Mahinda Rajapaksa: රාජපක්‍ෂලාට එරෙහිව බොරු නඩු දමන්නැයි ආණ්ඩුව බලපෑම් කළා..- FCID ප‍්‍රධානියාගෙනුත් හෙළිදරව්වක්!

Friday, October 25, 2019

රාජපක්‍ෂලාට එරෙහිව බොරු නඩු දමන්නැයි ආණ්ඩුව බලපෑම් කළා..- FCID ප‍්‍රධානියාගෙනුත් හෙළිදරව්වක්!



ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයින්ගේ බලපෑම් නිසා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය බලාපොරොත්තු වූ පරිදි පරිදි ස්වාධීනව ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවට එම කොට්ඨාසය භාර හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මහතා ආන්දෝලනාත්මක අනාවරණයක් කළේය.

එහි විමර්ශන ක්‍රියාත්මක කෙරුණේ පසුගිය ආණ්ඩුවේ එක්තරා පිරිසක් ඉලක්ක කරගනිමින් පමණක් බවයි

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මහතා මේ බව පැවසීය.



“ප්‍රශ්නය:- ඔබතුමා එෆ්.සී.අයි.ඩී.එකේ කටයුතු පවත්වාගෙන ගියේ කොහොමද ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- පැමිණිලි 300කට අධික ප්‍රමාණයක් ලැබිලා තිබුණා. එයින් පැමිණිලි 50ක විතර අපි විමර්ශන අවසන් කරලා තිබුණා. නඩු 15ක් පමණ තමයි දැනට පවතින්නේ.

ප්‍රශ්නය:- එෆ්.සී.අයි.ඩී. එක ආරම්භ කරපු ඒ අරමුණ ඉටු වුණාද ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- එෆ්.සී.අයි.ඩී. එකේ කාර්යයභාරය බොහොම ස්වාධීනව කරන්නට තිබුණා නම් මීට වැඩිය සාර්ථකත්වයක් ලබාගන්න තිබුණා.

ප්‍රශ්නය:- දේශපාලන බලපෑම් නිසා ඒ කාර්යය කරන්න බැරිවුණා කියන එකද ඔබ අදහස් කරන්නේ ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- ඔව් බලපෑම් පැහැදිලිවම තිබුණා. එෆ්.සී.අයි.ඩී. එක විභාග කළේ දූෂණ මර්දන කාර්යාංශයෙන් එවන පැමිණිලි පමණයි. වෙන පැමිණිලි අපිට ලබාදීමට හැකියාවක් තිබුණේ නැහැ කාටවත්. එම පැමිණිලි පවතින රජයට පෙර පැවති රාජ්‍ය පාලන කාලයේ තිබුණ දේවල් .එතකොට පැහැදිලි වෙනවා එක්තරා කොටසක් විතරක් ඉලක්ක කරගෙන විමර්ශන කළා කියන එක ඒ ගොල්ලන්ගේ අභිමතාර්ථය කියලා මට පෙනී ගියා මේ විමර්ශන කරද්දි.

ප්‍රශ්නය:- වැඩියෙන් පැමිණිලි ආවේ රාජපක්ෂවරුන්ට විරුද්ධවද ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- බරපතළ පැමිණිලි රාජපක්ෂවරැන්ට විරැද්ධව තමයි ආවේ.

ප්‍රශ්නය:- දූෂණ මර්දන කාර්යාංශයේ හිටපු ඇමතිවරුන්ගෙන් බලපෑම් ආවා කියලද ඔබ මේ කියන්නේ ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- විමර්ශන ඉක්මනින් කරලා ඉක්මනින් නඩු දාලා කරන්න කියපු දේ ඇත්ත.

ප්‍රශ්නය:- කවුද මේවා කරන්න කියලා ඔබතුමාලට උපදෙස් දුන්නේ ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- මේ කාර්යාංශයේ ප්‍රධානියා වුණේ ජනාධිපති නීතීඥ ජේ.සී. වැලිඅමුණ මහත්මයා. ඒගොල්ලෝ ඒ පැමිණිල්ල ඉදිරිපත් කරනකොටම ඔවුන්ගේ උපදෙසුත් ඒත් සමගම ඉදිරිපත් කළා.

ප්‍රශ්නය:- එෆ්.සී.අයි.ඩී. එකේ ප්‍රධානියා විදියට ඔබතුමාට ඔවුන්ගෙන් බලපෑම් ආවාද ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- එහෙම බලපෑම් ලැබුණා. නමුත් අපි ක්‍රියාකරේ නීතියට අනුවයි.

ප්‍රශ්නය:- ඔය කමිටුවේ හිටපු සාමාජිකයින් කවුද ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- රාජිත සේනාරත්න මහත්මයා, සරත් ෆොන්සේකා මහත්මයා, චම්පික රණවක මහත්මයා සහභාගී වුණා. මලික් සමරවික්‍රම මහත්මයාත් සහභාගී වුණා.

ප්‍රශ්නය:- එම කමිටුවේ අනුර කුමාර දිසානායක මහත්මයාත් හිටියද ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- කමිටු සමාජිකයෙක්ද කියන එක මම දන්නේ නැහැ ඔහු සහභාගී වුණා. මේ විමර්ශන සම්බන්ධයෙන් වැඩිපුර වුවමනාවක් තිබුණ අය තමයි මේ කමිටුවේ හිටියේ.

ප්‍රශ්නය:- ඔබතුමාගේ පත්වීම ගැන ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය ලිපියක් යොමුකළා දූෂිත නිලධාරියෙක් කියලා ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- එහිදී ඇය කියලා තිබ්බේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට පාදක වෙච්ච කරුණු ඔහු විසින් සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ කරපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මිග් ගණුදෙනුව ඒ වෙච්ච දූෂණයක් හෙළිදරව් කිරීම කියලා. මිග් ගනුදෙනුවේ යම්කිසි දූෂිත ක්‍රියාවලියක් සිදුවෙලා තියනවාද කියලා විමර්ශන කළේ එෆ්.සී.අයි.ඩී. එක. එතකොට මෙයින් උත්සාහයක් දැරුවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේකට සම්බන්ධයි කියන්න, නමුත් සාක්ෂි නැතුව කෙනෙක්ව වරදකාරයෙක් හෝ සැකකාරයෙක් කරන්නට බැහැ. ඒකට ඒගොල්ලන්ට අවශ්‍ය දේ ඉෂ්ට කරගන්න මාව ඉත්තෙක් කරගන්නට මම කොහොමවත් ඉඩක් තිබ්බේ නැහැ.

ප්‍රශ්නය:- ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔය මිග් ගනුදෙනුවෙදි සැකකරුවෙක් විදියට අනාවරණ වුණාද ?

FCIDයේ හිටපු ප්‍රධානියා:- එතුමාගේ සෘජු හෝ වක්‍ර සම්බන්ධතාවයක් පිළිබඳ මම ඉන්න කාලේ කිසිම අනාවරණය වීමක් වෙලා නැහැ.“

source:adaderana.lk

මීට පෙරද මේ ආකාරයෙන්ම ආණ්ඩුව විසින් බොරු චෝදනා නගමින් කරන ලද රාජපක්ෂ දඩයම ගැන ආණ්ඩුවේම තවත් ජේෂ්ඨ නිලධාරීන් දෙදෙනෙක් හෙළිදරව් කළේය.

1. "අමාත්‍යවරුන් දෙදෙනෙකු, ගෝඨාභය අත්අඩංගුවට ගන්න බලපෑම් කළා - හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් හෙලිදරව්වක"



2. ගෝඨාභයට එරෙහිව නඩු දැමීම ගැන කණගා‍ටු වෙනවා - අල්ලස් හා දුෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ


mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.