Mahinda Rajapaksa: සාම්පූර් බලාගාරය හැදීම එජාපයෙන් අත්හි‍ටුවීමේ ප්‍රතිවිපාකය අද අපි ගෙවමින් සිටිමු.

Monday, February 3, 2020

සාම්පූර් බලාගාරය හැදීම එජාපයෙන් අත්හි‍ටුවීමේ ප්‍රතිවිපාකය අද අපි ගෙවමින් සිටිමු.



නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයත් හදන්න තිබුණේ ඊට වසර කිහිපයකට කළින්. එනමුත් එජාපයෙන් සහ ජවිපෙන් මෙහෙයවන ඊනියා පරිසර සංවිධාන නිසා නැවත නැවතත් පරිසර වාර්තා හදන්නට වීමෙන් එය ප්‍රමාද වුණා.

2014 වෙන විට සාම්පූර් ගල් අඟුරු බලාගාරය හදන්නට අවශ්‍ය දෑ පටන් අරන් තිබුණේ. නමුත් 2015 දී එජාප ආණ්ඩුව ආව ගමන් ඒ සියල්ල නැවැත්තුවා. මොකද ගල් අඟුරු බලාගාරය හැදුවනම් ඒකෙන් ඔවුන්ගේ පරිසර සංවිධාන වල බොරුව හෙළි වෙන නිසා. අද අපි විඳවන්නේ එජාපයෙන් එදා මහින්ද ජනපතිඳුන්ගේ සැලසුම් ව්‍යර්ථ කිරීමේ ප්‍රතිවිපාකයි.

වත්මන් ආණ්ඩුව විසින් විදුලි අර්බුදයට කෙටි කාලීන පිළියමක් වශයෙන් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට ක්‍රියා කරන අතර, කඩිනමින් තවත් විදුලි බලාගාරයක් ඉදි කිරීමට නියමිතයි. නමුත් කන්ටේනර් පෙට්ටි 6 ක් තබා යාපනය අන්තර්ජාතික ගුවන්තො‍ටුපොළ මාස 3 න් හැදුවා වගේ, විදුලි බලාගාරයක් එහෙම කඩිනමින් හදන්නට නොහැකියි.

පහත දැක්වෙන්නේ ලංකා විදුලිබල ඉංජිනේරු සංගමය 2016 දී එජාප ආණ්ඩුවට කරන ලද අනතුරු ඇඟවීම.

සාම්පූර් බලාගාරය ඕනෑ - නැත්නම් විදුලි අර්බූදයක්
*************************************************
සාම්පූර්හි යෝජිත ගල්අඟුරු බලාගාරය ඉදි නොකළහොත් 2019 වනවිට විදුලි අර්බුදයකට ලක්වන බවත්, යෝජිත බලාගාරය ස්වාභාවික වායු බලාගාරයක් බවට පත් වුවහොත් එමගින් රටට වාර්ෂිකව රුපියල් බිලියන 10කට වැඩි මුදලක් අහිමි වන බවත් ලංකා විදුලි බලමණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය ඉදිකිරීම පමා කිරීම නිසා රටට රුපියල් බිලියන 900 ක මුදලක් අහිමි වූ බවත්, එම මුදල ඉතිරි කරගැනීමට හැකියාව තිබුණා නම් රට තුළ විශාල සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමට තිබූ බවද එම සංගමයේ සභාපති ඉංජිනේරු අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේය.

ගෝලීය උෂ්ණත්වය, පරිසර විනාශය ගැන කියම්න් මෙරට සමහර දේශපාලඥයන් පුනර්ජනනීය බලශක්තියක් ගැන කතා කළද, ඔවුන් සෑමවිටම කටයුතු කරන්නේ තම හිතවතුන් නගා සිටුවීමට බවද ඔහු පවසා සිටියේය.

පුනර්ජනනීය බලශක්ති ක්‍රම යටතේ සූර්ය බලය, සුළං බලය හා ස්වභාවික වායු මගින් විදුලි බලය උත්පාදනය කිරීමේ කටයුතුවලට යායුතු බවත්, එවැනි කටයුතුවලට යෑමට නම් මුලින්ම රට සංවර්ධනය කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

රටේ ආර්ථිකය විදුලි බලය හා බැඳී පවතින බවත්, එම කටයුතු සඳහා අඩු මුදලට විදුලිය ලබාදිය යුතු බවත් සභාපතිවරයා කියා සිටියේය.විදුලි ඒකකයක් අඩු මුදලකට ලබාදීමට නම් ගල්අඟුරු උපයෝගී කරගෙන විදුලිය නිෂ්පාදනය කළ යුතු බවත්, ගල්අඟුරු භාවිත කර විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට වියදම් වන්නේ රුපියල් හතරයි ශත පනහක මුදලක් බවත් ඉංජිනේරුවරයා පවසා සිටියේය.

එහෙත් පුනර්ජනනීය බලශක්තිය යටතේ සුළං විදුලිය ගැන කතා කළද එහි ඒකකයක් රුපියල් 22කට වැඩි මුදලක් වන බවත්, ඉන්ධන භාවිත කර නිෂ්පාදනය කරන විදුලි ඒකකයක්ද රුපියල් 17 ඉක්මවන බවත් සභාපතිවරයා සඳහන් කළේය. විදුලිබල මණ්ඩලය නිෂෟෂ්පාදනය කරන ජල විදුලිය සඳහා ශත 50 - රුපියල් 1.50 අතර මුදලක් වැයවන බවද අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේය.

මීට අමතරව සූර්යබල විදුලි ඒකකයකට රුපියල් 23කට ආසන්න මුදලක් වැය කර මිලදීගැනීමට සිදුව තිබෙන බවත්, එයට හේතු වී තිබෙන්නේ විදුලිබල මණ්ඩලයට සූර්ය හෝ සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට මෙතෙක් හැකියාව ලැබි නොමැති හෙයින් පෞද්ගලික අංශයෙන් මෙවැනි දේවල් මිලදී ගැනීමට සිදුව තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

ගල්අඟුරු බලාගාරවලින් පරිසර හානියක් සිදුවන බවට හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යන බවටද බිල්ලෙකු මවාපාමින් සිටින බවත්, එහෙත් පොදුවේ අප රට තුළින් විශාල හානියක් සිදු නොවන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

2014 වසරේ ලෝක ලෝක සංඛ්‍යාලේඛනවලට අනුව බලශක්ති උත්පාදනයෙන් 39% ක් ගල්අඟුරු මගින් ලබාගෙන තිබෙන බවත්, එහිදී උපදවාගත් විදුලි ඒකක ප්‍රමාණය (වොට් අවර්ස්) ට්‍රිලියන 22,433 ක් බවත් ඔහු කීය. මෙම ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාව නිෂ්පාදනය කර තිබෙන්නේ විදුලි ඒකක ට්‍රිලියන 3.2 ක් වැනි සුළු ප්‍රමාණයක් බවද ඒ මහතා පවසා සිටියේය.

ලෝකය වසරකට කාබන්ඩයොක්සයිඩ් වායුව මෙට්‍රික් ටොන් මිලියන 32,000 ක් වාතලයට මුදාහරින බවත්, එම ප්‍රමාණයෙන් ලංකාව මුදාහරින්නේ මෙට්‍රික් ටොන් 15 ක් පමණක් බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මේ නිසා අප සියලුම සංවර්ධන කටයුතු නවතා දමා කාබන්ඩයොක්සයිඩ් මුදාහැරීම නතර කළ පමණින් ලෝකය ආරක්ෂා නොවන බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් කරගැනීම සඳහා සාම්පූර් ගල්අඟුරු බලාගාරය ස්ථාපිත කරගැනීම සඳහා අරගල කිරීමට පවා සූදානම් බවත් හෙතෙම තවදුරටත් පවසා සිටියේය. source: http://archive.is/wip/j0nFy