Mahinda Rajapaksa: MCC ගිවිසුමට එරෙහිව මත පළ කිරීමෙන් රිපෝට් වෙයි. Factcrescendo වෙබ් අඩවියේ පළ කළ නිගමනයේ ගැටළු.

Friday, November 8, 2019

MCC ගිවිසුමට එරෙහිව මත පළ කිරීමෙන් රිපෝට් වෙයි. Factcrescendo වෙබ් අඩවියේ පළ කළ නිගමනයේ ගැටළු.



[1]. ෆේස්බුක් එකේ පළ වෙන "ව්‍යාජ පුවත්" (False News) වාර්තා කර ඒවා යටපත් කිරීම සඳහා ෆේස්බුක් ආයතනය විසින් තුන් වන පාර්ශවයේ "සත්‍ය තොරතුරු විශ්ලේෂණය කිරීමේ" (Fact Checking) ආයතන වල සහාය ලබා ගනී. මේ ගැන සම්පූර්ණ විස්තර ෆේස්බුක් විසින් පළ කර ඇත. https://www.facebook.com/help/publisher/182222309230722


[2]. එවැනි ආයතන මගින් සිදුකරන්නේ අසත්‍ය පුවත් හඳුනාගෙන වාර්තා කිරීම වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අසත්‍ය පුවත් සහිත ෆේස්බුක් පි‍ටු වල ඇති පෝස්ට් අන් අයගේ ටයිම්ලයින් එකේ නොපෙනී යයි.

[3]. ශ්‍රී ලංකාවේ ෆේස්බුක් පි‍ටු සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන 2 පහත දැක්වේ.


[4]. Fact Crescendo වෙබ් අඩවිය මගින්, ෆේස්බුක් එකේ MCC ගිවිසුම ගැන පළ කර ඇති පෝස්ට් සම්බන්ධයෙන් විමර්ෂණයක් කර ඇති අතර ඔවුන්ගේ නිගමනය පහත දැක්වේ. [ආකයිව් කරන ලද ලිපියේ මූලාශ්‍රය https://web.archive.org/web/20191108035601/https://srilanka.factcrescendo.com/2019/11/05/fact-check-various-claims-about-mcc-draft-agreement/]




[5]. Fact Crescendo ආයතනයේ ඉහත නිගමනය අනුව, MCC ගිවිසුම දිගින් දිගටම විවේචනය කරන ෆේස්බුක් පෝස්ට්, "False News" ලෙස රිපෝට් වී, ඒ පේජ් අන් අයගේ ටයිම්ලයින් වලින් නොපෙනී යාම සිදුවෙනු ඇත.


[6]. Fact Crescendo වෙබ් අඩවිය මගින් සිදු කරන්නේ fact checking (සත්‍ය තොරතුරු විශ්ලේෂණය කිරීම) බැවින් fact එකක් යනු කුමක්දැයි පළමුව අපි බලමු.

Fact =  A fact is a thing that is known to be consistent with objective reality and can be proven to be true with evidence. [source] (සත්‍ය තොරතුරක් යනු වාස්තවික යථාර්ථයට අනුව දන්නා දෙයක් වන අතර, එය සාක්ෂි සහිතව සත්‍ය බව ඔප්පු කළ හැකිය.)

Controversy = Controversy is a state of prolonged public dispute or debate, usually concerning a matter of conflicting opinion or point of view. [source] (මතභේදාත්මක කාරණාවක් යනු දිගුකාලීන මහජන ආරවුලක් හෝ විවාදයක් වන අතර එය සාමාන්‍යයෙන් ගැටුම්කාරී මතයක් හෝ දෘෂ්ටි කෝණයකි.)


[7].  ව්‍යාජ ප්‍රවෘත්ති රිපෝට් කිරීමේ මෙම වැඩපිළිවෙළට අපි එක හෙළාම කැමති නමුත්,  MCC ගිවිසුම සම්බන්ධයෙන් Fact Crescendo ආයතනය පළ කරන ලද නිගමනයේ විශාල ගැටළු ඇත.

(i).  පොහොට්‍ටුව ඇතුළු දේශප්‍රේමී පාර්ශවය විසින් MCC ගිවිසුමට එරෙහිව චෝදනා එල්ල කරන්නේ එකී MCC ගිවිසුමේ අඩංගු විය හැකි කාරණා සම්බන්ධයෙනි.

උදා:


එකී චෝදනා වල සත්‍යාසත්‍ය භාවය බැලීමේ එකම ක්‍රමය වන්නේ සත්‍ය MCC ගිවිසුම පරීක්ෂා කර බැලීමයි. 

නමුත් ආණ්ඩුව හෝ ඇමරිකානු පාර්ශවය හෝ MCC ගිවිසුම රටට හෙළි කර නැත. මංගල සමරවීර ඉදිරිපත් කර ඇත්තේ කෙ‍ටුම්පතක් වන අතර, කෙ‍ටුම්පතක් යනුම ඉදිරියේදී සංශෝධනය වීමට ඉඩ ඇති එකකි.

ඒ අනුව රටට හෙළි නොවූ ගිවිසුමක් ගැන ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් එකී සත්‍ය ගිවිසුම රටට හෙළි කරන තුරු "fact checking" කිරීමට හැකියාවක් නැත.


(ii). Fact Crescendo වෙබ් අඩවිය මගින් MCC ගිවිසුම ගැන සත්‍යාසත්‍ය බව සෙවීමට යොදා ගෙන ඇති මූලාශ්‍ර මොනවාදැයි බලමු.

(අ) ඇමරිකාවේ MCC නිල වෙබ් අඩවියේ සඳහන් කරුණු, MCC ගිවිසුම ගැන ඇමරිකන් එක්සත් ජනපද තනාපති කාර්යාලයේ නිවේදනය, ඇමරිකානු තානාපතිනියගේ ප්‍රකාශ.

Fact Crescendo වෙබ් අඩවිය විසින් ඇමරිකාවේ ප්‍රකාශ සියල්ලම Fact ලෙස අරගෙන ඇත. ඔවුන්ට අනුව ඇමරිකාව යනු 100% ක් සත්‍ය ප්‍රකාශ කරන රටකි. නමුත් ඇමරිකාව බොරු පවසා ඇති බවට ගූගල් කිරීමෙන් වුවද අවබෝධ කරගත හැකියි.

උදා: (a). America Was Founded on Secrets and Lies.
(b). Lies They Told Us: A Long History of Being Manipulated Into War
(c). There were no weapons of mass destruction in Iraq
(d). President Trump has made 13,435 false or misleading claims over 993 days
(e). Obama’s 50 Lies / Obama Not Exactly
(f). The lie that is Hillary
(g). Top Ten Bush Lies
(h). It’s not just Trump. The US has always broken its treaties, pacts and promises

ඉහත දැක්වූ මූලාශ්‍ර වල ඇත්ත නැත්ත ගැන අපිට හරියටම පැහැදිළි නැතත්, ඇමරිකාව යනු 100% ක් සත්‍යවාදී රටක් නොවන බව තේරුම් ගැනීමට ඒ ප්‍රමාණවත් ය. Fact Crescendo වෙබ් අඩවිය විසින් ඇමරිකාවේ ප්‍රකාශ සියල්ලම Fact ලෙස ගැනීම වරදකි.


(ආ). මංගල සමරවීර විසින් ඉදිරිපත් කරන ලද MCC කෙ‍ටුම්පත යැයි සඳහන් ලියවිල්ල.

මංගල සමරවීර ඉදිරිපත් කරන කරුණු fact ලෙස ගන්නවා කීම තරම් විහිළුවක් තවත් නැත. ඔහු දේශපාලන අතීතය කෙසේ වෙතත් ඔහු ඉදිරිපත් කළ MCC කෙ‍ටුම්පත නැමති ලියවිල්ලේ පවා Termination කොටස සහිත 12 සහ 13 යන පි‍ටු 2 ක අඩුවෙන් තිබුණි.
උදා 1: colombopage වෙබ් අඩවිය විසින් එය නැවතත් පළ කළ අතර එහි පි‍ටු 12 සහ 13 පි‍ටු දෙක අඩු බව ඔබට පෙනේ. https://web.archive.org/web/20191108073537/http://www.colombopage.com/CGImgs_reps/MCC.pdf

උදා 2: පූජ්‍ය උඩුදුම්බර කාෂ්‍යප හිමිට යවා ඇත්තේද එකී පි‍ටු දෙක නොමැතිවයි.


ඒ අනුව මංගල සමරවීර ඒ පි‍ටු දෙක සංශෝධනය කර නැවත පළ කර ඇති බවට සාධාරණ සැකයක් ඇති වේ. එවන් ලියවිල්ලක් fact ලෙස ගන්නේ කෙසේ ද?


(ඇ). MCC ගිවිසුම ගැන පාථලී චම්පික රණවක ඇමතිවරයා කරන ලද කරුණු දැක්වීම.

පාථලී චම්පික රණවක ව පා.ච. රණවක ලෙසට හැඳින්වීම ඇරඹුනේ ඔහු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ පින්තූරය විකෘති කර මහින්ද මැතිඳුන් කේපීව ඉම්බා කියමින් රට ‍රැවටූ දා සිටය. එදා සිට ඔහු ගහන ලද බොරු අපමණකි. එවන් පුද්ගලයෙකුගේ ප්‍රකාශයන් fact ලෙස ගන්නේ කෙසේ ද?




(ඈ). MCC හි ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ ජෙනර් එන්ඩ්ල්මන් මහත්මිය දැක්වූ අදහස්.
MCC ගැන ලොකුම චූදිතයා වන්නේ ඇයයි. ඇගේ අදහස් fact වෙනවානම්, බැඳුම්කර චෝදනාව ගැන අර්ජුන් මහේන්ද්‍රන් කරන ප්‍රකාශත් fact බවට පත් වී බැඳුම්කර චෝදනාව ගැන සියලුම පෝස්ට් රිපෝට් වීමට ඉඩ ඇත.


ඒ අනුව Fact Crescendo මගින් භාවිතා කළ fact checking ක්‍රමවේදය අතිශය සාවද්‍ය බව පැහැදිළි වේ.


(iii). MCC ගිවිසුමට එරෙහි ප්‍රකාශ නිවැරදි බවට කරුණු පෙර‍ටුගාමී පක්ෂයේ පුබුදු ජාගොඩ මහතා පෙන්වා දුන්නේ මෙලෙසයි.




(iv). MCC ගිවිසුමට අදාලව චෝදනා එල්ල කරන පාර්ශවය වන්නේ පොහොට්‍ටුව ඇතුළු දේශප්‍රේමී කඳවුරයි. චූදිත පාර්ශවය වන්නේ ඇමරිකානු පාර්ශවය සහ එජාප ආණ්ඩුවයි. Fact Crescendo වෙබ් අඩවියෙන් කර තිබෙන්නේ ඊට අදාල fact එක වන MCC ගිවිසුම එලියට දාන තුරු බලන් සිටිනවා වෙනුවට චූදිත පාර්ශවයේ ප්‍රකාශ උපුටා දක්වමින් සියලුම චෝදනා බොරු ලෙස දැක්වීමකි.

මේ ආකාරයෙන් ඡන්දය අවසන් වෙන තුරු එජාප ආණ්ඩුවට හෝ ඇමරිකාවට එරෙහිව ෆේස්බුක් එකේ කිසිදු චෝදනාවක් නැගීමට නොහැකි වෙන තත්ත්වයක් ඇතිව තිබේ. මන්ද යත් ඊට එජාප ආණ්ඩුව හෝ ඇමරිකාව පිළිතුරු දුන් සැනින් අදාල චෝදනා බොරු ලෙස Fact Crescendo වෙබ් අඩවියෙන් පිළිගෙන ඒවා ෆේස්බුක් එකේ රිපෝට් කිරීමට හැකියාව ඇත.


[8]. ඒ අනුව අපි යළිත් අවධාරණය කරන්නේ MCC ගිවිසුම ගැන fact දැන ගැනීමටනම් වටේ යමින් වෙන වෙන තැන් වල ඇති දේ නොව අදාල සත්‍ය MCC ගිවිසුමම පරිශීලනය කළ යුතු බවයි. සත්‍ය ගිවිසුම ඉදිරිපත් නොකරන තාක් කල් ඒ ගැන කිසිදු පාර්ශවයකින් ඉදිරිපත් කරන මතවාදයක් Facts ලෙස නොගැනිය හැකි අතර ඒ සියල්ලම Controversy කරුණු වේ.


[9]. Fact Crescendo ආයතනයේ ඉහත නිගමනය නිසා, රට ගැන කැක්කුමකින් යුතුව MCC ගිවිසුම විවේචනය කරමින් ස්වෙච්ඡාවෙන්ම තම කාලය ශ්‍රමය වැය කරමින් අදහස් පළ කරන අප පාක්ෂිකයන්ගේ ෆේස්බුක් පි‍ටු, එසේම අප පාක්ෂිකයන් නොවුණත් නූතන අධිරාජ්‍යවාදයට එරෙහිව හඬ නගන අයගේ ෆේස්බුක් පෝස්ට්, "False News" ලෙස රිපෝට් වී, ඒ පේජ් අන් අයගේ ටයිම්ලයින් වලින් නොපෙනී යාමේ අවදානමක් ඇත.

එනිසා Fact Crescendo වෙබ් අඩවියේ පළ කර ඇති නිගමනය යළි සලකා බලන මෙන් ඔවුන්ට අපි කාරුණිකව අවධාරණය කර සිටිමු.

එසේම ඔවුන්ගේ නිගමනය නිසා ෆේස්බුක් එකේ MCC ගිවිසුමට එරෙහිව අදහස් දක්වන සියල්ලන්ටම විශාල අගතියකට පත් වෙන බැවින් මේ ගැන ගත හැකි පියවර සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥවරුන්ගේ උපදෙස් පතා ඇති බව පොහොට්‍ටුවේ හිතවත් පාක්ෂිකයින්ට දන්වා සිටිමු.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.