Mahinda Rajapaksa: December 2019

Tuesday, December 31, 2019

අලුත් ආණ්ඩුවේ පළඹු ආයෝජන ව්‍යාපෘතිය ගැන චෝදනාවන්ට පිළිතුරු.


[1]. ශ්‍රී ලංකාවේ ඉඩමක් සිංගප්පූරුවට විකුණනවා ද?.
නැත.

(i). මෙහිදී සිදුකරන්නේ අදාල ඉඩම බදු පදනම මත බදු දීමයි.

(ii). බදු කුලිය ඩොලර් මිලියන 43 ක් හෙවත් රු 7,740,000,000.00 ක්.

(iii). ඒ අනුව බදු දුන්නද, ඉඩමේ අයිතිය දිගටම රජය සතු වේ. මෙම ආයෝජන ක්‍රමය BOT (Build, Operate, Transfer) ලෙස හැඳින්වේ.

(iv). එහි ඉදි කරන්නේ මහල් නිවාස 700 කි. එම මහල් නිවාස මිලට ගැනෙන්නේද ශ්‍රී ලාංකිකයන් විසිනි.

(v). ඉතින් රජයේ ඉඩමක, නිවාස සංකීර්ණයක් හදා, ශ්‍රී ලාංකිකයන්ටම මිලට ගැනීමට අවස්ථාව සැලසීමේ වරද කුමක් ද?

(vi). අනෙක් අතට එහි වෙළඳ සැල් ඉදි කරන්නේ ද එහි පදිංචි වෙන ශ්‍රී ලාංකික ජනතාව අභිමුඛ කරගනිමිනි.

(vii). මේ සමග ඇති රූපයේ දැක්වෙන්නේ එදා ආයෝජනය සඳහා ලබා දුන් ශ්‍රැංගිල්ලා හෝටලයේ පින්තූරයයි. එහි ඇති නිවාසත් මේ වන විට මිලට අරන් ඇත්තේ ශ්‍රී ලාංකිකයන් විසිනි.

.

[2]. බදු ගිවිසුමේ කාලය කොපමණ ද?

(i). තවමත් සිදුකර ඇත්තේ මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීම පමණයි. ගිවිසුම අත්සන් කිරීමට පෙර සියලුම කොන්දේසි පාර්ලිමේන්තුවේ සභාගත කර ජනතාවට දැනුම් දෙනු ඇත.

(ii). මෙවැනි ව්‍යාපෘති වලදී ඉදිකිරීමේ සමාගම් වලට අවශ්‍ය වන්නේ ගොඩනැගිල්ල ඉදි කිරීමටත්, පසුව එහි ඉදි කරන නිවාස ශ්‍රී ලාංකිකයන්ට විකිණීමටත් ප්‍රමාණවත් කාලයකි.

(iii). නිවාස සෑදූ පසු ඒවා ශ්‍රී ලාංකිකයන් මිලදී ගනී. එලෙස මිලට ගන්නේ සින්නක්කර ඔප්පු වලිනි.

.

[3]. මීට පෙරත් මෙවැනිම ව්‍යාපෘතියක් එජාපෙන් ගෙනාවා නේද? ඒකෙයි මේකෙන් වෙනසක් තිබේද?
විශාල වෙනසක් තිබේ.

(i). එදා එජාපය යෝජනා කළේ ඉඩම සින්නක්කරව විකිණීමටයි. වත්මන් ආණ්ඩුවෙන් කරන්නේ ඉඩම කෙටි කාලයකට බදු දීමයි.

(ii). එදා එජාපයෙන් පර්චස් එකක් විකිණීමට තක්සේරු වූයේ රු ලක්ෂ 125 කටයි. වත්මන් ආණ්ඩුවෙන් "බදු දෙන්නේ" පර්චස් එකක් රු ලක්ෂ 161 ක ට.
(ඇ.ඩො.මි.43x1,000,000x180)/(අක්කර3xපර්චස්160)

.

[4]. මේ සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදුකළාද?
තවමත් අදාල ගිවිසුම අත්සන් කර නැහැ. සිදුකර ඇත්තේ ව්‍යාපෘතියට කැබිනට් අනුමතිය ලබා ගැනීම පමණයි. (පුවත බලන්න). මේ සඳහා තවත් ඉල්ලුම් කරුවන් ආවොත් එවිට ටෙන්ඩර් කැඳවීමක් සිදුකෙරේවි.

මූලාශ්‍ර පුවත: http://archive.is/wip/NOkSo

හම්බන්තොට වරාය 99 අවුරුද්දකට බදු දීමත්, කොළඹ හිස් ඉඩම් කෑල්ලක් නිවාස ව්‍යාපෘතියකට බදු දීමත් අතර වෙනස



හම්බන්තොට වරාය 99 අවුරුද්දකට බදු දීමත්, කොළඹ හිස් ඉඩම් කෑල්ලක් නිවාස ව්‍යාපෘතියකට බදු දීමත් අතර වෙනස මෙන්න. මේ තියෙන්නේ ෆේස්බුක් සහෘදයින්ගේ අදහස් කිහිපයක්.:-

"කොළඹ නගරයේ ඇති විශාල බිල්ඩිංවලින් වැඩි හරියක් විදේශ ආයෝජන. කොළඹ ප්‍රධානම ඔෆිස් කම්ප්ලෙස්ක් එක වෙන WTC එකත් විදෙස් ආයෝජනයක්. මේවට අදාළ ඉඩම් අරන් තියෙන්නෙ දීර්ඝ කාලීන බදු පදනම මත නොවේද? අලුතෙන් ඇතිකරන මෙවැනි ව්‍යාපෘතියකට ඉඩම් බදු දීමයි හම්බන්තොට වරායෙ අයිතිය චීන සමාගමකට ලබා දීමයි අහසට පොළව වගේ දෙකක්.
වරායක් කියන්නෙ ආර්ථිකමය මර්මස්ථානයක් වගේම ආරක්ෂාව අතින්ද වැදගත් තැනක්. අනාගතයේ විශාල ආදායමක් ඉපයිය හැකි තැනක්. සිංගප්පූරුව වැනි රටවල් තනිකරම යැපෙන්නෙ මේ වරායවල් ආදියෙන් එන ආදායම මත. යහපාලන යුගෙය් ඇති කරගත් එකගතාවයක් මත කොලඹ නිවාස ව්‍යාපෘතියකට ඉඩම් බදු පදනම මත ලබාදීම (මොන ආණ්ඩුව කාලෙ ගෙනාවත් මෙය ආයෝජනයක් ලෙස සැලකුවාම රටට ඵලදායි ව්‍යාපෘතියක්. එකම දේ ටෙන්ඩර් පටිපාටියට අනුව දූෂණයකින් තොරව මෙය වෙන්ඩ ඕන) සහ හදලා ඉවර වෙලා මෙහෙයුම් පටන් ගත්ත වරායක්, වරාය අධිකාරයෙන් ණය පියවමින් තියනවිට ආරක්ෂක අර්බුදයක් ඇති කරමින් සහ ආර්ථිකමය වශයෙන් විශාල අලාභයක් කරගනිමින් කුණු කොල්ලයට විකිණීම සංසන්දනය කරනවා කියන්නෙ තම දේශපාලනික කදවුරට ඇති වහල් භාවය සහ අසීමිත කුහකත්වය ප්‍රදර්ශනය කිරීමක්."
-Dharshana Kasthurirathna-

"ලංකාවේ හිස් ඉඩමක් තියෙනවා ඒකේ luxury apartment හදන්න ලංකාවට සල්ලි නෑ. ඉතින් විදේශ ආයෝජකයෙක් එනවා. ඔහු ඩොලර් මිලියන 250ක් වියදම් කරනවා. තව ඩොලර් මිලියන 43ක් ආණ්ඩුවට දෙනවා. අර ඩොලර් මිලියන 250 වියදම් කරන්නේ බිල්ඩින් එක හදන්න. ඒ සල්ලිවලින් බහුතරයක් යන්නේ අපේ රටේ ඉංජිනේරුවන්ට, Qsලා, කාර්මිකයෝ, labours ල වගේ අයට. එතන රැකියා අවස්ථා හැදෙනවා. ඒ එන්නේ ඩොලර්, තව material ගන්නේ අපේ රටෙන්. ඒ නිසා අපේ රටේ ව්‍යාපාර දියුණු වෙනවා. Developer ඒ හදන නිවාස විකුණලා උගේ වියදම cover කරගෙන ලාභයක් උපයනවා. රටක් විදියට අපිට පට්ටම ලාභයි. ඩොලර් රටට ගේන්නේ එහෙමයි"
-Vinod Bhanuka -

Saturday, December 21, 2019

දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන් විසිරයෑමේ උත්සවය



දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ කැඩෙට් නිලධාරීන් 325 දෙනෙකු අධිකාරී නිලයට පත්ව විසිරයෑමේ උත්සවය අද (21) පෙරවරුවේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් දියතලාව යුද හමුදා විද්‍යාපීඨය භූමියේදී සිදු විය.

දියතලාව යුධ හමුදා විද්‍යා පීඨයේ පුහුණුව ලැබූ 94 වන කණ්ඩායම මෙය වන අතර මෙහිදී පුහුණුව ලැබූ කැඩෙට් නිලධාරීන් 325 දෙනෙකු අධිකාරිය නිලයට පත් කිරීම සංකේතවත් කරමින්, ගරු අගමැතිඳුන්ගේ අතින්, පුහුණුව ලැබූ දක්ෂතම කැඩෙට් නිලධාරියාට අසිපත ප්‍රදානය කළ අතර පුහුණු කාලය තුළ විශේෂ දක්ෂතා දැක්වූවන් සඳහා තිළිණ ලබා දීම ද එතුමන් අතින් සිදු විය.














Sunday, December 15, 2019

MCC ගිවිසුම 100% ක්ම හොඳ නැත. MCC ක්‍රියාත්මක වීමට කිසි සේත්ම ඉඩ ලබා නොදෙමු.


[1]. ජනාධිපතිවරණ වේදිකාවේදී එජාපයට එරෙහි බලවේග වල ප්‍රධානතම සටන් පාථයක් වූයේ "MCC ගිවිසුම ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට අතිශය අහිතකර බවත්, එය කිසි සේත්ම ක්‍රියාත්මක වීමට ඉඩ නොදිය යුතු බව" යි.


[2]. MCC විරෝධයට පැහැදිළිවම හේතු සාධක තිබුණි. උදාහරණ ලෙස පසුගිය එජාප ආණ්ඩුවෙන්ම පත් කරන ලද "ජාතික ආර්ථික සභාව" විසින් කැබිනට් මණ්ඩලයට නිකුත් කරන ලද නිර්දේශයේ දීර්ඝ වශයෙන් හේතු දක්වමින් පැහැදිළිවම පවසා තිබුණේ එකී MCC ගිවිසුම කිසි සේත්ම අත්සන් නොකළ යුතු බවයි. එම වාර්තාව මෙතනින් කියවන්න.


[3]. එසේම "ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සංධානය" විසින් MCC ගිවිසුමේ භයානකත්වය ගැන ජාත්‍යන්තර උදාහරණ ඇසුරෙන් පහත කරුණු පෙන්වා දී ඇත. [මූලාශ්‍රය]

(i)."මැඩගස්කරයේ MCC ප‍්‍රතිපාදන තුලින් කෙරුණු ඉඩම් ප‍්‍රතිසංස්කරණවල ප‍්‍රතිඵලයක් ලෙස හෙක්ටයාර මිලියන 1.3 ක් එහෙම නැත්නම් මැඩගස්කරයේ වගා කළ හැකි භූමියෙන් භාගයක් විදේශීය පෞද්ගලික සමාගමකට අපනයන කෘෂිකර්මාන්තය සඳහා වසර 99 කට නොමිලේ බදු දී ඇත.

(ii). ඝානාවේ MCC ප‍්‍රතිපාදන තුලින් බලශක්ති අංශය තුල ඇති කළ ප‍්‍රතිසංස්කරණ හේතුවෙන් රජය සතු විශාලතම විදුලිබල සැපයුම්කරුවෙකු පෞද්ගලීකරණය කරන ලදි.

(iii). හොන්ඩුරාස් වල නීති විරෝධී දක්ෂිණාංශික කුමන්ත‍්‍රණයකින් බලයට පැමිණි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලන තන්ත‍්‍රයකට මාස ගණනාවක් යන තුරු අරමුදල් සහ නීත්‍යානුකූලභාවය ලබා දෙමින් MCC කටයුතු කළේය.


[4]. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේද, ආණ්ඩුවේද මතය වන්නේ MCC ගිවිසුම කිසි සේත්ම ක්‍රියාත්මක නොකළ යුතු බවයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමා MCC ගිවිසුමට සම්පූර්ණයෙන්ම විරුද්ධ වීමට හේතු වී ඇත්තේ
(i). ජනාධිපතිවරණ වේදිකාවේදී MCC ගිවිසුම ක්‍රියාත්මක නොකිරීමට ජනතාවට පොරොන්දු වූ නිසා එම පොරොන්දුව අකුරටම ‍රැකීම,
(ii). අන්තර්ජාතික උදාහරණ අනුව MCC ගිවිසුම රටට අහිතකර එකක් වීම,
(iii). මහා සංඝරත්නය, විද්වතුන්, වෘත්තිකයන් ඇතුළු උගත් බුද්ධිමත් ජනතාව ඊට එරෙහි වීම,
(iv) මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සිදුකරන ලද අධ්‍යයනයන්ට අනුවත් මෙම ගිවිසුම අත්සන් කිරීම රටට ඉතාමත් අහිතකර වීම,
යන කරුණුයි.


[5]. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඇතුළු පොහොට්‍ටුවේ ආණ්ඩුව නියෝජනය කරමින්, දිලුම් අමුණුගම මන්ත්‍රීතුමා හිරු රූපවාහිනියේදී  පැවසූයේ  "MCC ගිවිසුම 100% ක්ම හොඳ නෑ. එදත් හොඳ නෑ.. අදත් හොඳ නෑ..අත්සන් කරන්නෙත් නෑ" යනුවෙනි.

සජිත් ගෙවල් හදද්දී වැ‍ටුප් මිලියන 480 ක් වුවද වැඩ මිලියන 350 ක බව හෙළි වෙයි.



පසුගිය රජය සමයේදී නිවාස අමාත්‍යාංශය මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති පිළිබඳ විශේෂ සාකච්ඡාවක්, නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාවට හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති නාමල් රාජපක්ෂ මහතා සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතාද සහභාගී විය.

පසුගිය රජය සමයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ නිවාස වැඩපිළිවෙල සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තුළ පවතින ගැටළු රැසක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.

පසුගිය රජය හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ නිවාස ගම්මාන 337 ක ඉදිකිරීම් ආරම්භ කර තිබේ. ඉන් නිවාස ගම්මාන 84 ක් ජනතා අයිතියට පත් කර ඇති අතර ඉතිරි ගම්මාන 253 වැඩ අවසන් කර නොමැත. 2015 වසරේදී ගම්මාන 15 ක ඉදිකිරීම් ආරම්භකර ජනතා අයිතියට පත්කර ඇත. 2016 වසරේදී ගම්මාන 77 ක ඉදිකිරීම් ආරම්භ කර ඉන් 49 වැඩ අවසන් කර ඇති නමුත් 28 වැඩ අවසන් කර නොමැත. 2017 වසරේ ගම්මාන 50 ක් ආරම්භ කර ඇති අතර වැඩ අවසන් කර ඇත්තේ ගම්මාන 8 ක් පමණි. 42 ක වැඩ අවසන් කර නොමැත. 2018 වසරේදී ආරම්භ කර ඇති ගම්මාන 104 න් වැඩ අවසන් කර ඇත්තේ ගම්මාන 15 ක් පමණි. ගම්මාන 89 ක වැඩ අවසන් කර නොමැත. මෙම වැඩ අවසන් නොකළ ගම්මානවල වැඩ අවසන් කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන අවශ්‍ය බවට නිලධාරීන් කරුණු ඉදිරිපත් කළේය. මෙලෙස වසරින් වසර ආරම්භ කළ ගම්මානවල වැඩ අවසන් නොකර, අලුතින් තවත් ගම්මාන ඉදිකිරීමට පියවර ගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.

පසුගිය රජය විසින් ග්‍රාම ශක්ති නිලධාරීන් 680 දෙනෙක් බඳවා ගෙන ඇති අතර එම නිලධාරීන්ට වැටුප් ගෙවන ආකාරය, ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳව කිසිදු තොරතුරු සටහනක් නොමැත. දේශපාලන අවශ්‍යතා මත ග්‍රාමශක්ති නිලධාරීන් හරහා රුපියල් 20,000/= බැගින් ණය මුදල් ලබා දී ඇති අතර ඒ පිළිබ‍ඳව කිසිඳු තොරුතුරක් හෝ එම ණය නැවත අයකර ගන්නා ආකාරය පිළිබඳව තොරතුරු නොමැත. බොහෝ ගැටළුවලට නිලධාරීන් අසත්‍ය තොරතුරු ලබා දීමත්, නිරුත්තරවීමත් සිදුවිය. එමගින් රජයේ මුදල් විශාල වශයෙන් අවභාවිතා වී ඇති බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය. නිවාස ගම්මාන ඉදිකිරීම සඳහා නිසි අවසරයකින් තොරව වන සංරක්ෂණ ප්‍රදේශ හෙළි කිරීම හා අලිමංකඩවල සහ වැව් රක්ෂිත ඉඩම් යොදාගෙන අවිධිමත් ලෙස නිවාස ගම්මාන ඉදිකර ඇති බවත්, ඒ සඳහා අදාළ ආයතනවලින් නිසි පරිදී අනුමැතිය ලබාගෙන නොමැති බවත් මෙහිදී කරුණු අනාවරණය විය. අදාළ රාජ්‍ය නිලධාරීන් විසින් එම චෝදනා පිළිගන්නා ලදි. තවද නිවාස හිමිකම්ලාභීන්ගේ ඉඩම් අයිතිය නිසි ලෙස ජනතාවට ලබා දී නොමැති බවත්, ප්‍රතිලාභීන් සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිවාස ණය ලබා දී නිවාස අඩක් ඉදිකරගෙන යන අතරතුර එම ණයලාභීන්ගෙන් නිවාස ලබාගෙන වෙනත් පාර්ශව වෙත ලබා දීම වැනි චෝදනා පිළිබඳවද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා වසරකට රුපියල් මිලියන 480 ක් පමණ වැයවන බවත්, නමුත් නිවාස ඉදිකිරීම සඳහා වැය කර තිබෙන්නේ රුපියල් මිලියන 350 ක් පමණක් බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඉදිරිපත් කරන ලද වාර්තාවලින් අනාවරණය විය.

මෙහිදී අදහස් දැක්වූ ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ “හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් කොටසක් පසුගිය රජයෙන් නිවාස ලබාගෙන අද අසරණ තත්ත්වයට පත්වී සිටිනවා. තවත් කොටසක් රැකිය ලබාගෙන අසරණ වී සිටිනවා. මෙම දිස්ත්‍රික්කයේ නිවාස ගම්මාන ඉදිකිරීම සඳහා අවසරයකින් තොරව හිතුමතේට වනාන්තර හෙළි පෙහෙළි කිරීම තුළින් පරිසරය විනාශ වෙලා තියෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කය වැනි ග්‍රාමීය ප්‍රදේශවල ඉඩම් ලබා දීමේදී පර්චස් 40 ට වඩා වැඩිනම් පමණක් නාගරික සංවර්ධන අධිකාරියෙන් අනුමැතිය ලබා ගත යුතුයි. ඊට අඩුනම් අදාළ ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ලබා ගත යුතුයි. නමුත් පසුගිය රජය එම කටයුත්ත වත් නිසි පරිදී ඉටුකර නැහැ. ඉදිරියේදී මෙම ප්‍රශ්න සියල්ලට විසදුම් ලබා දීමට කටයුතු කරනවා” යනුවන් පැවසීය.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා “රුපියල් මිලියන 480 ක් වැයකර හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයින්ට වැටුප් ගෙවා, රුපියල් මිලියන 350 ක නිවාස ඉදිකිරීම සාධාරණද ? නිවාස ඉදිකිරීමට අප විරුද්ධ නැහැ. නමුත් එයින් රටත්, ජනතාවත් අපහසුතාවයට පත්වෙනවා නම් එයට අප විසඳුම් ලබා දිය යුතුයි. අප දේශපාලන පළිගැනීම් සිදු කරන්නේ නැහැ. මෙම ගැටළු සඳහා රාජ්‍ය නිලධාරීන් ලඟ පැහැදිළි විසඳුම් නැහැ. වනාන්තර හෙළිකර අපට හිතුමතේට සංවර්ධන කටයුතු සිදු කරන්න බැහැ. එයට අප ඉඩ ලබා දෙන්නේ නැහැ. හම්බන්තොට දිස්ත්‍රික්කය හරිත කලාපයක් ලෙස දියුණු කිරීම අපේ අරමුණ. මෙම සාකච්චාවේ ඉදිරිපත් වූ ගැටළුවලට කඩිනමි විසඳුම් ලබා දීම සඳහා කමිටුවක් පත්කර අතිගරු ජනාධිපතිතුමාට සහ ගරු අගමැතිතුමාට වාර්තාවක් ලබා දීමට කටයුතු කරනවා. මෙම සාකච්ඡාවේදී ගනු ලැබූ තීන්දු තීරණ හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ගනු ලැබූ තීන්දු තීරණ හා සමානව සලකා කටයුතු කරන ලෙස රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන්ද පැවසීය.

මෙම සාකච්ඡාවට ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, නිවාස අමාත්‍යාංශයේ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, විවිධ රාජ්‍ය ආයතන නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. මෙහිදී ඩීවී චානක මන්ත්‍රීතුමාත් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ අතර ඒවා මෙම වීඩියෝවේ නොදැක්වේ.

– මාධ්‍ය ඒකකය

Saturday, December 14, 2019

මහින්ද රාජපක්ෂ අගමැති තුමන් කතරගම පුදබිමට පැමිණෙයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අද දින කතරගම පූජා භූමිය වැඳ පුදා ගත්තා.පැමිණ සිටි බැතිමතුන් විශාල පිරිසක් එතුමාව එහිදී හමු වුණා.

Friday, December 13, 2019

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිප්‍රදානෝත්සවයේදී මහින්ද රාජපක්ෂ අගමැතිඳුන් පැවැත්වූ දේශනය.

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිප්‍රදානෝත්සවය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රගහලේදී පැවැත්විණ. අගමැතිතුමන් එහිදී කරන ලද සම්පුර්ණ දේශණය මෙහි දැක්වෙයි.



ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට ප්‍රධාන අමුත්තා හැටියට සහභාගී වන මෙන් මට ලැබුණු ආරාධනාව මම පිළිගත්තෙ බොහොම සතුටෙන්. නොවැම්බර් 16 ජනාධිපතිවරණයෙන් පස්සෙ අගමැති හැටියට පත්වෙලා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සාමාජිකයන් නිල වශයෙන් ආමන්ත්‍රනය කරන්න මට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙයයි. මීට අවුරුදු දහයකට කළින් කොටි ත්‍රස්තවාදය පරාජය කරමින්, ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා ලැබූ විශිෂ්ඨතම ජයග්‍රහණය අවස්ථාවේදී ඔබගේ සේනාධිනායකයා හැටියට කටයුතු කිරීමට ලැබීම මම මගේ ජීවිත කාලය තුළ ලැබූ සුවිශේෂම වරප්‍රසාදයරක් හැටියට තමයි මම සලකන්නෙ. ඔබ ඒ ලැබූ ජයග්‍රහනයේ කීර්තිය දේශීය වශයෙන් විතරක් නෙවෙයි ජාත්‍යන්තරවද තවත් දශක ගණනාවක් යනතුරු රැව් පිළිරැව් දෙන බව මට විශ්වාසයි.

ත්‍රස්තවාදී උවදුර මැඩපවත්වගන්න බැරුව මුලු ලෝකයම ලතවෙමින් හිටපු අවස්ථාවක තමයි අපි ඒ ජයග්‍රහණය ලැබුවෙ. එම නිසා,ඒ ශ්‍රී ලාංකික ජයග්‍රහණය ලංකාවට පමණක් නොවෙයි මුලු ලෝකයටම ආලෝකයක් සහ නව බලාපොරොත්තුවක් ගෙන දෙන කාරණයක් වුණා. ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනය විසින් 2008 ජනවාරි මාසයේදී කොටි සංවිධානය ලෝකයේ බලගතුම හා භයානකම ත්‍රස්තවාදී සංවිධානය හැටියට නිල වශයෙන්ම නම් කරලා තිබුණා. ඇමරිකාවට කොටි සංවිධානයෙන් ඍජු තර්ජනයක් තිබුණෙ නැතත් ඇමරිකාව ඔවුන්ට සැලකුවේ ලෝකයේ දරුනුම ත්‍රස්තවාදී සංවිධානය හැටියටයි. ඔවුන්ට ඍජු තර්ජනයක් වුනු අල්කයිඩා සංවිධානය පවා ඇමරිකානුවන් විසින්ම ශ්‍රේණිගත කරල තිබුණෙ කොටි සංවිධානයට වඩා පහලින්. අපි එදා මුහුණ දුන් ත්‍රස්තවාදී උවදුරේ තරම ඒකෙන්ම පැහැදිලි වෙනවා.

නමුත් 2009 දී අපි ඒ ත්‍රස්තවාදී සංවිධානය තීරණාත්මක ලෙස පරාජය කළා. අපි ඒ ජයග්‍රහණය ලබනකම්ම හුඟක් අය කිව්වෙ ඕක කරන්න බැරි දෙයක් කියලා. ඒ කාලෙ මාව මුනගැහුණු විදේශීය ප්‍රභූවරුන් ගණනාවක්ම මට දීපු උපදෙස තමයි කරන්න බැරි දේවල් කරන්න උත්සාහ කරන්න එපා කියලා. අපේම යට ගියාවෙන් අපි ඉගෙනගතයුතු පාඩම තමයි තමන් ගැන ආත්මශක්තියක් නැතිනම්, අවදානමක් දැරීමට අකමැතිනම්, කිසිම ජයග්‍රහණයක් ලබාගන්න බැහැ කියන කාරණය.

2005 දී මම ජනාධිපති හැටියට පත්වුණාට පස්සෙ, අදාල කාර්යයට මම දැනගෙන හිටපු සුදුසුම පුද්ගලයා ආරක්‍ෂක ලේකම් හැටියට පත්කළා. ඔහුගේ නිර්දේශ මත මම වෙනත් සුදුසු නිලධාරීන් අවශ්‍ය තැන් වලට පත් කරල යුද්ධය දිනපු සන්නද්ධ හමුදා යාන්ත්‍රණය ගොඩනැගුව. අද එදා ඒ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඔබගේ ජනාධිපති හා සේනාධිනායකයා හැටියට ජනතාව විසින් අති විශිෂ්ඨ ජනවරමක් සහිතව පත්කරල තියෙනව.

අපි නැවත වතාවක් මේ රටේ නායකත්වය බාර ගන්නෙ අපේ ජාතික ස්වාධිපත්‍යයත්, ජාතික ආරක්‍ෂාවත් අනතුරේ වැටිල තියෙන අවස්ථාවකයි. කොටි සංවිධානයට එරෙහිව ලැබූ ජයග්‍රහණයේ 10 වන සංවත්සරය සමරන්න දින ගණනක් තිබියදී ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් විසින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුකළා. ආසියාවේ වෙනත් රටවල් එක්ක සසඳනකොට අපේ රට කුඩා දූපතක්. නමුත් මෙහේ මොනම දෙයක්වත් කුඩා පරිමාණයෙන් සිද්ධ වෙන්නෙ නැහැ.

1980 ගණන්වල උතුරේ මෙන්ම දකුණේත් සන්නද්ධ කැරළි නිසා අපි ලෝකයේ දරුණුම ගැටුම් සහිත භූමිය බවට පත්වුණා. ඊට පස්සෙ, ගොඩබිමෙන්, මුහුදෙන් හා ගුවනින් මෙහෙයුම් දියත් කරන්න හැකියාව තිබුණු ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය මෙහේ තිබුණා. ආසියාව තුළ සිවිල් ජනතාව ඉලක්කකරල සිදු කරපු විශාලම හා දරුනුම ත්‍රස්ත ප්‍රහාරය මේ අවුරුද්දෙ පාස්කු ඉරිදා සිද්දවුණා.රට පුංචි වුණාට අපිට මුහුණ දෙන්න වෙන අභියෝගය පුංචි නැහැ.

2008 දී මුම්බායි නගරයට එල්ලවුන ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියානු ජාතිකයන් සහභාගී වෙලාහිටියෙ නැහැ. නමුත් පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සියලුම ත්‍රස්තවාදීන් ශ්‍රී ලාංකිකයින්. මේ තර්ජනය අපේ රටට විතරක් සීමා වෙච්ච තර්ජනයක් නෙවෙයි. මේ කළාපයේ වෙනත් රටවල උන්නතිය සඳහාත් මේ ත්‍රස්තවාදය මර්ධනය කළ යුතු වෙනවා. මේ අවුරුද්දෙ අවස්ථා දෙකකදී ශ්‍රී ලංකාවෙන් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් බෝට්ටුවලින් ඉන්දියාවට ඇතුලුවෙන්න උත්සාහ කරමින් ඉන්නවය කියන තොරතුරක් නිසා ඉන්දියව පුරාම ආරක්‍ෂක අංශ සීරුවෙන් තැබුවා.

අපට මේ උවදුර පාලනය කරගන්න බැරිවුණොත් ඉන්දියාව, මාලදිවයින, බංගලාදේශය විතරක් නොවෙයි මියෙන්මාරය, තායිලන්තය හා මැලේසියාව වගේ එපිටින් තියෙන රටවල් වලටත් විශාල තර්ජනයක් එල්ල වෙනවා. ඒ නිසා මේ අලුත් ත්‍රස්තවාදී උවදුර ඒකාන්තයෙන්ම පරාජය කළ යුතුයි. අප අවට රටවල් සේරම මේ අවදානම හොදින් තේරුම් අරගෙන තිබෙන නිසා ඔවුන්ගෙන් මේ ත්‍රස්තවාදයට එරෙහිව අවශ්‍ය සහයෝගය අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

කොටි සංවිධානයට එරෙහිව යුද්ධයේදී ගොඩබිමින්, මුහුදෙන් හා ගුවනින් අපට මෙහෙයුම් කරන්න සිද්ධවුණත්, මේ අලුත් ත්‍රස්තවාදී උවදුර සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නෙ බුද්ධි මෙහෙයුම්. නමුත් අවාසනාවකට, පහුගිය අවුරුදු පහ මුලුල්ලෙම රටේ බුද්ධි අංශ අකර්මන්‍ය කරලයි තිබුණෙ. පැවතුන ආණ්ඩුව බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කරල, හිරිහැර කරල බොරු චෝදනා උඩ හිරේටත් දැම්මා. මේ තත්වයට මූහුණදෙන්න වුණේ බුද්ධි අංශවලට විතරක් නෙවෙයි. කොටි සංවිධානයට විරුද්ධව යුද්ධ කරපු සන්නද්ධ හමුදා ඉහළ තලයටම මේ දඩයමට මුහුණ දෙන්න වුණා. මාධ්‍යයෙන් විශාල ප්‍රසිද්ධියක් දීල මේ ආරක්‍ෂක ප්‍රධානීන් පොලීසියට ගෙන්නල නොයෙක් චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුවා.

මේ විදියට යුද්ධ කාලෙ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාත්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීන් දෙදෙනෙකුත්, යුද හමුදාපතිවරුන් දෙදෙනෙකුත්, නාවුක හමුදාපතිවරුන් සිව්දෙනෙකුත්,ගුවන් හමුදාපතිවරුන් දෙදෙනෙකුත් ජාතික බුද්ධි අංශ ප්‍රධානියාවත් යුද හමුදාවේ පොලීසියේ, පොලිස් විශේෂකාර්ය බලකායේ, නාවුක හමුදාවේ ජේෂ්ඨ නිලධාරීන් විශාල ගණනකුත් මේ විදියට හිරිහැරයටත් අවමානයටත් පත් කෙරුවා. මෙයින් සමහර අය උසාවියට ඉදිරිපත් රකලා සති කීපයක ඉඳල අවුරුද්දකටත් වැඩි කාලයක් දක්වා කාල පරිච්ඡේද වලට රිමාන්ඩ් කරල හිටිය. මේ ක්‍රියාදාමයේ පරමාර්තය වුණේ අපේ සන්නද්ධ හමුදා රණවිරුවන් නොව හොරුන් සහ මීනීමරුවන් යන අදහස ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම, ජාත්‍යන්තර ප්‍රජාවගේත් හිත් තුළට ඇතුල් කරන එකයි.

ලෝකයේ කිසිම රටක ආණ්ඩුවක් මේ ආකාරයට තමන්ගේම සන්නද්ධ හමුදා අවමානයට ලක් කරල නැහැ. සන්නද්ධ හමුදා කියන්නෙ ජාතියක ආරක්‍ෂකයෝයි. 2015 ජනවාරියේ ආණ්ඩු පෙරලියෙන් පස්සෙ මේ රටේ ඇතිවුණේ විදේශීය හතුරු බලවේගයක් විසින් ලංකාව ආක්‍රමණය කරලා යටත් කරගත්ත වගේ තත්වයක්. සන්නද්ධ හමුදා දඩයම් කරලා ඔවුන්ගේ ජීවගුණය බිඳ දමල, මහා සංඝරත්නය යටපත් කරල, මේ රටේ බහුතර ප්‍රජාව පාගල, දශක හතරක් පැවති සිවිල් යුද්ධයෙන් ලබාගන්න බැරිවුණු දේ ලබාගැනීමේ උත්සාහයක් අපි පහුගිය අවුරුදු පහේදී අත්දැක්ක.

පසුගිය ආණ්ඩුව ජිනීවා නුවර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියට ගිහිල්ලා විදේශීය විනිශ්චයකාරවරුන්ගේ හා පරිචෝදකයන්ගේ සහභාගීත්වය ඇතුව අපේ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට විරුද්ධව යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට පොරොන්දු වෙමින් ලංකාවට විරුද්ධව යෝජනාවක් සම්මත කරගත්ත හැටි අපි දැක්ක. ඒක කළේ ලංකාවේම ජනතාව බලයට පත් කරපු ආණ්ඩුවක්. අද ඒ පහුගිය අවුරුදු පහ තුළ සිද්ධවෙච්ච අකටයුතුකම් නැවැරදි කරන්න විශාල ජනවරමක් සහිතව ජනාධිපතිවරයෙක් මේ රටේ ජනතාව පත්කරල තියෙනවා.

පහුගිය අවුරුදුපහ තුළදී සන්නද්ධ හමුදා සාමාජිකයන්ට විඳින්න සිද්ධවෙච්ච අයුක්තිය, අසාධාරණය හා අවමානය නිවැරදි කොට අවශ්‍ය තැන්වලදී වන්දි ලබාදීමටත් කටයුතු කරන බවට මම මේ අවස්ථාවේදී ප්‍රතිඥා දෙනවා. අපේ සන්නද්ධ හමුදා වලට ලැබිය යුතු ගරුත්වය ඔවුන්ට ලබාදීමට ජාත්‍යන්තර මට්ටමෙන් අපි පියවර ගන්නවා. අපි කවුරුත් දන්නවා අපේ සන්නද්ධ හමුදා සම්බන්ධයෙන් නොයෙක් ජාත්‍යන්තර න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වන බව. අපේ සන්නද්ධ හමුදාවල ඇතැම් උසස්වීම් සිදුකරන කොට ඒවට විරුද්ධ වෙච්ච විදේශීය පාර්ශව හිටියා. කිසිම සෛවරී රාජ්‍යයක් තමන්ගේ සන්නද්ධ හමුදාවල කටයුතු වලට විදේශීය පාර්ශව වල ඇඟිලි ගැසීම් පිළිගන්නෙ නැහැ.

ජනතාව අපිව බලයට පත්කළේ අපේ ජාතික ස්වාධිපත්‍යයත් ජාතික ආරක්‍ෂාවත් තහවුරු කරන්නයි. ඒ ඉලක්කය සපුරා ගන්න කලයුතු යම්දෙයක් තිබේද, අපි ඒ දේ අනිවාර්යෙන්ම කරනව. කොටි සංවිධානයෙන් අපිට එල්ලවුණු අභියෝගය ජයගන්න අපට යුද ආයුධ හා මහා පරිමාන සටන් අවශ්‍යවුණා. නමුත් අපි අද මුහුණ දීල තියෙන අලුත් ත්‍රස්තවාදී උවදුර පරාජය කරන්න මේ අවස්ථාවේදී අවශ්‍ය වන්නේ බුද්ධි මෙහෙයුම්, ජාතයන්තර බුද්ධි අංශ සමඟ සමීප සම්බන්ධතාවයන් පවත්වා ගැනීම, සහ එයට ගැලපෙන විදේශ ප්‍රතිපත්තිමය ප්‍රවේශයක් වගේ කාරණායි.

සෛවරී ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව තහවුරු කරන්න සන්නද්ධ හමුදා වලට අවශ්‍ය නායකත්වය දේශපාලන බලධාරීන් හැටියට අපි ලබාදෙනව. මේ රටේ සන්නද්ධ හමුදා වලටත් ශ්‍රී ලංකාවේ ජනතාවටත් අපි දෙන ප්‍රතිඥාව එයයි.

ආරක්‍ෂක සේවා හා අණ මාණ්ඩලික විද්‍යාලයේ සියලුම උපාධිධාරීන්ට ඉදිරියේදී මේ රටට සිදුකරන සේවය සාර්ථකව ඉටු කිරීමට ලැබේවායි මම ප්‍රාර්ථනා කරනව. කිරීමට නොහැකි යැයි කියපු දේ කරල, මුලු ලෝකයම මවිත කරපු කීර්තිමත් සන්නද්ධ හමුදාවක සාමාජිකයෙකු හැටියට ඔබේ වගකීම හැමවිටම ඔබ සිහියේ තබාගත යුතුයි. මේ උපාධිධාරීන් අතර අපේ මිත්‍රශීලී රටවල නිලධාරීන් ගණනාවක්ම ඉන්නව. ඒ සියලුදෙනාටමත් තම තමන්ගේ රටවලට සාර්ථකව සේවය කිරීමට ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.

– MR midea

Monday, December 9, 2019

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගැන රන්ජන් රාමනායක කළ ලැම්බෝගිනි මඩ අවලාදය අනාවරණය වූ හැටි.

[1]. 2015 ජනාධිපතිවරණයට පෙර රන්ජන් රාමනායක විසින් රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ලැම්බෝගිනි කාර් ගැන චෝදනාවක් කරනු ලැබුවා. පහත වීඩියෝවේ දැක්වෙන පරිදි ඔහු පවසන්නේ රාජපක්ෂ පුත්තු විසින් තීරු බදු නොගෙවා ලැම්බෝගිණි 3 ක් මෙරටට ගෙන්වා ඇති බවයි.



රන්ජන් රාමනායක එලෙස පවසන්නේ, ස්වර්ණවාහිනී ආයතනය විසින් ගවේෂණය කර වාර්තා කර ඇති පරිදිම බොරැල්ල ප්‍රදර්ශනාගාරයක ඇති ලැම්බෝගිණි 3 පිළිබඳවයි. නමුත් එය මයික්‍රෝ සමාගම විසින් නීත්‍යානුකූලවම අප රටේ ප්‍රදර්ශනය සඳහා මෙරටට ගෙන්වූ ඒවා.

මයික්‍රෝ අධිපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා එදා ප්‍රදර්ශනය සඳහා ගෙන්වූ ලැම්බෝගිණි 3 හේතු කොටගෙන මේ වන විට මීගමුවේ ව්‍යාපාරිකයෙක් විසින් පාවිච්චි කරන ලද ලැම්බෝගිණි මෝටර් රථයක් මිලදී ගෙන තිබෙනවා. එහිදී රජයට පමණක් ලැබුණ බදු ආදායම රුපියල් ලක්ෂ 580 ක්.


[2]. මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට අපහාස කිරීම සඳහාම එජාපය සිදුකළ ලැම්බෝගිණි මඩ ගැසීම නිසා සිදු වූයේ , ලැම්බෝගිණි මෝටර් රථ පමණක් නොව ඒ හා සමාන සුඛෝපභෝගී මෝටර් රථ පවා මිලදී ගෙන රජයට විශාල බදු මුදල් ගෙවීමට හැකියාව තිබූ උදවියත් අධෛර්යයට පත් වීමයි. ඒවා රාජපක්ෂවරුන්ගේ යැයි කියමින් රජයට පවරාගැනීමේ අවදානමක් තිබීමත්, ඒ වන විට ලැම්බෝගිණි ගැන පොදු ජනතාවට ඇති වී තිබූ විරෝධයත් නිසයි. මඩ ප්‍රචාරණය නොවන්නට මේ වන විට අප රටේ ලැම්බොගිනි මෝටර් රථ දුසිම් ගණනක් තිබෙන්නට ඉඩ තිබුණා. එසේ වූවානම් රජයට අය වෙන බදු ආදයම විතරක් ලක්ෂ දසදහස් ගණනක්... එසේ වූවානම් යහපාලන ආණ්ඩුවට වයෝවෘද්ධ ජේෂ්ඨ පුරවැසියන්ට රුපියල් 2000 දීමනාව ගෙවාගන්න බැරි වෙන්නේ නෑ.


[3]. 2015 ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙරදී එජාපයේ සුජීව සේනසිංහගේ ෆේස්බුක් පිටුවේ පහත පින්තූර පළ වුණා. පින්තූර 5 ක් පමණ පළ කර තිබුණත් 3 ක්ම අතේ මාට්ටු වූ බැවින් ඒවා ඉවත් කරලා. මූලාශ්‍ර 1 , 2 සුජීව සේනසිංහ පැවසූයේ ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තිබියදී නාමල් රාජපක්ෂ මැතිඳුන් තම ලැම්බෝගිණි මෝටර් රථ කිහිපය රහසේම රට පටවන බවයි. මෙම පින්තූර යොදාගනිමින් තවමත් එක්සත් ජාතික පක්ෂයේ මඩකරුවන් විසින් මඩ ගැසීම සිදුකරනවා.

sri-lanka-lamborghini

නමුත් ඉහත දැක්වෙන්නේ නාමල් රාජපක්ෂ මහතාට අයත් වාහන නොව ශ්‍රී ලංකන් එයාර්ලයින් එක විසින් ප්‍රති අපනයනය සඳහා මෙරටට ගෙන්වූ වාහනයි. එම පින්තූර ජනාධිපතිවරණ සමයේ ගත් ඒවා නොව ඊට වසර 2 කට පෙර එනම් 2012 තරම් ඈතකදී සිදුවූ ප්‍රති අපනයනය කිරීමකුයි. මූලාශ්‍ර 1 , 2 , 3 , 4

2014 ජූලි මාසයෙන් පසුව ශ්‍රී ලංකන් එයාර්ලයින් මගින් කිසිදු වාහනයක් ප්‍රති අපනයනය කිරීම සිදු නොකළ බවත් ඔවුන් රජයේ නිල වෙබ් අඩවියෙන් දක්වා තිබෙනවා.

පහත දැක්වෙන්නේ සුජීව සේනසිංහ විසින් මඩ ගැසීමේ අරමුණින් පළ කරන ලද පින්තූර වල සැබෑ අයිතිකරුවා විසින් ෆේස්බුක් එකේ පළ කළ සටහනක්.
10898208_10152568780778085_43751910082500473_n[1]

කට උත්තර නැති වූ මඩ බලකාය ඊළඟට පැවසූයේ Dhanushka Pradeep මහතා එම ෆේස්බුක් ඇල්බම් වල දින වෙනස් කර ඇති බවයි. නමුත් ෆේස්බුක් කොමෙන්ට් වල දින කෙසේ වත් වෙනස් කළ නොහැකියි. මෙම පින්තූරයේ සමහර කොමෙන්ට් 2012 තරම් ඈත කාලයේ වන අතර එමගින් එම පින්තූරත් 2012 ඒවා බව තහවුරු කරනවා.

sri-lanka-lamborghinijpg
පහත දැක්වෙන්නේ ලැම්බෝගිනි මඩ සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණය කාලය තුළ අපගේ සහෝදර ෆේස්බුක් පිටු විසින් ෆේස්බුක් එකේ කරන ලද දැනුවත් කිරීම්.

namal-rajapaksa-lamborghini

namal-rajapaksa-lamboghini


[4]. නාමල් රාජපක්ෂ මහතා සතුව තීරු බදු නොගෙවූ එකදු ලැම්බෝගිනි මෝටර් රථයක්වත් තිබුණානම් ඒවා සොයාගෙන රට ඉදිරියේ පෙන්වීමට තිබුණා. එසේම ඔහු වරදක් කර තිබේනම් ඔහුට එරෙහිව නඩු දැමීමට හැකියාව තිබුණා. ඒ සඳහා ගෙවුණ අවුරුදු 5 හොඳටම ප්‍රමාණවත්. එසේ නොකිරීමෙන් එක්සත් ජාතික පක්ෂය මේ තාක් කල් කරන ලද ලැම්බෝගිණි චෝදනා පට්ට පල් බේගල් බවට ජනතාව ඉදිරියේ ඔප්පු වුණා.


[5]. ඉහත අප ඔප්පු කර පෙන්වූයේ පසුගිය කාලය පුරාවටම එජාපයෙන් එල්ල කළ ලැම්බොගිනි මඩ ප්‍රහාරයේ පදනම් විරහිත බවයි. ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර දී, නොදියුණු ලොවක සිට සංවර්ධිත ලොවක් කරා අප රට ගෙන යාමට සිටි මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට එරෙහිව තව කොතරම් බොරු බේගල් ඇද බාන්න ඇත්ද... තවත් එවන් ව්‍යාජ මඩ අවලාද චෝදනා සිය ගණනක් ඇති අතර ඒවායින් බොහෝමයකට mahinda.info වෙබ් අඩවිය පුරාවටම පිළිතුරු දී තිබෙනවා.

තවමත් රාජපක්ෂවරුන්ගේ ලැම්බෝගිනි හොයන යාලුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

Sunday, December 8, 2019

මේ තමයි මහින්ද මැතිඳුන් හංගපු ධනය. වරාය නගරයෙන් බිහි වූ රු ට්‍රිලියන 3.6 ක ඉඩම ශ්‍රී ලංකාවට එක් වෙයි.



ධාතුසේන රජතුමා සිය සුරත කලා වැව දෙසට දිගු කොට "පුත මේ තමයි මම හංගපු ධනය" යනුවෙන් පැවසුවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා විසිනුත් නොයෙකුත් මඩ අවලාද මධ්‍යයේ අප රටට බිහි කළේ එවන් මහා විස්මිත ධන නිධානයකුයි.

කොළඹ වරාය නගරය අද ලෝකයට විවෘත කෙරුණා. ඒ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ව්‍යාපෘතියෙන් ආයෝජකයන් සඳහා විශේෂ අවස්ථා රැසක් ලබාදීම නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සැලසුමයි. ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහිතව වරාය නගරයෙන් ජනතාවට සේවා සැපයීම ඉලක්කය බව නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පි‍්‍රයත් බන්දුවික්‍රම මහතා සඳහන් කළා.

හෙක්ටයාර 269 ක් පුරා විහිදී ඇති මෙම භූමිය ශ්‍රී ලංකාවේ භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙහි හෙක්ටයාර 178 ක් වෙන් කර ඇත්තේ අයෝජන අවස්ථා සඳහායී. අනෙක් හෙක්ටයාර 91 ක කොටස මාර්ග, උද්‍යාන හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් උපයෝගී කරගෙන තිබෙනවා.

වරාය නගරයේ එක් පර්චසයක් රුපියල් ලක්‍ෂ 250 ට මිලකළ හැකි බව රජයේ විශ්වාසයයි. එමෙන්ම එම භූමියේ වර්තමාන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 20 ට ආසන්න වන බවටද ගණන් බලා තිබෙනවා. ශ්‍රී ලංකා මුදලින් එය රු 3,624,066,000,000.00 ක් හෙවත් රු ට්‍රිලියන 3.6 ක්.

නිවාස සංකීරණ, හොටල්, ව්‍යාපාර ඇතුළු අයෝජන රැසක් එහි ආරම්භ වීමට නියමිත අතර, එමගින් ජනිතවන සෘජු රැකියා ප්‍රමාණය ලක්‍ෂයකට ආසන්න වනු ඇතැයිද නාගරික සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
මෙම භූමිය ආයෝජකයින් වෙත විවෘත කිරීමේ අවස්ථාවට අගමැතිවරයා සමග මෙරට චීන තානාපති චෙන් ෂූයෙයුවාන් මහතා ද එක්ව සිටියා.

වරාය නගර භූමිය තව වසර කිහිපයකින් පහත ආකාර ගනු ඇති.




Wednesday, December 4, 2019

ගෝඨාව ජනපති කර, අලුත් ආණ්ඩුවේ ඇමති කමක් හෝ නොගෙන රංජිත් සොයිසා මැතිතුමන් අප අතරින් නික්ම යයි



මේ විශේෂ සටහන ඒ ආදරණීය ජන නායකයා වෙනුවෙනි.

1962 වසරේ මැයි මස 03 වැනිදා උපත ලද ඒ රංජිත් සොයිසා මැතිතුමන් අභාවප්‍රාප්ත වන විට පසුවූයේ 57 වන වියේය. එතුමා දෙදරු පියෙකි.

වැවිලිකරුවෙකුවූ රංජිත් සොයිසා මැතිතුමන් ‍1997දී අටකලන්පන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේය. 2002 දී එම ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායකයාද විය.

2004 පැවති සබරගමු පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් එහි මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය. පසුව සබරගමු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමතිවරයා ලෙස ද කටයුතු කළේය.

රංජිත් සොයිසා මැතිතුමන් 2015 මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් විය.

එදා සිට මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ශක්තියක් වෙමින් නොසැලී විපක්ෂයේ කාර්යභාරය ඉ‍ටු කළේය. ඇතැම් විටක ඔහු නොබියව විරුද්ධ පක්ෂය දැඩි ලෙස විවේචනය කළේ ඔහුගේ දෑත් පිරිසිදු බැවිනි.

රංජිත් සොයිසා මැතිතුමන් අවසානයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ව ජනාධිපති කිරීමේ කර්තව්‍යයට විශාල ශක්තියක් විය. පොහොට්‍ටු වේදිකාවේ චතුර කඨිකයෙක් විය.

අලුත් ආණ්ඩුව පිහි‍ටුවීමෙන් පසු ඇමති ධූරයක් හෝ ලබා නොගත්තේ භාරකාර ආණ්ඩුවට ශක්තියක් විය යුතු නිසාවෙනි.

ගහක් ගලක් මෙන් ප්‍රතාපවත්ව සිටි රංජිත් සොයිසා මැතිතුමන්ගේ හදිසි අභාවය අපට සිදුවූ ඉමහත් පාඩුවකි.

ඔබතුමාට අජරාමර නිවන් සුව ලැබේවා.!

-Mahinda.info Editor-

Sunday, December 1, 2019

ගෝඨාට වරද පැටවීමට එජාප ඇමති ආරක්ෂකයින් දෙදෙනෙක් කළ සුදු වෑන් සිද්ධියක් මාට්‍ටු වුණ හැටි.


ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයන් යැයි කියා ගනිමින් දෙහිවලදී සුදු වෑන් එකකින් පැමිණ කරන ලද කප්පම් ගැනීමක් ගැන 2008 දී වාර්තා විය. නමුත් පසුව ඒ ගැන වාර්තා වූයේ ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු බවයි. පහත දැක්වෙන්නේ ඒ ගැන ඩේලිනිවුස් පුවත්පතේ පළ වූ වාර්තාවකි. [source: archive , original]



උක්ත ලිපියේ සිංහල පරිවර්තනය පහතින්.

සුදු වෑන් සිදුවීමේ විපක්ෂයේ හස්තය ගැන විමර්ශනය කෙරේ.

කොළඹ: මතභේදාත්මක ‘සුදු වෑන්’ සිදුවීම්වලට සම්බන්ධ බවට සැක කෙරෙන අමාත්‍ය ආරක්ෂක අංශයේ (එම්එස්ඩී) නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ සැකකරුවන් සිව්දෙනා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක තොරතුරු වලින් යැයි කියමින් දෙහිවෙල අවන්හලකින් මුදල් කප්පම් ලබා ඇති නමුත් ඔවුන් ඇත්ත වශයෙන්ම විපක්ෂයේ දේශපාලඥයින් දෙදෙනෙකුගේ ආරක්ෂක අංශයට සම්බන්ධ බවයි.

මෙය ආරක්‍ෂක ලේකම්වරයාට අපහාස කිරීමේ උත්සාහයක් විය හැකි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ අපරාධ කොට්ඨාශයට අනුව, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක තොරතුරු වලට අදාල සන්නද්ධ කල්ලියක් ජුලි 29 වන දින තම අවන්හලට පහර දුන් බවට අවන්හලක හිමිකරු දෙහිවල පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ. පැමිණිලිකරු වැඩිදුරටත් කියා සිටියේ අදාල කල්ලිය සුදු පැහැති වෑන් රථයකින් පැමිණ ඇති බවයි.

දෙහිවල අවන්හලකින් මුදල් කප්පම් ගැනීම සඳහා අමාත්‍ය ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනා භාවිතා කළ සුදු වෑන් රථය පෞද්ගලික කැබ් රථ සේවාවකින් කුලියට ගෙන තිබේ.

රුපියල් 19,600 ක බිල්පත් නොගෙවීම සහ රුපියල් 11,000 ක් කප්පම් ගැනීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු පොලීසිය විසින් පසුගිය සතියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

“දෙහිවල හි වාසල පාරේ අවන්හලකට කඩා වැදුණු සැකකරුවන් බිල්පත් ගෙවීම ප්‍රතික්ෂේප කරමින්, ඔවුන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක භටයන් යැයි කියමින් අවුල් සහගත තත්වයක් ඇති කළ අතර ඔවුන් කොලූපිටියේ කොළඹ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගත් බව” පොලිස් මාධ්‍ය ප්‍රකාශක එස්එස්පී රංජිත් ගුණසේකර මහතා පැවසීය.

සැකකරුවන් පැය තුනකට වැඩි කාලයක් අවන්හලේ සිට ඇත.

සැකකරුවන් භාවිතා කළ සුදු වෑන් රථය කොළඹ කැබ් රථයකින් කුලියට ගෙන තිබේ.

සැකකරුවන් අගෝස්තු 15 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ පසුවන අතර පරීක්ෂණ පැවැත්වේ.

අමාත්‍ය ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ කුරුණගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල කාරියාවසම් යන මහත්වරුන්ට ආරක්ෂාව සපයමින් සිටියහ.


දැන් මෙය කියවූ එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් "එතකොට ගෝඨාභය විසින් සුදු වෑන් සිදුවීම් කරලම නැද්ද" යනුවෙන් අසනු ඇත. ඔවුන් අපෙන් එම ප්‍රශ්නය ඇහුවත් ඔවුන් පිළිගන්නේ එක්සත් ජාතික පක්ෂය කියන පිළිතුරු පමණක් බැවින් ඔවුන්ට එජාපෙන්ම ලබා දුන් පිළිතුරක් අපි පෙන්වන්නෙමු.

"එම කාල සීමාව තුළදී සුදු වෑන් මගින් මාධ්‍යවේදීන්ව පැහර ගැනීමක් සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැත. ඒ නිසා ඉතිරි ප්‍රශ්න පැන නොනගී"
- එජාප මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවේදී.
අදාල හැන්සාඩ් වාර්තා මූලාශ්‍රය මෙතනින්.