Mahinda Rajapaksa: "ගෝඨාභය සුදු වෑන් වලින් කිසිවෙක්ව පැහැරගෙන නෑ". අවසානයේදී එජාපය සුදු වෑන් බොරු බව පවසයි..

Thursday, October 24, 2019

"ගෝඨාභය සුදු වෑන් වලින් කිසිවෙක්ව පැහැරගෙන නෑ". අවසානයේදී එජාපය සුදු වෑන් බොරු බව පවසයි..


[1]. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට මඩ ගැසීම සඳහා එජාප මඩ මාධ්‍ය ඒකකය විසින් ගෙතූ කතාවක් වන්නේ "ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සුදු වෑන් වලින් මාධ්‍යවේදීන්ව පැහැර ගත්තා" යන චෝදනාවයි.

(i). මේ පිළිබඳව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා විසින්, පොලීසිය භාර අමාත්‍යවරයාව සිටි සාගල රත්නායක ඇමතිවරයාට ප්‍රශ්නයක් යොමු කර තිබුණා.

(ii). "2010-2015 දක්වා කාලයේදී, සුදු වෑන් වලින් පැහැර ගත් මාධ්‍යවේදීන් කොපමණද?, ඔවුන්ගේ නම් සහ විස්තර මොනවාද?, ඊට අදාල සාක්ෂි මොනවාද?" යන ප්‍රශ්න ඊට අයත් වුණා.

(iii). එවකට පොලීසිය භාර ඇමතිවරයා ඊට කල් ඉල්ලා තිබුණා. පසුව සාගල රත්නායක ඇමතිවරයා වෙනුවෙන් ඊට ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇමතිවරයා පිළිතුරු ලබා දී තිබුණා.

(iv). "එම කාල සීමාව තුළදී සුදු වෑන් මගින් මාධ්‍යවේදීන්ව පැහර ගැනීමක් සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැත. ඒ නිසා ඉතිරි ප්‍රශ්න පැන නොනගී" කියලයි ඒ පිළිතුරෙහි සඳහන් වුණේ. [Source]



(v). ඉහත දැක්වෙන්නේ ඊට අදාල හැන්සාඩ් වාර්තාවේ පින්තූරයක්. ඒ වගේම මිතුරු මිතුරියනි, ෆේස්බුක් එකේ ඔය වගේ පින්තූරයක් දැක්ක පළියට ඒක පිළිගැනීම සමහර අය කරන වරදක්. සෑම විටම ඊට අදාල මූලාශ්‍රය විශ්වාසදායී මාධ්‍යයකින් (legitimate source) සොයා බැලීමට අප පුරුදු වෙන්නට ඕන. මෙන්න පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් අදාල හැන්සාඩ් මූලාශ්‍රය.

(vi). නමුත් එජාපේ මඩ කොතරම් දරුණුද කියනවානම් අපේ පාක්ෂිකයන්ගෙන් සමහරු පවා සුදු වෑන් කතාවට පිළිතුරු නොදී මග හරින තරමට එම මඩ සමාජ ගත වෙලා තියෙනවා.


[2]. සුදු වෑන් ගැන ව්‍යාජ චෝදනා කරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව, සුදු වෑන් එකකින් රයන් ජයලත් නැමැති වෛද්‍ය ශිෂ්‍යයාව පැහැර ගැනීම අතටම හසු වුණේ මෙලෙසයි. පහත දැක්වෙන්නේ මඩ නොව, වීඩියෝ මගින් සාක්ෂි සහිතව ඔබ ඇස් දෙකෙන් දකින දේ වන අතර, අපට දේශපාලනිකව විරුද්ධ පාර්ශව දෙකක් වන ජවිපෙ සහ පෙර‍ටුගාමී යන දෙකොටසම දෙවන වීඩියෝවේදී ප්‍රකාශ කරයි.






[3]. සත්‍ය හා සාධාරණ ඡන්දයක් වෙනුවෙන් පෙනී සිටින ජනතාවක් වශයෙන්, එජාපය විසින් තම වැරදි අන් අයට පිට පටවන මෙම මඩ දේශපාලනයට තිත තියමු. ගයන්ත කරුණාතිලක ඇමතිවරයාගේ පිළිතුර හැකි තරම් බෙදා හරිමින් රාජපක්ෂ යුගයට අදාල එජාප සුදු වෑන් මඩ චෝදනා වලට ‍තාමත් රැවටී සිටින (දුමින්ද නාගමුව මහතා ඇතුළු) අයට ඇත්ත පෙන්වා දෙමු.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.