Mahinda Rajapaksa: November 2019

Monday, November 18, 2019

7 වන විධායක ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් දිවුරුම් දීම (පින්තූර)



ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේ රුවන්මැලිසෑ මළුවේ ඇති දු‍ටුගැමුණු රජතුමාගේ පිළිරුව අබියස ඉදි කළ පීඨිකාවක සිටයි.

තමනට ජනාධිපති ජනාධිපති ධුරයට පත් වන්නට හැකියාව ලැබුනේ මෙරට සිව්දිග වැඩවසන මහා සංඝරත්නය විසින් ලබාදුන් ආශිර්වාදය මුල්කරගෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. තම ජයග්‍රහණය ප්‍රධාන සාධකය වූයේ බහුතර සිංහල ජනතාව බව මුල සිටම දැන සිටි බවද ඔහු සඳහන් කළේය. සිංහල ජනතාවගේ ඡන්දයෙන් තමනට ජනාධිපති විය හැකි බව මුල සිටම දැන සිටියද එම ජයග්‍රහණයේ කොටස්කරුවන් වන්නැයි මුස්ලිම් සහ දෙමළ ජනතාවට ද තමන් ආරාධනා කළ බවද ඔහු කියා සිටියේය. නමුත් එයට ප්‍රතිචාර තමන් අපේක්ෂා කළ මට්ටමක නොතිබූ බවද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් පැවසුවේය. තමනට ඡන්දය දුන් නොදුන් සියලු දෙනාටම තමන් ස්තුතිවන්ත වන බවත් ඔවුන් සියලු දෙනාටම නායකත්වය දෙමින් ඔවුනට ආරක්ෂාව සැලසීම තමා භාරගන්නා බවද ජනාධිපතිවරයා එහිදී තව දුරටත් සදහන් කලේය.

එහිදී එතුමා පසෙකින් සිටි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේද්‍ර සිල්වා මහතාව කාගේත් අවධානයට ලක් වූයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ආරක්ෂක ලේකම් ලෙස සිටියදී එතුමන්, ජෙනරාල් ජගත් ඩයස් මහතා සමග මානුෂික මෙහෙයුම අවසන් කළ 58 සේනාංකයේ සෙන්පතිවරයා වශයෙන් ජනාදරයට පත්ව සිටින බැවිනි.



Sunday, November 17, 2019

උතුරු-නැගෙනහිර ඡන්ද ධ්‍රැවීකරණය වීමට හේතුව මෙන්න.


"උතුරු-නැගෙනහිර ඡන්ද ධ්‍රැවීකරණය වුනේ ඇයි?" යනුවෙන් Nadeepa Wickramage නැමැති මහතෙක් ෆේස්බුක් එකේ පළ කළ මෙම සටහනට වැඩි අවධානයක් ලැබී තිබුණේ නෑ. මෙහි ඇති වැදගත් කම නිසාම අපි යළි පළ කරනවා.

2015 උතුරු නැගෙනහිරෙ ඡන්ද ප්‍රතිඵල බලද්දි ඒ ප්‍රදේශ වල ජනතාව අති බහුතරයක් සිරිසේනට ඡන්දය දුන්න බව මතක ඇති. 2019 දි ඒ ප්‍රදේශ වල ජනතාව 2015 ටත් වඩා වැඩියෙන් සජිත්ට ඡන්දය දීලා. විශේෂයෙන් යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක වල සජිත්ට 10% සහ 7% ක් වැඩියෙන් ඡන්දය දීලා. මඩකලපුව සහ දිගාමඩුල්ලෙ සජිත්ට ලැබුන ප්‍රතිශතය 2015 ට වඩා සුළු අඩුවක් තිබුනත්, ත්‍රිකුණාමලයෙත් 4% ක විතර වර්ධනයක් තියෙනවා. රටේ අනිත් පළාත් වල සජිත් ගත්ත ප්‍රතිශතය 2015 ට සාපේක්ෂව අඩු වෙලා. උතුරු නැගෙනහිර ඡන්ද වැඩි වෙද්දි රටේ අනිත් පළාත් වල අඩු වීම තමයි ධ්‍රැවීකරණය.




රටේ අනිත් පළාත් වල (දකුණෙ ) සජිත්ට ඡන්ද අඩු වෙන්න ප්‍රධාන හේතුව විදියට මම දකින්නෙ ආණ්ඩු විරෝධය. මේ ආණ්ඩු විරෝධයට හේතු කීපයක් තියනවා. සමස්තයක් විදියට ආර්ථික සංවර්ධනය අඩපණ වීම, ආරක්ෂාව අඩු වීම වගේම අන්තවාදී කණ්ඩායම් වලට එරෙහිව ක්‍රියාමාර්ග නොගැනීමත් අයිතියි.

උතුරු නැගෙනහිර මේ ප්‍රශ්න නැද්ද? තියනවා. එහෙනම් ඇයි උ-නැ ජනතාව ආණ්ඩු විරෝධය වෙනුවට ආණ්ඩුවේ පැත්ත ගත්තෙ? (මේක තමා අපි තේරුම් ගන්න ඕනෙ ප්‍රශ්නය. එහෙම වෙන්නෙ ඇයි කියල ඒ ජනතාව වත් දන්නෙ නෑ කියල තමයි මට නම් හිතෙන්නෙ.)

යහපාලනය බලයට ආවෙ සංහිඳියාව ඇති කරනව කියල. ඔවුන් සංහිඳියාව ඇති කළානම්, මේ විදියෙ ධ්‍රැවීකරණය වූ ප්‍රතිඵලයක් වෙනුවට, රටේම ජනතාව එකම ප්‍රශ්න වලට සංවේදී වීමයි වෙන්න ඕනෙ. නමුත් ප්‍රතිඵලය ඒකෙ අනිත් පැත්ත. තිබුනටත් වඩා රටේ මිනිස්සු බෙදිල කියන එකයි තේරෙන්නෙ.

සංහිඳියාව කියල යහපාලනය කරල තියෙන්නෙ උ-නැ ඔවුන්ගේ ඡන්ද ගොඩ වැඩිකරගන්න ඒ ප්‍රදේශ වල ප්‍රාදේශීය නායකයන්ට ඔවුන්ගේ බෙදුම්වාදී න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරන්න පහසුකම් ලබා දීල තියෙන එක. ඒකෙ ප්‍රතිඵල තමයි ඡන්දෙන් අපිට දකින්න පුළුවන්. ඒකෙ අතුරුඵලය තමයි දකුණෙ ආණ්ඩු විරෝධය එලියට ආවෙ.

ගෝඨාභයට ලොකු වගකීමක් තියනවා උ-නැ පළාත් වල ජනතාව එකම භූමියක ඉන්න ජනතාව පමණක් නොව, රටක් විදියට එකට හිතන-පතන ජනතාවක් බවට පරිවර්තනය කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් හදල ක්‍රියාත්මක කරන එක. 2010-2015 දි මහින්දලා කළ භෞතික සම්පත් වර්ධනය, 2015-2019 රනිල්-සිරිසේන කළ ඉල්ලීම් වලට හිස නැමීම වෙනුවට වෙනස් දෙයක් කරන්න ඕනෙ. එහෙම නොකළොත් මේ බෙදීම තවත් වැඩි වෙන එක නවත්තන්න අමාරුයි.

Friday, November 15, 2019

ලංකාඊනිවුස් පෙන්වූ ඇමරිකානු ලිපිය පට්ට පල් බොරුවක්. එහි දිනය ඇමරිකාවේ රජයේ නිවාඩු දිනයක්.


[1]. සඳරුවන් සේනාධීර නැමැත්තෙක් විසින් ලියන ලංකාඊනිවුස් නැමැති වෙබ් අඩවිය විසින් "ගෝඨා මෙතෙක් පෙන්වූ ගෝනි සෙල්ලම ඉවරයි..! ‌ගෝ්‍ඨාභය පෙන්වන සහතික බොරු..! පුරවැසිභාවය ඉවත්කිරීම අහවර නෑ..! ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිල වශයෙන් කියයි..! අදාල ලිපිය මෙන්න" නැමැති මාතෘකාව යටතේ පළ කරන ලද ලිපිය පහත දැක්වේ. [Archive 1 , 2 , 3 , 4]



එහි දිනය ලෙස දැක්වෙන්නේ 2019 නොවැම්බර් 11 දිනයි.

[2]. නමුත් නොවැම්බර් 11 යනු ඇමරිකාවේ "Veterans Day" හෙවත් "රණවිරු දිනය" යි. එදින ඇමරිකාවේ සියලුම රජයේ ආයතන වලට රාජ්‍ය නිවාඩු දවසකි. [මූලාශ්‍රය]  ඇමරිකාවේ රාජ්‍ය නිවාඩු දිනයක ඇමරිකාවේ කිසිදු දෙපාර්තමේන්තුවක් එවැනි ලිපි ලියන්නේ නැත.


[3]. සඳරුවන් සේනාධීර වැන්නන් අපේ රණවිරු දිනය දා ත්‍රස්තවාදීන්ව වර්ණනා කරමින් සිටියද, සෑම ඇමරිකානුවෙක්ම සිය රණවිරු දිනය දා නිවාඩු ලබාගෙන එදිනට තම දේශය වෙනුවෙන් ඇස් මස් ඉස් ලේ ජීවිත පූජා කළ රණවිරුවන් වෙනුවෙන් පවත්වන වැඩසටහන් වලට සම්බන්ධ වෙයි.

[4]. සඳරුවන් සේනාධීර විසින් ඇමරිකාවේ නොවැම්බර් 11 රණ්විරු දිනය යොදා ගනිමින් ව්‍යාජ ලිපි ලියා මඩ ගසා ඇත්තේ, පුරන් අප්පු ගොංගාලේගොඩ බණ්ඩා යන ජාතික විරුවන්ගේ නායකත්වයෙන් සිදුකළ නිදහස් හටනට පසුව නිදහස් ශ්‍රී ලංකාවේ මුල් වරට රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් සිදුකළ මහා යුද මෙහෙයුම වූ "වඩමාරච්චි සංග්‍රාමයේ" සිටි බල සේනාවක් මෙහෙයවූ ගජබා රෙජිමේන්තුවේ සේනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැමති රණවිරුවාටයි. [මූලාශ්‍රය]






[5]. එවන් ජාතික විරුවෙක් වන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මඩ ගහන සඳරුවන් සේනාධීරගේ පැටිකිරිය ගැන දැනගන්නට ඔබ කැමති ඇති. ඔහුගේ නම ගුගල් කළ විට ලැබෙන පළමු ලිපිය වන්නේ මෙයයි. 2016/11/26 දින (එනම් එජාප ආණ්ඩු කාලයේදී) අධිකරණයට මඩ ගසා රටෙනුත් පැන ගොස් සැඟවී සිටින ජාත්‍යන්තර පොලිසියෙන් වරෙන්තු ඇති අපරාධකරුවෙකි. [මූලාශ්‍ර] 😂🤣


[6]. මේ ගැන ෆේස්බුක් එකේ හෙළිදරව් කීරිමෙන් පසුව, ලංකාඊනිවුස් ෆේස්බුක් පේජ් එකේ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම දමා තිබූ පෝස්ට් දෙකම ඔවුන් ඉවත් කරගෙන ඇත. ලංකාඊනිවුස් වෙබ් අඩවියේ ඇති උක්ත ලිපියත් සද්ද නැතිවම ඩිලීට් කර ගැනීමට ඉඩ ඇති බැවින්ද, ව්‍යාජ ලිපි සෑදීමේ වරදට ඇමරිකානු රජයෙන් සඳරුවන් සේනාධීරට එරෙහිව සිදුකරන නීතිමය කටයුතු උදෙසා සහාය පිණිසද, ලංකාඊනිවුස් වෙබ් අඩවියේ අදාල මඩ ලිපිය අප විසින් පහත පරිදි ආකයිව් කර ඇත. 

https://web.archive.org/web/20191115105158/http://www.lankaenews.com/news/9994/si
https://web.archive.org/web/20191115105754/https://www.lankaenews.com/news/3070/en
http://archive.is/sDSn2
http://archive.is/wOwqO

Wednesday, November 13, 2019

Monday, November 11, 2019

ගෝඨාභයගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කරන්න කිසිම හේතුවක් තිබුණෙ නෑ! කවුරුවත් විරුද්ධ වුණෙත් නෑ. - මැකොගෙ ප්‍රකාශයෙන් තහවුරු වෙයි.





මැතිවරණ කොමිෂන් සභාවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට හේතු කිසිවක් නොතිබූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

කොමිෂන් සභාව අවධානය යොමු කරන ලද්දේ මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති බලතල අනුව නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට අදාළ හේතු සම්බන්ධයෙන් පමණක් බවද ඒ මහතා සඳහන් කළේය.

ඒ හේතුවෙන් කිසිම අපේක්ෂකයෙකුගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් හෝ සිරදඬුවම් විදීමක් සම්බන්ධයෙන් හෝ වෙනත් කිසිදු කරුණක් සම්බන්ධයෙන් කිසිඳු ලියකියවිල්ලක් කොමිෂන් සභාව විසින් ඉල්ලා නොසිටි බවත් ඒ පිළිබඳ අවධානය නොදැක්වූ බවත් ඔහු පැවසීය.

නමුත් සියලු අපේක්ෂකයන්ගේ තමන් කිසිදු නුසුදුසු කමකට යටත් වී නැතැයි දිවුරුම් ප්‍රකාශයක් ලබා ගත් බවත් පැවසූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට නාමයෝජනා භාරගත් අවසාන දිනය පැය දෙකක කාල සීමාවක් විරෝධතා සඳහා ඉඩ දී තිබූ බවද සඳහන් කළේය.

එම කාලය තුළදී යම් විරෝධතාවක් මතු කළහොත් පමණක් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට ඉඩ තිබූ බව ද ඔහු කියා සිටියේය.

පුරවැසිභාවය සම්බන්ධයෙන් හෝ ජාතික හැඳුනුම්පතේ පිටපතක් වත් තම කොමිසම කිසිවෙකුගෙන් ඉල්ලා සිටියේ නැති බවද එය තම කොමිසමට අවශ්‍ය නොවන බවත් ඔහු පැවසීය.

කිසිදු විරෝධතාවක් තිබුණේ නම් අදාළ කාලසිමාවේ ගොනු කළ හැකිව තිබූ බවද සඳහන් කළේය.

"නමුත් කිසිවෙක් කිසිදු අපේක්ෂකයෙකුට එරෙහිව විරෝධතාවයක් ගොනු කළේ නෑ" යනුවෙන් මැතිවරණ කොමසමේ සභාපතිවරයා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ බීබීසී සේවය සමග අද සාකච්ඡාව සඳහා එක් වෙමිනි.

Saturday, November 9, 2019

හරීන් බැක්ෆයර්. පුරවැසිකම අතහැරපු අය ෆෙඩරල් ලයිස්තුවට වැටෙන්න පමා විය හැකියි - ඇමරිකා තානාපතිනිය පවසයි.



[1]. හරීන් ෆනෑන්ඩු පවසා අති පහත ප්‍රකාශයේ කෙටි සිංහල අරුත වන්නේ "ඇමරිකානු පුරවැසිභාවය අත් හළ පුද්ගලයන්ගේ නිල ලයිස්තුවේ ගෝඨාභයගේ නම නැති" නිසා ඔහුට ජනාධිපති විය හැකි ද යන්නයි. [archive]



පළමු ඡේදයෙන් ඊට අදාල නීතිය ඔහු දක්වා ඇත. දින 30 කට පෙර අදාල ලියකියවිලි රාජ්‍ය ලේකම්වරයාට භාර දීම අනිවාර්ය (Must) බව සඳහන් නිසා ගෝඨාභය මහතා එය අකුරටම කර තිබේ. අප විසින් නිල් පාටින් ඉරි ගසා පෙන්වා ඇති වගන්ති අනුව ගෝඨාභය මහතා අදාල ලියකියවිලි භාර දී ඇති බව හරීන් ෆනෑන්ඩුම පවසා ඇත.

නමුත් හරින් ෆනෑන්ඩුගේ ගැටළුව වන්නේ පුරවැසිභාවය අත් හළ අයගේ ලයිස්තුවේ ගෝඨාභය මහතාගේ නම නොතිබීමයි. ඊට පිළිතුරත් ඔහුගේ පළමු ඡේදයේම තිබේ. අප විසින් රතු පාටින් ඉරි ගසා ඇති වචනය බලන්න. "Shall". ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකට අනුව "shall" යන වචනයෙන් දැක්වෙන්නේ "may" නැමැති වචනයේ තේරුමයි. ඒ අනුව shall නැමැති වචනය යොදා නීතිමය විධානයක් ලියූ විට එහි අරුත වන්නේ  "අනිවාර්ය නෑ, කැමතිනම් කරන්න පුලුවන්" වැනි අදහසකි. අවශ්‍යනම් ගූගල් කර බලන්න. ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙතනින්.



ඒ අනුව IRC නීතියේ දැක්වෙන පරිදි ඇමරිකානු පුරවැසි භාවය අත් හළ අයගේ නම් ප්‍රසිද්ධ කිරීම අනිවාර්ය නොවන බව පැහැදිළියි.


[2]. ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් කියා සිටියේ ෆෙඩරල් ලේඛනය කෙනෙකුගේ පුරවැසිභාවය අත්හැරීමට මාස ගණනක් පිටුපසින් සිටිය හැකි බවයි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතැම්විට පසු ලේඛනයක සදහන් විය හැකි බවයි. [මූලාශ්‍රය]

එහි සිංහල පරිවර්තනය පහතින්.



[3]. මේ ගැන විස්තර දක්වමින් සුප්‍රසිද්ධ ෆෝබ්ස් සඟරාව ප්‍රකාශ කර ඇත්තේත් පුරවැසිභාවය ඉවතලූ සමහර පුද්ගලයන්ගේ නම් කිසිදා අදාල IRS ලයිස්තුවේ නැති බවයි. [මූලාශ්‍රය]



[4]. IRS ලයිතුවේ ගෝඨාභය මහතාගේ නම සඳහන් කිරීම ප්‍රමාද වන්නේ ඇයි? ඊට හේතු ගණනාවක් තිබේ. අප සිතන ආකාරයට ප්‍රධානතම හේතුව වන්නේ එම IRS ලයිස්තුව පළ කිරීමේ අරමුණ වන්නේ ආදායම් බදු ප්‍රශ්න හේතුකොටගෙන පුරවැසිභාවය අත් හරින පුද්ගලයන්ව ලැජ්ජාවට පත් කිරීම නිසා බවයි. මේ ගැන විකීපීඩියාවේ මෙසේ සඳහන්. [මූලාශ්‍රය]


ඇමරිකානු පුරවැසිභාවය අත් හැරීම ශ්‍රී ලාංකිකයෙකුගේ දෘෂ්ඨිකෝණයෙන් ගෞරවයක් (Badge of Honor) වුවද, ඇමරිකානුවන්ගේ දෘෂ්ඨිකෝණයෙන් එය කර ගන්නා අගෞරවයකි. ටිබෙට් ජාතික එස් මහින්ද හිමි ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඉවත ලා නැවතත් ටිබෙට් වලට ගියානම් අපිට හිතෙන හැටි සිතා බලන්න. විකීපීඩියාවේ දැක්වෙනම පරිදිම IRS (Internal Revenue Service) ලයිස්තුව ප්‍රසිද්ධ කිරීම නිසා වෙනත් හේතු මත පුරවැසිභාවය අත් හරින පුද්ගලයන්වත් ලැජ්ජාවක් කරයි. ගෝඨාභය මහතා පුරවැසිභාවය ඉවත ලූයේ ඇමරිකාවේ ආදායම් බදු ප්‍රශ්නයක් නිසා නොව වෙනත් රටක ජනාධිපතිවරණයකට තරග කිරීම ට. ඒ නිසාත්, මීට පෙර අපි දැක්වූ පරිදි පළ කිරීම නීතියෙන් අනිවාර්ය නොවන නිසාත්, ගෝඨාභය මහතාගේ නම කිසිදා එහි පළ නොවීමට වුවද ඉඩ ඇත.


[5]. "හරි දැන් IRS ලයිස්තුවේ නම අනිවාර්යයෙන්ම පළ කරන්න ඕන නෑනෙ. එහෙනම් අපි ගෝඨාභය මහතා ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙනද කියල දන්නෙ කොහොමද?" මෙය විචක්ෂණශීලීව මේ ගැන සිතන අයට ඇතිවෙන ගැටළුවකි.

ඊට පිළිතුරු ලෙස ගෝඨාභය මහතාගේ පන්ච් කරපු පාස්පෝට් එක සහ පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ සහතිකය පෙන්වා ඇත.




ඒ පමණක් ප්‍රමාණවත් නොවේ. ගෝඨාභය මහතා ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත් බවට හොඳම මූලාශ්‍රය වන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුලදී අධිකරණයෙන් ලැබුණ තීන්දුවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නැති බව කියමින් චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසින් අධිකරණයේ නඩු පැවරුවෝය. අධිකරණ තීන්දුව වූයේ ගෝඨාභය මහතාට ශ්‍රී ලංකවේ පුරවැසිභාවය ඇති බවයි. ඒ අනුව අදාල පෙත්සම ඉවත දැමුණි. [මූලාශ්‍රය]


ගෝඨාභය මහතාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ඇති බවට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුලදීම ගරු අධිකරණය මගින් තීන්දු කර තිබෙන බැවින්, ඊට වඩා සහතික ඕනද?


Update 1: ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුව. (සජීවි)


Update 2: හරින් ෆනෑන්ඩු සහ රන්ජන් රාමනායක විසින් ගෝඨාභය මහතාගේ පුරවැසිභාවය ප්‍රශ්න කළ සිය ස්ටේටස් ඉවත් කරගෙන තිබේ.

Friday, November 8, 2019

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට එරෙහිව එල්ල කරන ලද මඩ අවලාද වලට පිළිතුරු.

පහත දැක්වෙනේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට එරෙහිව එජාපෙන් සහ ජවිපෙන් එල්ල කරන ලද මඩ අවලාද වලට කෙටි පිළිතුරු දැක්වෙන පින්තූරයි. තාමත් සමහරු මේවා ගැන කියමින් එතුමන්ට මඩ ගහනවා. එනිසා සියලුම දෙනාට ඇත්ත දැනගන්න මේ ඇල්බම් එක හැකි තරම් බෙදා හරින්න.

























 

  

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.