Mahinda Rajapaksa: බත්තරමුල්ල ආරක්ෂක හමුදා මූලස්ථානය හැදුවේ ගෝඨාභය බව සිරස ටීවී වීඩියෝවකින් හෙළි කරයි.

Thursday, November 7, 2019

බත්තරමුල්ල ආරක්ෂක හමුදා මූලස්ථානය හැදුවේ ගෝඨාභය බව සිරස ටීවී වීඩියෝවකින් හෙළි කරයි.



ඇමරිකාවේ පෙන්ටගන් එක හා සමාන බත්තරමුල්ලේ නව ආරක්ෂක හමුදා මූලස්ථානය ඉදි කරන්නේ යහපාලන ආණ්ඩුවෙන් බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා කළේ පරණ හමුදා මූලස්ථානය විකිණීම බවත් එජාපය විසින් මේ දින වල කියමින් සිටිනවා.

මේ ගැන අප සහෘදයින්ට පෙන්වා දීමට මූලාශ්‍ර සොයද්දී, එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශවයට සහයෝගය දක්වන මාධ්‍ය ආයතනයක් වන සිරස ටීවි විසින් පළ කරන ලද NewsFirst පුවත් වීඩියෝවක් හමු වුණා. එජාපයේ සිරස ටීවී මගින්ම විකාශය කර ඇති මෙම වීඩියෝවෙන්, ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල කරන චෝදනා බොහෝමයකට පිළිතුරු ලැබෙනවා. එසේම එජාප පාක්ෂිකයන්ට මේවා බොරු යැයි ප්‍රතික්ෂේප කිරීමටත් නොහැකියි.



ඔවුන්ගේ NewsFirst වෙබ් අඩවියේත් මෙය දැක්වෙන අතර, පහත දැක්වෙන්නේ උක්ත පුවතේ සිංහල පරිවර්තනයයි.

බත්තරමුල්ල හමුදා මූලස්ථානයේ ඉදිකිරීමේ වැඩ ප්‍රමාද වෙයි.

ලියන ලද්දේ: කාර්ය මණ්ඩල ලේඛක
2019 පෙබරවාරි 28 | පස්වරු 10:59

කොළඹ (නිවුස් ෆස්ට්): බත්තරමුල්ල අකුරේගොඩ හි පිහිටි නව හමුදා මූලස්ථාන සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර වසර 8 ක් ගතවී ඇතත්, තවමත් වැඩ අවසන්ව නැත. නව ආරක්ෂක හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් 2011 දී ආරම්භ විය.

ශ්‍රැංගිල්ලා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ හෝටල් ව්‍යාපෘති සඳහා යුද හමුදා මූලස්ථානය ලබා දීමෙන් පසු, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක හමුදා මූලස්ථානය බත්තරමුල්ල අකුරේගොඩ හි නැවත ස්ථාපිත කිරීමට පියවර ගත්තේය.

අකුරේගොඩ මූලස්ථාන සංකීර්ණය ඉදිකිරීම සඳහා මුදල් වෙන් කිරීමේ පොරොන්දුව මත මෙම හෝටල් ව්‍යාපෘති සඳහා ඉඩම ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ වෙනම බැංකු ගිනුඹකින් ආරම්භ කිරීමත් සමග කැබිනට් අනුමැතියෙන් පසු රු බිලියන 19 ක් තැන්පත් කර තිබුණි.

ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමි‍ටුවක සෘජු අධීක්ෂණයට යටත්ව මෙම ගිණුමෙන් අරමුදල් බෙදා හරින ලදී. ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු ජාතික ආරක්ෂක ප්‍රත්පාදිතයන්ගෙන් වැඩි ප්‍රමාණයක් සඳහා මූලස්ථානය ලෙස කටයුතු කරන මෙම සංකීර්ණයේ ඉදිකිරීම් හමුදා ඉංජිනේරුවන්ගේ විශේෂඥතාවයෙන් සිදු කරන ලදී.

කෙසේ වෙතත් 2015 දී රජය වෙනස් කිරීමත් සමග රු බිලියන 8 ක ශේෂයක් ඇති බැංකු ගිණුම භාණ්ඩාගාරය විසින් පවරා ගන්නා ලදී. ආරක්ෂක අමාත්‍යාංශයේ 2017 වාර්තාවකට අනුව, ඒ වන විට සංකීර්ණයේ පළමු අදියරෙහි ඉදිකිරීම් වලින් 40% ක් පමණක් අවසන් කර තිබුණි.

සංකීර්ණයේ පළමු අදියර මේ වසරේ අපේ‍්‍රල් මාසයේ විවෘත කිරීමට නියමිත බව අනාවරණය වී ඇති අතර, වැඩ කටයුතු මන්දගාමීව සිදුවන බව පෙනේ. ව්‍යාපෘතියේ ප්‍රමාදයට හේතුව ලෙස ටෙන්ඩර් ක්‍රියාවලියේ ඇති ගැටලු ආරක්ෂක අමාත්‍යාංශයේ 2017 වාර්තාව උපුටා දක්වයි.

කෙසේ වෙතත්, ප්‍රමාදයේ ප්‍රතිඵලයක් ලෙස යුද හමුදා මූලස්ථානයේ ඇතැම් අංශ දැන් කුලී දේපළවලින් ක්‍රියාත්මක වේ. 2017 දී ආරක්ෂක අමාත්‍යාංශය රු. මිලියන 77875 ක් යුද හමුදා මූලස්ථානයේ දේපල නිවාස අංශ ඇතුළුව කුලී වියදම් ලෙස ගෙවා ඇත.

ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේ වැඩ නිම කිරීමේ අඛණ්ඩ ප්‍රමාදය, රටේ දැනටමත් පීඩාවට පත්ව ඇති මූල්‍ය සම්පත් අඛණ්ඩව බර පැටවීමකට පරිවර්තනය කරයි.

කොළඹ වාණිජමය වටිනාකමක් ඇති ඉඩම් වාණිජ සංවර්ධනය සඳහා යොදා ගැනීම සහ රජයේ කාර්යාල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පරිපාලන අගනුවරට ගෙන යාමේ සැලසුම 1979 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යටතේ ආරම්භ විය. යුද්ධය අවසන් වීමෙන් පසුව, මෙම ප්‍රතිපත්තියේ දිගුවක් ලෙස ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන ලදී.

එසේ වුවද, රජයේ වෙනස්වීම් සමඟ ප්‍රාථමික සැලසුම් වෙනස් කිරීම නිසා සිදුවන ප්‍රමාදයන්ගේ ප්‍රතිඵලයක් ලෙස, අමතර වියදම් වලින් දිගටම බරක් පැටවෙන්නේ ජනතාව නොවේද? [උපුටාගැනීම අවසන්]

දැන් ඉහත කතාව කියන්නේ අපි නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශවයේ සිරස මාධ්‍ය ආයතනයෙන්.

මේ ගැන බොහෝ අය අහන ප්‍රශ්න කිහිපයකට නාලක ගොඩහේවා මහතා දුන් පිළිතුරු මෙම ලිපියෙන්: https://www.mahinda.info/2017/12/blog-post.html

පහත දැක්වෙන්නේ ඉදි කිරීමට අදාල පින්තූර කිහිපයකුයි.



mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.