Mahinda Rajapaksa: ගෝඨාගෙන් සන්ඩේලීඩර් පුවත්පත ප්‍රසිද්ධියේ සමාව අයදී. මිග් යානා මඩ බොරු බව අධිකරණයේදී සනාථයි.

Sunday, November 3, 2019

ගෝඨාගෙන් සන්ඩේලීඩර් පුවත්පත ප්‍රසිද්ධියේ සමාව අයදී. මිග් යානා මඩ බොරු බව අධිකරණයේදී සනාථයි.


[1]. තවමත් මිග් යානා ගනුදෙනුව ගැන ගෝඨාභය මහතාට එරෙහිව අන්තර්ජාලයේ සාහසික මඩ ප්‍රහාරයන් එල්ල වෙන බව පෙනී යයි. ඔවුන් එසේ මඩ ගැසීමට මූලාශ්‍ර කර ගන්නේ සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ වූ "මිග් ඩීල්" ගැන ලිපි මාලාවකි.


[2]. මිග් යානා ගනුදෙනුවකදී සිදු වූ වංචාවක් සම්බන්ධව පළකළ පුවත් සාවද්‍යය බව පවසා ගෝඨාභය රාජපක්‍ෂ මහතා සන්ඩේ ලීඩර් පුවත්පතට එරෙහිව නඩු පැවරුවේ මීට බොහෝ කාලයකට පෙරදී ය. නඩුවේදී ගෝඨාභය මහතා විසින් ඉදිරිපත් කරණ ලද කරුණු සලකා බැලීමෙන් පසු එම ගනුදෙනුව කිසිදු වංචාවකින් තොරව සිදුවූ එකක් බව සන්ඩේ ලීඩර් පුවත්පත විසින් සෑහීමකට පත් විය.


[3]. ඉන් පසු ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් සමාව ඉල්ලා එම පුවත්පත විසින් පළකළ දැන්වීමයි පහත දැක්වෙන්නේ. [ආකයිව් මූලාශ්‍රය 1, ආකයිව් මූලාශ්‍රය 2]

http://www.thesundayleader.lk/2015/03/07/apology-to-gotabhaya-rajapaksa/




[4]. එහි අගට දැක්වෙන ඡේද දෙකේ සරළ සිංහල පරිවර්තනය මෙලෙසයි.
“ඉදිරිපත් කෙරුනු වාචික සහ ලිඛිත කරුණු සලකා බැලීමෙන් අනතුරුව, සන්ඩේ ලීඩර් පුවත්පත දැන් දරන මතය වන්නේ ඉහත කී ගනුදෙනුව පවතින නීති රීති වලට අනුකූලව සිදුවී ඇති බව සහ හමුදාමය ගනුදෙනුවකදී දැක්විය යුතු උපරිම විනිවිද භාවය තදින්ම පවත්වාගෙන ඇති බවයි… එමනිසා අපි එවකට ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඔහුට ඇති වූ කිසියම් මානසික තැවුලක් හෝ කීර්තිනාමයට සිදුවූ යම් කැළලක් වේ නම් ඒ පිළිබඳව තරයේ සමාව ඇයැද සිටිනවා.”


[5]. මෙහි වැදගත්ම කරුණ වන්නේ, සන්ඩේ ලීඩර් පුවත්පත මෙලෙස සමාව අයදින්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ ජනාධිපතිවරණ පරාජයෙන් පසුව, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයදී වීමයි. සන්ඩේ ලීඩර් ලිපිය ඇති වෙබ් ලිපිනයේ (URL) දිනය බලන්න... >> 2015/03/07. ඒ අනුව සුදු වෑන් පෙන්වා බය කර මෙසේ ලියවා ගත්තා වැනි මෝඩ කතා තවදුරටත් පිළිගත යුතු නොවේ.


[6]. අනෙක් අතට එජාපය විසින් පාර්ලිමේන්තුවේදීම පැවසුවේ සරත් ෆොන්සේකා මහතාගේ විශ්‍රාම ගැනීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ පාලන කාලයේදී කිසිදු සුදුවෑන් පැහැර ගැනීමක් සිදුවී නැති බවයි. [මූලාශ්‍රය]. අදාල වීඩියෝ මෙතනින්.



[7]. එජාප පාක්ෂිකයන් දැන් ලසන්ත වික්‍රමතුංග ගැන මතක් කළ හැක. ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ සන්ඩේ ලීඩර් පුවත්පතෙන්ම චෝදනා කර ඇත්තේ සරත් ෆොන්සේකාටයි. සජිත් ප්‍රේමදාස රටේ ආරක්ෂක ඇමති කරන්නට යන්නේ මෙවැන්නෙක්වය. [මූලාශ්‍රය]


එහි දැක්වෙන්නේ "සරත් ෆොන්සේකා යනු කවුදැයි හැමෝටම අමතක වෙලාද? ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට රනිල් වික්‍රමසිංහ විසින් සරත් ෆොන්සේකාට චෝදනා කළා" යනුවෙනි. සරත් ෆොන්සේකා ගැන තවත් බොහෝ තොරතුරු අදාල මූලාශ්‍ර සහිතව මෙතනින්.


[8]. තවමත් මිග් යානා ගනුදෙනු ගැන, සුදු වෑන් ගැන, ලසන්ත වික්‍රමතුංග ගැන කියමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට එරෙහිව බොරු මඩ ගහමින් එජාපය ඡන්ද එකතු කරයි. රට යළිත් අගාධයට යාමට වැළැක්වීම සඳහා මේ තොරතුරු මූලාශ්‍ර සහිතවම පාවෙන ඡන්ද දායකයින්ට පෙන්වා දෙමු.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.