Mahinda Rajapaksa: 2020

Tuesday, February 11, 2020

මහින්ද රාජපක්ෂ අගමැතිඳුන්ගේ වටිනාකම අන්තිමේදී එක්සත් ජාතික පක්ෂයට වැටහී මහ ඉහළින් වර්ණනා කරයි.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා, අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව මහ ඉහළින් වර්ණනා කළේය. ඒ හිරු සලකුණ වැඩසටහනේදීයි. අවසානයේදී මහින්ද රාජපක්ෂ අගමැතිඳුන්ගේ වටිනාකම එජාපයටත් වැටහී ඇති බව සමාජ ජාල පරිශීලකයින් සටහන් කර තිබේ.



"මහින්ද රාජපක්ෂ මහත්තයා රටේ පොරක්. සජිත් ප්‍රේමදාස මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ පොරක් පමණයි. මහින්ද රාජපක්ෂ මහත්තයා මහජනයාගේ නඩු වෙනුවෙන් ගිහිල්ලා උසාවියේ පෙනී හිටියා. ඔහු තිස්සමහාරාමයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සේවය කරනකොට ඔහු නීතීඥයෙක් වශයෙන් නඩු වලට නොමිලයේත් පෙනී හිටියා. මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී හිටියා. සියලු කකුලෙන් ඇදීම් වලට මුහුණ දී රටේ ජනාධිපති වෙලා, එදා රටේ තිබුණ බරපතලම ප්‍රශ්නේ වුණ යුද්ධෙදි ජනාධිපතිවරයා ලෙස නායකත්වය දුන්නා. ජනතාවගේ බොක්කටම බැස්සා. ජනතාවගේ ආදරණීය චරිතයක් වුණා."- එජාප මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර.

Monday, February 3, 2020

සාම්පූර් බලාගාරය හැදීම එජාපයෙන් අත්හි‍ටුවීමේ ප්‍රතිවිපාකය අද අපි ගෙවමින් සිටිමු.



නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයත් හදන්න තිබුණේ ඊට වසර කිහිපයකට කළින්. එනමුත් එජාපයෙන් සහ ජවිපෙන් මෙහෙයවන ඊනියා පරිසර සංවිධාන නිසා නැවත නැවතත් පරිසර වාර්තා හදන්නට වීමෙන් එය ප්‍රමාද වුණා.

2014 වෙන විට සාම්පූර් ගල් අඟුරු බලාගාරය හදන්නට අවශ්‍ය දෑ පටන් අරන් තිබුණේ. නමුත් 2015 දී එජාප ආණ්ඩුව ආව ගමන් ඒ සියල්ල නැවැත්තුවා. මොකද ගල් අඟුරු බලාගාරය හැදුවනම් ඒකෙන් ඔවුන්ගේ පරිසර සංවිධාන වල බොරුව හෙළි වෙන නිසා. අද අපි විඳවන්නේ එජාපයෙන් එදා මහින්ද ජනපතිඳුන්ගේ සැලසුම් ව්‍යර්ථ කිරීමේ ප්‍රතිවිපාකයි.

වත්මන් ආණ්ඩුව විසින් විදුලි අර්බුදයට කෙටි කාලීන පිළියමක් වශයෙන් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට ක්‍රියා කරන අතර, කඩිනමින් තවත් විදුලි බලාගාරයක් ඉදි කිරීමට නියමිතයි. නමුත් කන්ටේනර් පෙට්ටි 6 ක් තබා යාපනය අන්තර්ජාතික ගුවන්තො‍ටුපොළ මාස 3 න් හැදුවා වගේ, විදුලි බලාගාරයක් එහෙම කඩිනමින් හදන්නට නොහැකියි.

පහත දැක්වෙන්නේ ලංකා විදුලිබල ඉංජිනේරු සංගමය 2016 දී එජාප ආණ්ඩුවට කරන ලද අනතුරු ඇඟවීම.

සාම්පූර් බලාගාරය ඕනෑ - නැත්නම් විදුලි අර්බූදයක්
*************************************************
සාම්පූර්හි යෝජිත ගල්අඟුරු බලාගාරය ඉදි නොකළහොත් 2019 වනවිට විදුලි අර්බුදයකට ලක්වන බවත්, යෝජිත බලාගාරය ස්වාභාවික වායු බලාගාරයක් බවට පත් වුවහොත් එමගින් රටට වාර්ෂිකව රුපියල් බිලියන 10කට වැඩි මුදලක් අහිමි වන බවත් ලංකා විදුලි බලමණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය ඉදිකිරීම පමා කිරීම නිසා රටට රුපියල් බිලියන 900 ක මුදලක් අහිමි වූ බවත්, එම මුදල ඉතිරි කරගැනීමට හැකියාව තිබුණා නම් රට තුළ විශාල සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමට තිබූ බවද එම සංගමයේ සභාපති ඉංජිනේරු අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේය.

ගෝලීය උෂ්ණත්වය, පරිසර විනාශය ගැන කියම්න් මෙරට සමහර දේශපාලඥයන් පුනර්ජනනීය බලශක්තියක් ගැන කතා කළද, ඔවුන් සෑමවිටම කටයුතු කරන්නේ තම හිතවතුන් නගා සිටුවීමට බවද ඔහු පවසා සිටියේය.

පුනර්ජනනීය බලශක්ති ක්‍රම යටතේ සූර්ය බලය, සුළං බලය හා ස්වභාවික වායු මගින් විදුලි බලය උත්පාදනය කිරීමේ කටයුතුවලට යායුතු බවත්, එවැනි කටයුතුවලට යෑමට නම් මුලින්ම රට සංවර්ධනය කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

රටේ ආර්ථිකය විදුලි බලය හා බැඳී පවතින බවත්, එම කටයුතු සඳහා අඩු මුදලට විදුලිය ලබාදිය යුතු බවත් සභාපතිවරයා කියා සිටියේය.විදුලි ඒකකයක් අඩු මුදලකට ලබාදීමට නම් ගල්අඟුරු උපයෝගී කරගෙන විදුලිය නිෂ්පාදනය කළ යුතු බවත්, ගල්අඟුරු භාවිත කර විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට වියදම් වන්නේ රුපියල් හතරයි ශත පනහක මුදලක් බවත් ඉංජිනේරුවරයා පවසා සිටියේය.

එහෙත් පුනර්ජනනීය බලශක්තිය යටතේ සුළං විදුලිය ගැන කතා කළද එහි ඒකකයක් රුපියල් 22කට වැඩි මුදලක් වන බවත්, ඉන්ධන භාවිත කර නිෂ්පාදනය කරන විදුලි ඒකකයක්ද රුපියල් 17 ඉක්මවන බවත් සභාපතිවරයා සඳහන් කළේය. විදුලිබල මණ්ඩලය නිෂෟෂ්පාදනය කරන ජල විදුලිය සඳහා ශත 50 - රුපියල් 1.50 අතර මුදලක් වැයවන බවද අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේය.

මීට අමතරව සූර්යබල විදුලි ඒකකයකට රුපියල් 23කට ආසන්න මුදලක් වැය කර මිලදීගැනීමට සිදුව තිබෙන බවත්, එයට හේතු වී තිබෙන්නේ විදුලිබල මණ්ඩලයට සූර්ය හෝ සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට මෙතෙක් හැකියාව ලැබි නොමැති හෙයින් පෞද්ගලික අංශයෙන් මෙවැනි දේවල් මිලදී ගැනීමට සිදුව තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

ගල්අඟුරු බලාගාරවලින් පරිසර හානියක් සිදුවන බවට හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යන බවටද බිල්ලෙකු මවාපාමින් සිටින බවත්, එහෙත් පොදුවේ අප රට තුළින් විශාල හානියක් සිදු නොවන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

2014 වසරේ ලෝක ලෝක සංඛ්‍යාලේඛනවලට අනුව බලශක්ති උත්පාදනයෙන් 39% ක් ගල්අඟුරු මගින් ලබාගෙන තිබෙන බවත්, එහිදී උපදවාගත් විදුලි ඒකක ප්‍රමාණය (වොට් අවර්ස්) ට්‍රිලියන 22,433 ක් බවත් ඔහු කීය. මෙම ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාව නිෂ්පාදනය කර තිබෙන්නේ විදුලි ඒකක ට්‍රිලියන 3.2 ක් වැනි සුළු ප්‍රමාණයක් බවද ඒ මහතා පවසා සිටියේය.

ලෝකය වසරකට කාබන්ඩයොක්සයිඩ් වායුව මෙට්‍රික් ටොන් මිලියන 32,000 ක් වාතලයට මුදාහරින බවත්, එම ප්‍රමාණයෙන් ලංකාව මුදාහරින්නේ මෙට්‍රික් ටොන් 15 ක් පමණක් බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මේ නිසා අප සියලුම සංවර්ධන කටයුතු නවතා දමා කාබන්ඩයොක්සයිඩ් මුදාහැරීම නතර කළ පමණින් ලෝකය ආරක්ෂා නොවන බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් කරගැනීම සඳහා සාම්පූර් ගල්අඟුරු බලාගාරය ස්ථාපිත කරගැනීම සඳහා අරගල කිරීමට පවා සූදානම් බවත් හෙතෙම තවදුරටත් පවසා සිටියේය. source: http://archive.is/wip/j0nFy

Sunday, January 12, 2020

තිලක් වීරසිංහ මහතාගේ සහ ඩියඩ්‍රි ද ලිවේරා මහත්මියගේ පත්වීම් ගැන මඩට පිළිතුරු.


[1]. ගුවන්තො‍ටුපොළ සහ ගුවන් සේවා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂකවරුන් (Non-Executive Directors) ලෙසට තිලක් වීරසිංහ මහතා සහ ඩියඩ්‍රි ද ලිවේරා මහත්මිය ව පත් කිරීම පිළිබඳව සමහරුන් විරෝධයක්  දක්වා ඇත්තේ ඔවුන්ගේ ඥාතීත්වය නිසාවෙනි. නමුත් එහි කිසිදු පදනමක් නොමැති බව පහත කරුණු ඇසුරෙන් ඔබට පැහැදිළි වෙනු ඇත.

(i). ඔවුන්ගේ පත්වීම් සම්මුඛ පරීක්ෂණ පවත්වා ඉතාමත් ක්‍රමානුකූලව සිදුකර ඇති අතර මේ දක්වා කිසිවෙක් ඊට එරෙහිව නෛතික වශයෙන් විරෝධයක් දක්වා නොමැත.

(ii).  එලෙස ඔවුන්ගේ පත්වීම් කර ඇත්තේ ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා විසින් නොව, ඊට අදාල විධිවිධාන වලට අනුව විශය භාර අමාත්‍ය වරයා විසිනි.

(iii). PED3/2015 රාජ්‍ය ව්‍යවසාය චක්‍රලේඛනය ට අනුව විධායක නොවන අධ්‍යක්ෂකවරුන්ට ලැබෙන්නේ රු 10,000 ක "sitting allowance" එකකි. එය පැමිණීම වෙනුවෙන් ලැබෙන ඉන්ධන දීමනාවක් හා සමාන වේ.

(iv). Executive Director (Working Director) යනු තනි පුද්ගලයෙක් දරන තනතුරකි. එයට දෙදෙනෙක් පත් කිරීමට නොහැකියි.ඒ අනුව ඉහත කී දෙදෙනාව පත් කර ඇත්තේ Non-Executive Directors ලෙසට බව ඔබට පැහැදිළි වෙනු ඇති. පහත දැක්වෙන්නේ එම චක්‍රලේඛනයේ උදෘතයි.



(v). මෙය තවමත් කාට හෝ අවිශ්වාසනම්, රාජ්‍ය ව්‍යවසායක ඉහළ තනතුරක් දරන දන්නා කියන අයෙකුගෙන් Non Executive Director කෙනෙකුගේ වැ‍ටුප කීයක්දැයි අසා බලන්න.

(vi). එසේම මුදල් අමාත්‍යාංශයේ එම 2015 චක්‍රලේඛනය අනුව sitting allowances ලැබෙන්නේ මාසෙකට උපරිම දෙවතාවකටයි. ඒ අනුව ලැබෙන උපරිම වැ‍ටුප වන්නේ රු 20,000 කි. නමුත් සාමාන්‍යයෙන් board meetings පවත්වන්නේ මාසෙකට එක් වතාවකි.


(vii). මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් සිය සොයුරු කුමාරසිංහ සිරිසේන මහතාව SLT සභාපති කිරීමත් මේ ආකාරයැයි සමහරුන් පවසා තිබුණි. එහිදී ඔහුට ලැබුණේ සභාපතිවරයාගේ වැ‍ටුපයි. එය කොතෙක්දැයි පසුගිය දිනවල ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. නමුත් උක්ත තනතුරු දෙක සඳහා ලැබෙන්නේ Sitting Allowances පමණයි.

(vii). මෙලෙස රාජ්‍ය ව්‍යවසායන්ට විධායක නොවන අධ්‍යක්ෂකවරුන්ව පත් කිරීමට අවස්ථාව ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ වෘත්තිකයන්ගේ දක්ෂතාවය රාජ්‍ය ව්‍යවසායන් වෙනුවෙන් ලබා ගැනීමටයි.


[2]. තිලක් වීරසිංහ

(i). තිලක් වීරසිංහ මහතා සංචාරක කර්මාන්තයේ ප්‍රවීණයෙකු වන අතර වසර 20 කට වැඩි කාලයක් සංචාරක කර්මාන්තය සමඟ සම්බන්ධ වී සිටී. රටේ විශාලතම සංචාරක වාහන සමූහයක් ඇති ඔහු රටේ බොහෝ සංචාරක හෝටල්වල හිමිකරු වේ. ශ්‍රී ලංකාවේ වාර්ෂික ඉසව්වක් බවට පත්ව ඇති කොළඹ මැරතන් තරඟයේ බලයලත් හිමිකරු ඔහු වේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංචාරක කර්මාන්තයේ පුරෝගාමියෙක් වන්නේද තිලක් වීරසිංහ මහතායි. ඔහුට අයත් Lanka Sportreizen (LSR) සමාගම යනු ශ්‍රී ලංකාවේ ඇති තුන් වන විශාලතම සංචාරක සමාගම වන අතර, ක්‍රීඩා සංචාරක ක්ශේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වේ. යහපාලන ආණ්ඩුව පැවැති 2015 වසරේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම Leisure Sports Provoider ලෙස ජනාධිපති සම්මානය හිමි වූයේත් ඔහුටයි.

(ii). තිලක් වීරසිංහ මහතා ගැන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතාගේ පවුලට අයත් Financial Times පුවත්පතේ ගිය ලිපියක් පහතින්. මෙම ලිපිය පළ වෙන්නේත් යහපාලන ආණ්ඩුව පැවැති 2016 කාලයේදීයි. http://www.ft.lk/article/545069/LSR-s-Thilak-Weerasinghe--Driving-force-behind-Sri-Lankan-sports-tourism

(iii). 2017 වර්ෂයේදී ශ්‍රි ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ස්ට්‍රැටජි එක හදන්න එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කළේය. ඒ කමිටුවේ සිටින්නේ ධම්මික පෙරේරා, හැරී ජයවර්ධන, මෙරිල් ෆනෑන්ඩු,  ආදී සංචාරක ක්ෂේත්‍රයේ පතාක යෝදයෝ සහ ව්‍යවසායකයන්ය. ශ්‍රි ලංකාවේ කීර්තිමත්ම සංචාරක ව්‍යවසායකයෙක් වන තිලක් වීරසිංහ මහතාත් ඒ කමිටුවේ සිටී.  මූලාශ්‍රය: http://www.ft.lk/article/619523/Tourism-taskforce-to-drive-2025-vision

(iv). එදා එජාප ආණ්ඩුවෙන් පවා ලැබුණ තනතුර හා සමාන එකක් වත්මන් ආණ්ඩුවෙනුත් ලැබී ඇත. නමුත් සමහරුන්ට දැන් එය විශාල ගැටලුවකි. මන්ද යත් ඔහුගේ අලුත් ඥාතීත්වය නිසාවෙනි. තිලක් වීරසිංහ වගේ මොළයකගෙන් එජාප ආණ්ඩුව කාලයේදී වැඩ ගත්තට, දැන් ඒ ඥාතීත්වය නිසා ඔහුගේ දැනුමින් වැඩක් ගන්න වත්මන් ආණ්ඩුවට තහනම් යැයි පවසයි. ඒ න්‍යාය අනුව රජයේ ඉහළම නිලයක් දරන රාජ්‍ය නිලධාරියෙකුගේ දරුවෙක්, දේශපාලඥයෙකුගේ දරුවෙක් හා විවාහ වූ විට යට කී නිලධාරියාට සේවයෙන් ඉල්ලා අස් වෙන්නට සිදුවන්නේනම් එය සාධාරණ ද?

(v). පාස්කු දින විදේශීය සංචාරකයින්වද මරණයට පත් කරමින් සිදුවූ බෝම්බ ප්‍රහාරය නිසා ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය කඩා වැටී ඇති වකවානුවක, ගුවන් සමාගමත්, සංචාරක අමාත්‍යාංශයත් ඒකාබද්ධ කරමින් සංචාරකයින්ව ආකර්ෂණය කිරීමේ දැවැන්ත adventure tourism ව්‍යාපෘතියකට රජයේ අවධානය යොමු වී තිබේ. ඒ සඳහා උපදෙස් ලබා ගැනීමට adventure tourism ගැන දන්නා විදේශික විශේෂඥයෙක්ව යොදා ගන්නේනම් අති විශාල වැ‍ටුපක් ගෙවීමට සිදුවේ. නමුත් රු 10000 ක් වැනි දීමනාවකට යටත්ව, adventure tourism පිළිබඳව දසක ගණනාවකම අත්දැකීම් ඇති තිලක් වීරසිංහ මහතා මේ සඳහා සිය දැනුම සහ අත්දැකීම් ලබා දෙන්නේ රටට සේවයක් කිරීම උදෙසායි.


[3]. ඩියඩ්‍රි ද ලිවේරා

(i). ඩියඩ්‍රි ද ලිවේරා මහත්මිය ගුවන්තො‍ටුපොළ පරිපාලනය පිළිබඳ දසක ගණනාවක අත්දැකීම් ඇති වෘත්තියවේදිනියකි. ඇය ගුවන් සහ සංචාරක සමාගම් වල කළමණාකරණ සහ අධ්‍යක්ෂක තනතුරු දරා ඇත. 

(ii). The Travel Gallery (Pvt) Ltd සමාගමේ කලමණාකරණ අධ්‍යක්ෂක ලෙස ඇය සේවය කර තිබේ.

(iii). Jetwing Air (Pvt) Ltd සමාගමේ  පරිපාලන සහ කළමණාකරන නිලධාරිනියක් ලෙස ඇය සේවය කර ඇත. එහිදී ඇය Sahara India Airlines, Tap Air Portugal, Malev Hungarian Airlines, Iberia, Lauda Air යන ගුවන් සමාගම් වල Country Manager ලෙස කටයුතු කළාය.

(iv). එසේම Jetwing Travels, Delmege Air Services (Pvt) Ltd - GSA for Japan AirLines, සහ Thai Airways International හි කළමනාකරන සහ විධායක තනතුරු දරා ඇත.



[4]. (i). ඉහත දැක්වෙන විස්තර අනුව ඔවුන් අදාල තනතුරු වලට සුදුසුම පුද්ගලයන් බව පැහැදිළි වේ. නමුත් ඔවුන් ගැන වාර්තා කළ වෙබ් අඩවි විසින් ඉහත තොරතුරු සිතා මතාම වසන් කර ඇත.

(ii). අනෙක් අතට ඔවුන්ට ලැබෙන රු 10000 හේ දීමනාව ඉන්ධන වලටවත් මදි වේ. ඔවුන්ට මේ කිසිදු වරප්‍රසාදයක් නැති නමුත් ස්ට්‍රැටජි ප්ලෑනිං වල කමිටු සාමාජිකත්ව හිමි වෙන්නේ ඔවුන්ට වරප්‍රසාද දෙන්නට නොව ඔවුන්ගේ හැකියාවෙන් සේවයක් ලබා ගැනීමටයි. වරප්‍රසාද දෙනවා නම් දෙන්නේ මේ වගේ ස්ට්‍රැටජි ප්ලෑන් කරන කමිටු නොව ලොතරැයි මණ්ඩලයක සභාපතිධූරයක් වැනි ලක්ෂ ගණනක වැ‍ටුප් ලැබෙන තනතුරකි.


[4]. එනමුත් සමහරුන් තවදුරටත් පවසනු ඇත්තේ ඔවුන් දෙදෙනාම වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ ඥාතීන් වෙන බැවින් ඔවුන්ව පත් කිරීම නුසුදුසු බවයි. මොන තරම් වෘත්තීමය සුදුසුකම් තිබුණත් දේශපාලන ඥාතීත්වයක් තියේනම් එය විශාලතම නුසුදුසු කම බවත්, එවිට ඔවුන්ව ඉවත් කර ඊට සුදුසුකම් අඩු වුවද ඥාතීත්වයක් නැති අයව පත් කළ යුතු බව සමහරුන් කියා තිබුණි.

(i).  ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ටද අපිට මෙන්ම මේ රටේ ඥාතීන් බොහෝ සිටියි. විශේෂයෙන්ම රජයේ පරිපාලන, කළමණාකරන තනතුරු දරන දහස් ගණනක් උපාධිධාරී රාජ්‍ය නිලධාරීන් ආණ්ඩුවේ හෝ විපක්ෂයේ දේශපාලඥයෙකුට ඥාතීත්වයක් දක්වයි. දේශපාලඥයෙකුට ඥාතීන් වීම රජයේ තනතුරක් දැරීමට නුසුදුසු කමක් නම්, අර කී දහස් ගණන් රාජ්‍ය නිලධාරීන්ව එම තනතුරු වලින් ඉවත් කිරීමට සිදුවෙනු ඇත. එවැන්නක් සාධාරණ ද?

(ii). ඥාතීන් වීම විශාලතම නුසුදුසු කම යැයි සමහරුන් කියන්නේ ඇයි? ඥාතීන් සමග වංචා දූෂණ කළ හැකි යැයි සිතෙන නිසා.

ඥාතීන් සමග වංචා දූෂණ කළ හැකි යැයි සමහරුන් කියන්නේ ඇයි? ඥාතීන් හිතවත් නිසා.

වඩාත් හිතවත් වන්නේ ඥාතීන්ද නැතිනම් දේශපාලන ආධාරකරුවන්ද? දේශපාලන ආධාරකරුවන්.

උදා1: සමහර මැති ඇමතිවරුන්ගේ දුර ඥාතීන් පමණක් නොව පවුලේ සහෝදර සහෝදරියන් පවා විරුද්ධ පක්ෂ වල දේශපාලනය කරයි. ඔවුන් වඩාත් විශ්වාස කරන්නේ තම සහෝදරයාව නොව තමන්ගේ දේශපාලන ආධාරකරුවන්වය.

උදා2: ඥාතීන්ට වඩා භයානක වන්නේ දේශපාලන ආධාරකරුවෙන් වේ. අර්ජුන් මහේන්ද්‍රන් යනු එජාප ආණ්ඩුවේ සිටි මහ හොරුන්ගේ ඥාතියෙක් නොව 2002 එජාප ආණ්ඩුවේ BOI සභාපති වූ දේශපාලන ආධාරකරුවෙකි. [මූලාශ්‍රය]. සහරාන් යනු එජාප ආණ්ඩුවේ කිසිවෙකුගේ ඥාතියෙක් නොව 2015 මැතිවරණයේදී යහපාලන ආණ්ඩුවේ ආධාරකරුවෙක් බව කාත්තන්කුඩි පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා පාර්ලිමේන්තු කමි‍ටුවේදී පැවසුවේය. [මූලාශ්‍රය]. සා‍ෆි සහාබ්දීන් යනුත් එජාප ආණ්ඩුවේ කිසිවෙකුගේ නෑයෙක් නොව දේශපාලන ආධාරකරුවෙකි. [මූලාශ්‍රය]. බෝම්බ පුතුන්ට මුදල් වියදම් කළ කෝටිපතියා වූ ගම්බිරිස් මා‍ෆියාව සිදුකළ ඊබ්‍රාහිම් නානා යනු ජවිපෙ කාගෙවත් ඥාතියෙක් නොව ජවිපෙ දේශපාලන ආධාරකරුවෙකි. [මූලාශ්‍රය].


ඒ අනුව ඥාතීන්ට වඩා විශ්වාසව දූෂණ කළ හැකි බැවින්, 150% ක් යහපාලනය ඇති කිරීම සඳහා කිසිදු දේශපාලන ආධාරකරුවෙකුට රජයේ පත්වීමක් හෝ මැතිවරණයේදී නාම යෝජනා නොදෙන ලෙසට ඉල්ලීමක් එනු ඇත. ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වූ වෘත්තීයවේදීන් බුද්ධිමතුන් පවා දේශපාලන ආධාරකරුවන් යන වර්ගීකරණයට අයත් වෙන බැවින් ඔවුන් කිසිවෙකුට හෝ ඊළඟ මැතිවරණයේදී නාම යෝජනා දෙද්දී මේ ගැටලුව මතු වෙනු ඇත. රටට ඔවුන්ගෙන් සේවයක් ලබා ගැනීමේ හැකියාව අහිමි වෙනු ඇත.

එනිසා කළ යුතු වන්නේ 3% නේ වඳුරු හරුප විශ්වාස කරමින් පුද්ගලයන්ව නෑකම මත හෝ දේශපාලන ආධාරකරුවන් වීම මත නුසුදුස්සන් කිරීම නොව, වෘත්තීමය සුදුසුකම් මත තනතුරු ලබා දීමයි.


(iii). 2005 දී එවකට සිටි විශ්‍රාමික ජෙනරාල් වරුන්ට අවස්ථාව ලබා නොදී, ඊට පහල නිලයක් වූ විශ්‍රාමික ලුතිනන් කර්නල් වරයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතාව ආරක්ෂක ලේකම් කිරීම වරදක් කියමින් මංගල සමරවීර ආදීන්ගේ දැඩි දෝශ දර්ශනයට ලක් විය. 


යම් විදිහකින් එදා මංගල සමරවීර ආදීන්ගේ වඳුරු හරුප අසා, තම සහෝදරයා වූ ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට, එවකට සිටි විශ්‍රාමික ජෙනරාල් වරයෙක්ව ආරක්ෂක ලේකම් කළානම් මානුෂික මෙහෙයුමේ ප්‍රතිඵලය ඔයිට වෙනස් වෙන්නට ඉඩ තිබුණි.

දේශපාලන පවුලකට ඥාතීත්වය දැරීම එකම නුසුදුසු කම කරගනිමින්, කොතරම් වෙනත් වෘත්තීමය සුදුසුකම් තිබුණත් කාට හෝ ‍සුදුසු තනතුරක රැකියාවක් කිරීම තහනම් කරනවානම් එය අතිශය අසාධාරණයක් බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාම සනාථ කර ඇත.


[5]. යහපාලන ආණ්ඩුව කාලයේදී පත්වීම් ලැබූ අයවලුන් විසින් යාපනය අන්තර්ජාතික ගුවන්තො‍ටුපොළ හැදූ ආකාරය පහත දැක්වේ. කන්ටේනර් පෙට්ටි තුනක් මත හදා ඇති එයට වැසි දිනවල යාම සඳහා බූට්ස් අවශ්‍ය වේ. නමුත් මෙම අටමගල වෙනුවෙන් වැය කර ඇති මුදල රු බිලියන 2.25 ක් හෙවත් 2,250,000,000.00 කි. [source]. ඒ ගැන වත්මන් ආණ්ඩුවෙන් විගණනය කරද්දී එවන් දූෂණ කළ අය කලබල වී තැන් තැන් වල මඩ ගසන්නට පටන් ගෙන ඇත.ගැටලුව ඇත්තේ ඥාතීත්වයක් තිබේද නැද්ද යන්න මත නොව අදාල පුද්ගලයන්ගේ ක්‍රියාකාරීත්වය මත බව බිලියන 2.25 හේ පහත යහපාලන ව්‍යාපෘතිය පැහැදිළි කරයි.



Friday, January 3, 2020

"මහින්ද යනු මැලේසියාවේ මහතීර් මොහොමඩ් වැනි මහා දැවැන්ත ශ්‍රේෂ්ඨ නායකයෙක්" - සුදත්ත හිමි.




"අග්‍රාමාත්‍ය ධූරයට සුදුසුම මහින්ද රාජපක්ෂ මැතිතුමායි. අපි තුනෙන් දෙකේ බලයක් අරගෙන දෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට බැන්නේ වැරදි තොරතුරු මතයි". - මාගල්කන්දේ සුදත්ත හිමි තම පෙර ප්‍රකාශය නිවැරදි කරගනී.

අග්‍රාමාත්‍ය ධූරය සඳහා සුදුසුම පුද්ගලයා මහින්ද රාජපක්ෂ මැතිතුමා බව මගල්කන්දේ සුදත්ත හිමි ඊයේ (2) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

මීට ඉහතදී රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට ඇප ලැබීම සම්බන්ධයෙන් තමන් වහන්සේ වැරදි කරුණු මත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව ප්‍රකාශයක් සිදුකල බවත් සඳහන් කර සිටි සුදත්ත හිමි, එක්සත් ජාතික පක්ෂ නිරගමිකයින් එම ප්‍රකාශ මත යලි බලයට ඒමට සිතනවානම් එයට ඉඩ නොතබන බව ප්‍රකාශ කර සිටියා.

මහතීර් මොහොමඩ් වැනි නායකයෙක් ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා හැඳින්විය හැකි බවත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබා දීමට තමන් වහන්සේ කැපවී වැඩ කරන බවත් ප්‍රකාශ කර සිටියා.

උන්වහන්සේගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින්.



උන්වහන්සේගේ පෙර ප්‍රකාශය ශෙයා කරමින් මඩ ගැසූ අයට ඇත්ත දැනගන්ට මෙය හැකි තරම් බෙදා හරින්න.

Wednesday, January 1, 2020

එදා රණවිරුවන්ව බිලිබාගෙන මඩ ගැසූ රාජිත සේනාරත්න, දැන් චීවරය යොදාගෙන මඩ ගසන හැටි මෙන්න.



[1].1. අහිංසක ජනතාව 359ක් ව ඝාතනය කළ පාස්කු දින ප්‍රහාරයත් සමග ශ්‍රී ලාංකික ක‍තෝලික ජනතාව සහ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව විශාල කම්පාවකට පත් වුණා. ඒ ගැන එවකට එජාප ආණ්ඩුවට එරෙහිව බරපතල චෝදනා එල්ල වුණා. පසුදා මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්න සිනහ සෙමින් හැසිරුණේ එය විහිළුවක් කරගනිමිනුයි. එසේම ඊට පසු මාධ්‍ය හමු වලදී බුද්ධි අංශ නිලධාරීන්ව හෙළි කරමින් විශාල පාවාදීමකුදු සිදු කළා.


2. පාස්කු ප්‍රහාරයට පසුව කළ කී දෑ සම්බන්ධයෙන් රාජිත සේනාරත්නට එරෙහිව විශාල ජනතා විරෝධයක් එල්ල වෙමින් තිබුණා විතරක් නෙමෙයි, රාජිත ඇතුළු බෞද්ධ විරෝධී එජාප ඇමතිවරුන්ට එරෙහිව සංඝ ආඥාවක් නිකුත් කිරීමටත් මේ රටේ අති පූජනීය මහා සංඝරත්නය අතර කතිකාවක් ඇති වුණා.  


[2]. එය යට ගැසීම සඳහා ජනාධිපතිවරණය ළං වෙද්දී රාජිත සේනාරත්න කළේ, යහපාලනයට ආණ්ඩුවේ අසාධාරණයට ලක්ව සිටි රණවිරු කණ්ඩායමේ සිටි ආබාධිත රණවිරුවන් දෙදෙනෙක්ව මුදල් දී බිලිබාගෙන මාධ්‍ය සාකච්ඡාවක් කර මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව චෝදනා එල්ල කරවීමයි. නමුත් පසුව එම ආබාධිත රණවිරුවන් විසින්ම රාජිතගේ ඩීල් හෙළි කරලු ලැබුවා.




[3].1. ශ්‍රී ලාංකික ජනතාව අතර ගෞරවයට පාත්‍ර වූ දෙකොටසක් වන්නේ රණවිරුවන් සහ මහා සංඝරත්නයයි. ජනාධිපතිවරණයට පෙර රණවිරුවන්ව යොදා ගනිමින් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට මඩ ගැසූ රාජිත අලුත් මඩ ව්‍යාපෘතියක් පටන් අරගෙන. ඒ තමයි උතුම් බුද්ධ චීවරය ඒ සඳහා යොදා ගැනීම.

2. පසුගිය කාලයේ රාජිත සේනාරත්නට එරෙහිව විශාල බෞද්ධ විරෝධයක් එල්ල වෙමින් තිබියදී, මාගල්කන්දේ සුදත්ත හිමි රාජිතගේ දානයකට වැඩමකර රාජිතට මේ රටේ ජනාධිපති වීමට ආරාධනා කළා. පහත දැක්වෙන්නේ එහි වීඩියෝවයි.



3. නැව් මිලදී ගැනීමට හැකිවෙන තරම් අයථා ධනය ඉපයීම්, බාල බෙහෙත් විකිණීම්, චරිත ඝාතන කිරීම් ආදී, එදා මෙදා තුර ශ්‍රී ලංකා දේශපාලනයේ වැඩිම චෝදනා ඇති රාජිත සේනාරත්නට ජනාධිපති වීම සඳහා ආරාධනා කිරීමෙන්ම, මාගල්කන්දේ සුදත්ත හිමි යනු අතිශය රාජිත හිතවාදී හිමිනමක් බව පැහැදිළියි.

4. උන්වහන්සේ ලවා රාජිත සේනාරත්න විසින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමන්ට එරෙහිව "ඩීල් චෝදනා" එල්ල කිරීම මේ දින වල සිදුකෙරෙනවා. මෙය රණවිරුවන් යොදාගෙන මඩ ගැසීමේ දෙවනි පියවර හෙවත් බුද්ධ චීවරය යොදාගෙන මඩ ගැසීමයි.

5. එජාප ආණ්ඩුවෙන්ම පත් වූ නීතිපතිවරයාටත්, FCID ප්‍රධානියාටත්, විරුද්ධවාදීන්ව දඩයම් කිරීම සඳහා එජාපයෙන් කරන ලද බලපෑම් පසුව එම නිලධාරීන් විසින්ම හෙළි කළා. වත්මන් නීතිපතිවරයා ඇතුළු ඒ හා සම්බන්ධ ප්‍රබල නිලධාරීන් එජාප ආණ්ඩුව කාලයේදී පත්වීම් ලැබූවන්. තම දේශපාලන විරුද්ධවාදියෙක් වන රාජිත සේනාරත්නව ‍රැක ගැනීම සඳහා එකී නිලධාරීන්ට බලපෑම් කීරීමට තරම් මහින්ද රාජපක්ෂ අගමැතිතුමන් අදේශපාලනික තීරණ නොගන්නා බව ඕනෑම අයෙකුට වැටහෙනවා.

6. අත් අඩංගුවට පත් වූ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාව පෞද්ගලික රෝහලක තැබීම රටේ නීතිය උල්ලංඝනය වීමක් බව අනාවරණය වී තිබෙනවා. එසේම ඔහුව අත් අඩංගුවට ගෙන ටික දිනකින් ඇප ලැබුණේ ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද චෝදනාවන් ප්‍රමාණවත් නොවීම නිසයි. මෙය අතිශය ගැටලුසහගත බව මහින්ද රාජපක්ෂ අගමැතිතුමන්ගේත් මතයයි. අග්‍රාමාත්‍යවරයා ලෙස එතුමන්ට ගත හැකි පියවර වන්නේ අදාල නිලධාරීන්ව පාර්ලිමේන්තුවට කැඳවා කාරක සභාවක් හරහා ප්‍රශ්න කරවීම සහ ඔවුන් වැරදි බව ඔප්පු වුවහොත් ඔවුන්ට එරෙහිව පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ඔවුන්ව බලයෙන් පහ කිරීමයි. නමුත් ගැටළුව වන්නේ ඒ සඳහා අවශ්‍ය පාර්ලිමේතුවේ බහුතරය වත්මන් ආණ්ඩුවට නැහැ. ඊට පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය ජය ගෙන පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගත යුතු වෙනවා. අවම වශයෙන් තවම පාර්ලිමේන්තුව ‍රැස් වෙලාවත් නැහැ.


[4]. මහින්ද රාජපක්ෂ අගමැතිඳුන්ට එරෙහිව එල්ල කරන ඩීල් චෝදනා සමස්තය අනුව සිතුවහොත් ලැබෙන නිගමන මේ වගේ.

1. මාගල්කන්දේ සුදත්ත හිමි විසින් ලංකාවේ වැඩිම දූෂණ චෝදනාවන්ට ලක් වූ දේශපාලඥයා වන රාජිත සේනාරත්නට රටේ ජනාධිපති වීමට ආරාධනා කිරීම පසුපස කිසිදු ඩීල් එකක් නෑ. නමුත් රාජිත සේනාරත්න සහ ඔහුගේ සමාජ ජාල මඩ මාධ්‍ය විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට දිගින් දිගටම මඩ ප්‍රහාර එල්ල කරමින් එතුමන්ගේ චරිතය ඝාතනය කිරීම ඩීල් එකක්.
 
2. 2015 දී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආණ්ඩුව වැටීමට ප්‍රධානතම හේතුවක් වුණේ රාජිත සේනාරත්න විසින් වපුරන ලද බොරු කන්දරාවයි. මාගල්කන්දේ සුදත්ත හිමිට අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමන් ස්ව කැමැත්තෙන් 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වීම සඳහා රාජිත සමග ඩීල් එකක් ඇතිකරගෙන තිබෙනවා.
 
3. මේ ආකාරයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන් ප්‍රභාකරන් සමගත් ඩීල් එකක් ඇතිකරගෙන තිබූ බව මානුෂික මෙහෙයුම කාලයේදී එජාපය විසින් චෝදනා එල්ල කළා. එහිදී ප්‍රභාකරන් දිගින් දිගටම යුද්ධයෙන් පරාජය වෙමින් අවසානයේදී වෙල්ලමුල්ලිවයික්ක්කාල් වලදී ඔලුවට වෙඩි වැදී මිය යාම ඒ ඩීල් එකයි.

4. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙනුත් රාජපක්ෂවරුන්ට එරෙහිව රාජිත සේනාරත්නලා විසින් ඩීල් චෝදනා එල්ල කළා. ඔවුන්ට අනුව, ශ්‍රී ලංකාවේ සිටි ධන කුවේරයන් වූ ඊබ්‍රාහිම් වැන්නන්ගේ ධනවත් පුතුන්, රාජපක්ෂවරුන් දුන් මුදලක් අරගෙන තම වටිනා ජීවිතය නැති කර ගන්නවා. ඩීල් චෝදනා කළ අයට අනුව ඊබ්‍රාහිම් පුතුන් මලාට පස්සේ කන්‍යාවියෝ 72 ලබාගන්නට ඉඳලා තියෙන්නේ රාජපක්ෂලගෙන් ගත්තා කියන සල්ලි වලින් විය යුතුයි.

ශ්‍රැංගිල්ලා සහ සිංගප්පූරු නිවාස ව්‍යාපෘතියත්, හම්බන්තොට වරාය 99 අවුරුද්දකට බදු දීමත් අතර වෙනස.


රටක අග නගරයෙන් ඉඩම් කෑල්ලක් විදේශ සමාගමකට බදු දීම සහ ප්‍රධානතම වරායක් 99 අවුරුද්දකට විදේශ රටකට බදු දීම යනු එක සමානයි යනුවෙන් සිතන මිතුරන් වෙනුවෙනි. (3% ට මේවා කියන්නේ නෑ, පූර්ණ රාජ්‍ය ව්‍යවසායක් සහ ආවෘත්ත ආර්ථිකයක් වෙනුවෙන් ඔබගේ සිහිනය ඔබ දකින්න.)

වරායක් යනු රටකට මගීන් සහ භාණ්ඩ නීත්‍යානුකූලව ගෙන ඒමේ දොර‍ටුවකි. වරාය විදේශ රටකට බදු දුන්නත් රටේ රේගුව සහ ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විසින් එය අධීක්ෂණය කළද ඔවුන් සිටින්නේ එහි arrival සහ departure දොර‍ටු වල පමණයි. එසේනම් රටේ ආණ්ඩුවේ ඇස් වලට වැලි ගසා වරායේ වෙනත් සීමාවක් හරහා බඩු භාණ්ඩ ඇතුළු හෝ පිට කිරීමට අදාල රටට හැකියාව ලැබේ. එනම් රටට එන්නේ කවුද ගේන්නේ මොනවාද යන්න සම්පූර්ණයෙන්ම වරාය මිලදී ගත් රටට හිමි වේ.

එපමණක් නොව වරායක පාලනය විදෙස් රටකට හිමි වීම මගින්, එයට ඇතුළු වන නැව් ගැන තීරණය ගැනීමේ බලයත් නිල වශයෙන්ම අදාල විදෙස් රටට හිමි වේ. උදාහරණ ලෙස ඔබට අයත් ගොඩනැගිල්ලක් කාට හෝ බදු දුන් පසුව එම ගොඩනැගිල්ලට එන්නේ කවුද යන්නේ කවුද යන්න තීරණය කරන්නේ බදු ගත් පුද්ගලයා විසිනුයි. නැතිව ඔබට ගිහින් එයට එන යන අයව පාලනය කරන්න අවසර ලැබෙන්නේ නැත. ඒ අනුව අදාල විදෙස් රටේ යුධ නැව් වලට අප රටේ මුහුදු සීමාව උල්ලංඝනය කිරීමට පමණක් නොව වරායේ නැංගුරම් ලෑමටත් හැකි වේ. ඒ අනුව අප රට ජාත්‍යන්තර ආරක්ෂක බල කඳවුරක් බවට පත් වෙයි.

අනෙක් අතට වරායක් යනු රටේ ආර්ථික මර්මස්ථානයකි. සිංගප්පූරුව දියුණු වූයේද, එය තවමත් යැපෙන්නේද එහි ඇති ජාත්‍යන්තර මුහුදු මාර්ගය අභිමුඛ කරගත් වරාය නිසාවෙනි. අප රටේ හම්බන්තොට වරාය යනු මුහුදු සේද මාවතේ ඇති දකුණු ආසියාවේ කේන්ද්‍රස්ථානයයි. ශ්‍රී ලංකාව දියුණු කිරීමට තිබූ බලාපොරොත්තුවයි.

හම්බන්තොට වරාය, මත්තල ගුවන්තො‍ටුපොළ, පෝර්ට් සිටි, තෙල් ටැංකි ආදී රටේ ආර්ථික මර්මස්ථාන විදෙස් රටකට බදු දීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමන් ප්‍රමුඛ පොහොට්‍ටුවේ මන්ත්‍රීවරුන් එරෙහි වුණේ උක්ත හේතූන් නිසාවෙනි. ඒ ගැන පසුගිය කාලයේදී පොහොට්‍ටුවේ මන්ත්‍රීවරුන් විස්තර කළ නමුත් විනාඩි 30 හේ ප්‍රවෘත්ති වලින් ඒ සියල්ලම පෙන්වන්නට ලැබෙන්නැ නැත. ඒ අනුව ඔබ දු‍ටුවේ හුදු විදෙස් ආයෝජන විරෝධයක් මිස ඊට හේතු නොවේ.

දැන් කොළඹ ඉඩමක් බදු දීම ගැන බලමු. කොළඹ ඇති WTC සහ සමහර හෝටල් ඇතුළු වැදගත් බොහෝ ගොඩනැගිලි එලෙස රජයෙන් දීර්ඝ කාලීන බදු පදනම මත ලබා ගත් ඉඩම් වල පිහි‍ටුවා ඇත. එසේම සමහර ඉඩම් එජාප කාලයේදී ලබා දී ඇත්තේ නොමිලයේ හෝ සොච්චම් මුදලකටයි.

උදාහරණයක් වශයෙන් ගාලු මුවදොර ටාජ හෝටලය සාදා තිබෙන්නේ අවුරුදු 99 කට බදු දුන් එවැනි ඉඩමකයි. එය ලබා දුන්නේ එජාප ආණ්ඩුව විසිනි. බදු මුදල කෙතරම් කුඩාද කිවහොත් නොමිලේ දුන්නා කීවත් වරදක් නැත.

පැරණි පාර්ලිමෙන්තුව් අසල මහ බැංකු ඉඩමට යාබදව තිබෙන ලෝක වෙළඳ පොල ගොඩනැගිල්ල සඳහා ඉඩම ලබා දුන්නේද එජාප ආණ්ඩුව විසිනි. ඒ සඳහාත් ලොකු බදු අයකිරීමක් නැත. දී තිබෙන්නේ නොමිලේ කිවහොත් නිවැරදියි.

එහෙත් ඒ කිසිවකට පොහොට්‍ටුවේ මන්ත්‍රීවරුන් එරෙහි වුණේ නැත්තේ, රටකට විදෙස් ආයෝජන ලබා ගැනීමටනම්, ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් බදු දීම සුදුසු බැවිනි.

-Editor, mahinda.info-

අලුත් ආණ්ඩුවේ මුල්ම ආයෝජන ව්‍යාපෘතිය ගැන වැදගත් අදහසක් පහතින්.

"ලංකාවේ හිස් ඉඩමක් තියෙනවා ඒකේ luxury apartment හදන්න ලංකාවට සල්ලි නෑ. ඉතින් විදේශ ආයෝජකයෙක් එනවා. ඔහු ඩොලර් මිලියන 250ක් වියදම් කරනවා. තව ඩොලර් මිලියන 43ක් ආණ්ඩුවට දෙනවා. අර ඩොලර් මිලියන 250 වියදම් කරන්නේ බිල්ඩින් එක හදන්න. ඒ සල්ලිවලින් බහුතරයක් යන්නේ අපේ රටේ ඉංජිනේරුවන්ට, Qsලා, කාර්මිකයෝ, labours ල වගේ අයට. එතන රැකියා අවස්ථා හැදෙනවා. ඒ එන්නේ ඩොලර්, තව material ගන්නේ අපේ රටෙන්. ඒ නිසා අපේ රටේ ව්‍යාපාර දියුණු වෙනවා. Developer ඒ හදන නිවාස විකුණලා උගේ වියදම cover කරගෙන ලාභයක් උපයනවා. රටක් විදියට අපිට පට්ටම ලාභයි. ඩොලර් රටට ගේන්නේ එහෙමයි." -Vinod Bhanuka-

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව එජාප සහ ජවිපෙ පාක්ෂිකයන් විශ්වාස කරන්නේ ඒවා පමණක් බැවිනි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.