Mahinda Rajapaksa: ශ්‍රැංගිල්ලා සහ සිංගප්පූරු නිවාස ව්‍යාපෘතියත්, හම්බන්තොට වරාය 99 අවුරුද්දකට බදු දීමත් අතර වෙනස.

Wednesday, January 1, 2020

ශ්‍රැංගිල්ලා සහ සිංගප්පූරු නිවාස ව්‍යාපෘතියත්, හම්බන්තොට වරාය 99 අවුරුද්දකට බදු දීමත් අතර වෙනස.


රටක අග නගරයෙන් ඉඩම් කෑල්ලක් විදේශ සමාගමකට බදු දීම සහ ප්‍රධානතම වරායක් 99 අවුරුද්දකට විදේශ රටකට බදු දීම යනු එක සමානයි යනුවෙන් සිතන මිතුරන් වෙනුවෙනි. (3% ට මේවා කියන්නේ නෑ, පූර්ණ රාජ්‍ය ව්‍යවසායක් සහ ආවෘත්ත ආර්ථිකයක් වෙනුවෙන් ඔබගේ සිහිනය ඔබ දකින්න.)

වරායක් යනු රටකට මගීන් සහ භාණ්ඩ නීත්‍යානුකූලව ගෙන ඒමේ දොර‍ටුවකි. වරාය විදේශ රටකට බදු දුන්නත් රටේ රේගුව සහ ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විසින් එය අධීක්ෂණය කළද ඔවුන් සිටින්නේ එහි arrival සහ departure දොර‍ටු වල පමණයි. එසේනම් රටේ ආණ්ඩුවේ ඇස් වලට වැලි ගසා වරායේ වෙනත් සීමාවක් හරහා බඩු භාණ්ඩ ඇතුළු හෝ පිට කිරීමට අදාල රටට හැකියාව ලැබේ. එනම් රටට එන්නේ කවුද ගේන්නේ මොනවාද යන්න සම්පූර්ණයෙන්ම වරාය මිලදී ගත් රටට හිමි වේ.

එපමණක් නොව වරායක පාලනය විදෙස් රටකට හිමි වීම මගින්, එයට ඇතුළු වන නැව් ගැන තීරණය ගැනීමේ බලයත් නිල වශයෙන්ම අදාල විදෙස් රටට හිමි වේ. උදාහරණ ලෙස ඔබට අයත් ගොඩනැගිල්ලක් කාට හෝ බදු දුන් පසුව එම ගොඩනැගිල්ලට එන්නේ කවුද යන්නේ කවුද යන්න තීරණය කරන්නේ බදු ගත් පුද්ගලයා විසිනුයි. නැතිව ඔබට ගිහින් එයට එන යන අයව පාලනය කරන්න අවසර ලැබෙන්නේ නැත. ඒ අනුව අදාල විදෙස් රටේ යුධ නැව් වලට අප රටේ මුහුදු සීමාව උල්ලංඝනය කිරීමට පමණක් නොව වරායේ නැංගුරම් ලෑමටත් හැකි වේ. ඒ අනුව අප රට ජාත්‍යන්තර ආරක්ෂක බල කඳවුරක් බවට පත් වෙයි.

අනෙක් අතට වරායක් යනු රටේ ආර්ථික මර්මස්ථානයකි. සිංගප්පූරුව දියුණු වූයේද, එය තවමත් යැපෙන්නේද එහි ඇති ජාත්‍යන්තර මුහුදු මාර්ගය අභිමුඛ කරගත් වරාය නිසාවෙනි. අප රටේ හම්බන්තොට වරාය යනු මුහුදු සේද මාවතේ ඇති දකුණු ආසියාවේ කේන්ද්‍රස්ථානයයි. ශ්‍රී ලංකාව දියුණු කිරීමට තිබූ බලාපොරොත්තුවයි.

හම්බන්තොට වරාය, මත්තල ගුවන්තො‍ටුපොළ, පෝර්ට් සිටි, තෙල් ටැංකි ආදී රටේ ආර්ථික මර්මස්ථාන විදෙස් රටකට බදු දීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමන් ප්‍රමුඛ පොහොට්‍ටුවේ මන්ත්‍රීවරුන් එරෙහි වුණේ උක්ත හේතූන් නිසාවෙනි. ඒ ගැන පසුගිය කාලයේදී පොහොට්‍ටුවේ මන්ත්‍රීවරුන් විස්තර කළ නමුත් විනාඩි 30 හේ ප්‍රවෘත්ති වලින් ඒ සියල්ලම පෙන්වන්නට ලැබෙන්නැ නැත. ඒ අනුව ඔබ දු‍ටුවේ හුදු විදෙස් ආයෝජන විරෝධයක් මිස ඊට හේතු නොවේ.

දැන් කොළඹ ඉඩමක් බදු දීම ගැන බලමු. කොළඹ ඇති WTC සහ සමහර හෝටල් ඇතුළු වැදගත් බොහෝ ගොඩනැගිලි එලෙස රජයෙන් දීර්ඝ කාලීන බදු පදනම මත ලබා ගත් ඉඩම් වල පිහි‍ටුවා ඇත. එසේම සමහර ඉඩම් එජාප කාලයේදී ලබා දී ඇත්තේ නොමිලයේ හෝ සොච්චම් මුදලකටයි.

උදාහරණයක් වශයෙන් ගාලු මුවදොර ටාජ හෝටලය සාදා තිබෙන්නේ අවුරුදු 99 කට බදු දුන් එවැනි ඉඩමකයි. එය ලබා දුන්නේ එජාප ආණ්ඩුව විසිනි. බදු මුදල කෙතරම් කුඩාද කිවහොත් නොමිලේ දුන්නා කීවත් වරදක් නැත.

පැරණි පාර්ලිමෙන්තුව් අසල මහ බැංකු ඉඩමට යාබදව තිබෙන ලෝක වෙළඳ පොල ගොඩනැගිල්ල සඳහා ඉඩම ලබා දුන්නේද එජාප ආණ්ඩුව විසිනි. ඒ සඳහාත් ලොකු බදු අයකිරීමක් නැත. දී තිබෙන්නේ නොමිලේ කිවහොත් නිවැරදියි.

එහෙත් ඒ කිසිවකට පොහොට්‍ටුවේ මන්ත්‍රීවරුන් එරෙහි වුණේ නැත්තේ, රටකට විදෙස් ආයෝජන ලබා ගැනීමටනම්, ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් බදු දීම සුදුසු බැවිනි.

-Editor, mahinda.info-

අලුත් ආණ්ඩුවේ මුල්ම ආයෝජන ව්‍යාපෘතිය ගැන වැදගත් අදහසක් පහතින්.

"ලංකාවේ හිස් ඉඩමක් තියෙනවා ඒකේ luxury apartment හදන්න ලංකාවට සල්ලි නෑ. ඉතින් විදේශ ආයෝජකයෙක් එනවා. ඔහු ඩොලර් මිලියන 250ක් වියදම් කරනවා. තව ඩොලර් මිලියන 43ක් ආණ්ඩුවට දෙනවා. අර ඩොලර් මිලියන 250 වියදම් කරන්නේ බිල්ඩින් එක හදන්න. ඒ සල්ලිවලින් බහුතරයක් යන්නේ අපේ රටේ ඉංජිනේරුවන්ට, Qsලා, කාර්මිකයෝ, labours ල වගේ අයට. එතන රැකියා අවස්ථා හැදෙනවා. ඒ එන්නේ ඩොලර්, තව material ගන්නේ අපේ රටෙන්. ඒ නිසා අපේ රටේ ව්‍යාපාර දියුණු වෙනවා. Developer ඒ හදන නිවාස විකුණලා උගේ වියදම cover කරගෙන ලාභයක් උපයනවා. රටක් විදියට අපිට පට්ටම ලාභයි. ඩොලර් රටට ගේන්නේ එහෙමයි." -Vinod Bhanuka-