Mahinda Rajapaksa: සජිත් ප්‍රේමදාස ඝාතන කුමන්ත්‍රණ චෝදනාවේ ඇත්ත සිදුවීම මෙන්න.

Thursday, October 31, 2019

සජිත් ප්‍රේමදාස ඝාතන කුමන්ත්‍රණ චෝදනාවේ ඇත්ත සිදුවීම මෙන්න.



සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයෙක් වන එජාප නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරාගේ චෝදනාව පහත දැක්වෙනවා.

"මිත්‍රවරුණි, අද ඉතාම බරපතල තත්ත්වයක් ඇතිවුණා. ඒ තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා අද දින කුරුණෑගල ප්‍රේදේශයේ රැස්වීමට සහභාගී වීම සඳහා ගිය අවස්ථාවේදී හෙලිකොප්ටර් යානා බැස්ස්සවීමට මොහොතකට කළින් වෙලගෙදර ක්‍රීඩාංගණයේත් ඉන් පසුව උඩවල්පොල ක්‍රීඩාංගණයේත් යන මේ ක්‍රීඩාංගන දෙකේම විදුලිය පොදු පෙරමුණ හා සම්බන්ධ ඒ බලය තිබෙන නගර සභා වල නිලධාරීන් විසින් විසන්ධි කළා. ඒ හේතුව නිසා අවසාන මොහොතේ සජිත් ප්‍රේමදාස මහතා සහිත එම හෙලිකොප්ටර් යානා හරවාගෙන යෑමට සිදුවුණා. ඒ වගේම ජීවිතයට අනතුරුදායක තත්වයකින් අන්තිම මොහොතේදී බේරුණා කියලා කියන්න පුළුවන්."



නමුත් ආචාර්ය මර්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැති තොටළඟ ‍රැස්වීමේදී සජිත් ප්‍රේමදාස මහතා කතා කරද්දී එවැන්නක් පැවසූවේ නෑ. අජිත් පී පෙරේරා පැවසූ ආකාරයේ ජීවිත අවදානමක් වුණානම් එය තොටළඟ ‍රැස්වීමේදී සජිත් ප්‍රේමදාස මහතාට කීමට උණු කැවුමක් වෙනවා.



අනික් අතට ආචාර්ය මර්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැති තොටළඟ ‍රැස්වීමේ තරම් සෙනගක් අති දැවැන්ත කුරුණෑගල පුරවයේ ‍රැළියට නැති බව පැහැදිළියි. කුරුණෑගල යනු රණවිරුවන් වැඩිපුරම සිටින ප්‍රදේශය. කුරුණෑගල සෑම අයෙකුටම පාහේ තමන්ට ළඟින්ම ඥාති වෙන රණවිරුවන් සිටිනවා.


කට පුරා බොරු කියන්නෙක් ලෙස කුප්‍රකට අජිත් පී පෙරේරාගේ චෝදනාව බොරුවක් බවට බොහෝ අයට අමුතුවෙන් කීමට අනවශ්‍ය වුණත්, එය බරපතල චෝදනාවක් බැවින් ඒ සඳහා හේතු අපි පහතින් දක්වනවා.


[1]. විදුලිය විසන්ධි කිරීමට බලය තියෙන්නේ විදුලි බල මණ්ඩලයටයි. විදුලිය විසන්ධි කිරීමට නගර සභාවට කිසිදු බලයක් නැහැ. [විකීපීඩියා මූලාශ්‍රය]. ඒ අනුව පොහොට්‍ටුවේ නගර සභාව විසින්, විදුලි බල මණ්ඩලයේ කටයුතු කළා කීම අමූලික බොරුවක්.




[2].හැම හෙළිකොප්ටරයක්ම රාත්‍රී කාලයේ ගුවන් ගත කිරීමට පෙර "Landing lights" සවි කර ගන්නවා. මන්ද යත් ගමනාන්තයට පෙර මගදී හදිසි ගොඩබෑමක් කරන්නට සිදුවුවහොත් කළුවරේම ගොඩබාන්න සිදුවෙන නිසා. ඒ අනුව ගොඩ බාන තැන ආළෝකය නොතිබීම කිසිම බාධාවක් වෙන්නේ නෑ. ඒ අනුව කරුවල නිසා ගොඩ බෑමට නොහැකි වුණා කීමත් බොරුවක්.








[3]. ඔබ දැක ඇති හෙළිකොප්ටර් පයිලට් වරුන්ට ඇති සිත්ගන්නා සුළු හෙල්මට් එක. එහි නයිට් විෂන් කැමරා තිබෙනවා. ඒ අනුව හදිසියේ හෙළිකොප්ටරයේ ඇති Landing Lights අක්‍රීය වුණත් ඕනෑම කරුවලක හෙළිකොප්ටරයක් ගොඩ බාන්න පයිලට් කෙනෙකුට පුළුවන්. කරුවල නිසා ගොඩ බෑමට නොහැකි වුණා කීමට තවත් හේතුවක් තමයි මේ.




[4]. අපි හිතමු අජිත් පී පෙරේරා කියන විදිහට පයිලට් ප්‍රොටොකෝල් උල්ලංඝනය කරමින් ලෑන්ඩින් ලයිට්ස් හෝ අඩුම තරමින් හෙල්මට් එකවත් නැතිව පයිලට් කෙනෙක් සජිත් ප්‍රේමදාස මහතාව ‍රැගෙන කුරුණෑගලට ආවා කියලා. එසේනම් සජිත් ප්‍රේමදාස මහතාව ‍රැගෙන යාමට පැමිණි වාහන ටික පිට්ටනිය මැදට හරවලා හෙඩ් ලයිට් දැම්මානම් ඒ ආළෝකම ඇති අර විදිහට වුණත් ගොඩ බාන්න. ඒ අනුවත් අජිත් පී පෙරේරාගේ චෝදනාව බොරු බව පැහැදිළියි. එතුමන් ‍රැගෙන යාමට වාහන ආවේ නැති බවත්, සරළ බව නිසාම හෙළිකොප්ටරයෙන් බැස ත්‍රීවීල් එකකින් ‍රැළියට යාමට හැදූ බව එජාප පාක්ෂිකයෙක් කීවත් පුදුම වෙන්න දෙයක් නෑ.


[5]. මහා වනාන්තර වල අතරමං වූවන් සෙවීමේ මුදාගැනීමේ මෙහෙයුම් (Rescue Operations) වලට යවන්නේ හෙළිකොප්ටර්. මහා වනාන්තර ඇතුළේ ඇති කුඩා ඉඩක ගොඩ බෑමට දක්ෂ හෙළිකොප්ටර් පයිලට් කෙනෙකුට හැකියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ වර්ග මීටර් 30 X 30 ප්‍රමාණයක් පමණයි.

පහත වීඩියෝවේ දැක්වෙන්නේ මුලතිව් මහ වනයේ සිරවී හිටි විශේෂ බලකා රණවිරුවන්ව, ගුවන් හමුදාව විසින් හෙළිකොප්ටර් යොදාගෙන කළ මුදා ගැනීමේ මෙහෙයුමක් මගින් බේරා ගන්නා ආකාරයයි. Landing lights යොදාගෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙළිකොප්ටරය රාත්‍රි කාලයේ ගොඩ බාන හැටි ඔබට මෙයින් පෙනේවි.




[6].සජිත් ප්‍රේමදාස මහතා සිය ගෙවී ගිය සෙරෙප්පුව මාකට් කරමින් රටට කියා සිටියේ තමන් අරපිරිමැස්මෙන් ජීවත් වෙන දුප්පත් පුද්ගලයෙක් බවයි. නමුත් අජිත් පී පෙරේරාගේ ප්‍රකාශයත් සමග, සජිත් ප්‍රේමදාස ජන ‍රැළි සඳහා හෙළිකොප්ටර් යොදා ගන්නා බව පැහැදිළි වුණා. සෙරෙප්පු කුට්ටමක් ගන්න බැරි සජිත්ට හෙළිකොප්ටරයේ යන්න සල්ලි කොයින්ද?



2015 ජනාධිපතිවරණ කාලයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාට එල්ලකරපු ප්‍රධානතම චෝදනාවක් වූයේ හෙළිකොප්ටර් භාවිතා කිරීම. නමුත් ඔහු එවකට රටේ ජනාධිපතිවරයා. ලොව දරුණුම ත්‍රස්ත සංවිධානය යුදමය ලෙස පරාජය කළ රාජ්‍ය නායකයා ලෙස ඔහුට විශාල ජීවිත අනතුරක් තවමත් තිබෙනවා. අද සජිත් ප්‍රේමදාස මහතා හෙළිකොප්ටර් භාවිතා කරන්නේ රටේ නිවාස ඇමතිවරයා වශයෙනුයි.


පසුගිය කාලයේදී එජාපය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල කරපු සෑම මඩක්ම ආපසු කැරකුණ ආකාරයට, මෙම හෙළිකොප්ටර් මඩද ආපසු කැරකුණේ මෙලෙසයි.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.