Mahinda Rajapaksa: ගෝඨාභයගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කරන්න කිසිම හේතුවක් තිබුණෙ නෑ! කවුරුවත් විරුද්ධ වුණෙත් නෑ. - මැකොගෙ ප්‍රකාශයෙන් තහවුරු වෙයි.

Monday, November 11, 2019

ගෝඨාභයගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කරන්න කිසිම හේතුවක් තිබුණෙ නෑ! කවුරුවත් විරුද්ධ වුණෙත් නෑ. - මැකොගෙ ප්‍රකාශයෙන් තහවුරු වෙයි.





මැතිවරණ කොමිෂන් සභාවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට හේතු කිසිවක් නොතිබූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

කොමිෂන් සභාව අවධානය යොමු කරන ලද්දේ මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති බලතල අනුව නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට අදාළ හේතු සම්බන්ධයෙන් පමණක් බවද ඒ මහතා සඳහන් කළේය.

ඒ හේතුවෙන් කිසිම අපේක්ෂකයෙකුගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් හෝ සිරදඬුවම් විදීමක් සම්බන්ධයෙන් හෝ වෙනත් කිසිදු කරුණක් සම්බන්ධයෙන් කිසිඳු ලියකියවිල්ලක් කොමිෂන් සභාව විසින් ඉල්ලා නොසිටි බවත් ඒ පිළිබඳ අවධානය නොදැක්වූ බවත් ඔහු පැවසීය.

නමුත් සියලු අපේක්ෂකයන්ගේ තමන් කිසිදු නුසුදුසු කමකට යටත් වී නැතැයි දිවුරුම් ප්‍රකාශයක් ලබා ගත් බවත් පැවසූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට නාමයෝජනා භාරගත් අවසාන දිනය පැය දෙකක කාල සීමාවක් විරෝධතා සඳහා ඉඩ දී තිබූ බවද සඳහන් කළේය.

එම කාලය තුළදී යම් විරෝධතාවක් මතු කළහොත් පමණක් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට ඉඩ තිබූ බව ද ඔහු කියා සිටියේය.

පුරවැසිභාවය සම්බන්ධයෙන් හෝ ජාතික හැඳුනුම්පතේ පිටපතක් වත් තම කොමිසම කිසිවෙකුගෙන් ඉල්ලා සිටියේ නැති බවද එය තම කොමිසමට අවශ්‍ය නොවන බවත් ඔහු පැවසීය.

කිසිදු විරෝධතාවක් තිබුණේ නම් අදාළ කාලසිමාවේ ගොනු කළ හැකිව තිබූ බවද සඳහන් කළේය.

"නමුත් කිසිවෙක් කිසිදු අපේක්ෂකයෙකුට එරෙහිව විරෝධතාවයක් ගොනු කළේ නෑ" යනුවෙන් මැතිවරණ කොමසමේ සභාපතිවරයා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ බීබීසී සේවය සමග අද සාකච්ඡාව සඳහා එක් වෙමිනි.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.