Mahinda Rajapaksa: "රජුට කියන්න ඕන අපේ ළමයි බේර ගන්න"- එදා මහින්දගෙන්, "අනේ සර් අපිව බේර ගන්න" - අද ගෝඨාගෙන්...

Monday, October 21, 2019

"රජුට කියන්න ඕන අපේ ළමයි බේර ගන්න"- එදා මහින්දගෙන්, "අනේ සර් අපිව බේර ගන්න" - අද ගෝඨාගෙන්...


දිනය 2009 මැයි 16: ප්‍රභාකරන්ගේ ග්‍රහණයෙන් ගැලවී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව දෙසට පලා ආ ජනතාව අතර සිටි කාන්තාවක් ජනමාධ්‍ය ඉදිරියේ හඬා වැටෙමින් මෙසේ කීවා.

"ළමයි මහත්තයයි ඕන... හැමෝටම ජීවත් වෙන්න ඕන... හැමෝම බේර ගන්න ඕන... රජුට කියන්න ඕන අපේ ළමයි ඔක්කොම දෙමළ ජනතාව ඔක්කොම බේර ගන්න ඕන... මගේ ජීවිතේ නැති වුණත් කමක් නෑ... අපෝ ළමයි බලන්න බෑ... කකුල නැතිවයි... පාරේ මැරිල මැරිලා ඉන්නවා දැකල දැකලා ජීවිතේ එපා වෙලා... මගේ ජීවිතේ විතරක් බේරුණාට වැඩක් නෑ හැමෝගෙම ජිවිත බේරගන්න ඕන..."



එදා අපේ ගෙවල් වල සිටි අම්මලා දෑසේ කඳුළු පිස දමමින් එය බලා සිටියා ඔබට මතක ඇති...

එදා ඒ අහිංසක කාන්තාවගේ ඉල්ලීම ඉ‍ටු කරමින් සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ගේ නායකත්වයෙන් රණවිරුවන් විසින් මේ රටට සාමය උදා කර දුන්නා.

එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ජනතාව ඉල්ලුවේ එකම එක දෙයයි. ඒ රට බේරල දෙන්න කියන එක. මීට පෙර ජනාධිපතිවරුන් සටන් විරාම වලට යද්දී මහින්ද රාජපක්ෂ මැතිතුමන්, ඒ ඉල්ලීම ඉ‍ටු කර දුන්නා.

ඉතිහාසය පුනරුච්චාරණය වෙනවා (history is repeating itself) කියල ඔබ අසා ඇති... හොඳට තිබුණ රටට ගෙන ආ යහපාලනය නිසා රට නැවතත් අවුරුදු 30 ආපස්සට යන බව යහපාලනවාදීන් බලාපොරොත්තු වුණේ නෑ.

අද තමන්ව බේරල දෙන්න කියල කියන්නේ දකුණේ ජනතාව. ඒ වගේම අද ඒ ඉල්ලීම ඉදිරිපත් කරන්නේ මීට පෙර මුළු රටක්ම බේරා දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට එදා ආරක්ෂක ලේකම්වරයා ලෙස සහය දුන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගෙනුයි.











එදා අර අහිංසක දෙමළ කාන්තාවගේ ඇස් වල තිබූ කඳුළු, අද දකුණේ ඉන්න හැම අම්මා කෙනෙක්ගේම ඇස් වල...

මීට හරියටම අවුරුදු 10 කට පෙර තම වගකීම නිසියාකාරවම ඉ‍ටු කළ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්, මෙවරත් ජනතාවගේ ඒ ඉල්ලීම නිසියාකාරවම ඉ‍ටු කරන බවට සහතිකයි.