Mahinda Rajapaksa: ගෝඨාව ජනපති කර, අලුත් ආණ්ඩුවේ ඇමති කමක් හෝ නොගෙන රංජිත් සොයිසා මැතිතුමන් අප අතරින් නික්ම යයි

Wednesday, December 4, 2019

ගෝඨාව ජනපති කර, අලුත් ආණ්ඩුවේ ඇමති කමක් හෝ නොගෙන රංජිත් සොයිසා මැතිතුමන් අප අතරින් නික්ම යයි



මේ විශේෂ සටහන ඒ ආදරණීය ජන නායකයා වෙනුවෙනි.

1962 වසරේ මැයි මස 03 වැනිදා උපත ලද ඒ රංජිත් සොයිසා මැතිතුමන් අභාවප්‍රාප්ත වන විට පසුවූයේ 57 වන වියේය. එතුමා දෙදරු පියෙකි.

වැවිලිකරුවෙකුවූ රංජිත් සොයිසා මැතිතුමන් ‍1997දී අටකලන්පන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේය. 2002 දී එම ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායකයාද විය.

2004 පැවති සබරගමු පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් එහි මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය. පසුව සබරගමු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමතිවරයා ලෙස ද කටයුතු කළේය.

රංජිත් සොයිසා මැතිතුමන් 2015 මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් විය.

එදා සිට මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ශක්තියක් වෙමින් නොසැලී විපක්ෂයේ කාර්යභාරය ඉ‍ටු කළේය. ඇතැම් විටක ඔහු නොබියව විරුද්ධ පක්ෂය දැඩි ලෙස විවේචනය කළේ ඔහුගේ දෑත් පිරිසිදු බැවිනි.

රංජිත් සොයිසා මැතිතුමන් අවසානයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ව ජනාධිපති කිරීමේ කර්තව්‍යයට විශාල ශක්තියක් විය. පොහොට්‍ටු වේදිකාවේ චතුර කඨිකයෙක් විය.

අලුත් ආණ්ඩුව පිහි‍ටුවීමෙන් පසු ඇමති ධූරයක් හෝ ලබා නොගත්තේ භාරකාර ආණ්ඩුවට ශක්තියක් විය යුතු නිසාවෙනි.

ගහක් ගලක් මෙන් ප්‍රතාපවත්ව සිටි රංජිත් සොයිසා මැතිතුමන්ගේ හදිසි අභාවය අපට සිදුවූ ඉමහත් පාඩුවකි.

ඔබතුමාට අජරාමර නිවන් සුව ලැබේවා.!

-Mahinda.info Editor-

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.