Mahinda Rajapaksa: MCC ගිවිසුම 100% ක්ම හොඳ නැත. MCC ක්‍රියාත්මක වීමට කිසි සේත්ම ඉඩ ලබා නොදෙමු.

Sunday, December 15, 2019

MCC ගිවිසුම 100% ක්ම හොඳ නැත. MCC ක්‍රියාත්මක වීමට කිසි සේත්ම ඉඩ ලබා නොදෙමු.


[1]. ජනාධිපතිවරණ වේදිකාවේදී එජාපයට එරෙහි බලවේග වල ප්‍රධානතම සටන් පාථයක් වූයේ "MCC ගිවිසුම ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට අතිශය අහිතකර බවත්, එය කිසි සේත්ම ක්‍රියාත්මක වීමට ඉඩ නොදිය යුතු බව" යි.


[2]. MCC විරෝධයට පැහැදිළිවම හේතු සාධක තිබුණි. උදාහරණ ලෙස පසුගිය එජාප ආණ්ඩුවෙන්ම පත් කරන ලද "ජාතික ආර්ථික සභාව" විසින් කැබිනට් මණ්ඩලයට නිකුත් කරන ලද නිර්දේශයේ දීර්ඝ වශයෙන් හේතු දක්වමින් පැහැදිළිවම පවසා තිබුණේ එකී MCC ගිවිසුම කිසි සේත්ම අත්සන් නොකළ යුතු බවයි. එම වාර්තාව මෙතනින් කියවන්න.


[3]. එසේම "ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සංධානය" විසින් MCC ගිවිසුමේ භයානකත්වය ගැන ජාත්‍යන්තර උදාහරණ ඇසුරෙන් පහත කරුණු පෙන්වා දී ඇත. [මූලාශ්‍රය]

(i)."මැඩගස්කරයේ MCC ප‍්‍රතිපාදන තුලින් කෙරුණු ඉඩම් ප‍්‍රතිසංස්කරණවල ප‍්‍රතිඵලයක් ලෙස හෙක්ටයාර මිලියන 1.3 ක් එහෙම නැත්නම් මැඩගස්කරයේ වගා කළ හැකි භූමියෙන් භාගයක් විදේශීය පෞද්ගලික සමාගමකට අපනයන කෘෂිකර්මාන්තය සඳහා වසර 99 කට නොමිලේ බදු දී ඇත.

(ii). ඝානාවේ MCC ප‍්‍රතිපාදන තුලින් බලශක්ති අංශය තුල ඇති කළ ප‍්‍රතිසංස්කරණ හේතුවෙන් රජය සතු විශාලතම විදුලිබල සැපයුම්කරුවෙකු පෞද්ගලීකරණය කරන ලදි.

(iii). හොන්ඩුරාස් වල නීති විරෝධී දක්ෂිණාංශික කුමන්ත‍්‍රණයකින් බලයට පැමිණි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලන තන්ත‍්‍රයකට මාස ගණනාවක් යන තුරු අරමුදල් සහ නීත්‍යානුකූලභාවය ලබා දෙමින් MCC කටයුතු කළේය.


[4]. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේද, ආණ්ඩුවේද මතය වන්නේ MCC ගිවිසුම කිසි සේත්ම ක්‍රියාත්මක නොකළ යුතු බවයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමා MCC ගිවිසුමට සම්පූර්ණයෙන්ම විරුද්ධ වීමට හේතු වී ඇත්තේ
(i). ජනාධිපතිවරණ වේදිකාවේදී MCC ගිවිසුම ක්‍රියාත්මක නොකිරීමට ජනතාවට පොරොන්දු වූ නිසා එම පොරොන්දුව අකුරටම ‍රැකීම,
(ii). අන්තර්ජාතික උදාහරණ අනුව MCC ගිවිසුම රටට අහිතකර එකක් වීම,
(iii). මහා සංඝරත්නය, විද්වතුන්, වෘත්තිකයන් ඇතුළු උගත් බුද්ධිමත් ජනතාව ඊට එරෙහි වීම,
(iv) මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සිදුකරන ලද අධ්‍යයනයන්ට අනුවත් මෙම ගිවිසුම අත්සන් කිරීම රටට ඉතාමත් අහිතකර වීම,
යන කරුණුයි.


[5]. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඇතුළු පොහොට්‍ටුවේ ආණ්ඩුව නියෝජනය කරමින්, දිලුම් අමුණුගම මන්ත්‍රීතුමා හිරු රූපවාහිනියේදී  පැවසූයේ  "MCC ගිවිසුම 100% ක්ම හොඳ නෑ. එදත් හොඳ නෑ.. අදත් හොඳ නෑ..අත්සන් කරන්නෙත් නෑ" යනුවෙනි.