රන්ජන් රාමනායක එලෙස පවසන්නේ, ස්වර්ණවාහිනී ආයතනය විසින් ගවේෂණය කර වාර්තා කර ඇති පරිදිම බොරැල්ල ප්‍රදර්ශනාගාරයක ඇති ලැම්බෝගිණි 3 පිළිබඳවයි. නමුත් එය මයික්‍රෝ සමාගම විසින් නීත්‍යානුකූලවම අප රටේ ප්‍රදර්ශනය සඳහා මෙරටට ගෙන්වූ ඒවා.
මයික්‍රෝ අධිපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා එදා ප්‍රදර්ශනය සඳහා ගෙන්වූ ලැම්බෝගිණි 3 හේතු කොටගෙන මේ වන විට මීගමුවේ ව්‍යාපාරිකයෙක් විසින් පාවිච්චි කරන ලද ලැම්බෝගිණි මෝටර් රථයක් මිලදී ගෙන තිබෙනවා. එහිදී රජයට පමණක් ලැබුණ බදු ආදායම රුපියල් ලක්ෂ 580 ක්.
[2]. මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට අපහාස කිරීම සඳහාම එජාපය සිදුකළ ලැම්බෝගිණි මඩ ගැසීම නිසා සිදු වූයේ , ලැම්බෝගිණි මෝටර් රථ පමණක් නොව ඒ හා සමාන සුඛෝපභෝගී මෝටර් රථ පවා මිලදී ගෙන රජයට විශාල බදු මුදල් ගෙවීමට හැකියාව තිබූ උදවියත් අධෛර්යයට පත් වීමයි. ඒවා රාජපක්ෂවරුන්ගේ යැයි කියමින් රජයට පවරාගැනීමේ අවදානමක් තිබීමත්, ඒ වන විට ලැම්බෝගිණි ගැන පොදු ජනතාවට ඇති වී තිබූ විරෝධයත් නිසයි. මඩ ප්‍රචාරණය නොවන්නට මේ වන විට අප රටේ ලැම්බොගිනි මෝටර් රථ දුසිම් ගණනක් තිබෙන්නට ඉඩ තිබුණා. එසේ වූවානම් රජයට අය වෙන බදු ආදයම විතරක් ලක්ෂ දසදහස් ගණනක්... එසේ වූවානම් යහපාලන ආණ්ඩුවට වයෝවෘද්ධ ජේෂ්ඨ පුරවැසියන්ට රුපියල් 2000 දීමනාව ගෙවාගන්න බැරි වෙන්නේ නෑ.
[3]. 2015 ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙරදී එජාපයේ සුජීව සේනසිංහගේ ෆේස්බුක් පිටුවේ පහත පින්තූර පළ වුණා. පින්තූර 5 ක් පමණ පළ කර තිබුණත් 3 ක්ම අතේ මාට්ටු වූ බැවින් ඒවා ඉවත් කරලා. මූලාශ්‍ර 1 , 2 සුජීව සේනසිංහ පැවසූයේ ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තිබියදී නාමල් රාජපක්ෂ මැතිඳුන් තම ලැම්බෝගිණි මෝටර් රථ කිහිපය රහසේම රට පටවන බවයි. මෙම පින්තූර යොදාගනිමින් තවමත් එක්සත් ජාතික පක්ෂයේ මඩකරුවන් විසින් මඩ ගැසීම සිදුකරනවා.

නමුත් ඉහත දැක්වෙන්නේ නාමල් රාජපක්ෂ මහතාට අයත් වාහන නොව ශ්‍රී ලංකන් එයාර්ලයින් එක විසින් ප්‍රති අපනයනය සඳහා මෙරටට ගෙන්වූ වාහනයි. එම පින්තූර ජනාධිපතිවරණ සමයේ ගත් ඒවා නොව ඊට වසර 2 කට පෙර එනම් 2012 තරම් ඈතකදී සිදුවූ ප්‍රති අපනයනය කිරීමකුයි. මූලාශ්‍ර 1 , 2 , 3 , 4
2014 ජූලි මාසයෙන් පසුව ශ්‍රී ලංකන් එයාර්ලයින් මගින් කිසිදු වාහනයක් ප්‍රති අපනයනය කිරීම සිදු නොකළ බවත් ඔවුන් රජයේ නිල වෙබ් අඩවියෙන් දක්වා තිබෙනවා.
පහත දැක්වෙන්නේ සුජීව සේනසිංහ විසින් මඩ ගැසීමේ අරමුණින් පළ කරන ලද පින්තූර වල සැබෑ අයිතිකරුවා විසින් ෆේස්බුක් එකේ පළ කළ සටහනක්.
![10898208_10152568780778085_43751910082500473_n[1]](https://mahindainfo.files.wordpress.com/2015/07/10898208_10152568780778085_43751910082500473_n1.jpg?w=493)
කට උත්තර නැති වූ මඩ බලකාය ඊළඟට පැවසූයේ Dhanushka Pradeep මහතා එම ෆේස්බුක් ඇල්බම් වල දින වෙනස් කර ඇති බවයි. නමුත් ෆේස්බුක් කොමෙන්ට් වල දින කෙසේ වත් වෙනස් කළ නොහැකියි. මෙම පින්තූරයේ සමහර කොමෙන්ට් 2012 තරම් ඈත කාලයේ වන අතර එමගින් එම පින්තූරත් 2012 ඒවා බව තහවුරු කරනවා.

පහත දැක්වෙන්නේ ලැම්බෝගිනි මඩ සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණය කාලය තුළ අපගේ සහෝදර ෆේස්බුක් පිටු විසින් ෆේස්බුක් එකේ කරන ලද දැනුවත් කිරීම්.


[4]. නාමල් රාජපක්ෂ මහතා සතුව තීරු බදු නොගෙවූ එකදු ලැම්බෝගිනි මෝටර් රථයක්වත් තිබුණානම් ඒවා සොයාගෙන රට ඉදිරියේ පෙන්වීමට තිබුණා. එසේම ඔහු වරදක් කර තිබේනම් ඔහුට එරෙහිව නඩු දැමීමට හැකියාව තිබුණා. ඒ සඳහා ගෙවුණ අවුරුදු 5 හොඳටම ප්‍රමාණවත්. එසේ නොකිරීමෙන් එක්සත් ජාතික පක්ෂය මේ තාක් කල් කරන ලද ලැම්බෝගිණි චෝදනා පට්ට පල් බේගල් බවට ජනතාව ඉදිරියේ ඔප්පු වුණා.
[5]. ඉහත අප ඔප්පු කර පෙන්වූයේ පසුගිය කාලය පුරාවටම එජාපයෙන් එල්ල කළ ලැම්බොගිනි මඩ ප්‍රහාරයේ පදනම් විරහිත බවයි. ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර දී, නොදියුණු ලොවක සිට සංවර්ධිත ලොවක් කරා අප රට ගෙන යාමට සිටි මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට එරෙහිව තව කොතරම් බොරු බේගල් ඇද බාන්න ඇත්ද... තවත් එවන් ව්‍යාජ මඩ අවලාද චෝදනා සිය ගණනක් ඇති අතර ඒවායින් බොහෝමයකට mahinda.info වෙබ් අඩවිය පුරාවටම පිළිතුරු දී තිබෙනවා.
තවමත් රාජපක්ෂවරුන්ගේ ලැම්බෝගිනි හොයන යාලුවන්වත් දැනුවත් වීමට Share කරන්න.