප්පත් පුද්ගලයෙක් බවයි. නමුත් අජිත් පී පෙරේරාගේ ප්‍රකාශයත් සමග, සජිත් ප්‍රේමදාස ජන ‍රැළි සඳහා හෙළිකොප්ටර් යොදා ගන්නා බව පැහැදිළි වුණා. සෙරෙප්පු කුට්ටමක් ගන්න බැරි සජිත්ට හෙළිකොප්ටරයේ යන්න සල්ලි කොයින්ද?



2015 ජනාධිපතිවරණ කාලයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාට එල්ලකරපු ප්‍රධානතම චෝදනාවක් වූයේ හෙළිකොප්ටර් භාවිතා කිරීම. නමුත් ඔහු එවකට රටේ ජනාධිපතිවරයා. ලොව දරුණුම ත්‍රස්ත සංවිධානය යුදමය ලෙස පරාජය කළ රාජ්‍ය නායකයා ලෙස ඔහුට විශාල ජීවිත අනතුරක් තවමත් තිබෙනවා. අද සජිත් ප්‍රේමදාස මහතා හෙළිකොප්ටර් භාවිතා කරන්නේ රටේ නිවාස ඇමතිවරයා වශයෙනුයි.


පසුගිය කාලයේදී එජාපය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල කරපු සෑම මඩක්ම ආපසු කැරකුණ ආකාරයට, මෙම හෙළිකොප්ටර් මඩද ආපසු කැරකුණේ මෙලෙසයි.

Tuesday, October 29, 2019

රාජිතගේ රණවිරු සෙල්ලමේ අලගිය මුලගිය තැන් ගැන හෙළිදරව්ව.

[1]. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ජනප්‍රියතාවය බිඳ දැමීම සඳහා රාජිත සේනාරත්න විසින් රණවිරුවන් දෙදෙනෙක්ට වරදාන වරප්‍රසාද දී කරන ලද කුමන්ත්‍රණය ඩෑන් ප්‍රියසාද් මහතා විසින් සාක්ෂි සහිතවම රටට අනාවරණය කළේය.




[2]. සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මීට මාසෙකට පමණ පෙර සිටියේ පහත දැක්වෙන මතයේ වෙන අතර, ඔහු හිටි හැටියේම අංශක 180 කින් තම මතය වෙනස් කර ගැනීමට හේතුවත් දැන් සිතා බැලීමට සිදුවී තිබේ. මන්ද යත් පහත වීඩියෝ වලින් සජිත් ප්‍රේමදාස මහතා ගැන කරන චෝදනා වලට විසඳුම් ලැබී නැති නිසාවෙනි.







[3]. රාජිත සේනාරත්න විසින් එලෙස රණවිරුවන්ව මුදල් දී නම්මාගෙන ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව යොදාගනිමින් අපහාස කිරීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ, ඔහු තුන් වතාවක්ම පොහොට්‍ටුවට එක් වීමට ආයාචනා කරද්දී මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් ප්‍රතික්ෂේප කර තිබීම නිසයි.




[4]. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කරන ලද රණවිරු සම්මේලනය විශ්‍රාමික රණවිරුවන් අති විශාල සංඛ්‍යාවක් සම්බන්ධ වෙමින් අතිශය සාර්ථක වීමත්, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ව රණවිරුවෙකු ලෙස ජනතාව අතර ආදරයට පත සිටීමත් නිසා, රාජිත සේනාරත්න විසින් ඊට එරෙහිව පළි ගැනීමට කටයුතු කර ඇත.




[5]. පසුගිය කාලය පුරාවමට එජාපය විසින් විශේෂ බලකායේ කෝප්‍රල් සුනිල් රත්නායකට මරණ දඬුවම දෙමින්, රණවිරුවන්ව අසාධාරණ ලෙස සිරගත කරමින්, ඔවුන්ගේ ඉල්ලීම් ඉවත ලමින්, පමණක් නොව උපවාස කළ ආබාධිත රණවිරුවෙකුගේ ඇසක් අන්ධ වෙන්නම පහර දෙමින් රණවිරුවන්ට එරෙහිව දැඩි මර්දනයක් සිදුකළේය. සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවේදී පවා පැවසූයේ රණවිරු ගායට බෙහෙත් දෙන බවකි. එනිසා ජනතාව අතින් එජාපය පිළිකුලට භාජනය වී තිබේ. එයද රාජිත සේනාරත්න විසින් රණවිරුවෙන්ව යොදා ගනිමින් ගෝඨාභය මහතාට පහර දීමට තවත් හේතුවක් වී ඇත.







[6]. රාජිත සේනාරත්න විසින් 2015 ජනාධිපතිවරණයට අදාලවද හෙළ උරුමය සම්බන්ධ කරගනිමින් මෙවැනි කුමන්ත්‍රණයක් කර අනාවරණය විය.




[7]. රණවිරුවන්ට මුදල් දී තම පරාජිත දේශපාලනයට යොදා ගන්නා රාජිතගේ කටින් පසුගියදා රණවිරුවන් ගැන ඔහුගේ සැබෑ මතය එලියට පැන්නේය. ඔහු පැවසූවේ "මොන රණවිරුවද කියල ප්‍රශ්නයක් නෑ ඔක්කොම එල්ලුම්ගස් යවනවා" යනුවෙනි.


ගෝඨාභය මහතාගේ පරිසර සංරක්ෂණ ප්‍රතිඥාවන් මෛත්‍රීපාල මහතා නොදැක සීටිම...

"මමනම් කිසිම අපේක්ෂකයෙකුගෙන් තවම ඇහුවේ නෑ පරිසර සංරක්ෂණයට දී තිබෙන ප්‍රතිඥා මොනවද කියලා. ජනාධිපති අපේක්ෂකයිනුත් මූලික වශයෙන්ම ජනතාවට දෙන ප්‍රතිඥාවන් මැතිවරණ ප්‍රකාශන තුළ මූලික ලෙස අංක එකේ කාර්යක් තමයි ප්‍රමුඛතාවයක් තමයි පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් තමන්ගේ ප්‍රතිපත්තිය පැහැදිළි කිරීම."
- විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා.



එතුමන්ගේ ප්‍රකාශයේ කරුණු 2 ක් ම වැරදි බැවින් (factually incorrect), එමගින් ජනතාවට වැරදි තොරතුරක් යන නිසා ඊට අදාල නිවැරදි කිරීම දැක්විය යුතුයැයි සිතමි.

1. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය අනුව ඕනෑම ප්‍රතිපත්ති ප්‍රකාශයක අංක එකේ කාර්යය වන්නේ "ජාතික ආරක්ෂාව සු‍රැකීම" යි. ඒ අනුව ගෝඨාභය මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේද ජාතික ආරක්ෂාව අංක එකට තිබේ.

2. "පරිසර සංරක්ෂණයට දී තිබෙන ප්‍රතිඥා" ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිළිව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇත. පහත දැක්වෙන්නේ ඒවා ය.






අනුර කුමාර මහතා හෝ අනෙකුත් කිසිදු අපේක්ෂකයෙක් කිසි සේත්ම ජනාධිපතිවරයා නොවන බැවින් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ගැන සැලකිල්ලක් දැක්වීමේ ඵලක් නැත. ඔවුන්ට කැමති ඕනෑම පොරොන්දුවක් දීමට හැකියාව තිබේ.

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දැඩි පසුබෑමක සිටියද, එජාපය මීට පෙර ජනාධිපති ධූර දරා ඇති බැවින් ඔවුන්ගේ ප්‍රතිපත්තිය සොයා බැලීම වැදගත් වෙයි. නමුත් අවාසනාවකට තැපැල් ඡන්දය දිනය වන තුරුම ඔවුන් තම ප්‍රතිපත්ති ප්‍රකාශනය නිකුත් කර ගැනීමට පවා නොහැකිව දැඩි අර්බුදයක සිටින බව පෙනේ.

විල්පත්තු වනාන්තරය අධිගෘහිත රිෂාඩ් බදියුදීන් මැතිඳාණන් සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවේ සිටිමීන් සජිත් ප්‍රේමදාස මහතාගේ පාරිසරික ප්‍රතිපත්තිය ගැන තවම සාකච්ඡා කරනවා විය හැකියි.


- Editor -
mahinda.info

Saturday, October 26, 2019

සජිත් කියපු විදිහටම සිරිසඟබෝ හිස දන් දීමෙන් පසු රජ වූයේ ගෝඨාභයයි.



[1]. ඉතිහාසය පුනරාවර්තනය වීම (History repeats itself) ගැන බටහිර ලෝකයේ විද්‍යාත්මකව පරීක්ෂණ සිදුකර ඇති අතර එය මේ වන විට ලෝකයේ අවධානයට ලක්ව ඇත. මේ ගැන Historic recurrence නැමැති විකීපීඩියා පි‍ටුවේ වැඩි විස්තර දැක්වෙයි. මේ අපි කියන්නට යන්නේ එවැනි සිදුවීමක් ගැනයි.


[2]. 2019/10/22 දින නාත්තන්ඩියේ පැවැති ජනහමුවක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසූයේ මෙලෙසයි
"මතක තියා ගන්න, සජිත් ප්‍රේමදාස ලෑස්තියි මේ රටේ යුද විරුවන් වෙනුවෙන් සිරිසඟබෝ වෙලා බෙල්ල දෙන්නට මේ සජිත් ප්‍රේමදාස ලෑස්තියි කියන එක මේ අවස්ථාවේ මං කියන්න කැමතියි."




[3]. සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ බොරුවක්ම නොවේ. ඔහු කරන්නේත් හිස දන් දීමකි. යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා වූයේනම් ජනාධිපතිවරණ පරාජයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතාට එජාප නායකත්වය අහිමි වෙයි. නමුත් සජිත්ගේ හිස දන් දීම නිසා රනිල් තවත් කාලාන්තරයකට එජාප නායකත්වය උසුලනු ඇත. සජිත් ප්‍රේමදාසට නියෝජ්‍ය නායකත්වය අහිමි වෙනු ඇත.




[4]. අනෙක් අතට සජිත් ප්‍රේමදාස මහතා තම (නියෝජ්‍ය නායකත්ව) බෙල්ල දෙන්නට යන්නේද ඔහු ලෑස්ති වී සිටින පරිදිම රණවිරුවෙකුටය. ඒ ගෝඨාභය මහතාටයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උරහිසේ ඇති "රණ වික්‍රම", "රණ සූර" ආදී පදක්කම් ලැබී තිබෙන්නේ යුද බිමේදී දක්වන ලද විශිෂ්ඨ සංග්‍රාමික දක්ෂතා වෙනුවෙන්, ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව වැනි ඓතිහාසික හමුදා විරුවන් අතිනි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ බලාපොරොත්තුව ඉ‍ටු වෙනු ඇත.




[5]. වඩාත්ම සිත්ගන්නා සුළු කාරණාව ඒ කවරක්වත් නොවේ. ලක්දිව ඉතිහාසය අනුවත් මෙවැනිම සිදුවීමක් වාර්තා වී තිබීමයි. ඒ සජිත් ප්‍රේමදාස මහතා පවසන සිරිසඟබෝ රජතුමා ගැනයි. එදා සිරිසඟබෝ රජතුමා සිය කැමැත්තෙන්ම බෙල්ල දුන්නේ අන් කවරෙකුටවත් නොව ගෝඨාභය රජතුමාට ය. [මූලාශ්‍රය]. අද සජිත් ප්‍රේමදාස මහතා රනිල්ව බේරා ගැනීම සඳහා සිය කැමැත්තෙන්ම "සිරිසඟබෝ වගේ" (නියෝජ්‍ය නායකත්ව) බෙල්ල දෙන්නට යන්නේ ගෝඨාභය මහතාට ය.




[6]. රජ වීමට පෙර ගෝඨාභය රජතුමා යනු එදා රටේ රාජ්‍ය අමාත්‍යවරයා විය. ඉහත විකීපීඩියා උදෘතයේ "Minister of State" යනුවෙන් දක්වා ඇත්තේ එයයි. රාජ්‍ය අමාත්‍ය යනු ලක්දිව රාජධානියේ බලවත්ම රාජ්‍ය තනතුර වූ අතර, එය සමාන වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමගේ කාලයේදී ගෝඨාභය මහතා දරූ "ආරක්ෂක ලේකම්" තනතුරට ය.


[7]. ලක්දිව ඉතිහාසයට අනුව ගෝඨාභය රජතුමා පුරා වසර 13 ක් රාජ්‍යත්වය දැරූ අතර, වත්මන් ගෝඨාභය මහතා ද වසර 10 කට වඩා රට පාලනය කළ යුතු බව අනුරාධපුරයේදී මහා සංඝයා වහන්සේ පැවසූවා අපට මතක ඇත.


[8]. සිරිසඟබෝ රජතුමා හිස දන් දී ඇත්තේ හත්ථිකුච්චි හෙවත් "ඇත් කුස්" නම් විහාරයකදී වන අතර, හාස්‍යජනක සිදුවීම වන්නේ සජිත් ප්‍රේමදාස මහතාද සිය නියෝජ්‍ය නායකත්ව හිස දන් දන්නේ ඇතෙකුගේ ලාංඡනයෙන් පෙනී සිටින එක්සත් ජාතික පක්ෂයෙනි.




[9]. ලක්දිව ඉතිහාසයේ ගෝඨාභය රජතුමා ගැන සඳහන් වන්නේ සම්බුද්ධ ශාසනයට සේවාවක් කළ රජෙකු ලෙසටයි. [මූලාශ්‍රය]


ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තුමාද මානුෂික මෙහෙයුමෙන් පසු හමුදා ඉංජිනේරු බලකාය යොදා ගනිමින් උතුරු නැගෙනහිර බෞද්ධ වෙහෙර විහාරස්ථාන අති විශාල ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කර ඇත. පසුගිය කාලය පුරාවටම දෙමළ සංධානය විරෝධය පළ කළේ ඒවා ඉවත් කරන්න කියමිනි. ඔවුන් කළ ඉල්ලීම් 13 තුළද ඒවා ඉවත් කිරීමට බල කර ඇත.



[10].ගෝඨාභය රජතුමාව ප්‍රසිද්ධ වීමට තවත් හේතුවක් වන්නේ බුදු දහමට වින කළ වෛතුල්‍යවාදී භික්ෂූන් 60 ක් පි‍ටුවහල් කිරීමෙනි. [මූලාශ්‍රය]


2012 කාලයේදී ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තුමා විසින් අන්තවාදී පූජකයන් 161 ක් පි‍ටුවහල් කර තිබුණි. [අල් ජසීරා මූලාශ්‍රය]. එම අන්තවාදීන්ගේ භයානකත්වය දන්නා මුස්ලිම් ජනතාව ඊට ප්‍රසාදය පළ කළද, සහරාන්ට අත දුන් සමහර මුස්ලිම් නායකයින් එදා ඊට විරෝධය පළ කර තිබුණි.



එදා ගෝඨාභය මහතා විසින් එකී අන්තවාදීන්ව පි‍ටුවහල් නොකරන්නට සහරාන් බිහි වන්නේ 2015 ට පෙරදීය. එජාප ආණ්ඩුව පැමිණීමෙන් පසුව එකී අන්තවාදීන් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ සහරාන් වැන්නන්ට අන්තවාදය පොවා ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසුව එජාප ආණ්ඩුවට ඇස් ඇරී එම අන්තවාදීන්ව නැවතත් පි‍ටුවහල් කර තිබේ.  [මූලාශ්‍රය].



[11]. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වත්මන් භාවිතය, සජිත් ප්‍රේමදාස මහතාගේ හිස දන් දෙන ප්‍රකාශය ඇසුරෙන් ඉතිහාසය සමග සැස‍ඳෙනවා වුවද ගෝඨාභය මහතා යනු තමන් රජෙක් ලෙස පෙනී සිටින්නෙක් නොවේ. ගැලරිය චූන් කරන කතා ඔහුට නැත, ශ්‍රී මුඛ නැත, කුඩ ඇල්ලීමට ආවතේවකරුවන් නැත, ආර්යාවන් නැත, කතා පවත්වද්දී ප්‍රතිවාදියාට මඩ ගසන්නේ නැත. ඔහු රණවිරුවෙක් පමණක් නොව, පරිගණක විද්‍යාව ගැන පශ්චාත් උපාධිධරයෙකි. කළමනාකරුවෙකි, තම හැකියාව ඔප්පු කළ ප්‍රායෝගික නායකයෙකි.

Friday, October 25, 2019

රාජපක්‍ෂලාට එරෙහිව බොරු නඩු දමන්නැයි ආණ්ඩුව බලපෑම් කළා..- FCID ප‍්‍රධානියාගෙනුත් හෙළිදරව්වක්!



ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයින්ගේ බලපෑම් නිසා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය බලාපොරොත්තු වූ පරිදි පරිදි ස්වාධීනව ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවට එම කොට්ඨාසය භාර හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මහතා ආන්දෝලනාත්මක අනාවරණයක් කළේය.

එහි විමර්ශන ක්‍රියාත්මක කෙරුණේ පසුගිය ආණ්ඩුවේ එක්තරා පිරිසක් ඉලක්ක කරගනිමින් පමණක් බවයි

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මහතා මේ බව පැවසීය.



“ප්‍රශ්නය:- ඔබතුමා එෆ්.සී.අයි.ඩී.එකේ කටයුතු පවත්වාගෙන ගියේ කොහොමද ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- පැමිණිලි 300කට අධික ප්‍රමාණයක් ලැබිලා තිබුණා. එයින් පැමිණිලි 50ක විතර අපි විමර්ශන අවසන් කරලා තිබුණා. නඩු 15ක් පමණ තමයි දැනට පවතින්නේ.

ප්‍රශ්නය:- එෆ්.සී.අයි.ඩී. එක ආරම්භ කරපු ඒ අරමුණ ඉටු වුණාද ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- එෆ්.සී.අයි.ඩී. එකේ කාර්යයභාරය බොහොම ස්වාධීනව කරන්නට තිබුණා නම් මීට වැඩිය සාර්ථකත්වයක් ලබාගන්න තිබුණා.

ප්‍රශ්නය:- දේශපාලන බලපෑම් නිසා ඒ කාර්යය කරන්න බැරිවුණා කියන එකද ඔබ අදහස් කරන්නේ ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- ඔව් බලපෑම් පැහැදිලිවම තිබුණා. එෆ්.සී.අයි.ඩී. එක විභාග කළේ දූෂණ මර්දන කාර්යාංශයෙන් එවන පැමිණිලි පමණයි. වෙන පැමිණිලි අපිට ලබාදීමට හැකියාවක් තිබුණේ නැහැ කාටවත්. එම පැමිණිලි පවතින රජයට පෙර පැවති රාජ්‍ය පාලන කාලයේ තිබුණ දේවල් .එතකොට පැහැදිලි වෙනවා එක්තරා කොටසක් විතරක් ඉලක්ක කරගෙන විමර්ශන කළා කියන එක ඒ ගොල්ලන්ගේ අභිමතාර්ථය කියලා මට පෙනී ගියා මේ විමර්ශන කරද්දි.

ප්‍රශ්නය:- වැඩියෙන් පැමිණිලි ආවේ රාජපක්ෂවරුන්ට විරුද්ධවද ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- බරපතළ පැමිණිලි රාජපක්ෂවරැන්ට විරැද්ධව තමයි ආවේ.

ප්‍රශ්නය:- දූෂණ මර්දන කාර්යාංශයේ හිටපු ඇමතිවරුන්ගෙන් බලපෑම් ආවා කියලද ඔබ මේ කියන්නේ ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- විමර්ශන ඉක්මනින් කරලා ඉක්මනින් නඩු දාලා කරන්න කියපු දේ ඇත්ත.

ප්‍රශ්නය:- කවුද මේවා කරන්න කියලා ඔබතුමාලට උපදෙස් දුන්නේ ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- මේ කාර්යාංශයේ ප්‍රධානියා වුණේ ජනාධිපති නීතීඥ ජේ.සී. වැලිඅමුණ මහත්මයා. ඒගොල්ලෝ ඒ පැමිණිල්ල ඉදිරිපත් කරනකොටම ඔවුන්ගේ උපදෙසුත් ඒත් සමගම ඉදිරිපත් කළා.

ප්‍රශ්නය:- එෆ්.සී.අයි.ඩී. එකේ ප්‍රධානියා විදියට ඔබතුමාට ඔවුන්ගෙන් බලපෑම් ආවාද ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- එහෙම බලපෑම් ලැබුණා. නමුත් අපි ක්‍රියාකරේ නීතියට අනුවයි.

ප්‍රශ්නය:- ඔය කමිටුවේ හිටපු සාමාජිකයින් කවුද ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- රාජිත සේනාරත්න මහත්මයා, සරත් ෆොන්සේකා මහත්මයා, චම්පික රණවක මහත්මයා සහභාගී වුණා. මලික් සමරවික්‍රම මහත්මයාත් සහභාගී වුණා.

ප්‍රශ්නය:- එම කමිටුවේ අනුර කුමාර දිසානායක මහත්මයාත් හිටියද ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- කමිටු සමාජිකයෙක්ද කියන එක මම දන්නේ නැහැ ඔහු සහභාගී වුණා. මේ විමර්ශන සම්බන්ධයෙන් වැඩිපුර වුවමනාවක් තිබුණ අය තමයි මේ කමිටුවේ හිටියේ.

ප්‍රශ්නය:- ඔබතුමාගේ පත්වීම ගැන ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය ලිපියක් යොමුකළා දූෂිත නිලධාරියෙක් කියලා ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- එහිදී ඇය කියලා තිබ්බේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට පාදක වෙච්ච කරුණු ඔහු විසින් සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ කරපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මිග් ගණුදෙනුව ඒ වෙච්ච දූෂණයක් හෙළිදරව් කිරීම කියලා. මිග් ගනුදෙනුවේ යම්කිසි දූෂිත ක්‍රියාවලියක් සිදුවෙලා තියනවාද කියලා විමර්ශන කළේ එෆ්.සී.අයි.ඩී. එක. එතකොට මෙයින් උත්සාහයක් දැරුවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේකට සම්බන්ධයි කියන්න, නමුත් සාක්ෂි නැතුව කෙනෙක්ව වරදකාරයෙක් හෝ සැකකාරයෙක් කරන්නට බැහැ. ඒකට ඒගොල්ලන්ට අවශ්‍ය දේ ඉෂ්ට කරගන්න මාව ඉත්තෙක් කරගන්නට මම කොහොමවත් ඉඩක් තිබ්බේ නැහැ.

ප්‍රශ්නය:- ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔය මිග් ගනුදෙනුවෙදි සැකකරුවෙක් විදියට අනාවරණ වුණාද ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- එතුමාගේ සෘජු හෝ වක්‍ර සම්බන්ධතාවයක් පිළිබඳ මම ඉන්න කාලේ කිසිම අනාවරණය වීමක් වෙලා නැහැ.“

source:adaderana.lk

මීට පෙරද මේ ආකාරයෙන්ම ආණ්ඩුව විසින් බොරු චෝදනා නගමින් කරන ලද රාජපක්ෂ දඩයම ගැන ආණ්ඩුවේම තවත් ජේෂ්ඨ නිලධාරීන් දෙදෙනෙක් හෙළිදරව් කළේය.

1. "අමාත්‍යවරුන් දෙදෙනෙකු, ගෝඨාභය අත්අඩංගුවට ගන්න බලපෑම් කළා - හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් හෙලිදරව්වක"



2. ගෝඨාභයට එරෙහිව නඩු දැමීම ගැන කණගා‍ටු වෙනවා - අල්ලස් හා දුෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ


ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙන්න. [PDF]


ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද එළි දැක්විණි.

පි‍ටු 82 දෙකකින් සමන්විත මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය ‘ගෝඨාභය රටහදන සෞභාග්‍යයේ දැක්ම’ ලෙස නම් කර ඇත.

කොළඹ නෙළුම් පොකුණ දී මෙම උත්සවය අද පෙරවරුවේ දී පැවැත්විණි.

සම්පුර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශනය පහතින්. [විශාල කර කියවීම සඳහා]



Thursday, October 24, 2019

"ගෝඨාභය සුදු වෑන් වලින් කිසිවෙක්ව පැහැරගෙන නෑ". අවසානයේදී එජාපය සුදු වෑන් බොරු බව පවසයි..


[1]. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට මඩ ගැසීම සඳහා එජාප මඩ මාධ්‍ය ඒකකය විසින් ගෙතූ කතාවක් වන්නේ "ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සුදු වෑන් වලින් මාධ්‍යවේදීන්ව පැහැර ගත්තා" යන චෝදනාවයි.

(i). මේ පිළිබඳව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා විසින්, පොලීසිය භාර අමාත්‍යවරයාව සිටි සාගල රත්නායක ඇමතිවරයාට ප්‍රශ්නයක් යොමු කර තිබුණා.

(ii). "2010-2015 දක්වා කාලයේදී, සුදු වෑන් වලින් පැහැර ගත් මාධ්‍යවේදීන් කොපමණද?, ඔවුන්ගේ නම් සහ විස්තර මොනවාද?, ඊට අදාල සාක්ෂි මොනවාද?" යන ප්‍රශ්න ඊට අයත් වුණා.

(iii). එවකට පොලීසිය භාර ඇමතිවරයා ඊට කල් ඉල්ලා තිබුණා. පසුව සාගල රත්නායක ඇමතිවරයා වෙනුවෙන් ඊට ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇමතිවරයා පිළිතුරු ලබා දී තිබුණා.

(iv). "එම කාල සීමාව තුළදී සුදු වෑන් මගින් මාධ්‍යවේදීන්ව පැහර ගැනීමක් සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැත. ඒ නිසා ඉතිරි ප්‍රශ්න පැන නොනගී" කියලයි ඒ පිළිතුරෙහි සඳහන් වුණේ. [Source]



(v). ඉහත දැක්වෙන්නේ ඊට අදාල හැන්සාඩ් වාර්තාවේ පින්තූරයක්. ඒ වගේම මිතුරු මිතුරියනි, ෆේස්බුක් එකේ ඔය වගේ පින්තූරයක් දැක්ක පළියට ඒක පිළිගැනීම සමහර අය කරන වරදක්. සෑම විටම ඊට අදාල මූලාශ්‍රය විශ්වාසදායී මාධ්‍යයකින් (legitimate source) සොයා බැලීමට අප පුරුදු වෙන්නට ඕන. මෙන්න පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් අදාල හැන්සාඩ් මූලාශ්‍රය.

(vi). නමුත් එජාපේ මඩ කොතරම් දරුණුද කියනවානම් අපේ පාක්ෂිකයන්ගෙන් සමහරු පවා සුදු වෑන් කතාවට පිළිතුරු නොදී මග හරින තරමට එම මඩ සමාජ ගත වෙලා තියෙනවා.


[2]. සුදු වෑන් ගැන ව්‍යාජ චෝදනා කරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව, සුදු වෑන් එකකින් රයන් ජයලත් නැමැති වෛද්‍ය ශිෂ්‍යයාව පැහැර ගැනීම අතටම හසු වුණේ මෙලෙසයි. පහත දැක්වෙන්නේ මඩ නොව, වීඩියෝ මගින් සාක්ෂි සහිතව ඔබ ඇස් දෙකෙන් දකින දේ වන අතර, අපට දේශපාලනිකව විරුද්ධ පාර්ශව දෙකක් වන ජවිපෙ සහ පෙර‍ටුගාමී යන දෙකොටසම දෙවන වීඩියෝවේදී ප්‍රකාශ කරයි.






[3]. සත්‍ය හා සාධාරණ ඡන්දයක් වෙනුවෙන් පෙනී සිටින ජනතාවක් වශයෙන්, එජාපය විසින් තම වැරදි අන් අයට පිට පටවන මෙම මඩ දේශපාලනයට තිත තියමු. ගයන්ත කරුණාතිලක ඇමතිවරයාගේ පිළිතුර හැකි තරම් බෙදා හරිමින් රාජපක්ෂ යුගයට අදාල එජාප සුදු වෑන් මඩ චෝදනා වලට ‍තාමත් රැවටී සිටින (දුමින්ද නාගමුව මහතා ඇතුළු) අයට ඇත්ත පෙන්වා දෙමු.

Monday, October 21, 2019

"රජුට කියන්න ඕන අපේ ළමයි බේර ගන්න"- එදා මහින්දගෙන්, "අනේ සර් අපිව බේර ගන්න" - අද ගෝඨාගෙන්...


දිනය 2009 මැයි 16: ප්‍රභාකරන්ගේ ග්‍රහණයෙන් ගැලවී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව දෙසට පලා ආ ජනතාව අතර සිටි කාන්තාවක් ජනමාධ්‍ය ඉදිරියේ හඬා වැටෙමින් මෙසේ කීවා.

"ළමයි මහත්තයයි ඕන... හැමෝටම ජීවත් වෙන්න ඕන... හැමෝම බේර ගන්න ඕන... රජුට කියන්න ඕන අපේ ළමයි ඔක්කොම දෙමළ ජනතාව ඔක්කොම බේර ගන්න ඕන... මගේ ජීවිතේ නැති වුණත් කමක් නෑ... අපෝ ළමයි බලන්න බෑ... කකුල නැතිවයි... පාරේ මැරිල මැරිලා ඉන්නවා දැකල දැකලා ජීවිතේ එපා වෙලා... මගේ ජීවිතේ විතරක් බේරුණාට වැඩක් නෑ හැමෝගෙම ජිවිත බේරගන්න ඕන..."



එදා අපේ ගෙවල් වල සිටි අම්මලා දෑසේ කඳුළු පිස දමමින් එය බලා සිටියා ඔබට මතක ඇති...

එදා ඒ අහිංසක කාන්තාවගේ ඉල්ලීම ඉ‍ටු කරමින් සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ගේ නායකත්වයෙන් රණවිරුවන් විසින් මේ රටට සාමය උදා කර දුන්නා.

එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ජනතාව ඉල්ලුවේ එකම එක දෙයයි. ඒ රට බේරල දෙන්න කියන එක. මීට පෙර ජනාධිපතිවරුන් සටන් විරාම වලට යද්දී මහින්ද රාජපක්ෂ මැතිතුමන්, ඒ ඉල්ලීම ඉ‍ටු කර දුන්නා.

ඉතිහාසය පුනරුච්චාරණය වෙනවා (history is repeating itself) කියල ඔබ අසා ඇති... හොඳට තිබුණ රටට ගෙන ආ යහපාලනය නිසා රට නැවතත් අවුරුදු 30 ආපස්සට යන බව යහපාලනවාදීන් බලාපොරොත්තු වුණේ නෑ.

අද තමන්ව බේරල දෙන්න කියල කියන්නේ දකුණේ ජනතාව. ඒ වගේම අද ඒ ඉල්ලීම ඉදිරිපත් කරන්නේ මීට පෙර මුළු රටක්ම බේරා දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට එදා ආරක්ෂක ලේකම්වරයා ලෙස සහය දුන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගෙනුයි.











එදා අර අහිංසක දෙමළ කාන්තාවගේ ඇස් වල තිබූ කඳුළු, අද දකුණේ ඉන්න හැම අම්මා කෙනෙක්ගේම ඇස් වල...

මීට හරියටම අවුරුදු 10 කට පෙර තම වගකීම නිසියාකාරවම ඉ‍ටු කළ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්, මෙවරත් ජනතාවගේ ඒ ඉල්ලීම නිසියාකාරවම ඉ‍ටු කරන බවට සහතිකයි.

යාපනය ගුවන්තො‍ටුපොළේ මහා වංචාවක්! ගුවන් යානා ගොඩබාන්න තියා CTB බස් නවත්වන්නවත් සුදුසු නෑ. මෙන්න සාක්ෂි.


[1]. එක්සත් ජාතික පක්ෂය විසින් මෑතකදී ඉදි කරන ලද යාපනයේ අන්තර්ජාතික ගුවන්තො‍ටුපොළ සහ, මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන් ඉදි කළ මත්තල ගුවන්තො‍ටුපොළේ ස්වභාවය පළමුව සසඳා බලමු.

1.  යාපනය ගුවන්තො‍ටුපොළේ පාලන කුළුණ (Airport Tower)
මෙය ඉදි කර ඇත්තේ කන්ටේනර් පෙට්ටි 6 ක් යොදාගනිමිනුයි. එනිසා ජාත්‍යන්තර ගුවන් යානා මෙහෙයවීමට අවශ්‍ය නියමිත උස නෑ. මඩ ගොහොරුවක් මැද ඇති එයට වැසි දින වලදී ළඟා වීම සඳහා බූට්ස් පැළඳීමට සිදුවෙනවා.



මත්තල ගුවන්තො‍ටුපොළේ පාලන කුළුණ



2. යාපනය ගුවන්තො‍ටුපොළේ ගුවන් ගමන් පාලන පද්ධතිය. (Air Traffic Control System)

ධීවර බෝට්‍ටුවක ඇති සන්නිවේදන පද්ධතිය හා සමානත්වයක් ගන්නවා. අන්තර්ජාතික ගුවන් යානා මෙහෙයුම් කිරීමට සහ පාලනය කිරීමට තබා, ධීවර වරායක බෝට්‍ටු මෙහෙයවීමටවත් ප්‍රමාණවත් නෑ.


මත්තල ගුවන්තො‍ටුපොළේ ගුවන් ගමන් පාලන පද්ධතිය. [මූලාශ්‍රය]



3. යාපනය ගුවන්තො‍ටුපොළේ ගුවන් යානා නැවතුම්පොළ. (Airport Ramp)
වතුර වලවල් මග හැරීම සඳහා බැරල් දමා තිබෙනවා. (මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වීමට පෙර ගාල්ල බස් නැවතුම්පොළේ තැන් තැන් වල වලවල් මග හැරීමට බැරල් තිබූ අයුරු සිහිපත් වෙනවා).



මත්තල ගුවන්තො‍ටුපොළේ ගුවන් යානා නැවතුම්පොළ.



 4. යාපනය ගුවන්තො‍ටුපොළේ ගුවන් පථය. (Airport Runway)
මෙම ගුවන් පථය සාදා ඇත්තේ කාපට් පාරක් හදන ආකාරයෙන් උඩින් කොන්ක්‍රීට් තට්‍ටුවක් දාලයි. එහෙත් අන්තර්ජාතික ගුවන් පථයක් අඩි 22 ක් ගැඹුරට කොන්ක්‍රීට් දාමා ඉදි කළ යුතු බව ජාත්‍යන්තර සම්මතයයි. බෝයිං 747 ගුවන් යානයක් කිලෝ 439,985 ක් බර වෙනවා. ඒ අනුව වැරදීමකින් හෝ එවන් ගුවන් යානයක් මෙහි ගොඩ බෑවොත් මෙම යාපනය ගුවන් පථයේ කෑලි හොයා ගන්නවත් බැරි වේවි.




මත්තල ගුවන්තො‍ටුපොළේ ගුවන් පථය.




5. යාපනය ගුවන්තො‍ටුපොළේ විදුලි ජනන යන්ත්‍රය. (Electric Generator)
වර්ෂාව දිනවලදී හදිසි විදුළි ඇණ හිටීමක් සිදුවුවහොත් එයට ළඟා වීම සඳහා කුඩයකට අමතරව බූට්ස් අවශ්‍ය වෙනවා.



මත්තල ගුවන්තො‍ටුපොළේ විදුලි ජනන යන්ත්‍රය. [මූලාශ්‍රය]



ඉතින් යාපනය ගුවන්තො‍ටුපොළට අත් හදා බැලීමට සැහැල්ලු ගුවන් යානයක් විශාල මුදලක් ගෙවා ගොඩ බා ගත්තත්, එය ගුවන්තො‍ටුපොළක් ලෙස යොදා ගැනීමටනම් එය අලුතෙන්ම ඉදි කළ යුතු වෙනවා.


[2]. එජාපෙන් හැදූ යාපනය ගුවන්තො‍ටුපොළ සමග, මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන් නවීකරණය කළ යාපනය බස්නැවතුම්පොළ පහතින් සංසන්දනය කර බලමු.



එජාපෙන් යාපනය ගුවන්තො‍ටුපොළ හදපු විදිහටම, මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ටත් ඕන්නම් යාපනය බස්නැවතුම්පොළේ බිම බැකෝ එකකින් සමතලා කර, කන්ටේනර් පෙට්ටි කිහිපයකින් ගොඩ නැගීමට හැකියාව තිබුණා. එහෙත් ගොඩනැගිලි නිසි පරිදි අලුත්වැඩියා කර, මුළු බස් නැවතුම්පොළ පුරාවටම කොන්ක්‍රීට් දමා, වර්ෂාවෙන් මඩ වගුරක් වීම වළකා තිබෙනවා.

යාපනය බස්නැවතුම්පොළ දෙස බැලීමේදී, යාපනය අන්තර්ජාතික ගුවන්තො‍ටුපොළ යනු CTB බස් නැවැත්වීමට තරම්වත් හොඳ තත්ත්වයෙන් නැති බව පැහැදිළියි. 

ඒ අනුව වත්මන් ආණ්ඩුව විසින් ඉතාමත් බාල තත්ත්වයෙන් යාපනය ගුවන්තො‍ටුපොළ ඉදිකිරීම හරහා, එය වැඩියෙන්ම භාවිතා කිරීමට සිටි දෙමළ ජනතාවට කර ඇත්තේ අසාධාරණයක්.


[3].ඉහත පින්තූර දෙස බැලීමේදී, යාපනය ගුවන්තො‍ටුපොළ හැදීමට, බස් නැවතුම්පොළක් හදන්න තරම්වත් වියදමක් ගොස් නැති බව ඔබට පැහැදිළියි.

එනමුත් 2019 ජූනි ආරම්භ කළ යාපනය ගුවන්තො‍ටුපොළ 2019 ඔක් ‍තෝබර් 17 දින, මාස 4 කින් හදා අවසන් කිරීමට රු බිලියන 2.2 ක් වැය වී ඇති බව වාර්තා වෙනවා. එනම් රු 2,200,000,000.00.

මේසා ධනස්කන්ධයක් වැය කරමින් ඔවුන් කරන ලද දුෂණය, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ආණ්ඩුවෙන් ඉදිරියේ විගණනය කර දූෂිතයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් කිසි සේත්ම යාපනය ගුවන්තො‍ටුපොළේ වී ගබඩා කරන්නේ නැති අතර, එය නැවතත් ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව ඉදි කිරීම සිදුකරනු ඇති.



[4]. මත්තල නවීන ගුවන්තො‍ටුපොළක් වුණත් ගුවන් යානා ආවේ නෑ / පාඩු ලැබුවා යනුවෙන් තවමත් සමහරුන් සිතා සිටිනවා වෙන්න පුලුවන්.

1. සෑම ජාත්‍යන්තර වරායක්ම සම්බන්ධ කෙරෙන ගුවන්තො‍ටුපොළක් තිබෙනවා. මත්තල ගුවන්තො‍ටුපොළ ඉදි කළේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමග ඇති ජාත්‍යන්තර ගුවන්තො‍ටුපොළ ලෙසින්. මාගම්පුර වරායේ 3 වන අදියර අවසන් වෙන තුරු එහි බහලුම් කටයුතු පූර්ණ ධාරිතාවයෙන් ඉ‍ටු වෙන්නේ නෑ. එසේම මත්තල සිට කොළඹ වරාය යා කරමින් අධිවේගී මාර්ග පද්ධතියක් ඉදි කළේත් මෙම සැලසුමේ අංගයක් ලෙසටයි. හම්බන්තොට කාර්මික ජනපදය ඉදි කිරීමත් සිදුවෙමින් පැවතුණා. ඒ අනුව හම්බන්තොට නගරය ශ්‍රී ලංකාවේ දෙවන වාණිජ නගරය ලෙස සංවර්ධනය වීමට නියමිතව තිබුණා. මත්තල ගුවන්තො‍ටුපොළ ජාත්‍යන්තර ගුවන්තො‍ටුපොළක් ලෙසට ක්‍රියාත්මක වෙන්නේ මේ සියල්ලම සම්පූර්ණ වීමෙන් අනතුරුවයි.



2.  අනෙක් අතට මත්තල ගුවන්තො‍ටුපොළ මිලදී ගැනීමට ඉන්දියාව මෙන්ම චීනයත් කැමැත්තෙන් පසුවුණා. චීනය දැනටමත් හම්බන්තොට වරාය මිලදී ගෙන තිබෙනවා. පාඩු ලැබිය හැකි ගුවන්තො‍ටුපොළක් සහ වරායක් නම් ඒවා කිසිවෙක් ගන්නේ නෑ. දැවැන්ත ව්‍යාපාරයක් ආරම්භ කළ අවුරුද්දේම ලාභ නොලබන බවත්, ඒ සඳහා වසර කිහිපයක් ගත වෙන බවත් එජාප පාක්ෂිකයන් නොදන්නවා නෙමෙයි.




3. මත්තල ගුවන්තොටුපොළෙන් මුදල් ඉපයීමට නම් එයට ගුවන් යානා පැමිණීම අවශ්‍ය වන්නේ නෑ. ඒක වෙන්නේ මෙහෙමයි.

(i). A380 වර්ගයේ දැවැන්ත ගුවන් යානා එක් මහාද්වීපය සිට තවත් මහාද්වීපයකට් ගමන් ගන්නේ පූර්ව සැලසුමකට අනුවයි. ඒ සඳහා සාමන්‍යයෙන් මාස 2 කට පමණ පෙරදී සූදානම් වෙනවා. Flying Routes සැකසෙන්නේ හැකි තරම් A380 ගොඩබෑමට හැකි ගුවන්තොටුපොළවල් ආසන්නයෙනුයි. ඊට හේතු කිහිපයක් පහතින්.
- හදිසියේ ගොඩබෑමට අවශ්‍ය වුවහොත් ඊට පහසුකම් සකසා ගැනීමට. (උදා: යානය අභ්‍යන්තරයේ නිවීමට නොහැකි ගින්නක් ඇතිවීම, යානයේ කාර්මික දෝශයක් ඇතිවීම, ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ඇතිවීම, කොල්ලකෑමක්/හයිජැක් වීමට යාම, මගීන් හදිසියේ දැඩි ලෙස රෝගී වීම ආදිය)
- තිබෙන ගුවන්තොටුපොළවල ආසන්නයෙන් පියාසර කිරීම නිසා ගුවන් යානය සහ මගීන් වෙනුවෙන් අදාල ගුවන් සමාගමෙන් ගෙවියයුතු රක්ෂණ මුදල අඩු වීම.

(ii). උදාහරණ ලෙස ඕස්ට්‍රේලියාවේ සිට එංගලන්තයට පියාසර කරන A380 ගුවන් යානයකට ඉන්ධන පිරිවැය වඩාත් අඩු මාර්ගය පිහිටන්නේ ශ්‍රී ලංකාවට පහතින්. ඒත් ශ්‍රී ලංකාවේ ඒ සඳහා ගුවන් තොටුපොළක් නොමැති වීම නිසා (ක‍ටුනායකට A380 ගොඩබෑමට හැකි නමුදු ඊට අවශ්‍ය අන්තර්ජාතික ප්‍රමිතිය නොමැත) අමතර ඉන්ධන තොගයක් වැය කරමින් වඩාත් දීර්ඝ මාර්ගයක් සැලසුම් කර ඉන්දියාවෙ චෙන්නායි හරහා ගමන් කිරීමට සිදුවුණා. ඔය විදිහට අවුරුද්දකට දාස් ගාණක් දැවැන්ත ගුවන් යානා ඕස්ට්‍රේලියා මහාද්වීපයේ සිට යුරෝපයට ගියේ ඉන්දියාව හරහායි.

(iii). නමුත් මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ ඉදිකිරීමත් සමග ශ්‍රී ලංකාවේ දකුණු මුහුදට ආසන්නයෙන් එම දැවැන්ත අන්තර් මහාද්වීපික ගුවන් යානා වලටත් දැන් ගමන් කිරීමට හැකි වී තිබෙනවා.  එවිට ඔවුන් යන්නේ කෙටි දුරක්. ඒ හරහා,
- අඩු ඉන්ධන ප්‍රමාණයකුයි වැය වෙන්නේ.
- කාලය ඉතිරි වෙනවා.

(iv). මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීමට පෙර ඒවා පියාසර කළේ වැඩි ඉන්ධන ප්‍රමාණයක් සහ කාලයක් වැය කරමින් ඉන්දියවේ චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසළිනුයි. දැන් භාවිතා කරන්නේ වඩාත්ම Economic Flying Route එකයි.

(v). එවැනි ගුවන් ගමනක් යාමට පෙර මත්තල ගුවන් පාලක අංශය සමග සම්බන්ධ වී ගුවන්තොටුපොළේ පහසුකම් (හදිසියේ ගොඩබාන්න වුණොත් කියලා) වෙන් කරගත යුතුයි.

(vi). ගුවන් යානය ගමන් කරද්දී මත්තල ටවර් එකේ සිටින Air Traffic Controller නිලධාරීන් දෙදෙනෙක්ගේ සහාය, Ground Handling - IFR (instrument flying) clearance එම ගුවන් යානයට ලැබෙනවා.

(vii). ඒ ආකාරයෙන් ගුවන් යානයක් ගමනාන්තයට ගිය පසුව අදාල ගුවන් සමාගම විසින් ඒ සඳහා මුදලක් ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගිණුමට බැර කරනවා.

(viii). ඒ විතරක් නෙමෙයි, ශ්‍රී ලංකාව අවට මුහුද මෙන්ම ශ්‍රී ලංකාව අවට අහසත් අයත් වෙන්නේ ශ්‍රී ලංකා රජයට යි. ශ්‍රී ලංකාවට අයත් ගුවන් තොරතුරු කලාපය වර්ග කිලෝමීටර් ලක්ෂ 10 කට ආසන්න බව සැලකෙනවා. අපේ රට වටේට දවැන්ත සාගරයක් පිහිටීම නිසයි එම වාසිය අපට අත් වන්නේ.

(ix). ඒ අනුව අති දැවන්ත ගුවන් යානා ශ්‍රී ලංකාව අසළින් යනවා කියන්නේ ශ්‍රී ලංකාවට නිකම්ම තවත් වැඩිපුර මුදලක් ලැබෙනවා.

(x). ඔය ආකාරයෙන් ලැබෙන මුදල ඉතාමත් විශාල අගයක්. අපට වාර්තා වී ඇති ආකාරයට ඉදිරි කාලය තුළ මත්තල ගුවන්තොටුපොළේ පහසුකම් සැපයීම තවත් වර්ධනය කරගතහොත්, මත්තලට ගුවන් යානා ආවේ නැතත් ඉහත කී ආකාරයෙන් රටට ලැබෙන මුදල ප්‍රමාණවත්.

(xi). නමුත් පසුගිය කාලයේ මත්තල මාසික ආදායම රු 16000 ආදී වශයෙන් අහන්නට ලැබුණේ ගුවන් ටිකට්පත් වලින් ලැබෙන ආදායම විය යුතුයි. නමුත් ඉහත කී ආකාරයෙන් රටට ලැබෙන අති විශාල ධනස්කන්ධය සහ දෙවන ගුවන්තොටුපොළ නිසා රටට ඉතිරි වෙන මුදල ගැන වැඩිය ප්‍රසිද්ධ වෙන්නේ නෑ.

(xii). ගුවන් යානා බාන්නේ නැතිව ආදායම් ලබන හැටි ගැන පසුගිය කාලයේ බොහෝ ජනමාධ්‍ය වලින් ප්‍රචාරය නොවුණත් දෙරන වෙබ් අඩවියෙන් මෙවන් පුවතක් වාර්තා කර තිබෙනවා.




[5]. මත්තලට වැය වුණ මුදල.

මත්තල ගුවන්තොටුපොළ හදන්න අති විශාල ජාතික ධනයක් නිරපරාදේ වැය කළා කියලා ඒ දවස් වල සමහරු පැවසුවා.

(i). ඒත් මත්තල ඉදිකිරීමට වැය වී ඇත්තේ ඩොලර් මිලියන ඩොලර් මිලියන 210 ක් හෙවත් රුපියල් බිලියන 26 (එකල $/SLR විනියම අනුපාතය රු. 125 ක් ලෙස සලකා).

(ii). හැබැයි යහපාලන ආණ්ඩුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් 2015 අගෝස්තු 8 වන විට රටට සිදුවූ පාඩුව රුපියල් කෝටි 7211 ක් හෙවත් රුපියල් බිලියන 72 ක් වෙනවා. මූලාශ්‍රය

(iii). ඒ අනුව "යහපාලනය" වෙනුවෙන් නාස්ති කල සල්ලි වලින් තවත් ගුවන්තොටුපොළ 2 ක්ම ඉදි කර ඉතිරි සල්ලි වලින් අර තාමත් හොයාගන්න බැරිවුණ හෙළිකොප්ටර් 6 සහ බංකින්හැම් අශ්වයාවත් ගන්න තිබුණා.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.