Mahinda Rajapaksa: සජිත් කියපු විදිහටම සිරිසඟබෝ හිස දන් දීමෙන් පසු රජ වූයේ ගෝඨාභයයි.

Saturday, October 26, 2019

සජිත් කියපු විදිහටම සිරිසඟබෝ හිස දන් දීමෙන් පසු රජ වූයේ ගෝඨාභයයි.



[1]. ඉතිහාසය පුනරාවර්තනය වීම (History repeats itself) ගැන බටහිර ලෝකයේ විද්‍යාත්මකව පරීක්ෂණ සිදුකර ඇති අතර එය මේ වන විට ලෝකයේ අවධානයට ලක්ව ඇත. මේ ගැන Historic recurrence නැමැති විකීපීඩියා පි‍ටුවේ වැඩි විස්තර දැක්වෙයි. මේ අපි කියන්නට යන්නේ එවැනි සිදුවීමක් ගැනයි.


[2]. 2019/10/22 දින නාත්තන්ඩියේ පැවැති ජනහමුවක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පැවසූයේ මෙලෙසයි
"මතක තියා ගන්න, සජිත් ප්‍රේමදාස ලෑස්තියි මේ රටේ යුද විරුවන් වෙනුවෙන් සිරිසඟබෝ වෙලා බෙල්ල දෙන්නට මේ සජිත් ප්‍රේමදාස ලෑස්තියි කියන එක මේ අවස්ථාවේ මං කියන්න කැමතියි."




[3]. සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ බොරුවක්ම නොවේ. ඔහු කරන්නේත් හිස දන් දීමකි. යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා වූයේනම් ජනාධිපතිවරණ පරාජයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතාට එජාප නායකත්වය අහිමි වෙයි. නමුත් සජිත්ගේ හිස දන් දීම නිසා රනිල් තවත් කාලාන්තරයකට එජාප නායකත්වය උසුලනු ඇත. සජිත් ප්‍රේමදාසට නියෝජ්‍ය නායකත්වය අහිමි වෙනු ඇත.




[4]. අනෙක් අතට සජිත් ප්‍රේමදාස මහතා තම (නියෝජ්‍ය නායකත්ව) බෙල්ල දෙන්නට යන්නේද ඔහු ලෑස්ති වී සිටින පරිදිම රණවිරුවෙකුටය. ඒ ගෝඨාභය මහතාටයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උරහිසේ ඇති "රණ වික්‍රම", "රණ සූර" ආදී පදක්කම් ලැබී තිබෙන්නේ යුද බිමේදී දක්වන ලද විශිෂ්ඨ සංග්‍රාමික දක්ෂතා වෙනුවෙන්, ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව වැනි ඓතිහාසික හමුදා විරුවන් අතිනි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ බලාපොරොත්තුව ඉ‍ටු වෙනු ඇත.




[5]. වඩාත්ම සිත්ගන්නා සුළු කාරණාව ඒ කවරක්වත් නොවේ. ලක්දිව ඉතිහාසය අනුවත් මෙවැනිම සිදුවීමක් වාර්තා වී තිබීමයි. ඒ සජිත් ප්‍රේමදාස මහතා පවසන සිරිසඟබෝ රජතුමා ගැනයි. එදා සිරිසඟබෝ රජතුමා සිය කැමැත්තෙන්ම බෙල්ල දුන්නේ අන් කවරෙකුටවත් නොව ගෝඨාභය රජතුමාට ය. [මූලාශ්‍රය]. අද සජිත් ප්‍රේමදාස මහතා රනිල්ව බේරා ගැනීම සඳහා සිය කැමැත්තෙන්ම "සිරිසඟබෝ වගේ" (නියෝජ්‍ය නායකත්ව) බෙල්ල දෙන්නට යන්නේ ගෝඨාභය මහතාට ය.




[6]. රජ වීමට පෙර ගෝඨාභය රජතුමා යනු එදා රටේ රාජ්‍ය අමාත්‍යවරයා විය. ඉහත විකීපීඩියා උදෘතයේ "Minister of State" යනුවෙන් දක්වා ඇත්තේ එයයි. රාජ්‍ය අමාත්‍ය යනු ලක්දිව රාජධානියේ බලවත්ම රාජ්‍ය තනතුර වූ අතර, එය සමාන වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමගේ කාලයේදී ගෝඨාභය මහතා දරූ "ආරක්ෂක ලේකම්" තනතුරට ය.


[7]. ලක්දිව ඉතිහාසයට අනුව ගෝඨාභය රජතුමා පුරා වසර 13 ක් රාජ්‍යත්වය දැරූ අතර, වත්මන් ගෝඨාභය මහතා ද වසර 10 කට වඩා රට පාලනය කළ යුතු බව අනුරාධපුරයේදී මහා සංඝයා වහන්සේ පැවසූවා අපට මතක ඇත.


[8]. සිරිසඟබෝ රජතුමා හිස දන් දී ඇත්තේ හත්ථිකුච්චි හෙවත් "ඇත් කුස්" නම් විහාරයකදී වන අතර, හාස්‍යජනක සිදුවීම වන්නේ සජිත් ප්‍රේමදාස මහතාද සිය නියෝජ්‍ය නායකත්ව හිස දන් දන්නේ ඇතෙකුගේ ලාංඡනයෙන් පෙනී සිටින එක්සත් ජාතික පක්ෂයෙනි.




[9]. ලක්දිව ඉතිහාසයේ ගෝඨාභය රජතුමා ගැන සඳහන් වන්නේ සම්බුද්ධ ශාසනයට සේවාවක් කළ රජෙකු ලෙසටයි. [මූලාශ්‍රය]


ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තුමාද මානුෂික මෙහෙයුමෙන් පසු හමුදා ඉංජිනේරු බලකාය යොදා ගනිමින් උතුරු නැගෙනහිර බෞද්ධ වෙහෙර විහාරස්ථාන අති විශාල ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කර ඇත. පසුගිය කාලය පුරාවටම දෙමළ සංධානය විරෝධය පළ කළේ ඒවා ඉවත් කරන්න කියමිනි. ඔවුන් කළ ඉල්ලීම් 13 තුළද ඒවා ඉවත් කිරීමට බල කර ඇත.



[10].ගෝඨාභය රජතුමාව ප්‍රසිද්ධ වීමට තවත් හේතුවක් වන්නේ බුදු දහමට වින කළ වෛතුල්‍යවාදී භික්ෂූන් 60 ක් පි‍ටුවහල් කිරීමෙනි. [මූලාශ්‍රය]


2012 කාලයේදී ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තුමා විසින් අන්තවාදී පූජකයන් 161 ක් පි‍ටුවහල් කර තිබුණි. [අල් ජසීරා මූලාශ්‍රය]. එම අන්තවාදීන්ගේ භයානකත්වය දන්නා මුස්ලිම් ජනතාව ඊට ප්‍රසාදය පළ කළද, සහරාන්ට අත දුන් සමහර මුස්ලිම් නායකයින් එදා ඊට විරෝධය පළ කර තිබුණි.



එදා ගෝඨාභය මහතා විසින් එකී අන්තවාදීන්ව පි‍ටුවහල් නොකරන්නට සහරාන් බිහි වන්නේ 2015 ට පෙරදීය. එජාප ආණ්ඩුව පැමිණීමෙන් පසුව එකී අන්තවාදීන් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ සහරාන් වැන්නන්ට අන්තවාදය පොවා ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසුව එජාප ආණ්ඩුවට ඇස් ඇරී එම අන්තවාදීන්ව නැවතත් පි‍ටුවහල් කර තිබේ.  [මූලාශ්‍රය].



[11]. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වත්මන් භාවිතය, සජිත් ප්‍රේමදාස මහතාගේ හිස දන් දෙන ප්‍රකාශය ඇසුරෙන් ඉතිහාසය සමග සැස‍ඳෙනවා වුවද ගෝඨාභය මහතා යනු තමන් රජෙක් ලෙස පෙනී සිටින්නෙක් නොවේ. ගැලරිය චූන් කරන කතා ඔහුට නැත, ශ්‍රී මුඛ නැත, කුඩ ඇල්ලීමට ආවතේවකරුවන් නැත, ආර්යාවන් නැත, කතා පවත්වද්දී ප්‍රතිවාදියාට මඩ ගසන්නේ නැත. ඔහු රණවිරුවෙක් පමණක් නොව, පරිගණක විද්‍යාව ගැන පශ්චාත් උපාධිධරයෙකි. කළමනාකරුවෙකි, තම හැකියාව ඔප්පු කළ ප්‍රායෝගික නායකයෙකි.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.