Saturday, December 21, 2019
දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන් විසිරයෑමේ උත්සවය
දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ කැඩෙට් නිලධාරීන් 325 දෙනෙකු අධිකාරී නිලයට පත්ව විසිරයෑමේ උත්සවය අද (21) පෙරවරුවේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් දියතලාව යුද හමුදා විද්‍යාපීඨය භූමියේදී සිදු විය.
දියතලාව යුධ හමුදා විද්‍යා පීඨයේ පුහුණුව ලැබූ 94 වන කණ්ඩායම මෙය වන අතර මෙහිදී පුහුණුව ලැබූ කැඩෙට් නිලධාරීන් 325 දෙනෙකු අධිකාරිය නිලයට පත් කිරීම සංකේතවත් කරමින්, ගරු අගමැතිඳුන්ගේ අතින්, පුහුණුව ලැබූ දක්ෂතම කැඩෙට් නිලධාරියාට අසිපත ප්රදානය කළ අතර පුහුණු කාලය තුළ විශේෂ දක්ෂතා දැක්වූවන් සඳහා තිළිණ ලබා දීම ද එතුමන් අතින් සිදු විය.
දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන් විසිරයෑමේ උත්සවය
2019-12-21T09:09:00-08:00
Admin