Wednesday, November 6, 2019
MCC ගිවිසුම පිළිබඳ අමාත්‍ය මණ්ඩලයට ලබා දුන් ආණ්ඩුවේම රහසිගත වාර්තාව මෙන්න !
MCC (සහස්ර අභියෝගතා සංස්ථාව / Millennium Challenge Corporation / මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්) ගිවිසුම පිළිබඳව උනන්දුවක් දක්වන සහෘදයින්ට ඇති ගැටළුවක් වන්නේ, පොහොට්ටුවේ අය MCC ගිවිසුමට එරෙහිව එල්ල කරන චෝදනා ඔප්පු කරන්නේ කෙසේද යන්නයි. මන්ද යත් ඇමරිකානු රජය හෝ ශ්‍රී ලංකා ආණ්ඩුව MCC ගිවිසුමේ සත්‍ය පිටපත රටට හෙළි නොකර වෙනත් ප්‍රකාශ කරමින් වටේ යමින් සිටින බැවිනි.
ඒ ගැන සොයා බලද්දී, ආණ්ඩුවට උපදෙස් ලබා දෙන ආණ්ඩුවේම ආයතනයක් වන "ජාතික ආර්ථික සභාව" විසින් අමාත්‍ය මණ්ඩලයට ලබා දුන් නිර්දේශ වාර්තාව අපට සොයාගත හැකි විය. අපට වාර්තා වූ ආකාරයට මෙය සෙසු මන්ත්‍රීවරුන් වෙත ලබා දී ඇත්තේ ජනාධිපතිවරයාගේ පාර්ශවයෙනි. මෙම වාර්තාව ලියා ඇති "ජාතික ආර්ථික සභාව" හි සංයුතිය ආණ්ඩුවේ දිනමිණ පුවත්පතේ දැක්වේ. [මූලාශ්‍රය]
ඒ අනුව පහත දැක්වෙන "ජාතික ආර්ථික සභාව" හි නිර්දේශ යනු ආණ්ඩුවේ අයවලුන් විසින්ම පළ කරන ලද වාර්තාවක් බව පැහැදිළි වෙයි. මෙය කියවා බලා MCC ගිවිසුම ගැන තීරණ ගැනීම ඔබ සතුයි.
MCC ගිවිසුම පිළිබඳ අමාත්‍ය මණ්ඩලයට ලබා දුන් ආණ්ඩුවේම රහසිගත වාර්තාව මෙන්න !
2019-11-06T18:16:00-08:00
Admin