Mahinda Rajapaksa: එදා රණවිරුවන්ව බිලිබාගෙන මඩ ගැසූ රාජිත සේනාරත්න, දැන් චීවරය යොදාගෙන මඩ ගසන හැටි මෙන්න.

Wednesday, January 1, 2020

එදා රණවිරුවන්ව බිලිබාගෙන මඩ ගැසූ රාජිත සේනාරත්න, දැන් චීවරය යොදාගෙන මඩ ගසන හැටි මෙන්න.



[1].1. අහිංසක ජනතාව 359ක් ව ඝාතනය කළ පාස්කු දින ප්‍රහාරයත් සමග ශ්‍රී ලාංකික ක‍තෝලික ජනතාව සහ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව විශාල කම්පාවකට පත් වුණා. ඒ ගැන එවකට එජාප ආණ්ඩුවට එරෙහිව බරපතල චෝදනා එල්ල වුණා. පසුදා මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්න සිනහ සෙමින් හැසිරුණේ එය විහිළුවක් කරගනිමිනුයි. එසේම ඊට පසු මාධ්‍ය හමු වලදී බුද්ධි අංශ නිලධාරීන්ව හෙළි කරමින් විශාල පාවාදීමකුදු සිදු කළා.


2. පාස්කු ප්‍රහාරයට පසුව කළ කී දෑ සම්බන්ධයෙන් රාජිත සේනාරත්නට එරෙහිව විශාල ජනතා විරෝධයක් එල්ල වෙමින් තිබුණා විතරක් නෙමෙයි, රාජිත ඇතුළු බෞද්ධ විරෝධී එජාප ඇමතිවරුන්ට එරෙහිව සංඝ ආඥාවක් නිකුත් කිරීමටත් මේ රටේ අති පූජනීය මහා සංඝරත්නය අතර කතිකාවක් ඇති වුණා.  


[2]. එය යට ගැසීම සඳහා ජනාධිපතිවරණය ළං වෙද්දී රාජිත සේනාරත්න කළේ, යහපාලනයට ආණ්ඩුවේ අසාධාරණයට ලක්ව සිටි රණවිරු කණ්ඩායමේ සිටි ආබාධිත රණවිරුවන් දෙදෙනෙක්ව මුදල් දී බිලිබාගෙන මාධ්‍ය සාකච්ඡාවක් කර මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව චෝදනා එල්ල කරවීමයි. නමුත් පසුව එම ආබාධිත රණවිරුවන් විසින්ම රාජිතගේ ඩීල් හෙළි කරලු ලැබුවා.




[3].1. ශ්‍රී ලාංකික ජනතාව අතර ගෞරවයට පාත්‍ර වූ දෙකොටසක් වන්නේ රණවිරුවන් සහ මහා සංඝරත්නයයි. ජනාධිපතිවරණයට පෙර රණවිරුවන්ව යොදා ගනිමින් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට මඩ ගැසූ රාජිත අලුත් මඩ ව්‍යාපෘතියක් පටන් අරගෙන. ඒ තමයි උතුම් බුද්ධ චීවරය ඒ සඳහා යොදා ගැනීම.

2. පසුගිය කාලයේ රාජිත සේනාරත්නට එරෙහිව විශාල බෞද්ධ විරෝධයක් එල්ල වෙමින් තිබියදී, මාගල්කන්දේ සුදත්ත හිමි රාජිතගේ දානයකට වැඩමකර රාජිතට මේ රටේ ජනාධිපති වීමට ආරාධනා කළා. පහත දැක්වෙන්නේ එහි වීඩියෝවයි.



3. නැව් මිලදී ගැනීමට හැකිවෙන තරම් අයථා ධනය ඉපයීම්, බාල බෙහෙත් විකිණීම්, චරිත ඝාතන කිරීම් ආදී, එදා මෙදා තුර ශ්‍රී ලංකා දේශපාලනයේ වැඩිම චෝදනා ඇති රාජිත සේනාරත්නට ජනාධිපති වීම සඳහා ආරාධනා කිරීමෙන්ම, මාගල්කන්දේ සුදත්ත හිමි යනු අතිශය රාජිත හිතවාදී හිමිනමක් බව පැහැදිළියි.

4. උන්වහන්සේ ලවා රාජිත සේනාරත්න විසින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමන්ට එරෙහිව "ඩීල් චෝදනා" එල්ල කිරීම මේ දින වල සිදුකෙරෙනවා. මෙය රණවිරුවන් යොදාගෙන මඩ ගැසීමේ දෙවනි පියවර හෙවත් බුද්ධ චීවරය යොදාගෙන මඩ ගැසීමයි.

5. එජාප ආණ්ඩුවෙන්ම පත් වූ නීතිපතිවරයාටත්, FCID ප්‍රධානියාටත්, විරුද්ධවාදීන්ව දඩයම් කිරීම සඳහා එජාපයෙන් කරන ලද බලපෑම් පසුව එම නිලධාරීන් විසින්ම හෙළි කළා. වත්මන් නීතිපතිවරයා ඇතුළු ඒ හා සම්බන්ධ ප්‍රබල නිලධාරීන් එජාප ආණ්ඩුව කාලයේදී පත්වීම් ලැබූවන්. තම දේශපාලන විරුද්ධවාදියෙක් වන රාජිත සේනාරත්නව ‍රැක ගැනීම සඳහා එකී නිලධාරීන්ට බලපෑම් කීරීමට තරම් මහින්ද රාජපක්ෂ අගමැතිතුමන් අදේශපාලනික තීරණ නොගන්නා බව ඕනෑම අයෙකුට වැටහෙනවා.

6. අත් අඩංගුවට පත් වූ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාව පෞද්ගලික රෝහලක තැබීම රටේ නීතිය උල්ලංඝනය වීමක් බව අනාවරණය වී තිබෙනවා. එසේම ඔහුව අත් අඩංගුවට ගෙන ටික දිනකින් ඇප ලැබුණේ ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද චෝදනාවන් ප්‍රමාණවත් නොවීම නිසයි. මෙය අතිශය ගැටලුසහගත බව මහින්ද රාජපක්ෂ අගමැතිතුමන්ගේත් මතයයි. අග්‍රාමාත්‍යවරයා ලෙස එතුමන්ට ගත හැකි පියවර වන්නේ අදාල නිලධාරීන්ව පාර්ලිමේන්තුවට කැඳවා කාරක සභාවක් හරහා ප්‍රශ්න කරවීම සහ ඔවුන් වැරදි බව ඔප්පු වුවහොත් ඔවුන්ට එරෙහිව පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ඔවුන්ව බලයෙන් පහ කිරීමයි. නමුත් ගැටළුව වන්නේ ඒ සඳහා අවශ්‍ය පාර්ලිමේතුවේ බහුතරය වත්මන් ආණ්ඩුවට නැහැ. ඊට පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය ජය ගෙන පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගත යුතු වෙනවා. අවම වශයෙන් තවම පාර්ලිමේන්තුව ‍රැස් වෙලාවත් නැහැ.


[4]. මහින්ද රාජපක්ෂ අගමැතිඳුන්ට එරෙහිව එල්ල කරන ඩීල් චෝදනා සමස්තය අනුව සිතුවහොත් ලැබෙන නිගමන මේ වගේ.

1. මාගල්කන්දේ සුදත්ත හිමි විසින් ලංකාවේ වැඩිම දූෂණ චෝදනාවන්ට ලක් වූ දේශපාලඥයා වන රාජිත සේනාරත්නට රටේ ජනාධිපති වීමට ආරාධනා කිරීම පසුපස කිසිදු ඩීල් එකක් නෑ. නමුත් රාජිත සේනාරත්න සහ ඔහුගේ සමාජ ජාල මඩ මාධ්‍ය විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට දිගින් දිගටම මඩ ප්‍රහාර එල්ල කරමින් එතුමන්ගේ චරිතය ඝාතනය කිරීම ඩීල් එකක්.
 
2. 2015 දී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආණ්ඩුව වැටීමට ප්‍රධානතම හේතුවක් වුණේ රාජිත සේනාරත්න විසින් වපුරන ලද බොරු කන්දරාවයි. මාගල්කන්දේ සුදත්ත හිමිට අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමන් ස්ව කැමැත්තෙන් 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වීම සඳහා රාජිත සමග ඩීල් එකක් ඇතිකරගෙන තිබෙනවා.
 
3. මේ ආකාරයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන් ප්‍රභාකරන් සමගත් ඩීල් එකක් ඇතිකරගෙන තිබූ බව මානුෂික මෙහෙයුම කාලයේදී එජාපය විසින් චෝදනා එල්ල කළා. එහිදී ප්‍රභාකරන් දිගින් දිගටම යුද්ධයෙන් පරාජය වෙමින් අවසානයේදී වෙල්ලමුල්ලිවයික්ක්කාල් වලදී ඔලුවට වෙඩි වැදී මිය යාම ඒ ඩීල් එකයි.

4. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙනුත් රාජපක්ෂවරුන්ට එරෙහිව රාජිත සේනාරත්නලා විසින් ඩීල් චෝදනා එල්ල කළා. ඔවුන්ට අනුව, ශ්‍රී ලංකාවේ සිටි ධන කුවේරයන් වූ ඊබ්‍රාහිම් වැන්නන්ගේ ධනවත් පුතුන්, රාජපක්ෂවරුන් දුන් මුදලක් අරගෙන තම වටිනා ජීවිතය නැති කර ගන්නවා. ඩීල් චෝදනා කළ අයට අනුව ඊබ්‍රාහිම් පුතුන් මලාට පස්සේ කන්‍යාවියෝ 72 ලබාගන්නට ඉඳලා තියෙන්නේ රාජපක්ෂලගෙන් ගත්තා කියන සල්ලි වලින් විය යුතුයි.