Mahinda Rajapaksa: මේ තමයි මහින්ද මැතිඳුන් හංගපු ධනය. වරාය නගරයෙන් බිහි වූ රු ට්‍රිලියන 3.6 ක ඉඩම ශ්‍රී ලංකාවට එක් වෙයි.

Sunday, December 8, 2019

මේ තමයි මහින්ද මැතිඳුන් හංගපු ධනය. වරාය නගරයෙන් බිහි වූ රු ට්‍රිලියන 3.6 ක ඉඩම ශ්‍රී ලංකාවට එක් වෙයි.



ධාතුසේන රජතුමා සිය සුරත කලා වැව දෙසට දිගු කොට "පුත මේ තමයි මම හංගපු ධනය" යනුවෙන් පැවසුවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා විසිනුත් නොයෙකුත් මඩ අවලාද මධ්‍යයේ අප රටට බිහි කළේ එවන් මහා විස්මිත ධන නිධානයකුයි.

කොළඹ වරාය නගරය අද ලෝකයට විවෘත කෙරුණා. ඒ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ව්‍යාපෘතියෙන් ආයෝජකයන් සඳහා විශේෂ අවස්ථා රැසක් ලබාදීම නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සැලසුමයි. ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහිතව වරාය නගරයෙන් ජනතාවට සේවා සැපයීම ඉලක්කය බව නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පි‍්‍රයත් බන්දුවික්‍රම මහතා සඳහන් කළා.

හෙක්ටයාර 269 ක් පුරා විහිදී ඇති මෙම භූමිය ශ්‍රී ලංකාවේ භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙහි හෙක්ටයාර 178 ක් වෙන් කර ඇත්තේ අයෝජන අවස්ථා සඳහායී. අනෙක් හෙක්ටයාර 91 ක කොටස මාර්ග, උද්‍යාන හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් උපයෝගී කරගෙන තිබෙනවා.

වරාය නගරයේ එක් පර්චසයක් රුපියල් ලක්‍ෂ 250 ට මිලකළ හැකි බව රජයේ විශ්වාසයයි. එමෙන්ම එම භූමියේ වර්තමාන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 20 ට ආසන්න වන බවටද ගණන් බලා තිබෙනවා. ශ්‍රී ලංකා මුදලින් එය රු 3,624,066,000,000.00 ක් හෙවත් රු ට්‍රිලියන 3.6 ක්.

නිවාස සංකීරණ, හොටල්, ව්‍යාපාර ඇතුළු අයෝජන රැසක් එහි ආරම්භ වීමට නියමිත අතර, එමගින් ජනිතවන සෘජු රැකියා ප්‍රමාණය ලක්‍ෂයකට ආසන්න වනු ඇතැයිද නාගරික සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
මෙම භූමිය ආයෝජකයින් වෙත විවෘත කිරීමේ අවස්ථාවට අගමැතිවරයා සමග මෙරට චීන තානාපති චෙන් ෂූයෙයුවාන් මහතා ද එක්ව සිටියා.

වරාය නගර භූමිය තව වසර කිහිපයකින් පහත ආකාර ගනු ඇති.




mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව එජාප සහ ජවිපෙ පාක්ෂිකයන් විශ්වාස කරන්නේ ඒවා පමණක් බැවිනි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.