- විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා.
එතුමන්ගේ ප්‍රකාශයේ කරුණු 2 ක් ම වැරදි බැවින් (factually incorrect), එමගින් ජනතාවට වැරදි තොරතුරක් යන නිසා ඊට අදාල නිවැරදි කිරීම දැක්විය යුතුයැයි සිතමි.
1. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය අනුව ඕනෑම ප්‍රතිපත්ති ප්‍රකාශයක අංක එකේ කාර්යය වන්නේ "ජාතික ආරක්ෂාව සුරැකීම" යි. ඒ අනුව ගෝඨාභය මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේද ජාතික ආරක්ෂාව අංක එකට තිබේ.
2. "පරිසර සංරක්ෂණයට දී තිබෙන ප්‍රතිඥා" ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිළිව සිය ප්‍රතිපත්ති ප්රකාශනයේ දක්වා ඇත. පහත දැක්වෙන්නේ ඒවා ය.

අනුර කුමාර මහතා හෝ අනෙකුත් කිසිදු අපේක්ෂකයෙක් කිසි සේත්ම ජනාධිපතිවරයා නොවන බැවින් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ගැන සැලකිල්ලක් දැක්වීමේ ඵලක් නැත. ඔවුන්ට කැමති ඕනෑම පොරොන්දුවක් දීමට හැකියාව තිබේ.
එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දැඩි පසුබෑමක සිටියද, එජාපය මීට පෙර ජනාධිපති ධූර දරා ඇති බැවින් ඔවුන්ගේ ප්‍රතිපත්තිය සොයා බැලීම වැදගත් වෙයි. නමුත් අවාසනාවකට තැපැල් ඡන්දය දිනය වන තුරුම ඔවුන් තම ප්‍රතිපත්ති ප්රකාශනය නිකුත් කර ගැනීමට පවා නොහැකිව දැඩි අර්බුදයක සිටින බව පෙනේ.
විල්පත්තු වනාන්තරය අධිගෘහිත රිෂාඩ් බදියුදීන් මැතිඳාණන් සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවේ සිටිමීන් සජිත් ප්‍රේමදාස මහතාගේ පාරිසරික ප්‍රතිපත්තිය ගැන තවම සාකච්ඡා කරනවා විය හැකියි.
- Editor -
mahinda.info