Mahinda Rajapaksa: ගෝඨාභය හමුදා කුමන්ත්‍රණයක් කරනවා යැයි එජාපයෙන් ගහපු අතේ පැලවුණ බොරුව මෙන්න.

Saturday, October 19, 2019

ගෝඨාභය හමුදා කුමන්ත්‍රණයක් කරනවා යැයි එජාපයෙන් ගහපු අතේ පැලවුණ බොරුව මෙන්න.


ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්‍රාමික හමුදා නිලධාරීන් එකතු කරගෙන හමුදා කුමන්ත්‍රණයක් කරන බවට එජාපයට සහය දක්වන වෙබ් අඩවියක පළ වූ මඩ පුවත පහත දැක්වේ. [මූලාශ්‍රය]


එය සම්පූර්ණ අසත්‍යයක් වන අතර, එය අසත්‍යයක් බවට සනාථ වෙන තාර්කික කරුණු පහත දැක්වේ.

1.  ශ්‍රී ලංකාවේ දැනටත් ක්‍රියාත්මක වෙන 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව, රජයේ ආරක්ෂක අංශ හෝ රජයේ ලියාපදිංචි වූ පෞද්ගලික ආරක්ෂක සමාගම් හැරුණු විට සන්නද්ධ කණ්ඩායම් ත්‍රස්තවාදීන් ලෙස සැලකෙයි. උක්ත පුවත ඇත්තක් නම් මේ වන විට පොලිසිය විසින් අදාල නිවාසය වටලා එහි සිටි සැකකරුවන්ව අත් අඩංගුවට ගෙන තිබිය යුතුය. නමුත් එවැන්නක් වාර්තා නොවීමෙන් මෙම මඩ ගැසීම අතේ පැල වී ඇත.


2. 2015 ජනාධිපතිවරණ කාලයේද අනුර කුමාර දිසානායක සහ මංගල සමරවීර විසින් මේ ආකාරයේ හමුදා කුමන්ත්‍රණයක් ගැන පැවසුවේය. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා පරාජය වුවද, හමුදා කුමන්ත්‍රණයක් කර හෝ දිගටම බලයේ සිටීවි යැයි ඔහු පැවසීය. නමුත් ජනාධිපතිවරණයෙන් පසුව මැතිවරණ කොමසාරිස්වරයා විසින් අදාල මඩ චෝදනා ප්‍රතික්ෂේප කළේය.



2015 ජනවාරි 9 වැනිදා පාන්දර මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන් සාමකාමී ලෙස අරලියගහ මන්දිරයෙන් පිටව ගිය ආකාරය මුළු රටම කම්පනයට පත් වී බලා සිටියෙමු. හමුදා කුමන්ත්‍රණයක් කර හෝ දිගටම බලයේ සිටීවි යැයි කී අයට කට උත්තර නැති විය.


ත්‍රිවිධ හමුදාවේ බලය තිබියදී හමුදා කුමන්ත්‍රණ නොකළ රාජපක්ෂවරුන්, විපක්ෂයේ සිටිමින් හමුදා කුමන්ත්‍රණ කරනවා යැයි කීම පදනම් විරහිත ප්‍රකාශයකි.


3. මේ වන විට එජාප නැමැති නැව, ජනාධිපතිවරණ කුණා‍ටුවට හසු වී ගිලෙමින් පවතින අතර එහි සිටින මීයන් පමණක් නොව, අලින් පවා ඉවතට පනිමින් සිටී. හොඳම උදාහරණය වන්නේ බස් ගැමුණු මහතා ය. එජාපය දිනන බවට සුළු හෝ විශ්වාසයක් තිබේනම්, දාර අලියෙක් වන බස් ගැමුණු මහතා ගෝඨාභය රාජපක්ෂ මහහතාට සහය දීමට එන්නේ නැත. දිනන බවට සහතික වී ඇති ජනාධිපතිවරණයට, හමුදා කුමන්ත්‍රණ යොදා මඩ ගා ගැනීමට රාජපක්ෂවරුන්ට ඇවසි නැත.



4. ඇල්පිටිය පරාජයෙන් පසුව, එළඹෙන ජනාධිපතිවරණයේ නියත පරාජයෙන් වියරු වැටී සිටින එජාපය දැන් උත්සාහ ගන්නේ ඔවුන්ගේ පරාජයේ ලැජ්ජාව වසා ගැනීමට යි. ඒ අනුව හමුදා කුමන්ත්‍රණ ආදී තවත් අනේකවිධ මඩ ගසමින් ඔවුන්ගේ බ්ලොක් වෝට් එක ‍රැක ගැනීමට ඉතාමත් වෙහෙසක් ගනිමින් සිටී.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.