Mahinda Rajapaksa: හරීන් බැක්ෆයර්. පුරවැසිකම අතහැරපු අය ෆෙඩරල් ලයිස්තුවට වැටෙන්න පමා විය හැකියි - ඇමරිකා තානාපතිනිය පවසයි.

Saturday, November 9, 2019

හරීන් බැක්ෆයර්. පුරවැසිකම අතහැරපු අය ෆෙඩරල් ලයිස්තුවට වැටෙන්න පමා විය හැකියි - ඇමරිකා තානාපතිනිය පවසයි.



[1]. හරීන් ෆනෑන්ඩු පවසා අති පහත ප්‍රකාශයේ කෙටි සිංහල අරුත වන්නේ "ඇමරිකානු පුරවැසිභාවය අත් හළ පුද්ගලයන්ගේ නිල ලයිස්තුවේ ගෝඨාභයගේ නම නැති" නිසා ඔහුට ජනාධිපති විය හැකි ද යන්නයි. [archive]



පළමු ඡේදයෙන් ඊට අදාල නීතිය ඔහු දක්වා ඇත. දින 30 කට පෙර අදාල ලියකියවිලි රාජ්‍ය ලේකම්වරයාට භාර දීම අනිවාර්ය (Must) බව සඳහන් නිසා ගෝඨාභය මහතා එය අකුරටම කර තිබේ. අප විසින් නිල් පාටින් ඉරි ගසා පෙන්වා ඇති වගන්ති අනුව ගෝඨාභය මහතා අදාල ලියකියවිලි භාර දී ඇති බව හරීන් ෆනෑන්ඩුම පවසා ඇත.

නමුත් හරින් ෆනෑන්ඩුගේ ගැටළුව වන්නේ පුරවැසිභාවය අත් හළ අයගේ ලයිස්තුවේ ගෝඨාභය මහතාගේ නම නොතිබීමයි. ඊට පිළිතුරත් ඔහුගේ පළමු ඡේදයේම තිබේ. අප විසින් රතු පාටින් ඉරි ගසා ඇති වචනය බලන්න. "Shall". ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකට අනුව "shall" යන වචනයෙන් දැක්වෙන්නේ "may" නැමැති වචනයේ තේරුමයි. ඒ අනුව shall නැමැති වචනය යොදා නීතිමය විධානයක් ලියූ විට එහි අරුත වන්නේ  "අනිවාර්ය නෑ, කැමතිනම් කරන්න පුලුවන්" වැනි අදහසකි. අවශ්‍යනම් ගූගල් කර බලන්න. ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙතනින්.



ඒ අනුව IRC නීතියේ දැක්වෙන පරිදි ඇමරිකානු පුරවැසි භාවය අත් හළ අයගේ නම් ප්‍රසිද්ධ කිරීම අනිවාර්ය නොවන බව පැහැදිළියි.


[2]. ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් කියා සිටියේ ෆෙඩරල් ලේඛනය කෙනෙකුගේ පුරවැසිභාවය අත්හැරීමට මාස ගණනක් පිටුපසින් සිටිය හැකි බවයි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතැම්විට පසු ලේඛනයක සදහන් විය හැකි බවයි. [මූලාශ්‍රය]

එහි සිංහල පරිවර්තනය පහතින්.



[3]. මේ ගැන විස්තර දක්වමින් සුප්‍රසිද්ධ ෆෝබ්ස් සඟරාව ප්‍රකාශ කර ඇත්තේත් පුරවැසිභාවය ඉවතලූ සමහර පුද්ගලයන්ගේ නම් කිසිදා අදාල IRS ලයිස්තුවේ නැති බවයි. [මූලාශ්‍රය]



[4]. IRS ලයිතුවේ ගෝඨාභය මහතාගේ නම සඳහන් කිරීම ප්‍රමාද වන්නේ ඇයි? ඊට හේතු ගණනාවක් තිබේ. අප සිතන ආකාරයට ප්‍රධානතම හේතුව වන්නේ එම IRS ලයිස්තුව පළ කිරීමේ අරමුණ වන්නේ ආදායම් බදු ප්‍රශ්න හේතුකොටගෙන පුරවැසිභාවය අත් හරින පුද්ගලයන්ව ලැජ්ජාවට පත් කිරීම නිසා බවයි. මේ ගැන විකීපීඩියාවේ මෙසේ සඳහන්. [මූලාශ්‍රය]


ඇමරිකානු පුරවැසිභාවය අත් හැරීම ශ්‍රී ලාංකිකයෙකුගේ දෘෂ්ඨිකෝණයෙන් ගෞරවයක් (Badge of Honor) වුවද, ඇමරිකානුවන්ගේ දෘෂ්ඨිකෝණයෙන් එය කර ගන්නා අගෞරවයකි. ටිබෙට් ජාතික එස් මහින්ද හිමි ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඉවත ලා නැවතත් ටිබෙට් වලට ගියානම් අපිට හිතෙන හැටි සිතා බලන්න. විකීපීඩියාවේ දැක්වෙනම පරිදිම IRS (Internal Revenue Service) ලයිස්තුව ප්‍රසිද්ධ කිරීම නිසා වෙනත් හේතු මත පුරවැසිභාවය අත් හරින පුද්ගලයන්වත් ලැජ්ජාවක් කරයි. ගෝඨාභය මහතා පුරවැසිභාවය ඉවත ලූයේ ඇමරිකාවේ ආදායම් බදු ප්‍රශ්නයක් නිසා නොව වෙනත් රටක ජනාධිපතිවරණයකට තරග කිරීම ට. ඒ නිසාත්, මීට පෙර අපි දැක්වූ පරිදි පළ කිරීම නීතියෙන් අනිවාර්ය නොවන නිසාත්, ගෝඨාභය මහතාගේ නම කිසිදා එහි පළ නොවීමට වුවද ඉඩ ඇත.


[5]. "හරි දැන් IRS ලයිස්තුවේ නම අනිවාර්යයෙන්ම පළ කරන්න ඕන නෑනෙ. එහෙනම් අපි ගෝඨාභය මහතා ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙනද කියල දන්නෙ කොහොමද?" මෙය විචක්ෂණශීලීව මේ ගැන සිතන අයට ඇතිවෙන ගැටළුවකි.

ඊට පිළිතුරු ලෙස ගෝඨාභය මහතාගේ පන්ච් කරපු පාස්පෝට් එක සහ පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ සහතිකය පෙන්වා ඇත.




ඒ පමණක් ප්‍රමාණවත් නොවේ. ගෝඨාභය මහතා ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත් බවට හොඳම මූලාශ්‍රය වන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුලදී අධිකරණයෙන් ලැබුණ තීන්දුවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නැති බව කියමින් චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසින් අධිකරණයේ නඩු පැවරුවෝය. අධිකරණ තීන්දුව වූයේ ගෝඨාභය මහතාට ශ්‍රී ලංකවේ පුරවැසිභාවය ඇති බවයි. ඒ අනුව අදාල පෙත්සම ඉවත දැමුණි. [මූලාශ්‍රය]


ගෝඨාභය මහතාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ඇති බවට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුලදීම ගරු අධිකරණය මගින් තීන්දු කර තිබෙන බැවින්, ඊට වඩා සහතික ඕනද?


Update 1: ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුව. (සජීවි)


Update 2: හරින් ෆනෑන්ඩු සහ රන්ජන් රාමනායක විසින් ගෝඨාභය මහතාගේ පුරවැසිභාවය ප්‍රශ්න කළ සිය ස්ටේටස් ඉවත් කරගෙන තිබේ.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.