Mahinda Rajapaksa: රාජිත සේනාරත්නව කිසිදු හේතුවක් මත පොහොට්‍ටුවට හෝ ගෝඨාභය මහතා වෙතට ගන්නේ නැත.

Sunday, October 20, 2019

රාජිත සේනාරත්නව කිසිදු හේතුවක් මත පොහොට්‍ටුවට හෝ ගෝඨාභය මහතා වෙතට ගන්නේ නැත.



එක්සත් ජාතික පක්ෂයේ Green Force නැමැති මාධ්‍ය අංශය මගින් ෆේස්බුක් සමාජ මාධ්‍යයේ දක්වා ඇත්තේ මෙලෙසයි. [මූලාශ්‍රය]


එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වය ගැනීමට මාන බැලූවන් අතර "දත් දොස්තර" යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙන්නේ රාජිත සේනාරත්න ව ය.

දූෂණ චෝදනා ඇති රාජිත සේනාරත්න වැනි දේශපාලඥයින්ව කිසිම හේතුවක් මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්‍ටුවට) හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පිණිස සම්බන්ධ කර ගන්නේ නැත.

මීට පෙර අබ්දුල් රාසික්ගේ සහය ගෝඨාභය මහතාට ලැබෙන බවට ඔහු ලවා පැවසූවද, ගෝඨාභය මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා නිල නිවේදනයක් මගින් ඔහුගේ සහය ප්‍රතික්ෂේප කර තිබේ. අනික් අතට හිස්බුල්ලා විසින් ද ගෝඨාභය මහතාට සහය පළ කරන බව එජාපයෙන් බොරු ප්‍රචාරයක් යැවුවද, ඔහු වෙනම අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට තරග කරයි.

මේ ආකාරයෙන් රටේ අප්‍රසාදයට පත් වී ඇති විවිධ චරිත යොදාගෙන ඔවුන් ගෝඨාභය මහතාට සහය දෙන බවට ප්‍රචාරය කිරීමට පරාජයේ භීතියෙන් පෙළෙන එජාපය උත්සාහ දරයි. එවැනි මඩ ප්‍රචාර වලට හසු නොවන මෙන්, ගෝඨාභය මහතාට ඡන්දය දෙන ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.