Mahinda Rajapaksa: මාධ්‍යවේදිනියකට ගෝඨාභය මහතාගේ ප්‍රතිචාරය මෙන්න...

Tuesday, October 15, 2019

මාධ්‍යවේදිනියකට ගෝඨාභය මහතාගේ ප්‍රතිචාරය මෙන්න...


ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවත්වූ මාධ්‍ය හමුවේදී ඉන්දීය මාධ්‍යවේදිනිය ඇසූ ප්‍රශ්නය ඒ ආකාරයෙන්ම පහත දැක්වේ.
"What happened to the people who surrendered to the army since you were leading the army that time?"

එහි සිංහල පරිවර්තනය වන්නේ.
ඔබ එවකට යුද හමුදාවට නායකත්වය දුන් නිසා, යුද හමුදාවට යටත් වූ ජනතාවට සිදුවූයේ කුමක්ද?



බොහෝ දෙනා සිතන් සිටින්නේ "army" යනු ත්‍රිවිධ හමුදාවම බවයි. නමුත් "army" යනුවෙන් හැඳින්වෙන්නේ භූමිය මත සටන් වදින හමුදාව වේ. විකීපීඩියා වෙබ් අඩවියේ මෙලෙස හැඳින්වෙයි.

An army is a fighting force that fights primarily on land. In the broadest sense, it is the land-based military branch, service branch or armed service of a nation or state. source: https://en.wikipedia.org/wiki/Army

ඒ අනුව යුද හමුදාවට නායකත්වය දීමට යුද හමුදාපතිවරයෙක් ද, ගුවන් හමුදාවට නායකත්වය දීමට ගුවන් හමුදාපතිවරයෙක් ද, නාවික හමුදාවට නායකත්වය දීමට නාවික හමුදාපතිවරයෙක්ද, සිවිල් ආරක්ෂක බලකායට නායකත්වය දීමට සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානියෙක් ද සිටී.

ආරක්ෂක ලේකම්වරයා යනු ත්‍රීවිධ හමුදාවේම ඉහළම රාජ්‍ය නිලධාරියා වෙයි. ආරක්ෂක ලේකම්වරයා නායකත්වය දෙන්නේ හුදු යුද හමුදාවට හෝ ගුවන් හමුදාවට නොව, රටේ ත්‍රිවිධ හමුදාවටම හා පොලිසියට මය.

ඒ අනුව ගෝඨාභය මහතා එම ප්‍රශ්නය නිවැරදි කළේය.

"You are mistaken I think, I was not leading the army. There is a commander of army. The army led by army commander."

යම් විදිහකින් ගෝඨාභය මහතාගෙන් ඇසුවානම්
 "What happened to the people who surrendered to the navy since you were leading the navy that time?"

එහිදීත් තමන් නාවික හමුදාපතිවරයා නොවන බව ගෝඨාභය මාහතා පළමුව නිවැරදි කරනු ඇත.


අදාල ප්‍රශ්නයට ගෝඨාභය මහතා දුන් පිළිතුරේ කෙටි සිංහල පරිවර්තනය මෙලෙසයි.

😍  ගෝඨාභය: ඔව් ඒ සටන අවසන 13784 දෙනෙක් අපිට බාර වුණා. අපි ඒ සියල්ලව පුනරුත්ථාපනය කර නැවත සමාජයට අනුයුක්ත කළා. එපමණක් නොවෙයි ඔවුන්ට සිවිල් ආරක්ෂක අංශයේ රැකියාද ලබා දුන්නා. සමහරුන්ව හමුදාවට එක් කර ගත්තා. අපි කළේ ලෝකයේ කිසිම රටක් සිදු නොකළ සාර්ථකම පුනරුත්ථාපන වැඩසටහන.
⏹️ මාධ්‍යවේදනීය: ඒකේ තේරුම අතුරුදන් වූ පුද්ගලයන් නැද්ද?
😍  ගෝඨාභය: අතුරුදහන් වූවන් සහ ආරක්ෂක අංශ යටත් වූ අය යනු වර්ග දෙකක්. ආරක්ෂක අංශ වලත් 4000 කට වඩා නිලධාරීන් අතුරුදහන් වී තිබෙනවා. යුද බිමේදී අපගේ පාර්ශවයේ සෙබලුන්ගේ දේහයන් වුවද ලබා ගැනීමට නොහැකි වෙන අවස්ථාවන් යාපනය කො‍ටුවේදී මම මගේ ඇස් දෙකෙන්ම දැක තිබෙනවා. ඒ අනුව ඔවුන් අතුරුදහන් ලෙස සැලකෙන්නේ ඔවුන්ගේ දෙමාපියන්ට හෝ නෑයන්ට අදාල සෙබලාගේ දේහය ලබා ගැනීමට නොහැකි වීම නිසයි. ඔබ අහපු ප්‍රශ්නයට අනුව යටත් වූ අයව පුනරුත්ථාපනය කර නැවතත් සමාජයට අනුයුක්ත කර තිබෙනවා.
⏹️ මාධ්‍යවේදනීය: උතුරේ සමහර පවුල් පවසනවා යටත් වූ අය, එම පුනරුත්ථාපනය කළ දහ තුන් දාහේ කොටසක් නොවන බව. ඔවු බොරුද කියන්නේ?
😍 ගෝඨාභය: කාට හෝ එසේ කීමට පුළුවන්. එය චෝදනාවක් පමණයි. එලෙස භාර වූ කිසිවෙක්ට අදාලව කිසිවක් වාර්තා වී නොමැත.

ඒ තමයි අපි කියන රටට පණ මෙන් ආදරය ගෝඨාභය මහතා රණවිරුවන්ට එරෙහි ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා වලට දුන්න උත්තරය. ගෝඨාභය රාජපක්ෂ මහතා කතා කරන අකුරක් ගානේ වැරදි හොයන සමහරුන්ට එතුමන් ලබා දුන් එම උත්තරය ඇහෙන්නේ නෑ.

ඉන්දියානුවෙක් අවිත් අපේ රටේ රණවිරුවන්ට යුද අපරාධ චෝදනා නගද්දී ගෝඨාභය මහතා රණවිරුවන්ව පාවා දුන්නේ නෑ. ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේදී එතුමන් රණවිරුවන්ව ‍රැකගත් ආකාරය මඩ කරුවන්ට පේන්නේ නෑ.

අපේ රටේ මාධ්‍යවේදියෙක් ඉන්දියාවට ගිහින් ඉන්දීය හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කළොත්, සමස්ත ඉන්දියානුවන්ම පක්ෂ පාට බේධයකින් තොරව අදාල මාධ්‍යවේදියාට එරෙහිව නැගී සිටිනවා. පසුදා ඉන්දීය මාධ්‍ය වල පොල් අකුරෙන් සිරස්තල දාන්නේ අදාල ශ්‍රී ලාංකික මාධ්‍යවේදියාව විවේචනය කරමින්. ඒත් අපේ රටේ එක්තරා පිරිසකට ඕන කර තිබෙන්නේ රණවිරුවන්ව පෝරකයට යවා හෝ ගෝඨාභය මහතාට මඩ ගැසීමයි.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.